බැට්මෑන් ගැන හැමදේම | Happy Batman Day Y'all

Happy Batman Day Y'all 



Batman එහෙමත් නැත්තන් Dark Knight එහෙමත් නැත්තන් Caped Crusader කියන්නෙ ලෝකෙ හොදම Comic Characters වලින් කෙනෙක් විතරක් නෙමේ දැනට ආපු හොදම Fictional Characters ලගෙන් කෙනෙක්.අවුරුදු 80කට වැඩි Build Up එකක් එක්ක Batman අද ලොකු ගමනක් ඇවිල්ල තියෙනවා.Comic Character එකකට තියෙන ලොකුම Fan Base එක තියෙන්නෙත් මෙයාටම තමා.Comic ඇරුනම Movies, TV Series, Animated Series, Animated Movies, Games කියන හැම පැත්තෙන්ම සුපිරිම Content තියෙන ඩයල් එකක් තමා මේ Batman කියන්නෙ.ඉතින් මේ බැට්මෑන්ගෙ ආරම්භය ගැන කෙටියෙන් කිව්වොත්,

1939 මැයි මාසයෙ එළි දැක්වෙන Detective Comics #27 issue එකෙන් තමා ලෝකෙට Batman ව හදුන්වල දෙන්නෙ.Batman ගෙ Creators ලා විදිහට හදුන්වන්නෙ Bill Finger & Bob Cane ව.මේ දෙන්න තමා මේ විශිෂ්ඨ චරිතය ලෝකෙට දායාද කලේ.ඉතින් එදා ඉදන් අද වෙනකම් Batman ගෙ ජනප්‍රියත්ව එන්න එන්න වැඩි වෙලා මිසක් අඩු වෙලා නම් නෑ.

Batman ගෙ Origin එක ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.Thomas සහ Martha Wayne ව Crime Alley එකේදි Joe Chill කියන අපරාධකාරයා වෙඩි තියල මරල දානවා.

මෙතන බෲසුත් මැරිලා Batman ඉපදුනා.සමහර අය කියන දෙයක් තමා බෲස් Batman වුනේ එයාගෙ දෙමාපියන් මැරුන නිසා කියලා.මේක හරි ඒත් බෲස් Batman වෙන්න මූලික වෙච්චි ප්‍රධානම හේතුව වුනේ එයා එයාගෙ දෙමාපියන්ට වෙච්චි පොරොන්දුව.බෲස් පොරොන්දු වෙනවා එයාට වෙච්ච දේ ගෝතම් වල කිසිම ළමයෙක්ට සිදු නොවෙන්න වගබලා ගන්නව කියලා.මේ පොරොන්දුව ඒ විදිහටම තියාගන්න බෲස් එයාගෙ සල්ලි, සතුට කොටින්ම කිව්වොත් එයාගෙ ජීවිතේම කැප කරනවා.ඉතින් මේ Promise එක එහෙමත් නැත්තන් පොරොන්දුව තමා Batman ව Fuel කරන්නෙ.මේ පොරොන්දු ඉෂ්ට කරන්න බෲස් ලෝකෙ වටේ ගිහින් විවිධ ගුරුවරුන්ගෙන් විවිධ දේවල් ඉගෙන ගෙන Ultimate Weapon එකක් බවට පත් වෙනවා.

පොර ආයේ ගෝතම් වලට එනවා.ඒත් තාම Batman වෙලා නෑ.මෙයා සාමාන්‍ය මාස්ක් එකක් දාගෙන අපරාධ වලක්වන්න ගිහින් අන්තිමට පොලීසියට අහුවෙනව.එතනින් බේරිල පොරට Wayne Manor එකට එන්න පුලුවන් වෙනවා.ඒත් බෲස් ගොඩක් Injured වෙලා හිටියේ.බෲස් පුටුවක ඉදගෙන එයාගෙ ඉස්සරහ තියෙන තෝමස් වේන්ගෙ Statue එකක් දිහා බලන් කල්පනා කරනවා.මෙතන මෙයාට Choices දෙකක් තියෙනවා.එකක් එයාට වෙච්චි තුවාල වලට බෙහෙත් නොකර ඉදන් ඉන්න තැනම මැරෙන එක.අනිත් එක එයාගෙ එහා පැත්තෙ තියෙන Bell එක ගහලා ඇල්ෆ්‍රඩ් ට එන්න කියලා එයාගෙ තුවාල වලට බෙහෙත් කරලා එයාගෙ Mission එක Continue කරන එක.ඉතින් මෙතන බෲස් එයාගෙ තාත්තගෙන් එයා කරන්න ඕනෙ මොකක්ද කියල උදව් කරන්න කියල ඉල්ලනව.ඒත් එක්කම ජනේලෙ කඩාගෙන වවුලෙක් ඇවිල්ල තෝමස්ගෙ පිලිමෙට උඩින් පියාඹනවා.

ඉතින් මෙතන මේ වවුලා ජනේලෙ කඩන් එද්දි බෲස්ගෙ හිතේ ඇති වෙච්චි බය එයා එයාගෙ හතුරන්ටත් දෙන්න තීරණය කරනවා.බෲස් මෙතන කියනවා "Yes Father, I Shall Become a Bat" කියලා.


මේ අවස්ථාවෙදි තමා Batman කියන Alter Ego එක බිහි වෙන්නෙ.ඉතින් මෙයා Bell එක ගහලා Alfred ට එන්න කියලා බෙහෙත් දාගන්නවා.ඊටපස්සේ බෲස් එයාගෙ War Against Crime එක Continue කරනවා.ඒ Batman විදිහට.Batman ව පාවිච්චි කරලා බෲස්ට පුලුවන් වුනා ගෝතම් වල අපරාධකාරයන්ගෙ හිත් වල බය ඇති කරන්න.Batman ට තියෙන මේ බය නිසා ගෝතම් වල අපරාද අඩු වෙන්න ගත්තා.Batman Urban Legend එකක් බවට පත් වුනා.කවුරුත් දැනන් හිටියේ නෑ ඒ මනුස්සයෙක් කියලා.


"They Say Criminals Are a Superstitious and Cowardly Lot, So My Disguise Must Be Able To Strike Terror Into Their Hearts.I Must Be A Creature Of The Night, Black, Terrible"


- Detective Comics #27

ඉතින් ඔහොම තමා Batman ගෙ Origin එක සිද්ද වුනේ.Batman ගැන කියද්දි ගොඩක් කරුණු නිසා මෙයාව Highlight වෙනවා.Batman අනිත් Heroes ලගෙන් වෙන් වෙන හේතු සෙට් එකක්ම තියෙනවා.බෲස් එයාගෙ දෙමාපියන්ට වෙච්චි පොරොන්දුව එහෙම මේවලින් එකක්.ඒත් මේවලින් ප්‍රධානම හේතුව වෙන්නෙ Batman කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්.දැන් අහන්න එපා වෙන සාමාන්‍ය මනුස්සයො වෙන Heroes ල නැද්ද කියලා.ඕන තරම් ඉන්නවා.ඒත් ඒ එක්නෙක්ටවත් Batman ගෙ Level එකට එන්න පුලුවන් වෙලා නෑ.Super Powered Heroes ලා දහස් ගාණක් අතරෙන් Top 3 Heroes ලගෙන් කෙනෙක් වෙන්න මේ සාමාන්‍ය මනුස්සයට පුලුවන් වුනා කියන්නෙ ආයෙ ඉතින් හිතා ගන්න පුලුවන් නේ.බෲස්ට Power Ring එකක්වත් Speedforce එකවත් Super Soldier Serum එකක්වත් Flying Ability එකක්වත් නැ.ඉතින් මේ මුකුත් නැතුව සාමාන්‍ය මනුස්සයෙක්ගෙ Level එකේ ඉදලා Literally God Like Powers තියෙන Justice League වගේ කණ්ඩායමක් Lead කරන්න පුලුවන් Level එකට එනව කියන එක ලේසි නෑ.බෲස්ට මේ Level එකට එන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා.සාමාන්‍ය මනුස්සයෙක්ට කායිකව හා මානසිකව යන්න පුලුවන් උපරිම තැනට ( Peak Level ) එන්න බෲස්ට පුලුවන් වෙනව.මේ විතරක් නෙමෙ,

බෲස් කියන්නෙ 192IQ අගයක් තියෙන Genius කෙනෙක්.DC විශ්වයේ හොදම Detective කියල තමා පොරව හදුන්වන්නෙත්.මේව ඉතින් Comic වල තියෙන්නෙ. Film වල පෙන්නල නෑ.බැට්මෑන් ව හදන්න Dracula, Zorro, Phantom වගෙ Characters Base කර ගත්ත කියල දන්නව ඇතිනේ.මෙයාල වගේම Sherlock Holmes වත් Base කරගන්නව Batman ව නිර්මාණය කරද්දී.ඉතින් ශර්ලොක්ගෙ චරිතයෙන් ලැබුනු මේ Detective Skill එක නිසා බැට්මෑන් ට DC විශ්වයේ හොදම මොළකාරයන්ගෙන් කෙනෙක් වෙන්න පුලුවන් වෙලා තියෙනවා.ඒ වගේම බැට්මෑන් කියන්නෙ Skilled Tactician & Master Stratergiest කෙනෙක්.මේ Skill එක නිසා JL එකට නැතුවම බැරි කෙනෙක් වෙනවා Batman.කොච්චර ලොකු බලයක් තිබ්බත් වැඩක් නෑනෙ ඒව පාවිච්චි කරලා Strategically Battle එකක් Plan කරන්න බැරිනම්.

