කම්පියුස් උන්ගා බුන්ගා උන ස්කෙයාක්‍රෝ - Titans S03E07 Breakdown


Episode එක පටන් ගන්නෙ කලින් සතියෙ Episode එක ඉවර කරපු තැනින්. ජේසන් ක්‍රේන්ගෙ Drug එක ගෝතම් වල ව්‍යාප්ත කරනවා. මේකෙන් මිනිස්සු කලහකාරි වෙලා ගෝතම් වල ගැටුම් වගයක් ඇති වෙනව. මේ එපියෙම කියනව මේ අලුත් Drug එකෙන් ඒක පාවිච්චි කරන කෙනාට Freedom එක හම්බෙනව කියලා. ඒ කියන්නෙ එයාලා වැරැද්දක් කරත් ඒක දැනෙන්නෑ. ("ඔයල වරදක් කරනවා මචාං" එකාගෙ ටික්ටොක් එහෙම බලතෑකි ගෝතම් වල එවුන්ට ගින්නක් නැතුව 
😂😂 ) Consciousness එක අයින් වෙනවා (ඒ කියන්නෙ විඥානය ලෙප්ට් වෙනවා) මට (මලින්ද ) මේක දැක්කම මතක් උනේ King'sman the Secret Service ෆිල්ම් එක. ඒකෙත් මතකනෙ වැලන්ටයින් (මදර්පකර් 😂😂) කාරයා සිම් එකෙන් කරපු වැඩේ. ඉතින් ජේසන් මේ Drug එක කලින්ම එලියට දාන නිසා Mob Families ටික Panik වෙන්න ගන්නවා (මොබ් කියන්නෙ මැර කණ්ඩායම් වගේ අදහසක්) මුලින්ම ජේසන් කරපු වැඩේ ක්‍රේන් ප්‍රශංසා කලත් පස්සෙ ක්‍රේන් ජේසන්ගෙ Inhaler (අර කටට තියලා අදින්නෙ) එකට මොකක් හරි Poison එකක් දාලා පොරව ගැට ගහනවා.ඒ උගෙ Orders පිටින් ගියාට දඩුවමක් විදිහට වෙන්න ඕනෙ.


Mob Families ලගෙ Meeting එක තියෙන තැනට ක්‍රේන් (ස්කෙයාක්‍රෝ) එනවා.පොර ආවම Mobsters ල සෙට් එක ටිකක් බය වෙනවා.ඒ වගේම කලින් වතාවක ක්‍රේන් මෙයාලට Fear Gas එක ගහපු අවස්තාවක් ගැනත් මෙතන කියනවා.මෙයාලගෙ උදව් ඇතුව තමා ක්‍රේන් මේ අලුත් Drug එක Mass Produce කරන්නෙ.


ඔය සීන් අස්සෙ ක්‍රේන්ගෙ Location හොයාගන්න ඩික්, Barbara ව හම්බෙන්න යනවා.මෙතනදි ඩික් කියනවා "Oracle" (ඔරකල්) ව පාවිච්චි කරන්න කියලා.මොකද කලින් වතාවෙ Oracle ව පාවිච්චි කරල තමා Batman ක්‍රේන්ව අල්ලල තියෙන්නෙ (කොමික් වල Oracle කියන්නෙ Barbara ටමයි කියලා කලින් Breakdown එකෙ කිව්ව) ඒත් Barbara මේකට කැමති වෙන්නැ.මොකද කලින් වතාවෙ එයාල ඒක පාවිච්චි කරපු වෙලෙ NSA (National Security Agency) එකෙන් ඇවිල්ල ඒක Bann (බෑන්) කරලා ඒක Illegal (නීති විරෝධී) නිසා. ඒත් කොහොමහරි ඩික් Barbara ව මේකට කැමති කරවගන්නවා.මෙතන Oracle ලගට යන තැන X-Men Vibe එකක් ආවෙ Oracle එක සරිබ්‍රස් එක වගෙ ටිකක්. Barbara රෝද පුටුවක ඉන්න නිසා එතන Pro.X Vibe එකකුත් තිබ්බ.කොහොම හරි මෙතන Oracle අහනවා Private Calls වලට සවන් දීලා ක්‍රේන්ව හොයන්නද කියලා.ඩික් මේකට එකග වෙනවා. ඒත් Barbara විරුද්ධ වෙනවා. නෝලන්ගෙ Dark Knight Rises එකෙත් ලූසියස් ෆොක්ස් මේකට සමාන ගැජට්‍ එකක් හදනව මතක ඇති. ඒකෙනුත් Private Calls වකට සවන් දෙන්න පුලුවන්.ඒත් ලූසියස් මේකට කැමති වෙන්නැ. බැටා තමා එයාව කැමති කරවල ගන්නෙ. මෙතනත් ඒ වගේ.

