ෆැන්ටසි කතා ලෝකය වගේම ලෝක සිනමාවෙ ලොකු පෙරලියක් කරපු චිත්‍රපටි ත්‍රිත්වයක් තමා The Lord Of the Rings කියන්නෙ J.R.R ටෝකීන් කියන The Lord of the Rings රචකයාගෙ පරිකල්පන ශක්තියට ලොකු සාදාරණයක් කරලා පීටර් ජැක්සන් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයාගෙ යටතෙ නිර්මාණය වෙන මේ චිත්‍රපට ත්‍රිත්වය ඔස්කාර් සම්මාන 30ට නිර්දේශ වෙලා සම්මාන 17ක්ම දිනා ගන්න සමත් වෙනවා වගේම තවත් සම්මාන බොහෝමයක් දිනා ගන්නවා මේ අතරින් Return of the King චිත්‍රපටය වැඩිම ඔස්කාර් සම්මාන ගනනක් දිනාගත්ත Ben Hur (1956) සහ Titanic (1998) සමග සම තැන හිමි කරගන්නවා...ඇමරිකානු ඩොලර් මිලියන 281ක් වියදම් කරලා හදන මේ චිත්‍රපට ත්‍රිත්වය ලොකෙ පුරාම ආදායම විදිහට ඇමරිකානු ඩොලර් බිලයන 2.9ක පමණ මුදලකුත් හොයනවා.මේ සාර්තකත්වය නිසාම පස්සෙ කාලෙක The Hobbit චිත්‍රපට ත්‍රිත්වයකුත් නිර්මාණය වෙනවා වගේම අපි මේකෙන් කියන්න යන The Lord of the Rings ටීවී සීරීස් එක හැදෙන්නත් සෘජුවම බලපානවා.
2017 අවුරුද්දෙදි Amazon සමාගමේ Amazon ස්ටූඩියෝව, නෙට්ෆ්ලිස්ක් ආයතනය සහ HBO ආයතනය තරග කරනවා J.R.R.ටෝල්කීන්ගෙ Middle Earth (The Lord Of the Rings, The Hobbits අයිති විශ්වයට කියන නම) වල ලයිව් ඇක්ෂන් නිරිමාණ කිරීමේ අයිතිය ලබා ගන්න.මේ තරගයෙන් ඇමේසෝන් ස්ටූඩියෝ එක තමා දිනන්නෙ.
![]() |
Tolkien Estate |
හැබැයි පස්සෙ ටෝල්කීන් ස්ටේට් එක විසින් ඇමේසන් ආයතනයට ටෝල්කින්ගෙ The Silmirilion සහ Unfinished Tales කියන පොත් දෙකට අයිතිය දෙනවා.
මොකක්ද මේ Middle Earth වල දෙවනි යුගය කියන්නෙ ?
Middle Earth විශ්වයේ ඉතිහාසය එක එක යුග වලට බෙදලා තියනවා.
වලාර්වරයෙක් උන මැල්කෝර් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් මේ යෝධ ලාම්පු දෙක සහ අල්මෙරෙන් දිවයින විනාශ කරාට පස්සෙ මේ යුගය අවසන් වෙනවා වගේම ආර්දාවෙ හැඩයත් වෙනස් වෙනවා..මෙතනින් පස්සෙ ලෝකය හැදින්වෙන්නෙ Middle Earth කියන නමින්.මැල්කෝර් මධ්‍යම පෘථිවිය පාලනය කරන අතරෙදි ඔහුට විරුද්ධ වලාර්වරු සහ මයාර්වරු අමාන්වල වැලිනෝර් දේශයට ගිහින් අලුත් ආලෝක ප්‍රභව දෙකක් වලාර්වරු නිර්මාණයකරනවා.ඇත්තටම මේවා ආලොකය විහිදන ටෙල්පෙරලියන් සහ ලෝරිරන් කියන ආලෝක රුක්ෂ දෙකක්.මෙතන ඉදන් Year of the Trees ආරම්භ වෙනවා.මේ යුගයේදි තමා සුරයන්ගේ සහ ඩ්වාර්ෆ්වරුන්ගේ ආරම්ඹයත් සිදු වෙන්නෙ..පසු කාලයක උන්ගෝලියන් කියන යෝධ මකුලුවා එක්ක මැල්කෝර් ටෙල්පෙරලියන් සහ ලෝර්ලන් කියන රුක්ෂ දෙක විනාශ කරාට පසුව වර්දා කියන දෙවගන හිරු සහ සද නිර්මාණය කිරීමෙන් Years of the Sun ආරම්භ වෙනවා.මේ යුගය පලමු, දෙවන, තුන්වන, හතරවන...කියලා තවත් කොටස් වලට බෙදලා තියනවා
(උඩ කිව්ව දේවල් විස්තරාත්මකව දැනගන්න හදිස්සි නම් ටෝල්කීන්ගෙ The Silmirilion කියන පොත කියවන්න.)
