නියෝ එක්ක ආයෙත් මෙට්‍රික්ස් එකෙන් එලියට එමු | The Matrix Resurrection Trailer Breakdown

ඔන්න ගොඩක් අය බලන් හිටපු Trailer කීපයක්ම මේ වෙනකොට අපිට ලැබුනා. මේ දෙසැම්බරේ නම් හැමෝටම නත්තල්🌚. එක පැත්තකින් No Way Home එනවා. තව පැත්තකින් The Matrix 4 එනවා. 

කලින් ආපු The Matrix Trilogy ය සිනමා ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක් කරපු Trilogy ක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. තාක්ෂනික අතින් CGI/VFX භාවිතය අතින් ඉහල තැනක හිටියා වගේම සිනමාව The Matrix Effect නමින් අලුත්ම උපක්‍රමේකුත් හඳුන්වලා දුන්නා. ඒ වගේම "අපි මේ ඉන්නෙ සිමියුලේශන් එකකද" කියලා මිනිස්සු කතා කරන්නත් මේ Trilogy ය හොඳ හේතුවක් වුනා කිව්වොත් හරි. ඉතින් ඒ කාලේ එහෙම හැදුව නම් මෙච්චර තාක්ෂනයක් තියෙන කාලෙ Wachowski ලට මොනා කරන්න බැරිද?? වැඩි කතා ඕන්නෑ අපි යමු Breakdown එකට.



මුලින්ම අපිට නගරයක දර්ශනයකින් තමා Trailer එක පටන් ගන්නෙ. මේක CGI පාට හොඳටම පේනවා. මම හිතන්නෙ මේක matrix එක කියලා අපිට ඒත්තු ගන්වන්නම දාපු එකක් විදිහට.

ඊට පස්සෙ අපිට බලාගන්න පුලුවන් Neo එක්ක තව මනුස්සයෙක් කරන කතාබහක්. මේක counselor කෙනෙක් තමන්ගෙ client කෙනෙක් එක්ක කරන කතාබහක් වගෙ. මෙතනදි අපිට මුලින්ම ඇහෙන වචනෙ තමා "තෝමස්". කවුද කියලා දන්නවනෙ තෝමස් කියන්නෙ.



මේන් මෙතනදි අපිට Deja vu පූසව බලාගන්න ලැබෙනවා. The matrix එක ඇතුලෙ ඇති වෙන වෙනස්කමක් නිසා නැත්නම් Glitch එකක් තමා මේ පුසාගෙන් පෙන්වන්නෙ. ඒ වගේම තමා ටිකක් විතර ඈතින් සමනලයො දෙන්නෙක් ගෙ රූප දෙකකුත් පේන්න තියෙනවා. මුලින් මම හිතුවෙ මේක Butterfly effect එක කියලා. ඒත් ඇත්තටම කතෝලික ආගමෙ සමනලයව Symbol of resurrection විදිහට සලකනවා. මෙතනින් පෙන්වන්න හදලා තියෙන්නෙ ඒක.


ඔන්න ඊට පස්සෙ  Quick shot ටිකක් යනවා. මේවා Neo ගෙ මතකයන් වගෙ. මෙතන එකකදි Neo ව මැශින් ගොඩක් වට කරන් ඉන්නවා. මේක Matrix 3 (The Matrix Revolution) ඉවර වුන තැනට පස්සෙ වෙන දෙයක් කියලා තමා මට හිතෙන්නෙ. පස්සෙ මැශින් නියෝව ආයෙ Matrix එකටම සම්බන්ධ කරා වෙන්න පුලුවන්.


ඒ ළඟම අපිට අත් දෙකක් එකට අල්ලගන්නවා පෙන්නවා. මෙතනින් ලොකු බලයක් තියෙනවා වගෙත් පේනවා.මේක ගැන මම වෙනම තැනකින් කතා කරන්නම්.


ඊට පස්සෙ ශොට් එකේ කවුරුහරි කෙනෙක් snap කරනවා. ඒකෙන් ආයෙ අපි කලින් හිටපු තැනටම එනවා. මේ නිල් කන්නාඩි දෙකක් දාගත්ත හාදයව How I met your mother පෑන්ස්ල නම් අඳුරගන්න ඇති. ඔව් මේ බානි නැත්නම් Neil Patrick Harris. මෙයා කරන රෝල් එක විදිහට කියන්නෙ The Analyste. මෙයත් Oracle, The Architecture වගේම පවර්ෆුල් Software එකක්.