Batman සටන් කලා ( Martial Arts ) 127ක් ප්‍රගුණ කරල තියෙනවා.Karate, Judo, Boxing, Kung Fu, Jujitsu, Aikido, Ninjutsu, Krav Maga, Jeet Kune Do, Taekwondo, Savate, Muay Thai, Arnis වගේ Arts බර ගාණක් බෲස් දන්නවා.මේවා නිසා බෘස්ට,

  • Throwing Techniques
  • Punches
  • Open Hand Techniques 
  • Disarming Techniques
  • Defensive Skills
  • Elbow / Knee Strikes
  • Weapon Throwing 
  • Kicking Techniques 
වගේ Skills ගොඩක් ප්‍රගුණ කරන්නත් පුලුවන් වෙනවා.මේ වගේම DC ලගෙ හොදම Hand to Hand Fighters ලගෙන් බෲස් Train වෙලත් තියෙනවා.Ted Grant, Ra'a Al Ghul, Richard Dragon, Lady Shiva, Shihan Matsuda වගේ අය බෲස්ගෙ ගුරුවරු විදිහට කටයුතු කරල තියෙනවා.මෙයාලගෙ උදව් ඇතුව Batman ට DC Universe එකේ හොදම H2H Fighter කෙනෙක් වෙන්න පුලුවන් වුනා.Batman එයාට වඩා Skilled H2H Combatant ල වෙන Deathstroke, Lady Shiva, Ra's Al Ghul වගෙ අයවත් පරද්දල තියෙනවා.ඒ වගේම DC Universe එකෙ #1 H2H Fighter විදිහට හදුන්වන Karate Kid ( මාවල්ලගෙ Shang-Chi වගේ ) ව පරද්දන්න බැටාට පුලුවන් වුනා ( Sure නැද්ද ? JLA : Lightning Saga කියවන්න ) 



H2H Combat වලට අමතරව ඇල්ෆ්‍රඩ්ගෙ උදව්වෙන් Bruce ට වෙස්වලාගන්න, Voice Mimic කරන්න වගේම Combat Medicine එහෙමත් පුරුදු වෙලා තියෙනවා.ශර්ලොක් හෝම්ස් පොත් කියවන අය ඔය වෙස්වලාගෙන Undercover යන සීන් දන්නව ඇතිනෙ.


JSA Member කෙනෙක් වෙන Wildcat aka Ted Grant බෲස්ට උගන්නල තියෙනව කියල කිව්වනෙ.ඒ වගේම මෙයා බෲස්ට Punch එකක් දරාගන්න විදිහත් උගන්නල තියෙනවා.



Zatanna ගෙ තාත්තා වෙන John Zatara ගෙන් බෲස් සමහර මැජික් Tricks පවා ඉගෙන ගෙන තියෙනවා.Magic Spell වලට Immune වෙන Spell එහෙම බෲස් දන්නවා.ඒ වගේම සටාන කියන්නෙ බෲස්ගෙ පොඩි කාලෙ ඉදන් හොද යාලුවෙක්.


Sergei Alexandrov කියන Engineer ගෙන් බෲස් Weapons / Gadgets එහෙම හදන විදිහත් ඉගෙන ගෙන තියෙනවා.


Henri Ducard බෲස්ට Criminals ලා Track Down කරන විදිහ උගන්නල තියෙනවා.


Don Miguel කියන කෙනා බෲස්ට High Speed Car Chase වලදි Car එක හසුවරවන විදිහ කියල දීල තියෙනව.Batmobile එක එහෙම මුල් කාලෙ පොලීසියට අල්ලන්න බැරි වුනේ බෲස්ගෙ මේ Skill එක නිසා.


බෲස් Kirigi කියල ගුරුවරයෙක් යටතෙත් Martial Arts පුහුණු වෙනවා.මෙතන බෲස් Lethal Vibrating Palm Technique එකක් ඉගෙන ගන්නවා.ඒ වගේම මෙයා තමා Ra's Al Ghul ගේ League Of Assassins ලවත් Train කරන්නෙ.මෙයා යටතේ Train වෙන එක ගෞරවයක් විදිහට තමා සලකන්නෙ.


Harvey Harris කියන Detective යටතෙ බෲස් Art Of Deduction ඉගෙන ගෙන තියෙනවා.


Shihan Matsuda ගෙන් මෙයා Katana එක Master කරල තියෙනව විතරක් නෙමෙ එයාගෙ Body Temperature එක ඕන විදිහට පාලනය කරන්නත් පුරුදු වෙනවා.

මීට අමතරව,

  • Master Weapon Specialist 
  • Master Of Stealth
  • Speak 20+ Languages
  • Expert in Body Language 
  • Expert in High Tech Weapons
  • Skilled Escape Artist
  • Expert Acrobat 
  • Skilled Swordsman 
  • Master of Disguise 
  • Has Photographic Memory 
  • Studied at FBI
  • Harrowing Master of Fear
  • Indomitable Willpower 
  • Master Assassin & Infiltrator
  • Master Businessman 
  • Master Interrogator 
  • Master Pilot & Driver වගේ Skills සෙට් එකක් බැටාට තියෙනවා.

Batman ගොඩක් Famous වෙන්න හේතු ගොඩක් තියෙනවා.බැටාගෙ තියෙන Qualities මේ අතරින් විශේෂ තැනක් ගන්නවා.මේ Qualities ගැන කිව්වොත්,

නිර්භීත බව = බැටා කිසිම Fight එකකින් පසු බහින කෙනෙක් නෙමෙ.එයාට දිනන්න බෑ කියල දැනගෙනත් නිර්භීතව සටන් කරල තියෙන අවස්තා තියෙනවා

නායකත්වය = බැට්මෑන් Justice League එකේ නායකයා විදිහට වැඩ කරල තියෙනවා.ඒ වගේම Outsiders, Justice League International, Suicide Squad, Justice League Of America, Gotham Knights වගෙ ටීම් සෙට් එකකට බැටා නායකත්වය සපයල තියෙනවා.ලොකුම Crime Fighting Family එක වෙන Batfamily එකෙ නායකයා වෙන්නෙත් බැට්මෑන්.ඉතින් බැට්මෑන් විතරක් නෙමෙ Batfamily එකෙ අයත් DC Universe එකේ Team සෙට් එකකට නායකත්වය සපයනවා.Titans, Teen Titans, Outsiders 2.0, Birds of Prey, Outlaws, Young Justice කියන්නෙ ඒවලින් කිහිපයක්.

Never Give Up Attitude = බැට්මෑන් කියන්නෙ කොච්චර කෑවත් ආයෙ නැගිටල Return එක දෙන ජාතියෙ ඩයල් එකක්.Knightfall එකේ බේන් බැට්මෑන් ගෙ කොන්ද කැඩුවම ආයෙ කොන්ද හදාගෙන බේන්ට Return එක දෙන්න බැටාට පුලුවන් වෙනවා.

හැමතිස්සෙම වැරදි දේට විරුද්ධ වෙන එකත් බැටාගෙ පට්ට Quality එකක්.Injustice එකේ JL එකම වගේ සුපර්මෑන් ගෙ පැත්ත ගනිද්දි ඒ කරන දේ වැරදි කියලා කට ඇරල කිව්වෙ බැට්මෑන් විතරයි.ඒ වගෙම බැටා Godlike Powers තියෙන Heroes ලට විරුද්ධව අවුරුදු 5 ක් එකදිගට යුද්ද කරනවා.ඒ එයා හැමතිස්සෙම හරි පැත්ත ගන්න නිසා.


If You are in Batman's Side You Don't Have to Worry About If You Are Right or Wrong Because Batman Always Serves Justice.


Code = බැට්මෑන් කියන්නෙ එක Code එකකට අනුව ජීවත් වෙන කෙනෙක්.මෙයා මේ Code එක කඩන්නැතුව ඉන්න ගොඩක් උත්සහ කරනවා.විශේෂයෙන්ම ජෝකර් සම්බන්ද අවස්තාවලදි.මොකද බෲස් කියල තියෙනවා එයා මේ Code එක කැඩුවොත් ආයෙ ගොඩ ඒමක් නෑ කියලා.