මේ අතරින් පලමු යුගය අවසන් වෙන්නෙ මෝර්ගොත්(මැල්කෝර් ඒ කාලය වෙද්දි හැදින්වුව නම) කියන පලමු අදුරට අධිපතියාගෙ පරාජය එක්කයි.අපි The Lord of the Rings චිත්‍රපට වල දැක්ක සෞරෝන්ගෙ (සෞරෝන් කියන්නෙ ඇත්තටම මයාර්වරයෙක්...ඒවගේම ගැන්ඩල්ෆ් කියන්නෙත් මයාර්වරයෙක්) ස්වාමියා වෙන්නෙත් මේ මෝර්ගොත්ම තමා.
දෙවනි යුගයේදි තමා අපි දන්න සෞරෝන්ගෙ නැගීම සිදු වෙන්නෙ.ඒ වගේම බල මුදුවල නිර්මාණයත් වෙන්නෙ මේ යුගයේදීමයි. දෙවන යුගයේ අවසානය වෙන්නෙ සුරයන්ගෙ සහ මනුශ්යන්ගෙ ඒකාබද්ධ හමුදාව සහ සෞරෝන්ගෙ හමුදාවන් සමග ඇති උන සටනෙදි ඉසිල්ඩූර්ගෙ අතින් සෞරෝන් පලවෙනි වතාවට පරාද උනාම. එතන ඉදන් පටන් ගන්න මධයම පෘථිවියෙ තුන්වෙනි යුගය ඉවර වෙන්නෙ ඇරගොන්ගෙ රාජාභිෂේක අවස්තාවෙනුයි...ඉතින් ඇමේසෝන් ස්ටූඩියෝවට අවසර තියෙන්නෙ මෝර්ගෝත්ගෙ පරාජයේ ඉදන් සෞරෝන්ගෙ පලවෙනි පරාජයට වෙනකන් කාල සීමාව ඇතුලත කතාවක් නිර්මාණය කරන්න විතරයි.ඒ කාලය අවම අවුරුදු 3440ක් වගේ වෙනවා.ඒ වගේම බොහොම පැහැදිලි නෙ අපි දන්න ෆොරෝඩෝගෙ කතාවට, බිල්බෝගෙ කතාවට බොහෝම කාලෙකට කලින් යන එකක් කියලා.ඒ කියන්නෙ මේක Prequel සීරීස් එකක්.
2019 මාර්තු 7 The Lord of the Rings ටීවී සීරීස් එකේ නිල ටුවිටර් පිටුවෙ මධ්‍යම පෘථිවියෙ දෙවනි යුගයේ සිතියමක් දාලා තියනවා.ඊට දවස් කීපයකට පස්සෙ ඔවුන් tweet එකක් දානවා " Welcome to the Second age" කියලා
(මේ මැප් එකේ නුමිනෝර් කියන මුහුදෙන් මතු උන දිවයින තියනවා.පස්සෙ කාලෙක ගොන්ඩෝර් රාජ්‍ය නිර්මාණය කරපු ඒ කියන්නෙ ඇරගෝන්ගෙ මුතුන්මිත්තන් උන ඩුන්ඩාලින් කියන මනුශයන්ගෙ නිවහන උනේ මේක) මේ නිසා ගොඩක් පිරිසක් අනුමාන කරන දෙයක් තමා නුමිනෝර් දේශයේ නැගීම සහ විනාශය අතර කතාවක් බලාගන්න පුලුවන් වෙයි එක.
මේ ටීවී සීරීස් එකේ නම විදිහට ඇමේසන්ලා තාම පාවිච්චි කරන්නෙ The Lord of the Rings on Prime කියන නම.බොහෝ වෙලාවට මේ නම වෙනස් වෙන්නත් පුලුවන්.
ඇමේසන් ලා පහුගිය දවසක සීරීස් එකේ ටීසර් ඉමේජ් එකක් දානවා ටුවිටර්වල. මේක ගොඩක් වෙලාවට Prologue එකක කොටසක් වෙයි.එහෙම කියන්න හේතුව තමා ඈතින් ඉර වගේ පේන දේ ඇත්තටම ඉර නෙවෙයි.