ඊට පස්සෙ අපිට Neo තමන්ගෙ නාන බේසම ඇතුලෙ ඉඳන් අඬනවා පෙන්වනවා. මෙතන Closeup shot එකෙ හරියට බැලුවොත් පෙනේවි කඳුළු ගලාගෙන යන විදිහ. මේ නියෝ අඬන්න පරණ දේවල් මතක් වෙලා වෙන්න ඕනෙ. හරිම හේතුවක් නම් කියන්න බෑ.


ඔන්න ඊළඟට තමා ගොඩක් දෙනෙක් හරි ආසම තැනට එන්නෙ. ඒ ට්‍රිනිටිව පේන තැන. මේක වෙන්නෙ කොහොමද කියන එක ගැන නම් කිසිම අදහසක් නෑ. ට්‍රිනිටි ව මේ විදිහට ආපු එක ප්‍රශ්නාර්ථයක් ලකුණක් වුනාට එයා ආපු එකනම් සතුටට කරුණක්. මෙතනදි නියෝට වත් ට්‍රිනිටි ට වත් මේ කවුද කියන එක මතක නෑ. හැබැයි යාන්තම් හුරුපුරුදු ගතියක් දැනෙනවා වගෙ දෙන්නටම.



ඔන්න ඊට පස්සෙ අපිට Blue pills බලාගන්න පුලුවන්. මේවා අහුරක්ම නියො එක සැරේ කටේ දාගන්නවා. නියො මේ pills වලටම ඇඩික්ට් වෙලා වගෙ.



මෙතන කන්නාඩියෙන් අපිට නියෝලා හතරක් පෙන්වනවා. මේ Matrix හතරවෙනි චිත්‍රපටිය සංකේත කරන්න කරපු දෙයක් වෙන්න ඇති.



ඊට පස්සෙ නියෝ අහස දිහා බලන් ඉද්දි කුරුල්ලො වගයක් අමුතු රටාවකට අහසෙ පියාඹනවා පේනවා. මේක එක්කො Matrix එකේ Glitch එකක් හරි නැත්නම් Neo කවුරුහරි දෙන පණිවිඩයක් වෙන්න පුලුවන්.


ඊට පස්සෙ පෝන් ඔබන මිනිස්සු මැද්දෙ නියො කොන් වෙලා වගෙ ඉන්න ශොට් එකක් තියෙනවා. මේ අය නම් Matrix එක ඇතුලෙ තව එකක හිරවෙලා. හරියට අපි වගෙ.



නියො ඔන්න ඊට පස්සෙ Bule pills සේරම විසික්කරනවා. මෙතන නියො ඉන්නෙ ice cap එකක් දාගෙන. මේක ටිකක් නෝට් කරගන්න. මොකද අපිට ඉස්සරහටත් මේ විදියටම නියෝව බලාගන්න පුලුවන්.



ඊට පස්සෙ නියො Restaurant එකකට යනවා. මෙතනදි අපිට Alice in the wonderland පොත කියෝන ගෑනු කෙනෙක් ඉන්නවා. පේන විදිහට මේ ප්‍රියංකා චොප්රා (ජෝනාස්). පලවෙනි ෆිල්ම් එකෙ නියෝට කියන්නෙත් "Follow the White Rabbit" කියලා. Alice in the wonderland කතාවෙත් ඒ වගේම දෙයක් තමා වෙන්නෙ. මේ හැමදේකටම reference එකක් විදිහට මේක දාන්න ඇති. ඒ වගේම මේ ඉන්නෙ The Matrix 2 (The Matrix Reloaded) සහ තුනෙ හිටපු පුංචි ගෑනු ළමයා දෝ කියලා සැකයක් තියෙනවා. ඒක නම් මගෙ සිතුවිල්ලක්.



ඔන්න ඊට පස්සෙ නියො කන්නාඩියක් දිහා බලන් ඉන්න ශොට් එක. මේකෙ background එකෙ ඉන්නෙ කලින් ෆිල්ම් වල හිටපු නියොගෙ පොටො එකක්/වීඩියො එකක් වගෙ. හරියටම නිශ්චිතවම කියන්න බැරි වුනත් ඒ වගෙ තමා පේන්නෙ.



