Netflixලා ගහන ඉන්දියන්වෙ ලොකුම ඇන්තලොජි වෙබ් සීරීස් එක - Navarasa Series Overview

 




2021 අගෝස්තු මාසේ කියන්නේ ෆිල්ම්, සීරීස් පිස්සොන්ට අවුරුදු වගේ සමරන්න පුලුවන් මාසයක්. ඉතින් මේ කියන්න යන්නේ 2021 අගෝස්තු මාසේ 6 වෙනිදා රිලීස් වෙන්න නියමිත Netflix Original Indian Series එකක් ගැන. නිකම්ම නිකම් ඉන්දියන් සීරීස් එකක් නෙමෙයි. මුලු Kollywood එකම එකට එකතු කරලා කරන අති සුපිරි සීරීස් එකක්. Music, Directing, Casting, Screen Writing, Editing ඔය එකී මෙකී නොකී හැම එකකටම කොලිවුඩ් වල ඉන්න හොඳම කට්ටියට හැමෝගෙම එකතුවෙන් තමයි මේ සීරිස් එක නිර්මාණය වෙන්නේ. 

මේ සීරීස් එකේ නම තමයි Navarasa (නවරස). නවරස කියන එකේ සිංහල තේරුම තමයි හැඟීම් 9 කියන එක. ඉතින් මම මුලින්ම මේ සීරීස් එකේ Production වටපිටාව ගැන කියලා මේ නවරස ගැන පැහැදිලි කරන්නම්.

මේ සීරීස් එක අයිති වෙන්නෙ Drama, Anthology කියන කැටගරි එකට. කතාව තියෙන්නේ දෙමළ භාෂාවෙන්. එපිසෝඩ් 9 ක් තියෙනවා මුලු සීරීස් එකටම. Anthology කියන්නේ ස්වාධීන කතාංග, එහෙමත් නැත්නම් Stand Alone Episodes කියන එක. තවත් පැහැදිලිව කිව්වොත් එකකට එකක් සම්බන්ධ නොවිච්ච එපිසෝඩ් තමයි මේ සීරීස් එකේ තියෙන්නේ. ඒ කියන්නේ පලවෙනි එපිසෝඩ් එකට හාත්පසින්ම වෙනස් කතාවක් තමයි දෙවනි එපිසෝඩ් එකේ තියෙන්නේ. ඒ නිසා ඔයාට කැමති ඕන පිලිවෙලකට එපිසෝඩ් ටික බලාගෙන යන්න පුලුවන්. හරියට නිකන් කෙටිකතා පොතක් කියවනවා වගේ වැඩක්.

මේ සීරීස් එක නිර්මාණය වෙන්නෙ ManiRatnam අතින්. මෙයා ඇවිල්ලා කොලිවුඩ් සිනමාවේ ඉන්න දැවැන්තම චරිත වලින් එකක්. මේකේ Writers ලා විදියට Pattukottai Prabakar, Selvaa, Madhan Karky, Someetharan වගේ අය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකෙ එපිසෝඩ් 9 Direct කරන්නෙත් එකිනෙකට වෙනස් Directors ලා 9 දෙනෙක්. ඒ තමයි Priyadarshan, Karthik Subbaraj, Vasanth, Arvind Swami, Bejoy Nambiar, Karthick Naren, Gautham Vasudev Menon, Sarjun KM සහ Rathindran R. Prasad.

ඊට පස්සේ Music. ෆිල්ම් එකක හෝ සීරීස් එකක සාර්ථකත්වයට අනිවාර්‍යෙන්ම ඕනම දෙයක් තමයි මියුසික් කියන්නේ. ඉතින් මේ සීරීස් එකේ ප්‍රධාන Music Composer විදියට එකතු වෙලා ඉන්නවා Oscar සම්මානලාභී සංගීතඥයෙක් වෙන A. R. Rahman මහත්මයා 😍❤️🔥. ඊට අමතරව Santhosh Narayanan, Sundaramurthy KS, Rajesh Murugesan, Karthik වගේ අයත් මේකට මියුසික් වලින් දායකත්වය දෙනවා.