කාවවත් ලේසියෙන් විශ්වාස නොකරන ඒත් හැමෝගෙම විශ්වාසෙ දිනන් ඉන්න කෙනෙක් තමා මේ බැට්මෑන් කියන්නෙ.

Always Prepared = බැට්මෑන් කියන්නෙ හැමතිස්සෙම හැම Scenario එකකටම සූදානම් වෙලා ඉන්න ඩයල් එකක්.බැට්මෑන් පෘථිවියෙ ඉන්න හැම Hero / Villain කෙනෙක් ගැනම Tabs තියන් ඉතින් ඉතින් අවශ්‍ය මොහොතකදී එයාලව Eliminate කරන්න වුනත් බැට්මෑන් ට පුලුවන් ( JLA : Tower of Babel / DCeased කියවල බලන්න )

බෲස් කියන්නෙ Philanthropist කෙනෙක් මෙයා ගෝතම් Economically දියුණු කරන්න ගොඩක් දේවල් කරල තියෙනවා.

දැඩි අධිෂ්ඨානය = කොච්චර බාධක බැට්මෑන් ව නවත්තනවා කියන එකනම් බොරු.මේ Will Power එක කොච්චර බලවත්ද කියනවනම් එකපාරක් Yellow Lantern Ring එකක් ඇවිල්ල බැට්මෑන් ව තෝරගන්නවා.බැට්මෑන් මේ Ring එක එයාගෙ Willpower එකෙන් Overload කරල ගලවල දානවා.මේක හැල්ට වුනත් කරන්න අමාරු දෙයක්.

Batman ගැන කියද්දි මතක් වෙන දෙයක් තමා එයාගෙ Villain ල එහෙමත් නැත්තන් Rogue Gallery එක.

Hero කෙනෙක්ට Villain කෙනෙක් ඉදීම අනිවාර්යයි.ඒක Hero ගෙ Character Arc එකට ගොඩක් බලපානවා.Batman ගේ විලන්ලා ගැන කිව්වොත් දැනට හිටපු IconicRecognizable ම Villain ල සෙට් එක ඉන්නෙ බැටාට.ඒක ආයෙ අහන්න දෙයක් නැ.Joker, Penguin, Poison Ivy, Riddler, Two Face...etc වගේ විලන්ලා බර ගාණක් ඉන්නවා.දන්න විදිහට වැඩිම විලන්ලා ගාණක් ඉන්නෙත් බැටාට.ඒ වගේම Batman v Joker Rival එක Fictional ඉතිහාසයේ හොදම Hero v Villain Rival වලින් එකක්.මේ Villain ල ගත්තම මෙයාල හැමෝටම එයාලගෙ කියල වෙනම කතාවක් තියෙනවා.ලොකු Build Up එකක් තියෙනවා.කොටින්ම වෙනම Fanbase පවා තියෙනවා.ඒ වගේම මෙයාලා Batman ගෙ Character Arc එකට ලොකු බලපෑමක් කරපු අය.Bane කොන්ද කඩපු තැන එහෙම බැට්මෑන් ගෙ ජිවීතේ Turning Point එකක් විදිහට තමා සලකන්නෙ.ඒ වගේම Harvey Dent Two Face විදිහට වෙනස් වෙන එක.Joker Jason ව මරන එක එහෙම Batman ගෙ Character එකට වෙනම Depth එකක් එකතු කලා.මේ Villain ල ඔක්කොම එකවගේ අය නෙමෙ.මෙයාලව හදල තියෙන්නෙ Batman ව එක එක පැති වලින් Test කරන්න වගෙ

  • Joker - Insanity 
  • Bane - Strength 
  • Poison Ivy - Lust
  • Ra's Al Ghul - Skills / Techniques 
  • Riddler - Knowledge 
  • Scarecrow - Fear
  • Professor Strange - Obsession 
  • Two Face - Dual Personality 

ඔය වගේ Batman ගෙ හැම විලන් කෙනෙක්ම Batman ට Test එකක්.මේ Challenges වලින් Batman ගෙ Moral Code එක, එයාග් Fear Tactics,  Bruce සහ Batman අතර තියෙන වෙනස, එයාගෙ Obsession එක නිසා වෙන දේවල් Represent කරන්න පුලුවන් වෙනවා.මේවලට Face කරල Batman ට එයාගෙ Better Version එක බවට පත් වෙන්න පුලුවන් වෙනවා.බැට්මෑන් ගෙ Rogue Gallery එක ගැන කතා කරද්දි ඒකෙ Variety එක ගැනත් කතා කරන්න ඕනෙ.ඒ කියන්නෙ මේ හැමෝම එකම වගෙ විලන්ලා නෙමෙ.ගොඩක් අය ආකම් වල ඉන්න Psychopath ල තමා ඒත් Deathstroke, Deadshot වගෙ Mercenaries ලා Court Of Owls වගේ ජාත්‍යන්තර රහස් සංවිධාන, Ra's Al Ghul වගේ Terrorist ලා, Killer Croc වගෙ Meta Humans ලා මේ Rogues Gallery එකේ ඉන්නවා.ඒක නිසා Batman ට එයාගෙ Villain ලට Face කරද්දි පාවිච්චි කරන Tactics / Weapons එහෙම මාරු කරන්න වෙනවා.මේ නිසා Batmanට පෘථිවියෙ තියන හැම වර්ගයේ Threat එකකටම මුහුණු දෙන්න හැකියාව ලැබෙනවා.

Batman ගොඩක් ප්‍රසිද්ධ වෙන්න තව හේතුවක් තමා එයා Operate කරන නගරේ ඒ කියන්නෙ Gotham City එක.

Comic වල ප්‍රසිද්ධම Fictional City කිව්වොත් නිවැරදි.මේ නගරෙත් එක්ක බෲස්ට ලොකු බැදීමක් තියෙනවා.කොටින්ම කිව්වොත් බෲස් Gotham City එකත් එක්ක Obsess වෙලා ඉන්නෙ.සමහරු මේ Obsession එක බැට්මෑන් ගෙ Weakness එකක් විදිහට දකින්නෙ.ඒත් මේ Obsession එක නිසා ගෝතම් Apocalyptic Event වලින් පවා බේරිලා තියෙනවා.Batman Beyond ගෙ කාලෙ Brother Eye මුලු පෘථිවියම අල්ලගන්නවා.ඒත් ගෝතම් යටත් කරගන්න බැරි වෙනවා.මොකද බෲස් Brother Eye ට හොයාගන්න බැරි විදිහට Gotham Shield කරල තිබ්බෙ.ඉතින් මේ නිසා Gotham ( මේ ගෝතම් හදුන්වන්නෙ Neo Gotham කියලා ) පෘථිවියෙ ආරක්ෂිතම ස්ථානය වෙනවා.

Neo Gotham


ගෝතම් කිව්වම අනිව මතක් වෙන කට්ටියක් තමා Wayne Family එක.Wayne ල කියන්නෙ ගෝතම් වල Soul එක වගේ.මෙයාලා Gotham දියුණු කරන්න දශක ගාණක ඉදන් උත්සාහ කරල තියෙනවා.ඒත් ගෝතම් කියන්නෙ සාමාන්‍ය නගරයක් නෙමෙ Drugs, Guns, Prostitution වගේ දේවල් වලින් හොදටම Corrupt වෙච්ච නගරයක්.ඉතින් සල්ලිවලින් විතරක් Gotham Corruption එකෙන් බේරගන්න බෑ.ඉතින් බෲසුත් මේ Wayne ලගෙ Legacy එක Continue කරනවා.දවල්ට Bruce Wayne විදිහටත් රෑට Batman විදිහටත්.බැට්මෑන් කොච්චර උත්සාහ කලත් Gotham වලින් Corruption කියන දේ අයින් කරන්න බෑ.මොකද එක අපරාධකාරයෙක් අයින් වෙන්න තව අපරාධකාරයො දෙන්නෙක් ඒ තැන ගන්නවා.Drug Dealers ලා Arms Dealers ල එහෙම ගෝතම් වල වැහි වැහල ඉන්නෙ මේකයි.ඉතින් මේක Batman ට තනියම නවත්තන්න බෑ.මේ නිසාමයි මෙයා ගෝතම් වල Police Department එක ඒ කියන්නෙ GCPD එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්නෙ.GCPD එකත් දන්නවා Batman එක්ක එයාලට Fighting Chance එකක් තියෙනවා කියලා.හැබැයි සමහර Officers ලනම් බැටාට කැමති නෑ මොකද GCPD එකෙ ගොඩක් Corrupt Police Officers ලා ඉන්නවා.Jim Gordon වගෙ අවංක පොලිස්කාරයො ගොඩක් අඩුයි.ගෝතම් නගරයේ Buildings එහෙම සමහර කොමික් වල ටිකක් පරණ විදිහට පෙන්නන්නෙ.ඒ වගේම ගෝතම් වල ගොඩක් Rainy කාලගුණයක් තියෙන්නෙ.ගොඩක් වෙලාවට අන්ධකාරයෙ තමා තියෙන්නෙ.Dark, Gritty, Moody.මේක නිකන් City එක Batman ව Represent කරනවා වගේ.ඒ වගේම මේ City එක බැට්මෑන් වගෙ Dark Character එකකට සුපිරියටම සෙට් වෙනවා.

