Rick and Morty Live Action Teaser දෙකක්


හැමෝම දන්නවනේ Rick and Morty සීසන් 5 එකේ Finale එක එනවා කියලා. ඉතින් ඒක ඉවර වෙන අල්ලපනල්ලේ Adult Swim ලා රිලීස් කරනවා Rick and Morty Live Action ටීසර් එකක්. මේක එයාලා රිලීස් කරන්නේ මේ එන සීසන් 5 එකේ finale එපිසෝඩ් එකේ කොටසක් විදියට.


පළවෙනි Teaser Clip එක මෙතනින් බලන්න


මේ ටීසර් එක සැප්තැම්බර් 3 වෙනිදා (සිකුරාදා) Adult Swim Twitter Account එකෙන් තමයි රිලීස් කරන්නේ. මේකේ විශේෂම දේ උනේ මේකට Cast කරලා තිබ්බ නලුවෝ දෙන්නා. Back To the Future ෆිල්ම් වලින් මුලු ලෝකෙම අවධානය දිනාගත්ත Christopher Lloyd තමයි Rick විදියට Cast කරලා තිබ්බේ. ඒ වගේම Jaeden Martell ව Morty විදියට කාස්ට් කරලා තිබ්බා. Jaeden ව අපිට හම්බුනා Knives Out පලවෙනි ෆිල්ම් එකෙන්. (අර නාසි කොල්ලා). ටීසර් එකේ තිබ්බේ ඒ දෙන්නා Portal එකකින් රික් ගේ ගරාජ් එකට එන දර්ශනයක්.

ඔන්න අද (05) Adult Swim ලා තවත් පොඩි ටීසර් කෑල්ලක් එයාලගෙ ට්විටර් අකවුන්ට් එකෙන් දාලා තිබ්බා.

දෙවනි Teaser Clip එක මෙතනින් බලන්න
 
Teaser 02

මේ Teaser එකට Christopher Lloyd ව කාස්ට් කරපු එක එසේ මෙසේ සිදුවීමක් නෙමෙයි. Rick and Morty සීරීස් එක Inspire වෙලා තිබුණේ Back to the Future එකේ තිබ්බ කතාවෙන්. ඒකේ Lloyd ගේ Dr. Emmett Brown ගේ චරිතය ඇසුරින් අරගෙන මේක Doc and Morty කියලා තමා මුලින් නම් කරලා තිබ්බේ. පස්සේ Rick and Morty උනා ඒක. ඉතින් මේ විදියට Christopher Lloyd ට කරන ගෞරවයක් වශයෙන් මේ Live Action Teaser එකට එයාව කාස්ට් කරලා තියෙනවා.


Christopher Lloyd in Back to the Future

ඉතින් මේ ටීසර් එකත් එක්ක ඇත්තටම Rick and Morty Live Action Series එකක් එයිද කියන ප්‍රශ්නය ගොඩක් අයට මතු උනා. කොහොම උනත් Adult Swim ලා නම් තාමත් මේකට හරිහමන් උත්තරයක් දීලා නෑ.

ඉතින් රික් ඇන්ඩ් මෝටි 5 වෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එක සැප්තැම්බර් 05 රිලීස් වෙනවා. මේකත් එක්ක අපිට මේ Live Action හුටපටේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ලැබැයි.

( Source - NME )
Post a Comment (0)
Previous Post Next Post