A. R. Rahman

දැන් යමු මේකේ කාස්ට් එකට 😍 මතකද මම කලින් කිව්වා නෙට්ෆ්ලික්ස් එකෙන් මුලු කොලිවුඩ් එකම එකට එකතු කරලා කරන වැඩක් කියලා මේක. එහෙම කිව්වේ ඇයි කියලා තේරෙයි මේකේ කාස්ට් එක දැක්කම.


Suriya 
Sananth
Parvathy Thiruvothu
Aditi Balan


මේ හැමෝම මේ සීරිස් එකේ එක එපිසෝඩ් එකකට රංගනයෙන් දායක් වෙලා ඉන්නවා. මෙයාලට අමතරව තව සුලු චරිත වලිනුත් අපිට කොලිවුඩ් සිනමාවේ නිතරම දකින්න හම්බෙන මූණු ගොඩක් එකතු වෙලා ඉන්නවා. ලිපිය දිග වෙන නිසා මෙතන හැමෝගෙම නම් දැම්මේ නෑ.

➤ ৳ Navarasa Concept ৳

දැන් අපි බලමු මොකක්ද මේ නව රස කියන්නේ කියලා. මේකේ සාමාන්‍ය තේරුම තමයි හැඟීම් නවයක් (9) කියන එක. ඉන්දියාව කියන්නේ ලෝකයේ සෞන්දර්‍ය කලාවලින් බොහෝම ඉහලින්ම තියෙන රටක්. ඉතින් මේ නවරස කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ එන වචනයක්. මෙතනදි රස කියන වචනයට හැඟීම, මනෝභාවය වගේ තේරුමක් තමයි ලැබෙන්නෙ. මිනිසාගේ සිතේ ඇතිවන සුලභම හැඟීම්, මනෝභාවයන් නමය තමයි මේ නවරස කියලා හඳුන්වන්නේ. භරත මුණි පඬිවරයා විසින් තමයි මුලින්ම මේ ගැන තමන්ගේ Natya Shastra කියන පොතෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එතුමා කියන විදියට සෑම කලා නිර්මාණයකම අනිවාර්‍යයෙන් මේ නවරස කියන මනෝභාවයන් සියල්ලම අන්තර්ගත වෙනවා.

ඒ වගේමයි ඒ හැම රසකින්ම හින්දු ආගමේ ප්‍රධාන දෙවිවරුන් වෙන, 

විෂ්ණු - දෙවියන්ට, ආරක්ෂාවට සහ යථාර්ථය ට අධිපති

ශිව - භාවනාවට, විනාශයට සහ කාලයට අධිපති

බ්‍රහ්ම (මහා බ්‍රහ්ම) - නිර්මාණකරණයට, දැනුමට සහ වේදයට අධිපති

ඉන්ද්‍ර - යුද්ධය, අහස,පොලව, ජලය, වැස්ස සහ අකුණට අධිපති

යම - පාතාලයට සහ මරණයට අධිපති

කියන දෙවිවරුන්ව නිරූපණය වෙනවා. ඒ වගේමයි මේ හැම රසකටම අදාලව පාටක් තියෙනවා.

ඉතින් මේ කියන නවරස තමයි…


(1) Śṛṅgāraḥ (शृङ्गारः)

• Romance, Love, attractiveness (ප්‍රේමනීයත්වය, ආදරය සහ ආකර්ෂණීය බව)

දේවත්වය : විෂ්ණු
අදාල වර්ණය : ලා නිල්

(2) Hāsyam (हास्यं)

Laughter, mirth, comedy (හාස්‍යය, සිනහව)

• දේවත්වය : ශිව
• අදාල වර්ණය : සුදු

(3) Raudram (रौद्रं)

• Fury (රෞද්‍රත්වය, රුදු බව) 

• දේවත්වය : ශිව
• අදාල වර්ණය : රතු

(4) Kāruṇyam (कारुण्यं)

• Compassion, mercy (අනුකම්පාව සහ දයාව)

• දේවත්වය : යම
• අදාල වර්ණය : අළු

(5) Bībhatsam (बीभत्सं)