ඉතින් මේ නගරේ බෲස්ට තනියම වැඩ කරන එක අමාරුයි.GCPD එක තිබ්බට කලින් කිව්ව වගෙ ඒකෙ Corrupt Officers ල වැඩී Honest Officers ල අඩුයි.ඉතින් Batman ගෙ මේ War Against Crime එකට එයා එයාගෙ Trustworthy Butler Alfred Pennyworth ගෙනුත් උදව් ගන්නවා.මෙයා තමා බෲස් Mission එකක ඉන්න කොට Comms හරහා එයාට උදව් කරන්නෙ ( Comms වල ඉද්දි මෙයාට කියන්නෙ Penny-One කියලා ) ඇල්ෆ්‍රඩ් ට අමතරව තව සෙට් එකක්ම ඉන්නවා බැට්මෑන් ගෙ මේ වැඩේට උදව් කරන.මෙයාලව හදුන්වන්නෙ Batfamily කියලා.

මෙයාලගෙන් ප්‍රධාන වෙන Robin ලා 4 දෙනෙක් ඉන්නවා Dick, Jason, Tim & Damian කියලා.මේ 4 දෙනා බැට්මෑන් ගෙ එක එක පැති නිරූපණය කරනවා,

Dick Grayson ( Nightwing ) = බැට්මෑන් ගෙ Leadership එක නිර්භීතකම වගෙ Qualities නිරූපණය කරනවා.

Jason Todd ( Red Hood ) = දඩබ්බරකම මුරණ්ඩුබව වගෙ දේවල් Represent කරනවා.ගොඩක් අය දන්නව ඇති ජේසන් ටොඩ් කවුරුත් කියන ඒව නාහෙට අහන්නෙ නැතුව තමන් ට ඕන දේ කරන කෙනෙක් කියලා.බැටත් ටිකක් ඒ වගේ.

Tim Drake ( Red Robin ) = Detective Skill එක ආත්ම ශක්තිය වගෙ ගුණාංග නිරූපණය කරනවා.

Damian Wayne ( Robin ) = Skilled H2H Combatant කෙනෙක් වීම කපටි බව වගේ ලක්ශණ Represent කරනවා.

( මෙයාල ගැන වැඩි විස්තර දැනගන්නෙ අපෙ Robin ල 4 දෙනා ගැන දාපු Article එක කියවන්න මෙතන ක්ලික් කරන්න )


ඉතින් මේ 4 දෙනාට බෲස් එයාගෙම ලමයින්ට වගේ තමා සලකන්නෙ.හැමෝටම එකම විදිහට.බෲස් මේ 4 දෙනාටම එකම විදිහට උගන්නල තියෙනවා.ඒ වගේම බෲස් ඇල්ෆ්‍රඩ් ගෙන් පස්සෙ වැඩියෙන්ම විශ්වාස කරන්නෙ මේ 4 දෙනාව.

මෙයාලට අමතරව Batgirl, Batwoman, Batwing, Orphan, Spoiler, Azrael, Blue Bird වගෙ Heroes ල සෙට් එකක්ම මේ Batfamily එකේ ඉන්නවා.

ඒ වගේම Clayface, Catwoman, Harley Quinn වගේ විලන්ලත් මේ Family එකට අයිතියි.

Batman කොච්චර ප්‍රසිද්ධද කිව්වොත් එයාගෙ මාර්ගයෙන් මේ Batfamily එකත් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා.Robin, Batgirl වගෙ මුලින්ම Side Characters වගෙ හිටපු අයට දැන් Solo Comic Run විතරක් නෙමෙ Film, Animation ඉදන් තියෙනවා.Nightwing / Red Hood ලට එහෙම එයාලටම කියල වෙනම Fan Base හැදිල තියෙන්නෙ.කොටින්ම Batman ගෙ Butler Alfred ටත් පට්ට TV Series එකක් තියෙනවා Pennyworth කියලා.ඒ වගේම මේ Batfamily එකේ Members ල අතර තියෙන Chemistry එක සුපිරි.ඒ වගේ Rare Chemistry එකක් වෙන ටීම් වලින්නම් Feel වෙලාම නෑ.

Batman ගොඩක් Famous වෙන්න තවත් හේතුවක් තමා එයා පාවිච්චි කරන Gadgets, Vehicle එක සහ Secret Lair එක.Gadgets පැත්තෙන් ගත්තම එයාගෙ Utility Belt එක විශේෂ වෙනවා.මේකෙ,

  • Batarang
  • Bat-Darts
  • Bat-Bolas
  • Bat-Stungun
  • Flamethrower 
  • Gas Capsules
  • Flash Bang Grenades
  • Tear Gas Pellets
  • EMP Grenades 
  • Acetylene Torch
  • Bat-Heater
  • Bat-Light
  • Line Launcher
  • Bat-Rope
  • Lock Pick
  • Rebreather 
වගෙ ගොඩක් Gadgets තියෙනවා.මේ ගොඩක් ඒව Custom Made වගෙ ඒවා.Belt එකට Fit වෙන්න පොඩියට හදපුව.මේ ඔක්කොටම බැටාට Utility Belt එකෙ උදව්වෙන් Access වෙන්න පුලුවන්.

ඒ වගේම මේ Belt එක කවුරුහරි ගලවන්න හැදුවොත් ඒ ගලවන කෙනාට Electric Shock එකක් බෙල්ට් එකෙන් නිකුත් කරනවා.හැබැයි බැට්මෑන් ලොකුවට මේවලින් Depend වෙන්නෑ.බෲස් Lockpick එකක් ගිලල තියෙනව.Belt එක නැති වුනොත් ප්‍රයෝජනයට ගන්න.Belt එකට අමතරව එයාගෙ ඇදුමෙත් එක එක ගැජට් තියෙනවා.එයාට ඕන වෙලාවට එයාගෙ Cowl එකේ Bat Ears Projectile විදිහට පාවිච්චි කරන්න පුලුවන්.ඒ වගේම එයාගෙ කහපාට ලොගො එක Torch එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.ඒ වගේම බැටාගෙ Cowl එක කවුරුහරි ගලවන්න හැදුවොත් Knockout Gas එකක් Cowl එකෙන් නිකුත් වෙනවා ඒ ගලවන කෙනාව සිහි නැති වෙන්න.තව මේ Cowl එක Puma කෙනෙක්ගෙ Jaws වලටවත් කඩන්න බෑ කියල කියන්නෙ.Acid වලටත් බලපෑමක් වෙන්නැ.බැටාගෙ Cape එක ගත්තොත් ඒක එයාට ඕන විදිහට හසුරවන්නත් පුලුවන්.එකපාරක් මෙයා මේක ඇග වටේ Cacoon එකක් විදිහට දාගෙන ආරක්ෂා වෙලා තියෙනවා.තව මේක Flame Proof.ඒ වගේම මෙ Cape එක Parachute / Glider එකක් විදිහටත් බැට්මෑන් පාවිච්චි කරල තියෙනවා.ඒ වගේම Batman ගෙ Cowl එකේ Camera එකක් තියෙනව.මේක නිසා එයා දකින දේවල් පස්සෙ Analyze කරන්න එහෙම පුලුවන් වෙනවා.එයාට මුලින්ම හම්බුනේ නැති හෝඩුවා හොයා ගන්න එහෙම මේක වැදගත් වෙනවා.ඒ වගේම Cowl එකේ තියෙන Eyepiece එක නිසා එයාගෙ ඇස් Flash Grenades වලින් ආරක්ෂා වෙනව විතරක් නෙමෙ එයාට Night & Heat Visions සපයනවා.ඒ වගෙම මේව නිසා Batman ට ලොකු Crowd එකක වුනත් එයාගෙ Target එක හොයාගන්න පුලුවන් Crowd එකම Analyze කරලා.මේක නිසා Batman ට Directly Bat-Computer එකත් එක්කත් සම්බන්ද වෙන්න පුලුවන්.මේකට අමතරව Cowl එකෙ තියෙන Detective Mode එකෙන් Batman ට Crime Scene එකක් Analyze කරන්න අවශ්‍ය Ultraviolet Scanners සහ Forensic Scanners ලබා දෙනවා.තව Batman ගේ Boot එකක හන්ගපු Blowgun එකකුත් තියෙනවා.මේකෙ Dart තුනක් තියෙනවා.මේවල Anaconda Venom තියෙන්නෙ.මාරාන්තික නැති වුනත් සිහි නැති කරන්න පුලුවන්.Utility Belt එක නැති වුනොත් මේක පාවිච්චි කරන්න පුලුවන්.Batman ගෙ Cowl එක Lead Lined නිසා X Ray Vision වලින් Mask එක යට ඉන්නෙ කවුද කියල හොයා ගන්න බෑ.

