HBOmax එකට එන ලයිව් ඇක්ශන් බ්ලූ බීටල්ගේ කොමික් වටපිටාව (DC Uprising #3)

 DC Uprising #3: Blue Beetle 



Blue Beetle කියන්නෙ මේ මෑතකදි ගොඩ දෙනෙක් කතා වෙච්චි චරිතයක්.Cobra Kai එකෙ රගපාපු අපෙ මිගෙල් කොලුවව ( Xolo mariduena ) තමා Blue Beetle එකෙ ප්‍රධාන චරිතෙ වෙන Jaime Reyes ට Cast කරල තියෙන්නෙ.


Jaime කියන්නෙ මුල්ම Blue Beetle නෙමෙ.මෙයා තමා තුන් වෙනියට Blue Beetle Mantle එක දරන්නෙ.මෙයාට කලින් Ted Kord & Dan Garret.

Dan තමා මුල්ම Blue Beetle වෙන්නෙ.ඒත් මෙයාට Superpowers මුකුත් තිබ්බෙ නැ.මෙයා පොලිස්කාරයෙක්.මෙයා රෑට වෙන ඇදුමක් දාගෙන අපරාද වලක්වපු එකයි කලේ.ඒත් පස්සෙ පොර Vitamin 2X කියල Vitamin එකක් පාවිච්චි කරල Super Strength ලබා ගන්නවා.ඔය කාලෙදි තමා පොර එයාගෙ Signature Scarab Symbol එක එයා අපරාධකාරයො අල්ලල එයාලව දාලා ගිය තැන දාලා ගියේ.

Dan Garret as Blue Beetle

මෙයාට පස්සෙ තමා Millionaire කෙනෙක් වෙච්චි Ted Kord Blue Beetle වෙන්නෙ.මෙයාටත් Powers මුකුත් තිබ්බෙ නෑ.මෙයා එයාගෙ සල්ලි දැනුම එහෙම පාවිච්චි කරලා එයාටම ආවේණික Beetle Shaped Weapons හදා ගත්තා.මේවලින් මෙයා අපරාද නැවැත්තුවා.

Ted Kord as Blue Beetle

අවුරුදු කීපයකට පස්සෙ මෙයාගෙයි Dan ගෙයි Connection එකක් තියෙනවා කියල Reveal කලා.ඒත් මේ Dan ගෙ Version එක Cop කෙනෙක් නෙමෙ Archeologist කෙනෙක්.ටෙඩ් එයාගෙ මාමට Top Secret Experiment එකකට උදව් කරල තියෙනවා.ඒත් මේකෙන් මෙයාගෙ මාමා මැරිලා තියෙනවා.ඒත් ඇත්තටම මෙයා මැරිලා නැ.මෙයා මැරුණ විදිහට බොරුවට රගපාලා ටෙඩ්ගෙ Formula එක පාවිච්චි කරලා Powerful Unstoppable Warrior Army එකක් හදල තියෙනවා.ටෙඩ් මේක දැනගෙන එයාගෙ යාලුවා  Dan Garret ගෙන් උදව් ඉල්ලනවා ( පස්සෙ Origin වල මෙයා ටෙඩ්ගෙ Professor කියලත් කියනවා ) එයාගෙ මාමව Track කරන්න.කොහොම හරි දෙන්න මාමවයි එයාගෙ Army එකයි හොයා ගන්නවා.මෙතනදි Dan Reveal කරනවා එයා තමා Blue Beetle කියලා.ඒත් මෙයා එයාගෙ මුල්ම Version එක නෙමෙ.මෙයාට Mysterious Egyptian Artifact එකකින් Super Powers හම්බෙනවා.මේ තමා Scarab.මෙයාගෙ Powers ගන්න Dan ට "Kaji Dha !" කියල කියන්න ඕන.ඒකෙන් තමා මෙයා Blue Beetle වෙන්නෙ.

