ඕටිස් + මේව් ආදරය, අපේ හීන ලෙප්ට් | Sex Education Season 03 Trailer Breakdown


ඔන්න ඉතින් Almost අවුරුදු දෙකක් විතර අපිට බලාගෙන ඉන්න සලස්වලා අන්තිමේදි Sex Education සීරීස් එකේ සීසන් 03 එක එන්නයි යන්නේ. Season 02 ආවේ 2020 ජනවාරි වල. ඉතින් මේ කොරෝනා කේස් නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගියා සීසන් 03 එකේ වැඩ ඉවර වෙන්න. කොහොමහරි ඔන්න Season 03 එකේ Official Trailer එක ඊයේ (07) නිකුත් කලා. දැන් එහෙනම් බලමු සීසන් 03 එක ගැන මොන වගේ ඉඟි ටිකක් අපිට මේ ට්‍රේලර් එකෙන් බලාගන්න හම්බුනාද කියලා.

ටේලර් එක පටන් ගන්නෙම අපේ Maeve පණ ඉන්න Caravan Yard එක පෙන්නලා. Amy කෙල්ල අලුතෙන් කාර් එකක් එහෙම අරගෙන ඇවිල්ලා ඉන්නවා Maeve ව එක්කගෙන යන්න. මේක වෙන්නේ Summer Vacation එකෙන් පස්සේ. ඒ නිසා මේ Amy එන්නේ මේව් ව ඉස්කෝලෙට එක්කගෙන යන්න වෙන්නත් පුලුවන්. කාර් එකේ ඉන්නවා Steve. Amy ගේ බෝයිප්‍රෙන්. පොර එලුවෙක්ව වඩාගෙන ඉන්නේ 😂 මොකද කියලා බලාගන්න වෙන්නේ 17 වෙනිදට තමයි.

Maeve, Amy and Steve

ඔන්න ඊළඟට පෙන්නනවා අපේ ඕටිස් කොලුවාව. පොර උඩ රැවුලක් එහෙම වවාගෙන ඉන්නේ. 

Otis

ඔන්න ඊළඟට පෙන්නනවා එරික් කොලුවා එක්ක ඕටිස් බයිසිකල් පැදගෙන යනවා ඉස්කෝලෙට. මේක නම් අපිට Set Photos වලත් බලාගන්න හම්බුනා. මෙතනදි එරික් පොඩි කින්ඩියක් එහෙම දානවා මොකක්ද ඔය මූණේ තියෙන අයිටම් එක කියලා. ඕටිසා එතකොට කියනවා පොර ඒක මුලු Summer Vacation එකේම වැව්වා කියලත්. තව එරික් මෙතනදි කියනවා එයා කලින් දවසක Maeve ව දැක්කා කියලත්. ඉතින් එතකොට ඕටිස් කියනවා "මට තවදුරටත් Maeve මොනවද කරන්නේ කියලා දැනගන්න ඕනකමක් නෑ කියලා."

Otis and Eric

මේක සෑහෙන්න අවුල් දෙබසක්. මොකද සීසන් 02 එක ඉවර උනේ ඕටිස් තමන්ගේ ආදරය Maeve ට ප්‍රකාශ කරලා. නමුත් ඒ මැසේජ් එක අයිසැක් බේසිකයා ඩිලීට් කරන තැනින් තමයි අපි හැමෝටම හාට් ඇටෑක් හදවලා සීසන් 02 එක ඉවර කලේ. ඉතින් මේක ඉස්කෝලේ අලුත් වාරය පටන් ගන්න දවස නිසා මේ බයිසිකල් පදිනකොට යන දෙබස අපිට සීසන් 03 එකේ පලවෙනි එපියෙන් බලාගන්න පුලුවන් වෙයි. ඉතින් මේ කියන විදියට ඕටිස් ට මේව් ගැන දැනගන්න උවමනාවක් නෑ කියන්නේ Summer Vacation එකේදි හෙන සිද්ධියක් වෙලා තියෙනවා අයිසැක්-මේව්- ඕටිස් තුන්දෙනා අතරේ. (උඹත් මම ඇයත් ආකාරයේ වලියක් 😂) ඊට පස්සේ කොටසින් පෙන්නනවා ඕටිසා බමුණා වගේ මේව් මැණික දිහා බලන් යනකොට ඒකි ඕටිසාට රවාගෙන කාර් එකෙන් බහිනවා.