Technology ගැන කියද්දි අනිව කියන්න ඕන පැත්තක් තමා Armors පැත්ත.

Batman කියන්නෙ හැමතිස්සෙම ආමර් මත්තෙම යැපෙන කෙනෙක් නෙමෙ.ඒත් සමහර අවස්තාවලදි බැට්මෑන් ආමර් පාවිච්චි කරල තියෙනවා.

  • Predator Suit - Predator ට විරුද්ධව පාවිච්චි කරන්න හදපු එකක්
  • Thrasher Suit - Low Temperature අවස්තාවලදි Survive වෙන්න හදපු ආමර් එකක්
  • Projectile Batman Armor aka Rookie - ගෝර්ඩන් බැට්මෑන් වුනාම මේ ආමර් එකෙ උදව්වෙන් තමා එයා අපරාද වලක්වන්නෙ
  • Batwing Armor - සාමාන්‍ය ආමර් එකක් තියෙන Features වගේම Limited Medical Treatment එහෙමත් සපයන්න පුලුවන්
  • Stealth Suit - Stealth Mission වලදි පාවිච්චි කරනව Superman ටවත් Detect වෙන්නැ
  • Insider Armor - JL එකෙ Powers Mimic කරල හදපු ගොඩක් පවර්ෆුල් ආමර් එකක්
  • Justice Buster - JL එකෙ Powers Counter කරන්න පුලුවන් වෙන්න හදපු එකක්.
  • Hellbat Armor - JL එකෙ අය එයාලගෙ පවර්ස් දාලා හදන එකක්
  • Final Suit - බැට්මෑන් ගෙ බලගතුම ආමර් එක.Possible Future එකක Batman කෙනෙක් හදන්නෙ.මේක පාලනය කරන්න පුලුවන් Batman ගෙ වගේ Mindset එකක් තියෙන කෙනෙක්ට විතරයි.මේකෙන් ඕනම කෙනෙක්ගෙ Cells Rewrite කරන්න පුලුවන් වගේම Multiverse Level එකෙන් බලපෑමක් කරන්නත් පුලුවන්.මේකෙ Power Source එක වෙන්නෙ Son Box එකක්.මේක නිසා මේකෙ Powers Nearly Unlimited.

Vehicle එක ගැන කියද්දි Batmobile, Bat-Cycle, Bat-Bat, Bat-Wing වගේ හැම ටයිප් එකේම Vehicles තියෙනවා.කොටින්ම Bat-Train එකක් පවා තියෙනවා.

මේවලින් ගොඩක් ප්‍රසිද්ධ ඉතින් Batmobile එක තමා.Batmobile එකෙ එක එක Type තියෙනවා Tank Type , Muscle Car Type වගේ. අවුරුදු ගාණක ඉදන් Batmobile එක Revolutionized වෙලා තියෙනවා.

Nolan ගෙ Batman Triology යෙ Keaton ගෙ Batman ගෙ Afleck ගෙ Batman ගෙ එහෙම දකින්න ඇතිනෙ එකිනෙකට වෙනස් Batmobile තියෙන්නෙ.බෲස් එයාගෙ Batman Carrier එක පටන් ගන්න දවස් වල තිබ්බෙ සාමාන්‍ය Muscle Car එකක් එයාම Modified කරපු.පස්සෙ කල් යන්න යන්න ඒක Update වුනා හොදම උදාහරණෙ තමා Matt Reeves ගෙ Batman ෆිල්ම් එකෙ Batmobile එකයි Batman v Superman එකේ Batman ගෙ Batmobile එකයි අරන් Compare කරල බලන්න.වෙනස පෙනෙයි.

Batman ගෙ Secret Lair එක වෙන Batcave එක ගැනත් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනෙ.

මේකෙ ප්‍රධාන Cave එක තියෙන්නෙ Wayne Manor එක යට වුනාට Gotham වල තැනින් තැන, ලෝකෙ එක එක රටවල් වල වගේම හදෙත් පොරට Caves තියෙනවා.Cave කිව්වට Micro Caves වගේ.Wayne Manor එක යට තියෙන Cave එක තමා ප්‍රධාන එක.මේකෙ,

  • Fido කියන T-Rex කියන Robo.මෙයා Amusement Park එකකට හදපු Robo කෙනෙක්.මෙයා Cave එකේ Security System එකේ කොටසක්.
  • යෝධ U.S Penny එක.මේකෙන් Penny Plunderer කියන විලන් Batman ව මරන්න හදල තියෙනව.
  • යෝධ Joker Playing Card එක
  • Original Red Hood ගෙ Helmet එක
  • Joe Chill ගෙ Gun එක.මේක පස්සෙ Batman එයාගෙ ආමර් එකෙ Chest Piece එක ශක්තිමත් කරගන්න පටන් ගන්නවා.What Destroyed My Soul Shall Protect My Heart.
  • Thomas Wayne Halloween එකට ඇදන් ගිය Batsuit එක
  • Deathstroke ගෙ Sword එකක්
  • Killer Croc ගෙ දතක්
  • Robotic Penguin කෙනෙක්
  • ලොකු Dice එකක්
  • Human Sized Chess Board එකක්
  • Key to Gotham City. Batman උපහාරයක් වශයෙන් Gotham Mayor තමා මේක දීලා තියෙන්නෙ
  • Flashpoint Thomas Wayne ගෙ ලියුම
  • Kryptonite Ring එකක්
  • Jason Todd ගෙ Robin ඇදුම
  • Original Freeze Ray එක
  • Penguin ගෙ කුඩයක්
  • Two Face ගෙ කාසිය
  • Riddler, Mad Hatter ලගෙ Hats
 වගෙ Trophies බර ගාණක් මේ Cave එකෙ තියෙනවා.Batman ගෙ Batcomputer එකත් තියෙන්නෙ මේ Cave එකේ.ඒ වගේම Batman ගෙ Vehicles එහෙමත් Park කරල තියෙන්නෙ මේකෙ.තව මේකට JL එකෙ Members ල සෙට් එකකටයි Batfamily එකටයි විතරයි Access තියෙන්නෙ.

Batman සැබෑ ලෝකෙට ලොකු Impact එකක් කරල තියෙනවා.බැට්මෑන්ගෙ නමෙන් පොත් පවා ලියවෙලා තියෙනව කියල දන්නව ඇති

- Batman and Psychology : A Dark And Stormy Knight

- Superhero Psychology 

- Batman and Philosophy : The Dark Knight of The Soul

- Hunting The Dark Knight : Twenty First Century Batman 

වගෙ පොත් සෙට් එකක්ම Batman ව Base කරන් ලියල තියෙනවා.ඒ වගේම University Of Victoria එකේ Science of Batman නමින් එයාව Study කරන Course එකක් පවා තියෙනවා.

Comic වලින් Writers ලා ගොඩක් වෙලාවට එක එක Message පාඨකයට දෙනව කියල දන්නව ඇතිනෙ.Batman ගෙනුත් මේ වගෙ පණිවිඩ දිලා තියෙනවා.ඒ වගේම සමහර Characters අපේ සමාජෙ දේවල් Represent වෙන විදිහට හදල තියෙන්නෙ.Batman සමහර කොමික් වල Racism එකට විරුද්ධව කටයුතු කරල තියෙනවා.Batman Venom කොමික් එකේදි Drug එකකට Addict වෙලා ඒ Addiction එක Overcome කරපු හැටි පෙන්නනවා.සමහර කොමික් වල Batman GCPD එකේ Corruption එකට විරුද්ධ වෙනව පෙන්නනවා.Batman Year One එකේදි ගෝතම් වල සල්ලිකාරයො සෙට් එකකට තර්ජනය කරල තියෙනව ගෝතම් විනාශ කරනවා කියලා.Batman Reptilian එකේදි ගෑණු දෙන්නෙක්ව Rape කරල එයාලට හොදටම ගහපු ප්‍රසිද්ධ Boxer Celebrity කෙනෙක් ඇප දීලා නිදහස් වෙලා ආවම Media එක මෙයාව වට කරගෙන ප්‍රශ්න කරනවා.ඔතනට ආපු බැට්මෑන් Media එක ඉස්සරහම එයාට ගහලා එයාට ඇවිදගන්න බැරි වෙන්න කකුලක් කඩනවා.System එක Fail වුනාට Batman Fail වෙන්නැ කියල පෙන්නල තියෙනවා.මොන තරාතිරමක කෙනෙක් වුනත් යුක්තිය ඉටු වෙන්නෙ නැත්තන් බැටා යුක්තිය ඉෂ්ට කරනවා.කලින් කිව්වනෙ Batman Related Characters එක එක දේවල් Represent කරනව කියල.

