මේ ලිපියෙන් මම කියන්න යන්නෙ වොල්ඩමෝට් ගේ පවුල් පසුබිම ගැන. ඒ කියන්නෙ එයාගෙ අම්ම කවුද? තාත්තා කවුද? මොන පරම්පරාවෙන්ද පැවත එන්නෙ. ඒ වගේම මේක කියෙව්වම මන් කලින් දාපු හෝක්රක්සස් ගැන ලිපිය තේරුම් ගන්නත් ගොඩක් ලේසි වෙයි කියලා හිතනවා. ඒක කියවලා නැත්තන් මෙතනින් ගිහිල්ලා ඒක කියවලාම එන්න.
![]() |
Salazar Slytherin |
1926 දෙසැම්බර් 31 වෙනි දින උපත ලැබූ ටොම් මාවලෝ රිඩ්ල්, ගෝන්ට් පරම්පරාවෙන් පැවත් එන කෙනෙක්. මේ ගෝන්ට් පරම්පරාව කියන්නෙත් එසේ මෙසේ පරම්පරාවක් නෙවෙයි. හොග්වාට්ස් හදන්න මුල් වුනු කෙනෙකු වන සලසාර් ස්ලිදරින් 💚ගෙන් තමා මේ ගෝන්ට් පරම්පරාවත් පැවත එන්නෙ. මේ නිසා එයාලට Parseltonge (පාසල්ටන්ග්/සර්ප භාෂාව) කතාකරන්න පුලුවන් කම තිබුනා.
![]() |
Meropy, Marvolo and Morfin (The Gaunts) |
මෙරොපි ගෝන්ට් ඒ කියන්නෙ වොල්ඩමෝට්ගෙ අම්ම පොඩිකාලෙ ඉදල ශාරිරිකවත් මානසිකවත් හිංසාවට ලක්වුනු කෙනෙක්. ඒ එයාගෙ තාත්තගෙන් (මාර්වලෝ ගෝන්ට්ගෙන්) සහ එයගේ අයියගෙන් (මෝෆින් ගෝන්ට්ගෙන්). ගොඩක් අය හිතුවා මෙරොපි කියන්නෙ ස්කුවිබ්* කෙනෙක් කියල. මොකද එයාගෙ මායා හැකියාවන් එලියට එන්න ගොඩක් කල් ගියා. ඉතින් මේ ගෝන්ට් පවුලට තිබුනා පාරාම්පරික උරුම දෙකක්. ඒ තමයි රිසරක්ශන් ස්ටෝන් (Ressuruction stone/පණදීමේ පාශානය). එක එබ්බවූ මුද්ද 💍 සහ සලසාර් ස්ලිතරින්ගෙ ලොකට් එක.
![]() |
Tom Riddle (Senior) |
ඉතින් මේ නිසා මෙරොපිට තමන්ගෙ අයියගෙ තාත්තගෙයි කරදර වලින් බේරෙන්න පුලුවන් උනා. ඒ මගින් එයාගෙ මායා බලය වැඩි දියුණු කරගන්න මෙරොපිට පුලුවන් උනා. ඊටපස්සෙ මෙරොපි එයාලට උරුම වුනු ස්ලිතරින් ලොකට් එකත් අරගෙන ගෙදරින් ගියා. ඊටපස්සෙ එයා ආස කරපු සාමන්‍ය පිරිමි ළමයට ලව් පෝශන්❤ එකක් දීල වශී කරගත්තා. ඉතින් ඒ දෙන්න විවාහ වෙලා මෙරොපි ගැබිණියක් උනා. ඒ තමයි පසු කාලෙක් වොල්ඩමෝට් ලෙස හැදින්වුනු අදුරු මායාකරු පිලිසිදගත් මොහොත. ඉතින් මෙයා පිලිසිදගත්තෙ ලව් පෝශන් එකකින් නිසා මෙයාට කවදාවත් ආදරය, මිත්‍රකම දැනුනේ නෑ. දැන් මෙරොපි හිතුවා ටොම් රිඩ්ල් ට ලව් පෝශන් එක දෙන එක නතර කරන්න. මොකද එයා හිතුව ටොම් එයාව ළමයා නිසා හරි දාලා යන එකක් නෑ කියලා. ඒත් නොහිතූ විදියට ටොම් ගැබ්ගෙන ඉන්න මෙරොපිව තනි කරලා යන්න යනවා. මේ නිසා හිත පෑරුන මෙරොපි ආයෙත් කවදාවත් මාය බයල පාවිච්චි කලේ නෑ.
![]() |
Borgin & Burkes |
ඉතින් ඊටපස්සෙ මෙරොපි අරගෙන ආපු ස්ලිතරින් ලොකට් එක බෝගින් & බර්ක්ස් කඩේ බෝගින් ට විකුණුවා. මෙරොපි ලෙඩ වෙලා වූල්'ස් කියන අනාත නිවාසෙට ගියා. එහෙදි එයාගෙ දරුවා ඉපදුනා. ඒත් මෙයාට උපත් දීල පැය කීපයකට පස්සෙ මෙරොපි මියගියා. මෙරොපි ගෙ අන්තිම කැමැත්ත උනේ එයාගෙ ළමයට තම සැමියගෙ නමයි (ටොම්), තාත්තගෙ නමයි (මාර්වොලෝ), උරුම වන වාසගමයි (රිඩ්ල්) එකතු කරලා නමක් දාන්න. ඒ නම තමයි ටොම් මාවලෝ රිඩ්ල්...........
![]() |
Mr.Filch |
ස්කුවිබ්* - ස්කුවිබ් කෙනෙක් කියන්නෙ මායා පවුල් වලින් පැවතගෙන එන ඒත් මායා හැකියාවන් නැති අය. හමයිනි සාමාන්‍ය පවුලකින් එන මායා හැකියාවන් තියෙන කෙනෙක්නේ (muggleborn/මගල්බෝන්) මේ කියන්නෙ ඒකෙම අනිත් පැත්ත ගැන. මතකනේ හොග්වාට්ස් වල ඉන්න මිස්ටර් ෆ්ලිච් අර පූසියෙක් එහෙම තියාගෙන මුර කරන්නෙ. අන්න මිනිහා නම් ස්කුවිබ් කෙනෙක්.
ඔන්න ඔහොමයි වොල්ඩමෝට්ගෙ උපත සිදුවන්නෙ. ඉතින් ඔයාල වොල්ඩමෝට්ගේ පවුල් පසුබිම ගැන දැනගන්න ඇති කියලා හිතනවා.