ඔන්න ඊළඟට පෙන්නනවා Mordale Secondary School එක. මතක ඇතිනෙ කලින් සීසන් එකේ අන්තිමට ශේක්ස්පියර් ගේ නාට්‍යයක් විකෘති කරලා පෙන්නන්න ගිහින් නටපු නාඩගම 😂 නාඩගම්කාරයෝ ලෙප්ට් හැබැයි 😂💔 ඊට පස්සේ Principal Groff මහත්තයා ස්ටේජ් එක උඩට නැගලා අමු පිස්සුවක් කෙලින්න යද්දි ඉස්කෝලේ Administrator නෝනා (අර කොන්ඩේ කපපු කලු ගෑණු කෙනා) පිනාව ස්ටේජ් එකෙන් පහලට ඇදලා ගන්නවා. ඉතින් මේ නෝනාට මල පැනලා ඉන්නේ ප්‍රින්සිපල් Groff ( ඇඩම් ගෙ තාත්තා) මේ කරන වැඩයි ඒවා නිසා ඉස්කෝලෙට වෙලා තියෙන දේවලුයි දැක්කම.

Mordale Secondary School

තින් මේ නිසා සීසන් 03 එකේදි අපිට Mordale Secondary එක වෙනස්ම මුහුණුවරකින් බලාගන්න හම්බෙයි කියන එක දැන් පැහැදිලියි. මීට කලින් ආපු Welcome to Mordale කියන Teaser Clip එකෙනුත් ඒක බලාගන්න ලැබුණා. ට්‍රේලර් එකෙත් සෑහෙන්න ඉඟි තිබ්බා ඒ ගැන.


Welcome to Mordale | Sex Education Season 03 Teaser Trailer




Mr. Colin

එහෙනම් ආපහු යමු ට්‍රේලර් එකට. මේ වෙනකොට Mordale High එක මිනිස්සු හඳුන්වන්නේ The Sex School කියන නමින්. මේ පාසල් වාරය පටන් ගන්නවත් එක්කම අර කලින් වාරේ තිබ්බ නාට්‍යයේ භීෂණේ ඉවර නෑ කියන එක තේරෙනවා. මොකද News Reporter කෙනෙක් පවා ඇවිල්ලා ඉස්කෝලේ ළඟ ඉඳන් කියනවා "මේ ඉන්නේ Sex School එක කියලා සලකන ස්ථානයේ දැනට ඉගෙනුම ලබන ළමයි" කියලා.

Reporter

ඔන්න දැන් ඉස්කෝලේ Assembly පටන් පටන් ගන්නයි යන්නේ. කලින් සීසන් එකේ වගේම Jackson අයියා Vivian එක Friendship එක එහෙම්මම අරන් යනවා කියලා පේනවා. ඊළඟට පෙන්නනවා අලුත් ප්‍රින්සිපල් මැඩම් ව. මෙයාව නම් අපිට කලින් Welcome to Mordale Clip එකෙන් බලාගන්න හම්බුනා. මෙයාගෙ නම Hope Haddon. රංගනයෙන් දායක වෙන්නේ Jemima Kirke. ඉතින් මේ අලුත් මැඩම් ටිකක් නිවිච්ච කෙනෙක් වගේ තමයි පේන්නේ. හැබැයි ඔයාලා Netflix ලා ගෙම Elite සිරීස් එක බලලා තියෙනවා නම් ඒකෙත් ඉන්නවා Benjamín කියලා ප්‍රින්සිපල් කෙනෙක්. එයත් පිටින් හොඳට පෙනුනට හෙන තද ගතිගුණ තියෙන කෙනෙක්. ඉතින් මේ ට්‍රේලර් එක බලාගෙන යනකොට අපිට පේනවා Hope උනත් ටිකක් ඒ වගේ තමයි කියලා.