ඊට පස්සෙ නියෝ කන්නාඩිය දිහා බලන් ඉද්දි Matrix එකෙ වගෙ කෝඩ් පේන්න ගන්නවා. ඒ අතරෙම කන්නාඩියෙන් වයසක මනුස්සයෙක් පේනවා. නියො වෙනුවට. මේ ඉන්නෙ හරිම නියො වෙන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ පෙන්වන තරම් නියො දැන් වයසයි වෙන්න පුලුවන්. 



ඔන්න ඊට පස්සෙ තරුණ Morpheus එනවා. ඇවිත් සුපුරුදු විදිහටම Red & Blue pills නියොට දෙනවා. ඒ දෙන්නෙ "Time to Fly" කියන ගමන්. නියෝට හරි අවබොධය ආපු ගමන් ඉගිලෙනවා කියන එක සුලු දෙයක් නෙ.





ඔන්න අපිට ඊළඟට Rabbit tatoo එකත් එක්ක Jessica Henwick (මෙයාගෙ කැරැක්ටර් එකට නමක් දන්නෙ නැති නිසා ජෙසිකා කියලා කියන්නම්) ව බලාගන්න පුලුවන්. ජෙසිකා මේකෙ ලොකු රෝල් එකක් කරන චරිතයක් වගෙ. මෙතනදි මෙ දෙන්නා බිල්ඩිමක් ඉඩ ඉඳන් දොරක් ඇරන් යන ශොට් එක තමා පේන්නෙ. ඒක නම් හරිම ලස්සනයි. බිම වතුරත් තියෙන නිසා මාර ලස්සනයි ඒක.

ඊට පස්සෙ පෙන්නවා එයාලා Mirror එක ඇතුලෙන් එනවා. කලින් කිව්ව ශොට් එකයි මේ ශොට් එකයි එකට සම්බන්ධයක් නෑ මම හිතන්නෙ. මොකද මේ ශොට් එකෙ නියො දාන් ඉන්න අයිස් කැප් එක නැ. සමහර විට කලින් ශොට් එකෙන් වෙන තැනකට ගිහින් ඊට පස්සෙ මෙතනට ආවා වෙන්නත් පුලුවන්.



ඊට පස්සෙ නියො ට්‍රිනිටි එක්ක එකට ඉන්නවා. මේක මෝෆියස් ලගෙ තැනක් වෙන්න පුලුවන්. කොහොම හරි මෙතන තියෙන මේ බයික් එක නම් ඉස්සරහටත් බලාගන්න පුලුවන්.



මේ වෙලාවෙ ට්‍රිනිටිගෙ මූණ දිගෙ Matrix code එක යනවා පේනවා. ඒකියන්නෙ නියො ටික ටික හැමදේම අවබෝධ කරගන්නවා.




ඊට පස්සෙ නියො සහ තරුණ මෝෆියස් Trainnig වෙනවා. මේ තැන නම් කලින් ෆිල්ම් වල වගෙ මෝෆියස් ලා හදන simulation එකක් වෙන්න ඇති. මෙ වෙලාවෙ නියෝ තමන්ගෙ හැංගිලා තියෙන එක එක හැකියාවන් අන්ලොක් කරගන්නවා. දැක්කනෙ මෝෆියස්ට ඉගිලෙන්න දෙන්නෙ. ඒ වගේම Frame by frame බැලුවොත් පෙනේවි එතන මුලු තැනම ලොකු එලියක් එක්ක පිපිරෙනවා. මේ වගේම දෙයක් නියො වෙන තැනකත් කරනවා. ඒක ගැන ඉස්සරහට කතා කරමු.



ඔන්න ඊට පස්සෙ අපිට ඇත්ත ලෝකෙ බලාගන්න පුලුවන්. මිනිස්සු ඉන්න ටවර් දෙකක් වගෙත් බලාගන්න පුලුවන්. ඒවගේම විනාස වෙච්ච නෂ්ටාවශේෂ ගොඩනැගිලි කීපයක් එක්ක යානාවකුත් මෙතන තියෙනවා. මේ යානාව නම් මිනිස්සුන්ට අයිති එකක්ද රොබො ලට අයිති එකක්ද කියලා නම් පැහැදිලි නෑ.



ජෙසිකා බිමට පනින එකක් එක්ක අපිට නිලධාරීන් කීපදෙනෙක් එයාට වෙඩි තියනවා. මේ ඉන්න අය නිකන් අය නෙමෙ SWAT එකෙ අය වගෙ. 



