ඕං එහෙනම් හෝක්අයි ට්‍රේලරෙත් ආව. එතකොට දැන් මේකත් එක්ක මේ අවුරුද්දෙ එන්න තියෙන මාවල් ප්‍රොජෙක්ට් ඔක්කොටම එක ට්‍රේලර් එකක් හරි ඇවිල්ල ඉවරයි. මෙච්චර කාලෙකට ආව මාවල් ට්‍රේලර් එක්ක බැලුවම මේක වෙනස් ට්‍රේලර් එකක්. මුළු ට්‍රේලර් එක පුරාවටම හයිලයිට් කරේ නත්තල. මීට කලින් MCU ෆිල්ම් වල නත්තල් කාලෙ අල්ලල ෆිල්ම් ආවත් මෙච්චර ලොකුවට ඒක ෆෝකස් උනේ නෑ. මේක එහෙම කරේ ඇයි දන්නෙ නෑ. කොටින්ම ට්‍රේලර් එකේ සිංදුවත් නත්තල් සිංදුවක්. මේකට නත්තල් කාලෙම අරගත්තෙ ක්ලින්ට් එයාගෙ පවුල එක්ක Reunite උන එක පෙන්නන්න වෙනෝනෙ එහෙනම් යමු බ්‍රේක්ඩවුන් එකට (බ්‍රේක්ඩවුන් කිව්ව්වට මේකෙ කියන්න දෙයකුත් නෑ. කියන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කිව්ව කලින් දාපු ලිපියෙ.ඒ ලිපිය කියෝපු නැති අය මෙතන ක්ලික් කරලා ගිහින් ඒ ලිපියත් කියවලා එන්න. විස්තර ගොඩක් තියෙනවා එතන)
ක්ලින්ට් එයාගෙ පවුලෙ අයත් එක්ක රෑකෑම ගන්න තැනකින් තමා ට්‍රේලර් එක පටන්ගන්නෙ.
ට්‍රේලර් එකේ ප්‍රශ්ණ ටික පටන්ගන්නෙ ඊලගට. රොනින් වගේ ඇදගත්ත කෙනෙක් මාෆියා කල්ලි එක්ක පැටලෙන්න පටන් අරන්.
වුල්වරීන්, ක්ලින්ට් වගේ අය මේක අරගෙන තියෙනව.මේ සිද්ධි වෙන්නෙ නිව්යෝක් වල වෙන්න ඕනෙ. මොකද නිව්ස් කියන චැනල් එකේ තියෙන්නෙ NY Spectrum News කියල.
ඒ වගේම දැන් Spectrum කියන චරිතෙ ඔෆීශියලිම MCU එකේ ඉන්නව. මේ සිද්ධිය පස්සෙ යන්න ඕනෙ නිසා ක්ලින්ට් එයාගෙ පවුල පිටත් කරල අරිනව. මෙතන ක්ලින්ට් එයාගෙ දුව එක්ක පොඩි කතාබහක් ඒම යනව. ක්ලින්ටේ දුවගෙ නම ලයිලා.. ලීලා එහෙම නෙමෙයි ඈ 😂 සුවර් නැත්තම් එන්ඩ්ගේම් එකේ මුලම බලන්න. ක්ලින්ට් දුවත් එක්ක ඉන්න වෙලාවේ පවුලේ අය වැනිශ් වෙලා යනවානේ. ආන් එතන ලයිලා කියලා තමා දුවට කතා කරන්නේ
මේ ශොට් එකේදි ක්ලින්ට් Ear bud එකක් ගහන් ඉන්නව.