බ්‍රයිට්නස් අඩු කරාම හොදටම පේනවා එතන තියෙන්නෙ යෝධ රුක්ෂ දෙකක් කියලා.පැහැදිලිවම මේ තියෙන්නෙ ටෙල්පෙරලියන් සහ ලෝරිලන් කියන ආලෝක රුක්ෂ දෙක
ඒ වගේම ඉමේජ් එකේ තියන කදු පන්තිය පෙලෝරි කදු වැටිය වගේම පේන්න තියන නගරය ටිරියන් නගරය කියලා තමා ගොඩක් අය අනුමාන කරන්නෙ.ටිරියන් කියන්නෙ ගැලැඩ්‍රියෙල් ආර්යාව ඉපදුන නගරය(The Silmirilion පොතට අයිතිය තියන නිසා මේක වෙන්න පුලුවන් දෙයක්)මේ ටිරියන් නගරය තියන වැලිනෝර් දේශය ගැන අමතර දෙයක් කීව්වොත් The Lord of the Rings: Return of the King චිත්‍රපටයේ අවසානයේදි ෆ්‍රෝඩෝ ගැන්ඩල්ෆ් සහ එල්ෆ්වරු එක්ක නැව් නැගිලා යන්නෙ මේ වැලිනෝර් දේශයට තමා. උඩ කිව්ව දේවල් එක්ක බලද්දි මේ තියෙන්නෙ එතකොට පලමු යුගයටත් පෙර යුගය. (Years of the Trees) අන්න ඒ හේතුව නිසා තමා මෙක Prologue එකක් වෙන්න පුලුවන් කියලා කියන්නෙ.ඉමේජ් එකේ ඉන් පුද්ගලයා ගැන ලොකු දෙයක් කියන්න බැරි උනත් බොහෝ දෙනාගෙ මතය තමා ඒ ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි ගැලැඩ්‍රියෙල් ආර්යාවම තමයි කියන එක.
පීටර් ජැක්සන් The Lord Of the Rings සහ The Hobbit චිත්‍රපට හය නිර්මාණය කරන්න යොදාගන්නෙ ඔහුගේ උපන් බිම උන නවසීලන්තයයි.මේ නිසාම ටීවී සීරීස් එක තිරගත වෙන්නෙත් නවසීලන්තයම තමා.නවසීලන්ත රජය ඇමරිකන් ඩොලර් මිලියන 115ක විතර මුදලක් මේ ටීවී සීරීස් එකට ආයෝජනය කරා කියලත් වාර්තා වෙනවා.ඒකට හේතුව වෙන්නෙ පීටර් ජැක්සන්ගෙ මුල් චිත්‍රපට තුන නිසා නව සීලන්ත සංචාරක කර්මාන්තය සීග්‍රයෙන් දියුණු වීම.ලෝක පුරාම මිනිස්සු නව සීලන්තයට ඇවිත් The Lord of the Rings චිත්‍රපටි වල තියන දර්ශන තල හැබහින්ම දැකගන්න.(කියන්න ඕන් නෑනෙ මේක රටක ආර්ථිකයට කොච්චර හොදද කියලා) නවසීලන්ත ආර්ථික සංවර්ධන අමාත්‍ය ස්ටුවට් නෑශ් කියලා තියනවා මේක අන්තර්ජාතික සංචාරක කර්මාන්තයේ අලුත් රැල්ලක් ඇති කරයි සහ නවසීලන්තයට හොද ප්රවර්ධනයක් වෙයි කියලා.
කොහොම උනත් මුල් චිත්‍රපට හයේ අධ්‍යක්ෂකවරයා උන පීටර් ජැක්සන් නම් කියන්නෙ ඔහු මේ නිර්මාණයට දායක වෙන්නෙ නෑ කියලා.මේකට ගොඩක් වෙලාවට හේතු වෙන්න ඇත්තෙ The Lord of the Rings චිත්‍රපට තුනට සාපේක්ෂව The Hobbit චිත්‍රපට තුනේ උන පසුබෑම. ටෝල්කීන් ස්ටේට් එක වගේම ගොඩක් Middle Earth රසිකයොත් The Hobbit චිත්‍රපට සහ පොත් අතර තිබුන වෙනසට කැමති උනේ නෑ!
ඒ වගේම විශේෂ දෙයක් තමයි මේ සීරීස් එක හදන්න ඇමේසෝන් ආයතනය වෙන්කරලා තියන මුදල.පලවෙනි සීසන් එකට විතරක් ඇමෙරිකන් ඩොලර් මිලියන 465ක් වෙන් කරලා කියලා තමයි වාර්තා වෙන්නෙ.මේක තමා ටීවී සීරීස් එකකට මෙතෙක් කාලෙකට වෙන් කරපු වැඩිම ගාන.ඔය පලවෙනි සීසන් එකට විතරක්.