Ms. Hope Haddon

ඉතින් මේ මැඩම් ඇවිල්ලා අහනවා ඔයාලට කොහොමද කියලා. එතකොට අපේ පැණි පුතා ( අර කලින් සීසන් එකේ පෙන්නුවේ දවසට 17 පාරක් රන්දික පදින කොල්ලා. අන්න ඌ) කෑගහලා කියනවා Really Really Good කියලා 😂

පැණි පුතා

ඊළඟට පෙන්නනවා අපේ ජැක්සන් ලොක්කාට අලුත් ක්‍රශ් එකක් ඉන්නවා. සීසන් 03 එකෙන් අලුතෙන් චරිත තුනක් හඳුන්වලා දෙනවා කියලා තිබ්බා කොහොමත්. මේ ඉන්නේ ඒ අයගෙන් එක්කෙනෙක්. ඉතින් ඔන්න ඊට පස්සේ අපේ අලුත් මැඩම් කියනවා ඉස්කොලේ ඉන්න සමහර ළමයි, ඉස්කෝලෙට නරක නමක් අරන් දෙන එකෙන් අමුතු ආතල් එකක් ගන්නවා කියලා. ඒක අද ඉඳලා වෙනස් වෙනවා කියලා. එතකොට පෙන්නනවා Kyle එහෙම කලිසම ගිනිතියාගෙන පිස්සුවක් කෙලිනවා. (Kyle ව මතකනේ අර කලින් සීසන් එකේ ඌ කාපට් එකක් කියලා හිතාගෙන පිස්සුවක් කෙලපු එකා 😂)

Kyle

ඔන්න ඊළඟට තමා හොඳම සීන් ටික එන්නේ. මතකනේ අර පරණ බාත් රූම් ටික. ඕටිසා මුල් කාලේ Clinic එක කරන තැන. පොර මේක ඇතුලේ ඉන්නකොට කවුරුහරි මේක ඇතුලට පොර ව ඇදලා ගන්නවා පෙන්නනවා.


ඒ අත දැක්ක ගමන් කියන්න පුලුවන් පොරව ඇදලා ගත්තේ Ruby කියලා. මොකද Ruby දාගෙන ඉන්නවා ලොකු මුද්දක්. මේ මුද්ද ට්‍රේලර් එකේ පෙන්නන තව කොටසකත් රූබි ගෙ අතේ තියෙනවා. ඒ නිසා මේ ඉන්නේ රූබි කියලා කියන්න පුලුවන්. ඉතින් කලින් සීසන් එකේ Otis සහ Ruby අතර Hookup එකක් වෙච්ච නිසා ඒ දෙන්නා අතර Relationship එකක් ඇති වෙනවා වෙන්න පුලුවන්.

Ruby with the ring

ඊට පස්සේ පෙන්නනවා Adam සහ Eric ව. කලින් සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේදි මේ දෙන්නා Officialy සෙට් උනා. ඉතින් මේ දෙන්නා එයාලගේ Relationship එක තවත් ඉස්සරහට ගෙනියනවා කියලා. ඉස්කෝලෙදි පවා දෙන්නා එකට ඉන්න එකෙන් ඒක පැහැදිලි වෙනවා. ඉතින් ඇඩම්, එරික් එක්ක Boys Room එකට යනකොට මේකේ කොල්ලෙක් අහනවා. "You are a poofter now, Groff ?" කියලා. මේ Poofter කියන වචනය British English වල තියෙන වචනයක්. අපි පාවිච්චි කරන ඇමරිකන් English වල එහෙම වචනයක් නෑ. මේකේ තේරුම වෙන්නෙ Gay කියන එක. ඉතින් අරූ Adam ගෙන් අහන්නේ "එහෙනම් උඹත් Gay නේද ? " කියලා.