ඒ අතරෙ පොලිස් නිලධාරියෙක් ගෙ ශරීරෙට Agent කෙනෙක් එනවත් අපිට බලාගන්න පුලුවන්.



නියො ට කවුද කෙනෙක් වෙඩි තියන්න ලෑස්ති වෙනවා. මේ කවුද කියන එක පැහැදිලි නැති වුනත් තුවක්කුවෙ A අකුරක් නම් තියෙනවා. මේ A අකුර Agent කියන්න භාවිතා වෙනවා වෙන්න පුලුවන්. නැත්නම් Architecture හෝ Analyste වෙන්නත් පුලුවන්. 





මේ අතරෙ කලින් කිව්ව සෙබලු කීපදෙනෙක් Screen එකට රොකට් එකක් (වගෙ එකක්) එල්ල කරනවා. මේ Screen එකෙ ඉන්නෙත් නියො වගෙ. හැබැයි මේ රොකට් එක screen එක හරහා කෝච්චියට තමා යන්නෙ. එතනදි ඒක පුපුරනවා. මෙතන ජෙසිකා වගේම තරුණ මෝෆියස් වත් බලාගන්න පුලුවන්. මෙතන පැත්තෙන් ඉන්න මනුස්සයෙක් මාස්ක් එකක් දාන් ඉන්නෙ. ඒකට නම් පැහැදිලි කිරීමක් නැත.



ඊට පස්සෙ නියො චීන/ජපන් සම්භවයක් තියෙන මිනිහෙක් එක්ක ෆයිට් කරනවා. මේ මිනිහා assassin කෙනෙක් වෙන්න ඕනෙ.



ට්‍රිනිටි ඇත්ත ලෝකෙ ඉන්නවා ඊළඟට පෙන්වනවා. මෙතන ට්‍රිනිටි matrix එකෙන් එලියට ආපු ගමන් වගෙ.



ඊළඟට ට්‍රිනිටි SWAT සෙබලු එක්ක ෆයිට් කරනවා. මේ වෙලාවෙ ට්‍රිනිටි ලොකු rage එකකින් වගෙ ඉන්නෙ.

ඊළඟට ජෙසිකා පොලිසිය සහ Agent ල එක්ක බලාගන්න පුලුවන්. මේක කලින් පෙන්නුව එකට පස්සෙ වෙන එකක් වෙන්න ඇති. මොකද එතනින් ජෙසිකා බිමටනෙ පැන්නෙ.



ඊළඟට කලින් මම කිව්ව බයික් එක පැදන් එනවා කවුරුහරි. මේ නම් ට්‍රිනිටි. ඊටපස්සෙ අපිට  ට්‍රිනිටි නියෝව දාගෙන යන්න ශොට් එකකුත් තිබ්බනෙ.



ඔන්න මෙ ශොට් එක මම පට්ට ආස ශොට් එකක්. Agents ලා ඇරන් එන දොර තියෙන්නෙ වෙන තැනකින්. හරියට Inception එකෙ වගෙ. එතන කැමරාව භාවිතා වෙන විදිහත් පට්ට.




ඊළඟට අපිට බලාගන්න පුලුවන් Agents ලා මේ ලුහුබඳින්නෙ කාවද කියලා. ඒ ජෙසිකවයි මෝෆියස්වයි. මෙයාලා මේ ඉන්න තැන දැක්කම Matrix 1 ෆිල්ම් එකෙ hallway සීන් එක තමා මටනම් මතක් වුනෙ. ඊට පස්සෙ මෙයාලා මෙ බිල්ඩිමෙන් බිමට පනිනවා.



ඊට පස්සෙ අපිට නියෝ එක්ක තව කාගෙහරි subway fight එකක් බලාගන්න පුලුවන්. මේ කවුද කියන එක හරියටම බලාගන්න බැරි වුනත් නිකමට මට හිතෙනවා මේ කවුද කියලා. ඒ කවුද කියලා පස්සෙ කියන්නම්.



ඔන්න ඊළඟට නියො අතින් ලොකු එලියක් එක්ක swat සෙබලු බිමවට්ටනවා. අපි මෝෆියස් එක්ක ෆයිට් එකෙ දැක්කෙත් මේ පවර් එකමයි. මතකද මුලින් නියො Analyste ගාව ඉද්දි පෙන්වන quick shot වල අත් දෙකක් අල්ලන් ඉන්න ශොට් එක? මම හිතන්නෙ ඒක වෙන්නෙ මෙතන.



