ඩෙල්ටා ව්‍යාප්තිය මැද The Suicide Squad ඕපනින් වීකෙන්ඩ් එකේ ලබපු ආදායම

 


පහුගිය අගෝස්තු 5 වෙනිදා ඉඳන් ලොවපුරා තිරගත වුණ James Gunn ගේ The Suicide Squad ෆිල්ම් එකේ පළවෙනි සතිඅන්තයේ ඩොමස්ටික් ආදායම් වාර්තා මේ වනවිට ලැබිලා තියෙනවා. ඒ අනුව The Suicide Squad ෆිල්ම් එක මේ දවස් තුන තුළ ඩොලර් මිලියන 26.5 ක ආදායමක් ලබලා තියෙනවා. ඒ වගේම මේ වනවිට ලොවපුරා බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 72.2 පසු කිරීමට මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා. ගොඩක් අය ප්‍රෙඩික්ට් කරලා තිබ්බේ ෆිල්ම් එක 70 සීමාව පසු කරයි කියලා. ඒ අනුව ඇමෙරිකාව තුළ පොඩි පසුබෑමක් තිබ්බත් ලොවපුරා ලබපු ආදායම යම් සතුටු දායක මට්ටමක තියෙනවා. ගොඩක් ෆිල්ම් ක්‍රිටික්ස් ලා මත පළ කළේ මේ ෆිල්ම් එක ඩොමස්ටිකලි ඩොලර් මිලියන 30 සීමාව පසු කරයි කියලා. නමුත් හේතු කිහිපයක් නිසා මේ සීමාවට එන්න ෆිල්ම් එක සමත් වුණේ නෑ.

James Gunn on the set


එක හේතුවක් තමයි මේ වනවිට ඇමෙරිකාවේ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන කොවිඩ් ඩෙල්ටා වේරියන්ට් එක. තවත් හේතුවක් තමයි ෆිල්ම් day and date releasing method එහෙම නැත්නම් hybrid releasing method එක ඒ කියන්නේ තියටර්ස් වලට රිලීස් කරන දවසෙම streaming service එකටත් රිලීස් කරන එක සහ අනිත් හේතුව වෙන්නේ ෆිල්ම් එක සෑහෙන R rated වෙන එක. කොහොමවුණත් Black Widow ෆිල්ම් එක ඕපනින් වීකෙන්ඩ් එකේ ඩොලර් මිලියන 80 ක ආදායමකුත් F9 ෆිල්ම් එක ඩොලර් මිලියන 70 ක ආදායමකුත් ලබලා තියෙනවා. Jungle Cruise ෆිල්ම් එක ඩොලර් මිලියන 35 ක ආදායමක් ලබලා තියෙනවා. නමුත් පහුවෙනකොට ඒ කියන්නේ දෙවෙනි සතියේ ඉඳන් Black Widow සහ Jungle Cruise ෆිල්ම් වල බොක්ස් ඔෆිස් ආදායම සියයට 50 කට වඩා අඩුවෙලා තියෙනවා. මේකට හේතුව කලින් කියපු ඩෙල්ටා වේරියන්ට් එකේ බලපෑම. මේක නිසා ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් කල් යන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. 

The Suicide Squad


කොහොමවුණත් The Suicide Squad ෆිල්ම් එකට ක්‍රිටික්ස් ලා සහ ෆෑන්ස් ලා දෙගොල්ලොම දෙන්න පුළුවන් උපරිම හොඳම රේටින්ග්ස් සහ රිවීව්ස් දීලා තියෙනවා. මන් හිතන්නේ DCEU එකේ දෙපැත්තම බැලන්ස් කරපු එකම ෆිල්ම් එක මේක වෙන්නැති. හැබැයි Cinemascore එකෙන් මේකට ලැබිලා තියෙන්නේ B+ රේටින්ග් එකක්. ඒකනම් ලොකු පුදුමයකුත් නෙවේ. ෆිල්ම් එක බලපු කිසිම ගෑනු කෙනෙක් මේකට හොඳ රේටින් එකක් දෙන්න විදිහක් නෑ. ඒකයි කලින් කිව්වේ මේක සෑහෙන R rated. නිකන්ම කපන කොටන කුණුහරුප විතරක් නෙවේ දෙබස් වල අන්තර්ගතය පවා සෑහෙන ඩාර්ක් විදිහට හදලා තියෙන්නේ. ගැහැණු අයට මේක අල්ලන්නේ නැතිවෙයි ගොඩක් දුරට. කොහොමහරි ෆිල්ම් එකේ ආදායම් වාර්තාව මොකක් වුණත් Wonder Woman 1984 එකෙන් පස්සේ ෆෑන්ස් ලට DCEU ගැන තිබ්බ කලකිරීම සෑහෙන දුරට අඩු කරන්න James Gunn ට පුළුවන් වෙලා තියෙනවා. ඒ එක්කම ඉස්සරහට එන්න තියෙන DCEU ප්‍රොජෙක්ට්ස් ගැනත් ෆෑන්ස්ල ට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. විශේෂයෙන් James Gunn ඩිරෙක්ට් කරන The Suicide Squad එකේ Spin Off සීරීස් එකක් වෙන The Peacemaker සීරීස් එක සුපිරිම ඇක්ෂන් සීරීස් එකක් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Peacemaker


( The Source - The Hollywood Reporter )


The Suicide Squad ෆිල්ම් එක තාම බැලුවේ නැත්නම් ෆිල්ම් එක බලන්න කලින් ෆිල්ම් එකේ පසුබිම ගැන දැන ගන්න මෙතැන ක්ලික් කරන්න.

1 Comments

  1. Thank yew brother its really interesting to read thanknyou for ur time for us ❤

    ReplyDelete
Post a Comment
Previous Post Next Post