ඒත් ටෙඩ්ගෙ මාමත් එක්ක Battle එකෙන් ඩැන්ට බේරෙන්න හම්බෙන්නෙ නැ.මෙයා මැරෙනවා.ඊට කලින් මෙයා Blue Beetle Mantle එක ටෙඩ් කෝර්ඩ්ට Pass කරනවා.Ted Blue Beetle වුනත් Scarab ගෙ බලේ පාවිච්චි කරන්නෙ නැ.Infinite Crisis එකේ Ted Maxwell Lord අතින් මැරුනම මේ Scarab ව Jaime Reyes ට හම්බෙනවා

Death of Ted Kord


° Jaime Reyes

Jaime කියන්නෙ Texas වල පාසලකට ගිය සාමාන්‍ය කොල්ලෙක්.මෙයාගෙ තාත්තට Garage එකක් තියෙනවා එයාගෙ අම්ම Paramedic කෙනෙක්.මෙයාට නන්ගි කෙනෙක් ඉන්නවා.මෙයාගෙ හොදම යාලුවො වෙන්නෙ Brenda & Paco ( Lankawe hitiynm mu iwarai habai ) Jamie ගෙ ජීවිතේම වෙනස් වෙනවා Infinite Crisis එකෙන් පස්සෙ.මෙයාට Scarab ව හම්බෙන්නෙ කුණු ගොඩක තිබිලා ( ටෙඩ්ට Scarab ව නැති වෙනවා Rock Of Eternity එකට ගිය වෙලෙ පස්සෙ War Against Magic වලදි Spectre Rock Of Eternity එක විනාශ කරනව ඉතින් මෙතනදි තමා Scarab එක Texas වලට වැටෙන්නෙ ) පොර මේක ගෙදර අරන් එනවා.පස්සෙ මේක Jaime ගෙ Spine එකට Attach වෙනව.ඔතන තමා තුන් වෙනි Blue Beetle නිර්මාණය වෙන්නෙ.පස්සෙ දවසෙ Booster Gold ( ටෙඩ්ගෙ හොදම යාලුවා ) එනව මෙයාව හොයාගෙන.බූස්ටර් මෙයාව Batman ලගට අරන් යනවා.මේක වෙන්නෙ Infinite Crisis Event එකේදී.බැටා හදන Brother Eye Satellite එක පිස්සු කෙලින්න ගන්නවා Maxwell Lord මේක හැක් කරල OMACS ලව Release කරනවා.ඉතින් බූස්ටර් දන්නවා බැටා Brother Eye ව නවත්තන්න යන්නෙ කියල මොකද පොර අනාගතෙන් ආපු කෙනෙක්.ඒත් Brother Eye ව කාටවත් හොයා ගන්න බැ මොකද එයා Multiverse එකෙ පෘථිවි අතර Vibrate වෙන ගමන් ඉන්නෙ.මේක දකින්න පුලුවන් Blue Beetle ට විතරයි.ඒක නිසා Blue Beetle ගෙ උදව් එක්ක Batman ගෙ Team එකට Brother Eye ව නවත්තන්න පුලුවන් වෙනවා.ඔතනින් තමා Blue Beetle ගේ Superhero Carrier එක පටන් ගන්නෙ.