ඊට පස්සේ නියොගෙ ෆේමස් Matrix පවර් එක බලාගන්න පුලුවන්. මෙතන ට්‍රිනිටිත් පිටිපස්සෙන් ඉන්නවා. මේකයි කලින් කිව්ව ශොට් එකයි ඔක්කොම වෙන්නෙ එකම තැනක වෙන්න ඕනෙ.



ඊළඟට අපිට නියො හෙලිකොප්ටර් එකකින් එවන මිසයිලෙ හරෝලා අනිත් හෙලිකොප්ටර් එකට යවනවා පෙන්වනවා. මේක නිකන් Avatar එකෙ Bending කරනවා වගෙ තමා පෙනුනෙ නම්.


ඔන්න අන්තිමට අපිට Jonathan Groff ව බලාගන්න පුලුවන්. මෙයා කරන කැරැක්ටර් එක මොකද්ද කියලා නම් කිසිම සඳහනක් නෑ. හැබැයි මට නම් හිතෙන්නෙ මේ ඉන්නෙ Agent smith කියලා. තරුණ වෙලා වගෙ.🌚 මොකද කලින් ආපු teaser එකක ජොනතන් ගෙ mouth shut ශොට් එකක් තිබුනා. කලින් මතක ඇති smith ඕක නියොට කරනවා.  එතකොට කලින් නියෝට වෙඩි තියන්න ලෑස්ති වෙන්නෙ කවුද කියලයි subway fight කරන්නෙ කවුද කියලයි අපිට සරල උත්තරයක් එනවා. හැබැයි මේක මගෙ තියරියක්. වැරදි වෙන්නත් පුලුවම්. ගොඩක් අය නම් මේ ඉන්නෙ architecture කියලත් කියනවා. අනේ මන්දා අපි බලමුකො දෙසැම්බරේ.

ඔන්න මේ විදිහට තමා The matrix 4 1st Trailer Breakdown එක නිමා වෙන්නෙ. ආ කියන්න ඕනෙ මේක Reboot එකක් එහෙම නෙමෙ. මට මගහැරුණු  හරි,වැරදුන දේවල් හරි ඔයාලට කියන්න පුලුවන් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට බාරයි. Trailer එක ගැන ඔයාලට හිතෙන ඕන දෙයක් කියන්න. එහෙනම් ගිහින් එන්නම්, මැරෙන්නෙ නැතුව පරිස්සමෙන් ඉන්න. 

සුබ දවසක්...!


The Matrix Resurrections | Official Trailer 01

4 Comments

  1. කුපිරි
    කුපිරි

    ReplyDelete
  2. බ්‍රේක්ඩවුන් එක මරු හැබැයි මට සමහර තැන් මට මෙහෙම හිතෙනවා.(කොහොමත් ෆිල්ම් එක බලලා නෙවෙයිනේ, අපි ඉතින් මේ වෙන්න ඇති කියලා අනුමාන කරන ඒවනෙ)

    1) මැට්‍රික්ස් 3 එකේදි, ට්‍රිනිටි(ෆිසිකල් බොඩි එක) මැරුණා. මං හිතෙන්නෙ නියෝ ට්‍රිනිටිගේ මූණෙ කෝඩින්ග් එක දකින්නෙ ට්‍රිනිටි සමහරවිට මැට්‍රික්ස් එකේම ප්‍රෝග්‍රෑම් එකක් කියලා.

    2)අර නිල්පාට සමනලයා Alice In Wonderland එකේ reference එකක් වෙන්නත් පුලුවන්. ඒකෙත් නිල් සමනලයෙක්ගෙ මොකක්දෝ පලහිලව්වක් තියෙනවලු.

    3) ට්‍රේලර් එකේ පාවිච්චි කරපු සින්දුව 60 ගණන්වල ආපු එකක්. ඒකෙ කියැවෙන්නෙ Alice in Wonderland ස්ටෝරිය ගැන.

    ReplyDelete
    Replies
    1. 1)නම් හරිමයි කියන්න බෑ.ට්‍රිනිටි එලියෙ ඉන්න ශොට් එකකුත් තියෙන නිසා. හැබැයි ඒක Flashback එකක් වෙන්නත් පුලුවන්.එහෙම වුනොත් හරි ඔය තියරිය.

      2,3 නම් දැනන් හිටියෙ නෑ

      තෑන්ස් මචන් කමෙන්ට් එකට😍✌️

      Delete
Post a Comment
Previous Post Next Post