ක්ලින්ට් ආයෙ Hawkeye පට්ටම ගන්නෙ මේ සීරිස් එකෙන්. රොනින්ගෙ පාටවල් දෙක තමා කළු, කහ. මේකෙ Background එකේ තියෙන්නෙ Bull’s-eye එකක්. (අර ඊතල විදින්න පුර්දු වෙන්න විදින එකට තමා Bull’s-eye එකක් කියන්නෙ)
ඒක දම් පාටින් තියෙන්නෙ. මේක කේටි තාම Training වෙන ගමන් ඉන්නෙ කියන්න හින්ට් එක වෙන්නෝනෙ. Bull’s-eye කිව්ව ගමන් මාවල් ෆෑන් කෙනෙක්ට කාවහරි මතක් වෙන්න ඕනෙ. ඔව් Bulleseye කියල විලන් කෙනෙක් ඉන්නව කොමික් වල. Daredevil බලපු අය දන්නව ඇති මෙයාව.
හැබැයි මෙයා DD ගෙ විලන් කෙනෙක්. මෙයා මේකට එන්න විදියක් නෑ. හැබැයි Lady Bulleseye කියල Bullesye ගෙ Female Version එකක් ඉන්නව කොමික් වල. එයා කේටිගෙ විලන් කෙනෙක්. ඒක හින්ට් කරා වෙන්නත් පුළුවන්.
ඔන්න ක්ලින්ට් මේ අලුත් රොනින් ව ට්‍රැක් කරනව. කෝමහරි දෙන්න හම්බෙනව. මෙතනදි තමා ක්ලින්ට් දැනගන්නෙ මේ පොඩි කෙල්ලෙක් කියල.
කොමික් වලදි කේට් දකිනව එයා තාත්ත කේටිගෙ Study Room එකේදි මිනිහෙක්ට අල්ලගෙන ගහනව. මේක නිසා කේටි එයාගෙ තාත්තගෙ Underworld Connection ගැන හාර අවුස්සන්න ගන්නව. මං හිතන්නෙ සීර්ස් එකෙත් Tracksuit ල මෙයාගෙ තාත්තට වැඩ කරල ඒ හොර අල්ලන්න කේට් රොනින් වගේ වෙස් වලාගත්ත වෙන්න පුළුවන්.
කේටි අතින් සීනුවක් ලෙප්ට් වෙන්නම වැඩක් වෙනව.
(ඕක පෙන්නද්දි සිංදුවෙ යන්නෙ “It’s the most wonderful day” කියන කෑල්ල). ඕන් ඊලගට කට්ටියගෙ ආසම සීන් එක.
මෙතන Tracksuit එකේ අනිත් අයට වඩා වෙනස් විදියෙ ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක් බලාගන්න පුළුවන්. මේ ඉන්නෙ අයිවන් වෙන්න ඕනෙ. මිනිහගෙ පෙනුම පවා කොමික් එකට Accurated. (අයිවන්ව දන්නෙ නැතුව ට්‍රැක පැන්නනම් දැනම ගිහිල්ල මං කලින් දාපු හෑල්ල කියවල එන්න😆) ඔතනට ක්ලින්ට් ව බේරගන්න එනව කේටි.
මොකද සීරිස් එක්ක මේන් විලන්ල වෙන්න තරම් තදයො නෙවේ Tracksuit එක. දැක්කනෙ Falcon and the Winter Soldier එකේ Flag Smasher ල බිග් විලන්ල වගේ හිටියට අන්තිමට ලොක්ක උනේ කවුද කියල. මේ සීරිස් එකේ Masque ඉන්නවනම් ඒ Elanor වෙන්නත් පුළුවන්. (මොකාහරි දාල Masque VS Kate Bishop Rivalry එක Live Action බලාගන්න තිබ්බනම් ඒ ඇති.😌🔥)
මේ ඉන්න බල්ල ලකී (බල්ලා ලකී නෙමෙයි බල්ලගෙ නම ලකී 😂).
ක්ලින්ට් තමා මෙයා ලකී කියන නම දෙන්නෙ. මෙතන ඉන්න ලකීගෙත් එක ඇහැක් නෑ😪. හේතුව බොහෝදුරට උඩින් කියපු එක වෙන්න පුළුවන්. ඊලගට තියෙනව Echo ගෙ ශොට් එකක්. (ඒකනම් තප්පරයක්වත් තිබ්බෙ නෑ).
මේ ශොට් එකත් එක්කම වගේ තියෙනව බිත්තියක් කඩාගෙන යන සීන් එකක්.