(X-Men වයිබ් එක)

(ඔරකල්)

මෙතන Oracle ක්‍රේන්ගෙ Address එක ඩික්ට දෙනවා.ඒත් පස්සෙ තමා දැනගන්නේ ඒක Setup එකක් කියලා. ක්‍රේන් Oracle ව හැක් කරලා. කලින් එපියෙ මතක ඇති ලේඩි වික් Barbara ගෙ Photo එකක් ගත්තා. ඒ වගේම Oracle ව Activate කරන්න පුලුවන් Barbara ට විතරයි කියලත් කිව්වා.මෙයා ඇතුල් වුන ගමන් එයාගෙ ඇස් Scan කරනවා.ඉතින් ලේඩි වික් ගත්ත පින්තූරෙ පාවිච්චි කරලා ක්‍රේන් මේක හැක් කලා කියල හිතන්න පුලුවන්.පොර දන්නවා මේක නිසා තමා බැටාට එයාව අල්ලගන්න පුලුවන් වුනෙ කියලා.ඉතින් ක්‍රේන් Barbara ව පාවිච්චි කරලා Oracle ව විනාශ කරනවා.


ඒත් ඩික්ගෙයි Barbara ගෙයි Combined Knowledge එක පාවිච්චි කරල දෙන්නට ක්‍රේන්ව හොයා ගන්න පුලුවන් වෙනවා.

ඔය අස්සෙ Starfire, Blackfire එක්ක වෙනම මිශන් එකක් යනවා ක්‍රේන් ඉන්න තැන හොයා ගන්න. මෙතන මෙයාලා වැලෙස්කා නොක්ස් කියන MOB Boss කෙනෙක්ගෙ උදව් ගන්නවා.එයාගෙ උදව් වෙනුවට එයා එයාගෙ පුතාව ආයෙ එයා ලගට ගේන්න කියනවා.ඉතින් මේ දෙන්න පුතාව හොයාගෙන එයා ලගට අරන් එනවා.අරන් ආපු ගමන් මෙයා එයාගෙ පුතාට වෙඩි තියල දානවා එයා FBI එකත් එක්ක වැඩ කරනවා. එයා Liability එකක් කියලා. ඉතින් මේකෙන් Starfire Shock වෙනවා.එයාට මලපැනල ක්‍රේන්ගෙ විස්තර ටික අහගන්නෙවත් නැතුව ඒ Mob Boss ව මරල දානවා.ඒත් කොහොමහරි ඒ Mob Boss ගෙ Partner කෙනෙක්ගෙන් මෙයාට විස්තර දැනගන්න හම්බෙනවා.

(ස්කන්ධය ලෙප්ට්)

ක්‍රේන් එයාගෙ Drug එක හදන්නෙ Snowy Cone Ice Cream Factory එකෙ කියලා මෙයාලට හොයාගන්න පුලුවන් වෙනවා.මේ Mr.Freeze ගේ Secret Hideout එක (ඔයාලා මිස්ටර් ෆ්‍රීස්ව දන්නවා. ගෝතම් සීරීස් එකෙ හිටියෙ) පොරට Normal Room Temperature එකේ (සාමාන්‍ය උශ්ණත්වයේ) ඉන්න අමාරු නිසා ගොඩක් සීත තැන්වල තමා ඉන්නෙ.ඉතින් මෙතනට Titans ල ඇටෑක් කරලා ක්‍රේන්ගෙ ප්ලෑන් ටික අවුල් කරනවා. ක්‍රේන් මෙතන ටිකක් කම්පියුස් උන්ගා බුන්ගා වෙලා බය වෙනවා.මොකද ක්‍රේන් Confidence එකෙ හිටියෙ Oracle නැති නිසා එයාව හොයාගන්න හම්බෙන එකක් නෑ කියලා. ඒත් කොහොමහරි ක්‍රේන් ජේසන්වත් අරන් එතනින් පැනගන්නවා. ඒ ෆයිට් සීන් ටික නම් ගින්දර ඈ... අන්න රසය 🔥 (සචින් යූටියුබ් එකේ ගේන බ්‍රේක්ඩවුන් වීඩියෝ වල බ්ලැක්ෆයර්ගෙ කුපිරිම ඇඳුම ගැන කතා කරයි. ඒවත් බලන්ඩෝඕඕඕඕ)


(ගෝතම් බලපු අයට මතකනෙ මිස්ටර් ෆ්‍රීස්ව?)

එපිසෝඩ් එක ඉවර වෙන්නෙ ටයිටන්ස්ලා මේ ලබපු ජය සමහරන තැනින්.අන්තිමට DickBabs ජෝඩුවත් සෙට් වෙනවා 💑 😍 ඒ වගේම ගාර්ට ජේසන්ගෙ කාමරෙ තිබිලා මොලී එව්ව ලිපියකුත් හම්බෙනවා. පොර ජේසන්ව බේරගන්න වැඩෙ අතාරින්නැ වගේ. ගාර් මොලීව හොයාගෙන් යන තැනින් එපිය ඉවර වෙනවා.මට (මලින්ද) මුල ඉදන්ම් සැකයක් තිබ්බ මේ මොලීගෙන් හොද පොයින්ට් එකක් හැදේවි කියල. Heroes Reborn සීරීස් එක එහෙම බලපු උන්ට මීටර් ඇති මේ නිළිය ඒකෙ කරපු චරිතෙ. මතකනෙ රෙනාටස් එකේ උන්ව ලෝක අමාරුවෙ දාපු හැටි 😂😂 

සමහරවිට මේ දෙන්නට ජේසන්ව ආයෙ හොද පැත්තට ගේන්න පුලුවන් වෙයි. 


Titans S03E06 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/09/titans-s03e06-breakdown.html


ලිපි නිර්මාණය සහ අදහස - ශෙහාන් පෙරේරා සහ මලින්ද බණ්ඩාර

Post a Comment (0)
Previous Post Next Post