Adam and Eric

ඔන්න ඊට පස්සේ තියෙනවා කලින් නිකුත් වෙච්ච First Look Images වල තියෙන Uniform එක. කලින් සීසන් වල අපිට මේක බලාගන්න හම්බුණේ නෑ. හැමෝම නිකන් Cashual ඇඳුමකින් තමයි ඉස්කෝලේට ඇවිල්ලා හිටියේ. ඉතින් මේකෙන් පේන්නේ ඉස්කෝලේ පිරිහිලා තිබ්බ විනය ආපහු ගොඩනගන්න අලුත් මැඩම් හෙනම ගේමක් ගහනවා කියන එකයි. ඉස්කෝලේ තිබ්බ අනවශ්‍ය දේවල් සේරම (බිත්ති වල ඇඳලා තිබ්බ අනන් මනන් එහෙමත්) අලුතෙන් Paint කරලා මකලා දානවා පෙන්නනවා.

Uniform

ඊට පස්සේ ඇඩම් තමන්ගෙ බෙල්ලේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා පෙන්නනවා. එයා කියන්නේ ඒක එයාගෙ Shame Sign එක කියලා. මේකේ ලියලා තියෙනවා "I am unhygienic and put my peers at risk" කියලා. මේකේ තේරුම වෙන්නේ "මම අපවිත්‍රයි, මම මගේ යාලුවන්ව අමාරුවේ දානවා" කියන එක. මේක සමහර විට ඇඩම් Gay වෙච්ච නිසා අනිත් කොල්ලො බයිට් එකට කරපු වැඩක් වෙන්න පුලුවන්.


ඊට පස්සේ අපේ ආදරණීය Miss Sands (Maeve ට සෑහෙන්න උදව් කරපු Teacher) එක්ක තවත් අලුත් ටීචර් කෙනෙක් ඉඳන් කියනවා "Sex will ruin your lives" කියලා. ඉතින් පැහැදිලිවම මේක අලුත් මැඩම් ගේ උපදෙස් මත වෙන දෙයක්. ඉස්කෝලේ ළමයින්ව sex වලින් ඈත් කරවන්න කරන වැඩක්.


ඊට පස්සේ ට්‍රේලර් එකේ පළවෙනි වතාවට Maeve, Otis එක්ක කතා කරනවා පෙන්නනවා. එයා කියනවා මේ වෙන දේවල්, උගන්නන දේවල් වැරදියි කියලා. නමුත් ඕටිස් කියනවා තමන් තවදුරටත් ඒවට Involve වෙන්න කැමැත්තක් නෑ කියලා.

ඔන්න දැන් එනවා ලෙජන්ඩරි සීන් එකට. හැමෝම සීසන් 01 එකේ ඉඳන්ම දකින්න පෙරුම් පුරපු සීන් එක. ඕටිස්, මේව් එක්ක බයිසිකලේ යනවා. හැබැයි පේන විදියට නම් යන්නේ අයිසැක් (රෝද පුටුවේ ලොක්කා) ගෙ ගෙදරට. ඉතින් කලින් සීසන් එකේ පොර මැසේජ් එක ඩිලීට් කරාට පස්සේ මොකද උනේ කියන එක තාමත් ප්‍රශ්නයක්. අයිසැක් මේව් එක්ක ඉන්න එක ඊට වඩා ප්‍රශ්නයක්. ඒකට නම් උත්තරේ සීසන් එක ආවාම තමා බලාගන්න වෙන්නේ. අනික අයිසැක් අහනවා ඕටිස් ගෙන් තමුසේ මොකද මෙතන කරන්නේ කියලත්. ඒ කියන්නේ පොර ටිකක් ලොකු ලයින් එකේ ඉන්නවා. බලමුකො ඉතින්. 🙂😐