මෙතන ක්ලින්ට් කේට්ට ඊතල තෝර්ල දෙන සීන් එක තියෙනව නේද. මේකත් කොමික් වලින්ම ගත්තු කෑල්ලක්.
ඕකත් එක්ක ට්‍රේලර් එක ඉවර වෙනව. ට්‍රේලර් එකේ කොතැනකවත් යෙලේනා ගැන කතාවක්වත් නෑ. යෙලේනා මේකට සම්බන්ධ වෙන විදිය දැනගන්න අපිට ඊලග ට්‍රේලර් එක එනකම්ම ඉන්න වෙනව.
දැන් තියෙන්නෙ මගෙ කැමතිම පාට් එක #බුකිබයියන්ගේ ජාතිය ඇමතීම🙈
ට්‍රේලර් එක දාපු ගමන් සමහර මූලික පුතාල බනින්න ගත්ත අමෝ අමෝ ෆෙමිනිසම් කියල. අර ටිකිරියා කියනවත් වගේ ලගක හිටියානම් මම කියනව “කිස් මයි ඈස්” කියල. යකෝ ෆිල්ම් එක්ක විලන්ට කෙල්ලෙක් හිටියම එකෙක්ට ගානක් නෑ. හැබැයි ෆිල්ම් එකේ Main character එක කෙල්ලෙක් උන ගමන් අමෝ අමෝ ෆෙමිනිසම්. නැත්තම් බැක් ටු ද කිචන්. දෙයියම්පා බනින්න කුණුහරප මදි මුන්ට. මළ හත්තිලව්වේ මේකෙ මේන් රෝල් එක ක්ලින්ට්. කේට් කියන්නෙ මේකෙ මේන් රෝල් එක නෙවෙයිනෙ🤦. අනික ඔය උඩ දාන උන්ම තමා සිල්වි පණ, මණික කිය කිය උඩ දැම්මෙ. එතකොට ඒකි කෙල්ලෙක් නෙවේද🙆 ? අහින්දගෙ තියරි මෙව්ව.😂 ඊලග තර්කෙ ඇවෙන්ජර්ස්ලගෙ ඊලග පරම්පරාවම ගෑණු විතරයි කියල. මේ මං නිකමට අහන්නෙ උබල Wiccan, Speed, Patriot වගේ චරිත පෙන්නද්දි ඇස් කටේ දාගෙනද හිටියේ😆. අනික ඉස්සරහට Armedeus Cho, Hulkling, වගේ චරිතත් එන්න පාරකැපීගෙන යන්නෙ. ඒ විතරක්ද? ලෝකි එකේ Kid Loki ත් හිටියෙ ඔය. ඒ මදිවට ඔය Shang-Chi චරිතෙට සෝලෝ එක්කුත් ආවෙ. සමහරවිට කොමික් ඔරිජින් එක වෙනස් කරල Iron-lad එහෙමත් එන්න පුළුවන්. එතකොට මොන ලබ්බකටද මුං මේ ෆෙමිනිසම් ෆෙමිනිසම් ගාන්නෙ. මං කියනවට බොරුනම් බලපල්ල තව මාස දෙක තුනකින් සීරිස් එකේ එපි දෙක තුනක් රිලීස් උන ගමන් ඔය පස්ස ගිණිතියන් නටන උන්දැලම කස් කස් එක ගාන්නෙ නැද්ද කියල. එහෙම නැති උනොත් මම ලිපි ලියන එක නවත්තනව. පොඩි රික්වෙස්ට් එකක් කරන්නද? ඔය බොරුවට ෆෙමිනිසම් ෆෙමිනිසම් ගාන එකෙක් මූණට හම්බුනොත් ඒම ලගම තියෙන ගඩොල් බෑයෙන් ඔලුකට්ටටම කෙලල අරින්න මකබෑවිලා යන්නම. පිං සිද්ධ වෙනව උබට. රටටම සේවයක් කරන්නෙ.😂😂
අනිද්දට What IF..? Breakdown එකෙන් හම්බෙමු.