මෙයාගෙ තවත් ටිකක් වෙනස් Origin එකක් තියෙනවා.ඒත් මේකට අනුව Scarab කියන්නෙ Extraterrestrial ඒ කියන්නෙ පිටසක්වල Artifact එකක්.මේක අයිති වෙන්නෙ Reach කියල ජීවින් වගයකට ( මෙයාල ගැනයි Blue Beetle ගැනයි ලොකු අවබෝධයක් ගන්න පුලුවන් Young Justice Animated Series එක බැලුවොත් ) මෙයාලා Planet Conqueror කරන ජීවින් වගයක්.මෙයාලා මේකට Scarab ලව පාවිච්චි කරනවා.මෙයාලා Host කෙනෙක්ගෙ Spine එකට Attach වුනාම ඒ Host ගෙ සම්පූර්ණ පාලනය Scarab හරහා Reach ලට ලැබෙනවා.ඉතින් මෙයාලා මේ Host ල හරහා ග්‍රහලෝක ආක්‍රමණය කරනවා.මෙයාලා එයාලට ඕන ග්‍රහලෝකෙකට Scarab ව යවල Host කෙනෙක්ව තෝරගෙන එයාට Scarab ව Attach කරලා ඒ ග්‍රහලෝකෙ ආක්‍රමණය කරනවා.ඉතින් මෙහෙම ගිය Scarab ( මේකෙ නම Kaji Dha ) එකකට Green Lantern කෙනෙක් Attack කරනවා.Damage වෙච්චි Scarab එයාව පෘථිවියට Teleport කරගන්නවා.මේක වැටෙන්නෙ Mayan Temple එකක් ලගට.මේ Scarab ව ගන්න ගොඩක් කට්ටිය එනවා.එක සෙට් එකකට මේක උස්සන්න පුලුවන් වෙනවා පස්සෙ තව සෙට් එකක් මෙයාලා ඉන්න Warehouse එකට Attack කරනවා.මේ දෙගොල්ලොගෙ වලිය යද්දි Jaime එයාගෙ අයිය එක්ක කාර් එකෙ මේ Warehouse එක ලගින් යනවා.කොහොම හරි මෙයාලත් මේ වලියට මැඩි වෙනවා.Scarab දාලා තිබ්බ Back Pack එක Jaime ගෙ කාර් එකට වැටෙනවා.පොර මේකත් අරන් දුවද්දි අරසෙට් එකෙන් එකෙක් මූට වෙඩි තියෙනවා.ඒත් මේක වදින්නෙ Scarab ට.මෙතනදි මෙයා Activate වෙලා Jaime ගෙ Spine එකට Attach වෙනවා

Green Lantern එක්ක වෙච්චි Battle එක නිසයි මැජික් සීන් වගයක් නිසයි Scarab ට Reach ලගෙ පාලනයෙන් බේරෙන්න පුලුවන් වෙලා තමන්ගෙ කැමැත්තට වැඩ කරන්න පුලුවන් වෙලා තියෙනවා ( හරියට Venom වගේ ) Scarab ගෙයි Jaime ගෙයි හොද Bond එකක් හැදෙනවා

ඕක වෙන්නෙ New 52 Origin එකේ.මෙයා Teen Titans / Justice League Of America / Justice League International / Birds Of Prey / Young Justice / The Super Buddies වගේ Team එක්ක වැඩ කරල තියෙනවා.

මෙයාගෙ පවර්ස් ගත්‍තම Scarabට Jaime ට ඕන වෙලාවක ඕන විදිහක Weapon එකක් ලබා දෙන්න පුලුවන් ( Cyborg වගේ ) Laser Canon / Laser Swords වගෙ Weapons තමා මෙයා මූලිකව පාවිච්චි කරන්නෙ.ඒ වගේම ග්‍රහලෝකයක් වුනත් ලේසියෙන් විනාශ කරන්න පුලුවන් Weapons Scarab ට හදන්න පුලුවන්.



Jaime ව Mind Control කරල එයාගෙ මනස කවුරුහරි පාලනය කරනවනම් Scarab Blue Beetle Armor එකේ පාලනය ගන්නවා.ඒ වගේම Jaime ට ඕන වෙලාවක Scarab ව Override කරන්න පුලුවන්.ඒ වගේම Scarab ට Blue Beetle ගෙ Opponent ව Analyze කරල Jaime ට එයාගෙ Opponent ගෙ ඊලග Step එක කියන්න පුලුවන්.Scarab කියන්නෙත් A.I එකක් වගෙ තමා ( ඒත් සාමාන්‍ය පෘථිවි AI එකකට වඩා ගොඩක් Advance ) ඒ වගේම Jaime ට Scarab ව එයාගෙ Spine එකෙන් වෙන් කරන්නත් බෑ.

මෙයාට ඕන විදිහට එයාගෙ Armor එකෙ සයිස් එක වෙනස් කරගන්න පුලුවන්.ඕනෙනම් Hulk Buster Level එකට Armor එක Upgrade කරගන්න පුලුවන්.




මෙයාට Sound Manipulation , Energy Projection වගේම Pyrokinesis එහෙමත් පුලුවන්.ඒ කියන්නෙ මනසට ඕන විදිහට Scarab එයාට ඔන Weapon එක හදල දෙනවා.