- GCPD එකේ Corruption එකෙන් ඇත්ත ලෝකෙ රටවල්ව Police System එකෙ Corruption එක පෙන්නල තියෙනවා.

- System එක Fail වෙද්දි ඒ හරහා Villain ල නිර්මාණය වෙනව කියල පෙන්නල තියෙනවා

- Batwoman, Harley Quinn, Red Robin, Poison Ivy වගෙ අය LGBTQ Community එක Represent කරනවා.

- Court Of Owls එක හරහා සල්ලිකාරයො අපරාධ පාලනය කරන එක පෙන්නනවා.

- Oracle විසින් Disabled අයව Represent කරනවා.ඇවිදින්න බැරි වුනත් හැම DC Hero කෙනෙක්ම වගේ යැපෙන Character එකක් තමා Oracle කියන්නෙ.

ඔය වගේ දේවල් ගොඩක් Batman Related Characters Represent කරනවා.

Batman ගෙ Comic ගොඩක් ප්‍රසිද්ධ වෙන්න තව එක හේතුවක් තමා එකම Genre එක නැතුව එක එක Genre පාවිච්චි කරන එක.Batman ට Detective Stories, Supernatural Stories, Horror Stories, Fantasy Stories, Historical Stories වගේ විවිධ Stories තියෙනවා.ඒ වගේම මේ Stories Batman Mythos එක්ක ගොඩක් Match වෙනවා.ඒ වගේම Batman Comic ලියන / ලියපු Writers ල නිසා Batman ගෙ Character එක තවත් Deep වෙලා තියෙනවා.මේ Writers ලා අතර Scott Snyder, Frank Miller, Jeph Loeb, Grant Morrison, Steve Engleheart, Dennis O'Neil විශේෂ තැනක් ගන්නවා.මෙයාල ඔප මට්ටම් කරපු Diamond එකක් තමා Batman කියන්නෙ.

Batman Related දේවල් ගැන කතා කරද්දි එයාගෙ ආදරෙ ගැන කතා නොකර බෑනෙ.Bruce Wayne කියන්නෙ Playboy කෙනෙක්.මෙහෙම තමා මෙයා ලෝකෙට පෙන්නන් ඉන්නෙ.මෙයා ගොඩක් කෙල්ලො ආශ්‍රය කරන්නෙ ආදරය කරන්න නෙමෙ Playboy State එක පවත්වාගෙන යන්න.මෙයා සෙට් වෙලා හිටපු කෙල්ලො බර ගාණක් ඉන්නවා.Vicki Vale, Linda Page, Tali Al Ghul, Silver St. Cloud, Julia Pennyworth, Natalia Knight Jezebel Jet වගෙ ගොඩක් Love Interests බැටාට තිබ්බ.මේවලින් ප්‍රධානම Love Interest එක වෙන්නෙ Selena Kyle aka Catwoman

Catwoman කියන්නෙ හොරෙක් වුනාට බැට්මෑන් ට ගොඩක් උදව් කරල තියෙනවා.Long Halloween , Dark Knight Rises එකෙ එහෙම දකින්න ඇතිනෙ.ඉතින් මේ දෙන්න මුලින්ම Flirt කර කර ඉදල පස්සෙ Relationship එකකට මාරු වෙනවා.සෙලීන මුලින්ම දැනන් හිටියෙ නැ Bruce / Batman එක්කෙනෙක් කියල.එයා දෙන්නටම ආදරෙ කලා.ඒත් පස්සෙ එයා Batman ව තෝරගත්තා බෲස්ව නැතුව.මෙතන තමා Batman එයා Bruce Wayne කියල Reveal කරන්නෙ.ඉතින් මේකත් එක්ක මේ දෙන්නගෙ Relationship එක ගොඩක් ශක්තිමත් වෙනව.මොකද බැට්මෑන් ලේසියෙන් කෙනෙක්ට එයාගෙ Identity එක Reveal කරන ජාතියෙ එකෙක් නෙමෙ.ගොඩක් Alternative Batman Version එහෙම Catwoman ව කසාද බැදල තියෙන්නෙ. Earth-2 එකේ මෙයාලට දුවෙකුත් ඉන්නව Helena කියලා.

Batman ගෙ Influence එක නිසා සෙලීනා Hero කෙනෙක් වෙලා තියෙනව.මෙයා Batfamily එකේ විතරක් නෙමෙ Justice League / Justice League Of America Team වලත් Member කෙනෙක් වෙනවා.

Batman ගෙන් ජීවිතේට ගන්න ගොඩක් ආදර්ශ තියෙනව.ගොඩක් Quote තියෙනවා.සමහර වෙලාවට මේව කියෙව්වම මාර Motivation එකක් හම්බෙන්නෙ.

 

"Maybe That's What Batman is About.Not Winning But Failing And Getting Back Up.Knowing He'll Fail, Fail a Thousand Times But Still Won't Give Up"


"All Men Have Limits.They Learn What They Are And Learn Not To Exceed Them.I Ignore Mine"


"The World Only Makes Sense If You Force Into"


"I want you to remember, Clark. In all the years to come, in your most private moments, I want you to remember, my hand, at your throat, I want you to remember, the one man who beat you."


"I wear a mask. And that mask, it’s not to hide who I am, but to create what I am."


ඔය තියෙන්නෙ ඒවලින් ටිකක්.

Batman කියන්නෙ පට්ටම Tough & Badass Character එකක්.පොරව Surprise කරන එක ගොඩක් අමාරුයි.මොකද බැට්මෑන් හැම දෙයක් ගැනම දැනුවත්ව ඉන්නෙ.Batman හැමතිස්සෙම එයාගෙ Emotions Line එකෙ තියන් ඉන්න කෙනෙක්.Captain America Civil War එකෙ අන්තිමට මතක ඇතිනෙ Tony බකිගෙ වීඩියෝ එක දැකල එයාව මරන්න හදනවා.ඉතින් Batman ටත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා.ඒත් කවදාවත් Batman ඒ ලයින් එක පැන්නෙ නැ.එයාට අනන්තවත් හේතු තිබ්බා, පැය ගාණෙන් මුලු Rogues Gallery එකම Eliminate කරන්න හැකියාවක් තියෙනවා බැට්මෑන්ට.ඒත් එයා ඒ ලයින් එක පනින්නැ.මොකද බැට්මෑන් ඒ ලයින් එක පැන්නොත් ආයෙ ගොඩ ඒමක් නෑ.

Batman ගෙ Badass Moments ගැන කියද්දි Film Animation වලට වඩා Comic වල ගොඩක් Badass සීන් තියෙනවා.ඒව ගැන කිව්වොත්,

- JLA : New World Order එකේදි Hyperclan කියල සෙට් එකක් JL එකම Kidnap කරනව.මෙතන බැට්මෑන් බේරෙනවා.පස්සෙ පොර තනියම ගිහින් මුලු Hyperclan එකටම ගහල JL එක බේරගන්නවා.ඒ කොහොමද කිව්වොත් බැටා දැනගන්නවා Hyperclan කියන්නෙ වෙස් වලාගෙන ඉන්න White Martians ල වගයක් කියලා.ඉතින් බැටා Martian ලගෙ Weakness එක වෙන Fire ප්‍රයෝජනයට අරන් මෙයාල ඉන්න තැන ගිනි තියලා එකින් එකාව Eliminate කරල JL එක බේරගන්නවා.



- New 52 Batman : Endgame එකේදි බැට්මෑන් Jokerized Justice League එක පරද්දනවා Justice Buster Armor එකෙ උදව්වෙන්.



- Dark Knight Returns එකේ Batman v Superman Battle එක ගැන හැමෝම දන්නව ඇතිනෙ.Badass on Next Level ඒකනම්



- එකපාරක් KGBeast බැට්මෑන් ඉස්සරහම Nightwing ගෙ ඔලුවට වෙඩි තියල තියෙනවා KGBeast මේක කරන්නෙ Bane ගෙ Orders මත.GCPD එකෙ වහලෙ උඩ බැට්මෑන් ගෝර්ඩන් එක්ක කතා කර කර ඉද්දි තමා මේක වෙන්නෙ.මේකෙන් Nightwing මැරෙන්නෙ නැති වුනත් එයාට එයාගෙ මතකය නැති වෙනවා.මේක Batfamily එකට ගොඩක් බලපානවා.විශේෂයෙන් ඩේමියන් ට එහෙම.පොර බෲස්ට වඩා ඩික්ට ආදරෙයි මොකද ඩික් තමා බෲස්ට කලින් ඩේමියන් ව විශ්වාස කරල එයාව රොබින් කරගත්තෙ.කොහොම වුනත් බැටාටත් මේකට ගොඩක් මලපනිනවා ඒකයි දවස් ගාණක් KGBeast ව Track කරලා රුසියාවලට ගිහින් ඌව අල්ලගන්න හදන්නෙ.මෙතන පට්ට Battle එකක් යන්නෙ.ඒත් අන්තිමට බැටා දිනනවා එයාගෙ Graplin Gun එක පාවිච්චි කරලා KGBeast ගෙ බෙල්ල තුවාල කරලා.බැටා එයාව දාලා යන්න යද්දි පොර කියනවා එයාට උදව් කලොත් එයාට ඩික්ව මරන්න Contract එක දුන්නෙ කවුද කියල කියන්නම් කියල ඒත් බැටා කියනවා "I'm World's Greatest Detective. I'll Find Out Who Hired You And I'll Break Them Too" කියලා.




