Paul Walker ගැන ඔබ නොදත් කරුණු 10 ක්


Paul William Walker ඉපදෙන්නේ 1973 සැප්තැම්බර් 12. ජීවත් වෙලා හිටියා නම් අදට අවුරුදු 48 ක්. පෝල් කියන්නේ දරුවන් 4 දෙනෙක් හිටපු පවුලක සාමාජිකයෙක්. අපි හැමෝම පෝල් ව දන්නේ Fast and Furious චිත්‍රපට හරහා. ඉතින් ඔය විදියට අපි හැමෝගෙම ආදරය දිනාගත්ත Paul Walker, 2013 දි Car Accident එකක් නිසා මේ ලෝකය හැර යනවා. දැනට අවුරුදු 8 ක් පෝල් නැතිවෙලා. ඒත් පෝල් ට ලෝකය පුරාම ෆෑන්ස්ලාගෙන් ලැබෙන ආදරයේ අදටත් කිසිම අඩුවක් නෑ. ඉතින් අපි බලමු පෝල් ගැන වැඩිය ප්‍රසිද්ධ නැති කරුණු 10 ක්. බලන්න මෙතනින් කීයක් ඔයා දන්නවද කියලා.

10 Facts About Paul Walker

(1) Paul Walker කියන්නේ Jiu-Jitsu වලින් Brown Belt එකක් හිමිකරගත්ත කෙනෙක්. (Black Belt එකට කලින් එක). කැලිෆෝනියාවේ තිබ්බ Paragon Academy එකේ තමයි වෝකර් Training කරලා තියෙන්නේ.


(2) Paul කියන්නේ ලොකු Star Wars ෆෑන් කෙනෙක්.ඒ නිසා 2002 ආපු Star Wars : Attack of the Clones චිත්‍රපටයේ Anakin Skywalker එහෙමත් නැත්තං Dath Vader ගේ චරිතය කරන්න Paul Walker Audition එකට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ චරිතයට එයා තරුණ වැඩියි කියලා එයාව අයින් කරලා තියෙනවා.

Concept art of Paul Walker as Anakin Skywalker

(3) 2005 ආපු Fantastic 4 චිත්‍රපටයේ Johnny Storm එහෙමත් නැත්නම් Human Torch ගේ චරිතය කරන්නත් Paul Walker ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ඒ චාන්ස් එකත් එයාගෙන් ගිලිහිලා තියෙනවා.

(4) Fast and Furious Franchise එක නිසා Paul සහ Vin Diesel හොඳ යහලුවන් වෙලා තියෙනවා. ඒ නිසා Vin Diesel විසින් Paul ට නික් නේම් එකක් දාලා තිබිලා තියෙනවා Pablo කියලා. එයා ඊට පස්සේ පෝල්ට දිගටම කතා කරලා තියෙන්නේ Pablo කියන නමින්.

Walker and Diesel

(5) Paul කියන්නේ රථගාය උපරිමේටම තිබ්බ කෙනෙක්. ඒ නිසා එයා Redline Team Attack කියන Racing Series එකේ තරඟ කරලත් තියෙනවා. ඒ BMW M3 E92 කාර් එකකින්.


(6) Fast and Furious දෙවනි චිත්‍රපටයේ Paul පැදපු Nissan Skyline R34 කාර් එක එයාගෙම කාර් එකක්. ඊට අමතරව ෆිල්ම් එකේ අනිත් අයට අවශ්‍ය කාර් තෝරගන්නත් එයා උදව් කරලා තියෙනවා.

Walker's Nissan Skyline R34

(7) Paul Walker ට මරණය අත්වෙච්ච Car Accident එක වෙච්ච වෙලාවේ Fast Saga එකේ නලුවෝ වෙන Vin Diesel සහ Tyrese Gibson දෙන්නම එතනට ඇවිල්ලා තියෙනවා පෝල් ව බලන්න. ඒ වගේම වින් ඩීසල් විසින් එතනට ආපු ෆෑන්ස්ලා හැමෝටම ස්තූති කරලා තියෙනවා පෝල් වෙනුවෙන් ආව එක ගැන. Tyrese Gibson, Paul ගෙ කාර් එකේ කැඩිච්ච කෑල්ලක් අරන් තියාගෙන තියෙනවා පෝල් ව මතක් වෙන්න.

Paul Walker car accident

(8) Paul Walker තමන් Perform කරන දිහා තමන්ම බලන්න එච්චර කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයා Premire Event එකේදි ෆිල්ම් එක බැලුවට පස්සේ ආයේ කවදාවත් Fast Saga එකේ එයා රඟපාපු ෆිල්ම් එකක්වත් බලලා නෑ.

Fast Saga එකේ ෆිල්ම් එකක Premire එකක්

(9) Paul Walker තමන්ගේ දුව වෙන Meadow ගේ Godfather (භාරකාරයා) විදියට Vin Diesel ව නම් කරලා තියෙනවා.

Walker and Meadow

(10) ඇමරිකාවේ Chile නගරයේ Pelluhue වල Paul Walker ගේ නමින් පාරක් නම් කරලා තියෙනවා. ඒ 2010 Chile නගරයේ භූමිකම්පාවක් ඇති උන වෙලාවක වෝකර්ගෙන් ඒ අයට ලැබිච්ච සහයෝගයට උපහාරයක් විදියට.

ඉතින් ඔය තියෙන්නේ පෝල් ගැන වැඩිය ප්‍රසිද්ධ නැති කරුණු ටිකක්. ඉතින් අද පෝල් ගෙ 48 වෙනි උපන්දිනය. May he Rest in Peace කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. මම දිනෙත් ගුණවර්ධන. පල්ලෙහා තියනවා මගේ Facebook Page එකේ ලින්ක් එක. ඒකත් Follow කරලා තියාගන්න. එහෙනම්, හැමෝටම ජය ❤️🔥

මගේ Facebook Page එක : 



(Source:  Factline)

3 Comments

  1. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කියන්නෙම පෝල් වින්ඩීසල් එකමුතුව. අදටත් මාර දුකයි ෆ්‍රැන්චයිස් එක ඉවර වෙනකොට පෝල් නෑ කතාවෙ කියලා දැනෙනකොට... කොහේ හිටියත් පෝල් හැමදාම අපේ හදවතේ බ්‍රයන් ඕකෝනර් විදියට සදාකාලිකවම පදිංචි වෙලා ඉවරයි ❤❤❤🙏🙏🙏

    ReplyDelete
  2. දුකයි ඉතිං 😢😢

    ReplyDelete
Post a Comment
Previous Post Next Post