මීට කලින් වැඩිම වියදමකින් හැදුව ටීවී සීරීස් එකක සීසන් එකක් තමා Game Of Thrones වල 8 වෙනි සීසන් එක...ඒ සීසන් එකට වියදම් කරලා තිබුනෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක්.ඒ කියන්නෙ එක එපිසෝඩ් එකකට ඩොලර් මිලියන 15යි.
The Lord of the Rings ටීවී සීරීස් එක ඇමේසොන් සමාගමේ ස්ට්‍රීමින් සර්විස් එක වෙන ඇමේසෝන් ප්‍රයිම් වලින් 2022 සැප්තැම්බර් 2 දා ස්ට්‍රීම් වෙනවා කියලා තමා දැනට දින නියම වෙලා තියෙන්නෙ.පැන්ඩමික් තත්වයන නිසා කල් ගියෙ නැත්නම් ගොඩක් දුරටම ඒ දවසටම මේක ඇමේසෝන් ප්‍රයිම් හරහා බලාගන්න පුලුවන් වෙයි.ඇත්තටම සැත්තැම්බර් දෙවනිදා මේක රිලීස් කරන්න හේතුව තමා සැත්තැම්බර් දෙවනිදා තමා The Lord Of the Rings රචක J.R.R.ටෝකීන් මිය ගියෙ.එතුමන්ට කරන ගෞරවයක් විදිහට ටීවී සීරීස් එක එදාට රිලීස් කරයි.
Cast එක ගැන සම්පූර්ණ අදහසක් තවම ගන්න බැරි උනත් මෙන්න මේ නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
ඇතුලු තව බොහොමයක් නලු නිලියන් මේ නිර්මාණයට දායක වේවි.
මේ සීරීස් එකේ Showrunners ලා වෙන්නෙ J.D. Payne සහ Patrick Mckay කියන දෙන්නා.
ඒවගේම Writers ලා විදිහට ,
කටයුතු කරනවා කියලා තමා වාර්තා වෙන්නෙ
Directors ලා විදිහට,
සහ දැනට සදහනක් නැති කිහිප දෙනෙක්ම සහභාගි වෙයි
Exclusive Producer ලා විදිහට,
Belen Atienza (Jurrassic World : Fallen Kingdom, The Orphanage , The Impossible)
Bruce Richmond (Game of thrones , Westworld)
Gene Kelly (Westworld , The Pacific)
Lindesy Weber (Star Treck: Beyond, 10 Coverfield Lane) සහ
Co-Producer කෙනෙක් විදිහට Ron Ames (Avengers:Age of Ultron, The Aviator, Star Treck : In To the Darkness),
සම්බන්ධ වෙනවා.
Costume Designer විදිහට Kate Hawley ( Suicide Squad චිත්‍රපටයට හොදම කොස්ටියුම් වලට ඔස්කාර් සම්මානය දිනා ගන්නවා)
Production Designer විදිහට Rick Henrichs (Oscar award Winner)ත් Visual effects supervisor විදිහට Jason Smith ( The Avengers ,The Reverent.. Oscar award Winner)ත් මේකට දායක වෙනවා
ඒ වගේම Middle සහ Old English පිලිබද හිටපු මහාචාර්ය කෙනෙක් සහ Tolkin ගෙ නිර්මාණ ගැන විශේෂ දැනුමක් තියන Tom Shippey ත් මේ ටීවී සීරීස් එකට සහභාගී වෙනවා.
ටීවී සීරීස් එකට අදාල නැති දෙයක් උනත් කියන්න ඕන දෙයක් තමා The Lord of the Rings: Raiders of Rohiran කියලා Anime සීරීස් එකක් නිව් ලයින් සිනමා ආයතනය යටතේ මේ වෙද්දි In Development තත්වයේ තියනවා!
RWC ලෝඩ් ඔෆ් ද රින්ග් ෆේස්බුක් ගෲප් එකටත් ජොයින් වෙන්න අලුත්ම විස්තර දැනගන්න 👇
https://www.facebook.com/groups/892820411579888
Superb blog එකක්🔥💪🏼Full කතාව ගැන හොඳ summary එකක් වැටුනා. කතාවට තිබුණ ආසාව තවත් වැඩි වුණා♥️
ReplyDelete♥️🔥Thank you blog එකට. තවත් මේ වගේ ඉස්සරහට කරන් යන්න🎊
godak thanks...hithagena hitiye bilboge hari frodoge hari kathawe extend ekak kiyalq...dan thamai balannawath hithune..
ReplyDelete