- බැට්මෑන් Ra's Al Ghul ගෙ තාත්ත එක්ක ( මෙයාට Sensei කියල කියන්නෙ ) සටන් කරල තියෙනවා.ඒත් මෙතන Sensei බැට්මෑන්ගෙ අතත් කඩල Cowl එකෙ Sensors ටිකත් කඩලා එයාගෙ Staff එක බැට්මෑන් ගෙ ඇග ඇතුලට යවනවා.මේ ඔක්කොම වෙන්නෙ විනාඩියක් ඇතුලත.ඒත් බැට්මෑන් ආයෙ නැගිටලා එයාගෙ ඇග අස්සෙ තිබ්බ Staff එක ඇදල අරන් Full Force එකෙන් Sensei ට ගහල එයාව පරද්දනවා.Talking About Never Giving Up.



- Final Crisis එකේදි Batman එයාගෙ No Gun Rule එක කඩලා ඩාක්සෙයිඩ් ට Radion Bullet එකකින් වෙඩි තියෙනවා.ඒ මල්ටිවර්ස් එකම බේරගන්න.



- ඩාක්සෙයිඩ් ඩේමියන් ගෙ Body එක හොරකම් කලාම බැට්මෑන් Hellbat Armor එකත් දාගෙන Apokolips වලටම ගිහින් Kaliback වත් පරද්දලා ඩාක්සෙයිඩ් ව Trick කරල එයාගෙ Omega Effect එක පාවිච්චි කරලා ඩේමියන් ට ආයෙ පණ දීලා තියෙනවා.



- ඩාක්සෙයිඩ් සුපර්ගර්ල් ව Kidnap කරල එයාව Brainwash කලාම බැට්මෑන් ඩාක්සෙයිඩ් ලගට ගිහින් තර්ජනය කරනවා ඒ Brainwash එක අයින් කලෙ නැත්තන් Hellspheres Overload කරල ඇපොකලිප්ස් විනාශ කරල දානවා කියලා.මෙතන ඩාක්සෙයිඩ් කියනව කිසිම කෙනෙක් ඊට කලින් එයාට ඒ විදිහට බය නැතුව තර්ජනය කරල නැ ඒකට එයා Respect කරනවා කියලා.




- මුලු යුනිවර්ස් එකම ආරක්ෂා කරන Green Lantern Corps එකෙ අයට Gotham වලට ඇතුල් වෙන්න බෑ කියල දන්නව ඇතිනෙ Batman ගෙ අවසරයක් නැතුව.ඒ වගේම කිසිම Hero කෙනෙක්ට ගෝතම් වලට Gun එකක් වගේ Weapon එකක් එක්ක ඇතුල් වෙන්නත් බෑ.




- බැට්මෑන් White, Black, Yellow, Green කියන Lantern Rings පැලදල තියෙනව වගේම Green Lantern Power Ring එකේ Communication System එක Hack කරලත් තියෙනවා.



- Darkseid War එකේදි Batman Mobius Chair එකේ ඉදගෙන God Of Knowledge බවට පත් වෙනවා.මේකෙ ඉදගන්න සාමාන්‍ය කෙනෙක්ට බෑ.මල්ටිවර්ස් එකේම දැනුම දරාගන්න පුලුවන් Mind එකක් තියෙන කෙනෙක් වෙන්නත් ඕනෙ.



- එකපාරක් මුලු JL එකම පරද්දපු Prometheus ව Batman පරද්දල තියෙනවා.ඒ එයාගෙ Helmet එකෙන් Martial Arts Program එක අයින් කරල ඒ වෙනුවට Professor Stephen Hawking ගෙ Program එකක් දාලා.



- Batman GL Corps සාමාජිකයෙක් වෙන Guy GardenerSingle Punch එකකින් KO කරල තියෙනවා.



- Forever Evil Arc එකේදි Batman Yellow Lantern Ring එකක් පාවිච්චි කරල තියෙනවා.මේක Feel වෙච්චි Sinestro මෙතනට ඇවිල්ල කියනවා බැට්මෑන් එයාගෙ අතීතය අමතක කලානම් හොදම Yellow Lantern කෙනෙක් වෙන්න තිබ්බ කියල.මොකද බැට්මෑන් කියන්නෙ Ring එකක් ඇතුව හෝ නැතුව මිනිස්සු ගෙ හිත් වල බය ඇති කරන කෙනෙක්.



- Batman එකපාරක් එයාගෙ Willpower එකෙන් Yellow Lantern Ring එකක් Overload කරල තියෙනවා.මේක Average GL කෙනෙක්ටවත් කරන්න බැරි දෙයක්.



- Batman Lady Shiva, Karate Kid, Ra's Al Ghul, Deathstroke වගෙ Best H2H Combatants ලව පරද්දල තියෙනවා.



- Superman කියන විදිහට Batman කියන්නෙ පෘථිවියෙ ඉන්න භයානකම පුද්ගලයා.



- World Forger ( මල්ටිවර්ස් එක හදපු Preputua ගෙ පුතා වගේම Monitor, Anti Monitor ලගෙ සහෝදරයා ) කියල තියෙනවා බැට්මෑන් කියන්නෙ මුලු මල්ටිවර්ස් එකෙන්ම Unique ම Mind එකක් තියෙන පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙක් කියලා.




- JLA : Tower Of Babel කොමික් එකෙදි කියනවා බැටා JL එක ඕන වුනොත් නවත්තන්න ප්ලෑන් ගහල තියෙනව කියලා.තව DCeased Comic එකෙදිත් කියනවා පෘථිවියෙ ප්‍රසිද්ධ Heroes / Villains ලව නවත්තන්න බැට්මෑන් ලග Plan තිබ්බ කියලා.

Justice League එක නවත්තන්න Batman ගහපු Plan ටික,

~ Superman - Superman ගෙ ලොකුම Weakness එක තමයි Kryptonite.ඒකනිසා Batman සාර්ථක ක්‍රමයක් හොයා ගන්නවා Kryptonite weaponize කරල Red Kryptonite හදන්න.මේක හදල තියෙන්නෙ Green Kryptonite Radiation කිරණ වලට නිරාවරණය කරල.මේක පාවිච්චි කරන්නෙ Superman ව මරන්නෙ නැතුව පරාද කරන්න. Red Kryptonite නිසා Superman ගෙ හම සාමාන්‍ය මිනිසෙකුගෙ හම වගෙ වෙනවා.ඒවගේම RK වලින් Superman ට ලොකු වේදනාවක් ලබා දෙනවා. ඒ වගේම RK වලින් Superman ගෙ Solar Absorb Powers Overlord කරනවා.ඒක නිසා Superman ට Super Sense පාවිච්චි කරන්න බැරි වෙනවා



~ Wonder Woman - Wonder Woman නරක කෙනෙක් වුනොත් Batman ගෙ plan එක වෙලා තිබ්බෙ Wonder Woman ගෙ කනට Nanite Inject කරන එකයි. මේක නිසා Wonder Woman වෙනම Virtual Reality එකක හිර වෙනවා. මේ Reality එකේ එයාගෙ opponent වෙන්නෙ එයාට පරාද කරන්න බැරි එයා වගේම Powers තියෙන එක්කෙනෙක්.Wonder Woman යටත් වෙන්න අකමැති නිසා එයින්ම මහන්සි වෙලා මිය යනවා



~ Green Lantern - GL ගෙ Power Ring එක ගොඩක් බලගතු ආයුධයක් . ඒත් GL ට ඔහුගෙ පෙනුම (Vision) ඕනෙ Instructions කරන්න.ඒකනිසා Batman ක්‍රමයක් හොයා ගන්නවා GL ව එයාගෙම Power Ring එක පාවිච්චි කරල Lantern ව අන්ධ කරන්න.මේක කරන්නෙ Lantern ගේ නින්දේදි එයා REM Phase එකෙ ඉන්න වෙලාවේ ඔහුව මෝහනය කර ඔහුගෙ යටි සිතට ඒත්තු ගන්වනවා ඔහු අන්ද පුද්ගලයෙක් කියලා.Lantern තමා අන්ධයි කියල විශ්වාස කලොත් ඔහුගෙ Will Power එක නිසා Power Ring එක මගින් ඔහුව අන්ධ කරනු ලබනවා.



