නෝලන් ස පරමාණු බෝම්බ හදන්නද යන්නේ ?


අද දවසම කට්ටිය දකින්න ඇතිනේ නෝලන් සහ පරමාණු බෝම්බ ගැන එක එක මීම්ස් එහෙම දාලා තියෙනවා. ඉතින් මොකක්ද මේ සීන් එක කියලා දැන් හරියටම දැනගමු.

ආරංචි වෙන විදියට ක්‍රිස්ටෝපර් නෝලන් මහත්මයා අලුත් ෆිල්ම් එකක වැඩ පටන් අරගෙන තියෙන්නේ. මේකට පාදක වෙන්නේ දෙවන ලෝක යුද්ධේ කාලේ ආශ්‍රිතව සිද්ධ වෙච්ච පරමාණු බෝම්බය නිෂ්පාදනයට අදාළ කතාව කියලයි දැනට ආරංචි වෙන්නේ.

එතකොට මේක පරමාණු බෝම්බයේ නිෂ්පාදනය සම්බන්ධව කෙරෙන ෆිල්ම් එකක් නම් මේකේ කතාව යන්න ඕන ඒක නිෂ්පාදනයට මුල් වෙච්ච පුද්ගලයා වටේ. අන්න එයා තමයි J. Robert Oppenheimer (1904-1967) කියන්නේ. රොබර්ට් කියන්නේ ඇමරිකාවේ හිටපු Theoretical Physicist කෙනෙක්. ඒ කියන්නේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. මෙයාලා කරන්නේ සිද්ධාන්තයක් හදලා ඒක ඇනලයිස් කරනවා තියරි වලින් විතරක්. (බිග් බෑන්ග් තියරි සීරීස් එකේ ශෙල්ඩන් වගේ)

Robert Oppenheimer

මේක නම් කරලා තිබ්බේ Manhatton Project කියලා.මේක වෙන්නේ 1942 අවුරුද්දේ. එංගලන්තය දෙවන ලෝක යුද්ධෙට එකතු වෙනවා කියලා දැනගත්තට පස්සේ තමා ඇමරිකාවෙන් මේ පරමාණු බෝම්බේ හදන වැඩේට අතගහන්නේ. මේකට අදහසක් ගන්න එයාලා සම්බන්ධ කරගන්නවා Robert Oppenheimer ව. ඉතින් මේ විදියට ගිහිල්ලා පරමාණුක බෝම්බයේ ව්‍යුහය, ක්‍රියාවලිය, ඩිසයින් එක කරලා 1945 දි New Mexico වලදි පළමු පරමාණුක බෝම්බය පුපුරවන්න මෙයාලට පුලුවන් වෙනවා. (Test Run එකක් විදියට) ඒ සාර්ථකත්වය නිසා මේ Oppenheimer ව සහ එයාගේ කණ්ඩායම හඳුන්වනවා Father of Atomic Bomb කියලා. ඒ අත්හදා බැලීමෙන් පස්සේ තමයි 1945 අවුරුද්දේ සිද්ධ වෙච්ච හිරෝෂිමා, නාගසාකි වලට පරමාණුක බෝම්බ ප්‍රහාරයන් එල්ල වෙන්නෙත්.

ඒ වගේමයි කතාවක් තියෙනවා මේ ෆිල්ම් එකේ කාස්ට් එකට Cillian Murphy ව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා කියලත්. ඒක නම් වෙන්න සෑහෙන්න ඉඩක් තියෙනවා. මොකද Nolan සහ Murphy කියන්නේ බොහොම හිතවත් දෙන්නෙක්. Batman Begins,The Dark Knight, Inception වගේ ෆිල්ම් වලත් මේ දෙන්නා එකට වැඩ කරලා තියෙනවා.

Christopher Nolan and Cillian Murphy

මේ ෆිල්ම් එකට තාම ස්ටුඩියෝ එකක් නම් නෑ. මොකද නෝලන්, Warner Bros එකෙන් අයින් උන නිසා. ඒ නිසා නෝලන් බොහොම ප්‍රසිද්ධ ස්ටුඩියෝස් කිපයක් එක්කම මේ ෆිල්ම් එක ගැන සාකච්ඡා ආරම්භ කරලලු තියෙනේ. බලාගෙන ඉමු. ඉස්සරහට තව හොඳ හොඳ නිවුස් එයි මේ ගැන.

එහෙනම් නෝලන් ස ගෙ අලුත් ෆිල්ම් එක එක දැනට ආපු විස්තර ටික තමයි මේ. තවත් විස්තර ආපු ගමන් ඉක්මනටම ලිපියක් අරන් එන්නම්. මම දිනෙත් ගුණවර්ධන. මගේ Facebook පේජ් එක ලයික් කරලා තියාගන්න. ඒකෙනුත් ඔයාලට ගොඩක් Updates ගන්න පුලුවන්. එහෙනම්, හැමෝටම ජය ❤️🔥

මගේ Facebook Page එක :


මගේ Youtube Channel එක :


මගේ Personal Blog එක :



(Source - Deadline)
Post a Comment (0)
Previous Post Next Post