Otis and Maeve

Issac

ඊට පස්සේ පෙන්නනවා අර පරණ Toilets තිබ්බ කොටස කඩලා අයින් කරනවා. සීසන් 01 එකේම කිව්වනේ මේක පාවිච්චියට සුදුසු නෑ කියලා. ඊට පස්සෙ ළමයි මේක Sex තිප්පොලක් විදියට එහෙමත් පාවිච්චි කරා. ඒ නිසා මේක කඩලා දානවා වෙන්න පුලුවන්. ඔන්න ඊළඟට පෙන්නනවා කට්ටිය ස්කූල් බස් එකේ යනවා. මේක Field Trip එකක් වෙන්න ඕන මම හිතන විදියට. කොහොම උනත් මෙතනදි කට්ටිය Principal ට එරෙහිව කුමන්ත්‍රණයක් කරනවා වගේ එකක් තමයි මට නම් තේරුණේ. ඊලගට පෙන්නවා Jean ව (Otis ගෙ අම්මා) . කලින් සීසන් එක ඉවර වෙනකොට මෙයා Pregnant වෙලා හිටියේ.

Dr. Jean Milburn (Otis ගෙ අම්මා)

ඊළඟට Mr. and Mrs. Groff ලාව පෙන්නනවා. ඊළඟට කෙල්ලො ටික කොරිඩෝ එකක ඇවිදන් එනවා පෙන්නනවා. මේ කොරිඩෝ එක කහපාටට ලයින් එකක් එහෙමත් ඇඳලා තියෙනවා ගෑණු ළමයින්ට එක පැත්තක් පිරිමි ළමයින්ට තව පැත්තක් විදියට. ඒ උනාට මෙයාලා ඒ ලයින් එක ගනන් ගන්නේ නැතුව ඇවිදන් එනවා පෙන්නනවා. ඒ කියන්නේ ප්‍රින්සිපල් ට එරෙහිව කරන Protest එක සැරටම යනවා වෙන්න පුලුවන්.


මේකෙ පෙන්නුවා Animated Clip එකක්. ඒක ඉස්කෝලේ කට්ටිය බලනවා පෙන්නුවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ Lily ව. Ola ගේ Girlfriend. මතකද සීසන් 01 එකේ මෙයාව Introduce කරද්දි මෙයා කොමික් වගයක් අඳිනවා පෙන්නුවා. බොහො විට මේ ඒ කොමික් ටික ඇනිමේටඩ් කරලා ගත්තා වෙන්න පුලුවන්. ඒ උනාට මෙතනදිත් ඒක බලාගෙන අපේ කොලින් මහත්තයා වෙනම වැඩක් කරනවා වගේ තමයි පේන්නෙ 😂

Adventures of Glenoxi (Lily's Comic)

ඊට පස්සේ ඕටිස් ගෙ ඇඟේ කෙල්ලෙක් හැප්පෙනවා. ඕටිස් මේව් මූණට මූණ බලාගෙන ඉන්නවා වගේ ෆුටේජ් ටිකක් පෙන්නනවා. මෙතනදි ඕටිස් කියනවා "You're Great, its what you are" කියලා. මේක කියන කොට පොර මේව් දිහා බලන clip එකක් තමයි පෙන්නන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන දේ සමහර විට මේ සීසන් එකේවත් බලාගන්න පුලුවන් වෙයි.


එහෙනම් ඉතින් Sex Education Season 03 Trailer එක ගැන ඔය ටික තමයි කියන්න තියෙන්නේ. සීසන් එක රිලීස් වෙනවා සැප්තැම්බර් 17. එතකොට බලමු මොකද වෙන්නේ කියලා.

මම දිනෙත් ගුණවර්ධන. මගේ Facebook පේජ් එකත් ලයික් කරලා තියාගන්න. ඒකෙනුත් ඔයාලට ගොඩක් Updates ගන්න පුලුවන්. එහෙනම්, හැමෝටම ජය ❤️🔥

Sex Education Season 03 Official Trailer

මගේ Facebook Page එක : 


5 Comments

  1. ගැම්මක් ඉතින් සරළවම 😂😂😂🙏

    හෙන සැපක් තියෙයි ලොවෙත් 😂❤🔥

    ReplyDelete
  2. සුපිරි තද කොර😍🔥🎉️

    ReplyDelete
  3. Thawa image ekk add krnna thibba eken loku hype ekk hdenwa eka dkke ndda 💔😐

    ReplyDelete
Post a Comment
Previous Post Next Post