~ Flash - Flash ගේ Super Speed එක නිසාත් Healing ability එක නිසාත් Flash ව පරාද කරන්න ගොඩක් අමාරුයි. ඒත් Batman විසින් හදල තියෙන "Vibra-Bullet" එකෙන් Flash ට වෙඩි තිබ්බොත් ඒකෙන් Flash ට ආලෝක වේගයෙන් Seizure එකක් ලබා දෙනවා.



~ Martian Manhunter - MM ගේ ලොකුම Weakness එක වෙන්නෙ ගින්දර.ඒත ගින්දර Combat Stiuation එකකදි පාවිච්චි කරන්න අමාරුයි.  ඒක නිසා Batman Magnesium වලට Nanite එකතු කරල Virus එකක් හදල තියෙනවා. මේ Virus එක නිසා MM ගේ හම Magnesium බවට පත්වෙනවා.ඒ හම වාතයට නිරාවරණය වුනයින් පස්සෙ Martian Manhunter ව ගිනි ගන්නවා.



~ Aquman Aquaman වතුර නැතුව හිටියොත් පැය කීපයක් ඇතුලට මරණයට පත් වෙනවා. Batman මේකට වෙනස් කරන ලද Scarecrow ගෙ Fear Toxin එකක් පාවිච්චි කරනවා.ඒක නිසා Aquaman වතුරට බය වෙනවා.



~ Plastic Man - Plas ව පරාද කරන්න එයාව Liquid Nitrogen වලින් අයිස් වලට පත් කරලා කෑලි වලට කඩා දානවා.



~ Batman - DC universe එකේ දක්ෂම Strategist හා Combatant කියල තමා Batman ව හදුවන්නෙ.ඒක නිසා Batman වෙනම File එකක් වෙන් කරල තියෙනවා Batman ව පරාද කරන්න පුලුවන් ආකරය ගැන සටහන් කරපු. Batman කියන්නෙ සාමාන්‍ය මිනිහෙක්. Batmanව පරාද කරන්න තියෙන හොදම ක්‍රමය තමා Batman ගෙ Human Side එක. ප්‍රාණඇපකරුවන් ලබා ගැනීමෙන් හරි තමාගෙ දෙමාපියන් පිලිබද තියෙන Blind Spot එක ප්‍රයෝජනයට ගැනීමෙන් හරි Batman ව පරාද කරන්න පුලුවන් (BvS එකෙ Superman "Save Martha" කිව්වම Batman Freeze වුනා මතක ඇති). ඒවගේම JLA:Tower of Babel කතාවේදී League of Assassins ලා Bruce ගෙ දෙමාපියන්ගෙ මළසිරුරු හොරකම් කරනවා Leverage එකක් විදිහට පාවිච්චි කරන්න.

ඔය සෙට් එකම Justice League : Doom Animated Movie එකෙත් තියෙනව කැමති අය ඒක බලන්න.

Comic වලින් එලියට ගිහින් Comic Based Content ගැන කතා කරද්දිත් බැට්මෑන් Top Spot එකට එනවා.

Comic Based Film පැත්තෙන් ගත්තම Adam West, George Clooney, Michael Keaton, Val Kilmer වගෙ අය Cowl එක දරල තියෙනවා.

මෙයාල අතරින් ගොඩක් ප්‍රසිද්ධම කෙනා Christan Bale .Christopher Nolan ගෙ Dark Knight Triollogy ය කියන්නෙ දැනට ඇවිල්ල තියෙන හොදම Comic Based Triollogy ය.ඒකෙ කතා දෙකක් නැ.ඒ වගේම Dark Knight කියන්නෙ හොදම CBM වලින් එකක්.Heath Ledger, Christian Bale ගෙ Acting, Nolanගෙ Visionary Directing, Hans Zimmer ගෙ Perfect Score එකත් එක්ක Dark Knight Movie එක Nearly Perfection.ඒ වගේම Zack Snyder ගෙ Batman කියන්නෙත් දැනට ආපු Comic Accurate ම බැට්මෑන්.All Star Batman එහෙමත් නැත්තන් Dark Knight Returns Batman ගෙන් තමා ඇෆ්ලෙක් ගෙ බැට්මෑන් Base වෙන්නෙ. Live Action ආපු Badass ම Batman.මෙයාගෙ ඉස්සරහට ෆිල්ම් එකක්වත් TV Series එකක්වත් දකින්න නොලැබෙන එකනම් ලොකු අපරාදයක්.ඊලගට එන්න තියෙන Batman වෙන Matt Reeves ගෙ Batman මේ ඔක්කොම Batman ලව පාස් කරයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා.පොර Practical, Badass වගේම පට්ටම Rutheless. Trailer එකෙ දකින්න ඇතිනෙ.සමහරවිට මේ Batman ෆිල්ම් එක දැනට ආපු හොදම Batman Film එක වෙන්නත් ඉඩ තියෙනවා.


TV Series පැත්තෙන් ගත්තම "Gotham" Batman Related TV Series එකක් විදිහට ගන්න පුලුවන්.ලොකු Accuracy එකක් නැති වුනත් Gotham වල Villain ලට ලොකු Build Up එකක් දෙන්න මේකට පුලුවන් වුනා.ඒ වගේම Bruce බැට්මෑන් වෙන Journey එකත් සුපිරියටම පෙන්නල තියෙනවා.තව Alfred ගෙ Series එක වෙන Pennyworth එකත් පට්ටම Series එකක්.ඇල්ෆ්‍රඩ් කියන්නෙ කොච්චර  Badass Character එකක්ද කියල ඒකෙන් පෙන්නනවා.

Pennyworth and Gotham

Batman ගෙ Film වලට වඩා Animated Movies පැත්තෙන් ලොකු Build Up එකක් තියෙනවා.

DCAU එකේ දැනට ආපු Perfect ම Badass ම Accurate ම Batman ඉන්නවා.තව Under The Red Hood, Killing Joke, Long Halloween වගෙ Animated Movies වල සුපිරිම Batman ල බලාගන්න පුලුවන් වුනා.ඒ වගේම මේ Movies Top Notch ඒවා.දැනට ආපු සුපිරිම Grapic Novel වලින් Base වෙන ඒවා.දැනට ආපු හොදම කොමික් වලින් එකක් විදිහට සලකන Dark Knight Returns එකේ Animated Adaptation එක තමා මටනම් හොදම Batman Animated Movie එක.Non Canon වුනාට දැනට ආපු හොදම Comic Based Animated Movie එකක් ( එකක් කිව්වට මේක් Part 2 කට තියෙන්නෙ ) මේවට අමතරව වෙනස්ම විදිහෙ Batman කෙනෙක්ව බලාගන්න පුලුවන් වුනා Batman Lego Movie එකෙන්.

Animated Series ගැන කියද්දි Batman the Animated Series එක Comic Based Animated Series වල ඉහලම තියෙනවා.ඒ වගෙම The Batman, Beware The Batman, Brave and The Bold වගෙ Batman Based Series ගොඩක් ජනප්‍රියයි.


Game ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙනැනෙ Arkham Series එක කියන්නෙ Gamers ල අතර ගොඩක් Famous Game Series එකක්.මේවට අමතරව Telltale වගෙ Mobile Games එහෙමත් තියෙනවා.


ඉතින් ඔය වගේ බැට්මෑන් හැම පැත්තෙනම ඉස්සරහින් ඉන්න Character එකක්.

Batman කියන්නෙ ගොඩක් ලොකු Depth එකක් තියෙන Character එකක් කියල දැන් පොඩ්ඩක් හරි තේරෙන්න ඕනෙ.ෆිල්ම් විතරක් බලල බැට්මෑන් වැඩක් නැ අරකයි මේකයි කියන්න එපා.ඒකෙන් තමන්ගෙ නොදැනුවත්කම ප්‍රදර්ශනය වෙන එක විතරයි වෙන්නෙ.Batman කියන්නෙ සරලවම කිව්වොත් Global Icon එකක්. Fans ල වුනත් Haters ල වුනත් ඒක බොරුයි කියන්න බෑ.මේ ආටිකල් එක හිතුවට වඩා ටිකක් දිග් වුනා.මේක Zack Snyder Batman Day එකට දාපු Wish එකකින්ම ඉවර කරන්නම් එහෙනම්.


"Batman Is All Of Us… He Is Our Rage At Injustice… He Stands Alone, As We All Wish We Could, In The Face Of A Corrupt System Which Wishes To Oppress And Exploit… He Is That Broken Child, Searching The Dark Alleys Of The Human Soul To Bring Balance To The World."


- Zack Snyder -

 

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️🦇️ #CapedCrusader

6 Comments

Post a Comment
Previous Post Next Post