මෙයාට Light Speed එකකට වඩා වේගෙන් Travel කරන්න පුලුවන්.


Flash ට Vibrate වෙන්න බැරි විදිහට Shield එකක් හදන්න පුලුවන්.


ඒ වගේම විශ්වයෙ බලගතුම Weapon එක විදිහට සැලකෙන Green Lantern ලගෙ Power Ring එකෙන් හදන Shield එකක් කඩන්නත් පුලුවන්.


Beetle ට Nuke එකක් දරාගන්න පුලුවන් වගේම Nuke එකක් හදන්න වුනත් පුලුවන්.



විශ්වයේ තියෙන හැම භාශාවක්ම වගේ Scarab ට Translate කරන්න පුලුවන්.

Jaime ඉන්නෙ අනතුරක කියල Scarab ට දැනුනොත් එයා ඉබේම Activate වෙනවා.ඒ වගේම Jaime ට අනතුරක් වෙන අයව එවෙලෙම Eliminate කරන්නත් හදනවා ( මතක ඇති Justice League ෆිල්ම් එකෙ සුපර්මෑන් ව දැක්කම සයිබෝග් ගෙ ආමර් එක Auto Activate වෙලා සුපර්මෑන් ට Attack කලා.මේකත් ඒ වගේ )

Blue Beetle එයාගෙ Wings Shield එකක් විදිහටත් පාවිච්චි කරල තියෙනවා.

Beetle ට Magic Neutralize කරන්නත් පුලුවන් වගේම Kryptonite Radiation Emit කරන්නත් පුලුවන්.

Blue Beetle ගෙ ආමර් එකෙ එක එක Modes තියෙනවා.Infiltrator Mode ( මේකෙන් එයාට ඕන විදිහට උස යන්න ඇගෙන් Spikes හදන්න වගේම Jaime ගෙ Consciousness එක නැතුව වුනත් Blue Beetle Beetle ව පාලනය කරන්න පුලුවන් වෙනවා ) Speed Mode , Strength Mode , Stealth Mode වගෙ Modes සෙට් එකක්ම තියෙනවා.ඒ වගේම Jaime කියල තියෙනවා එයා දන්නෙ නැති Modes බර ගාණක් Scarab අස්සෙ තියෙනව කියලා.

මෙයා එකම වෙලාවකදි තැන් කිහිපයක Appear වෙලත් තියෙනවා.

ඒ වගේම මොනා හරි දෙයක් වෙලා Jaime ට Damage වුනොත් Scarab Blue Beetle ගේ පාලනය අරන් වෙනම Mode එකකට ගිහින් Blue Beetle ගෙ Brutal Version එක Activate වෙනවා.

ඉතින් ඕක තමා Blue Beetle ගෙ කතාව.මේකට මට ගොඩක් Hype ආවෙ Xolo ව Cast කරපුවම.මොකද පොර මේ Role එකට Perfect. HBO Max නිසා ටිකක් ලොකු Budget එකක් දාලා කරයි.මේක ගැන වැඩි විස්තර අපිට FanDome Event එකෙන් දැනගන්න ලැබෙයි.

Blue Beetle ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙනම් Young Justice Animated Series එකයි Justice League vs Teen Titans / Teen Titans Judas Contract කියන Animated Movies ටිකයි බලන්න.කැමතිනම් New 52 Arc එක කියවන්න.ඒකෙ ඔරිජින් එකෙ ඉදන්ම තියෙනවා.

එහෙනම් ඊලග ආටිකල් එක වෙච්චි DC Uprising #4 : Justice Society Of America ආටිකල් එකෙන් හම්බෙමු.මෙයාලව අපිට Black Adam ෆිල්ම් එකෙන් හම්බෙනවා.ඒකනිසාමයි මෙයාල ගැන ඊලගට කතා කරන්න හිතුවෙ.

JSA in Black Adam Movie


DC Uprising ආටිකල් සීරීස් එකේ Black Adam ගැන දාපු ආටිකල් එක 👇


DC Uprising ආටිකල් සීරීස් එකේ Val-Zod Superman ගැන දාපු ආටිකල් එක 👇
Post a Comment (0)
Previous Post Next Post