• Disgust, aversion (ජුගුප්සාව, අප්පිරියාව, අකමැත්ත)

• දේවත්වය : ශිව 
• අදාල වර්ණය : නිල්

(6) Bhayānakam (भयानकं)

• Horror, terror ( භය සහ ත්‍රාසය)

• දේවත්වය : යම 
• අදාල වර්ණය: කලු

(7) Veeram (वीरं)

• Heroism (වීරත්වය)

• දේවත්වය : ඉන්ද්‍ර
• අදාල වර්ණය: තද කහ

(8) Adbhutam (अद्भुतं)

Wonder, amazement ( පුදුමය, ආශ්චර්‍යවත් බව)

• දේවත්වය : බ්‍රහ්ම
• අදාල වර්ණය: කහ

(9) Śāntam ( शांतामी)

Peace and tranquility ( සාමය සහ නිසංසල බව)

• දේවත්වය : විෂ්ණු
• අදාල වර්ණය: පිරිසිදු සුදු (සුදු නෙලුම් වල පාට)

මේක මාගලක් වගේ දිගට ඇදෙන සීන් එකක් තියෙන්නෙ දැන්නම්. කමක් නෑ ඔක්කොම දානවා මේකට. පස්සේ හෙමීට එපිසෝඩ් එකින් එකට අරන් එන්නම්කෝ විස්තර 😁❤️🔥


➤ ৳ Episodes ৳

කලිනුත් කිව්වා වගේ මේ කතා මාලාවේ එපිසෝඩ් 9 ක් තියෙනවා. එක එපිසෝඩ් එකකින් එක මනෝභාවයක් විදියට රස 9 ට එපිසෝඩ් නමයක් තමයි තියෙන්නේ. එපිසෝඩ් එකකට එකක් හාත්පසින්ම වෙනස් කතාවක් යන්නේ. කොටින්ම කිව්වොත් එක එපිසෝඩ් එකකට ඉන්නේ එක කාස්ට් එකයි. එක එපිසෝඩ් එකක ඉන්න කිසිම නලුවෙක් වෙන කිසිම එපිසෝඩ් එකකදි අපිට බලාගන්න වෙන්නෙ නෑ.

⭓ Episode 01: Inmai (Bhayaanaka - Fear)

Director : Rathindran R. Prasad

Cast : Siddharth, Parvathy Thiruvothu, Pavel Navageethan, Rajesh Balachandran, Ammu Abhirami

⭓ Episode 02: Roudhram (Raudra - Anger)

• Director : Arvind Swami

• Cast : Riythvika, Sree Raam, Abhinayashree, Ramesh Thilak, Geetha Kailasam

⭓ Episode 03: Edhiri (Karuna - Compassion)

• Director : Bejoy Nambiar

• Cast : Vijay Sethupathi, Prakash Raj, Revathi, Ashok Selvan

⭓ Episode 04: Guitar Kambi Mele Nindru (Shringaara - Romance)

• Director : Gautham Vasudev Menon

• Cast : Suriya, Prayaga Martin

⭓ Episode 05: Peace (Shaantha - Peace)

• Director : Karthik Subbaraj

• Cast : Bobby Simha, Gautam Vasudev Menon, Master Tharun, Sananth

⭓ Episode 06: Payasam (Bibhatsa - Disgust)

• Director : Vasanth

• Cast : Aditi Balan, Rohini, Delhi Ganesh

⭓ Episode 07: Thunintha Pin (Veera - Valour)

• Director : Sarjun KM

• Cast : Atharvaa, Anjali, Kishore

⭓ Episode 08: Summer of '92 (Haasya - Laughter)

• Director : Priyadarshan

• Cast : Yogi Babu, Nedumudi Venu, Remya Nambeesan

⭓ Episode 09: Project Agni (Adbhutha - Wonder)

• Director : Karthick Naren

• Cast : Arvind Swami, Prasanna, Sai Siddharth, Poorna


ඉතින් Netflix ලාගේ Navarasa (නවරස) සීරීස් එක ඔන්න ඔහොමයි සකස් වෙලා තියෙන්නේ. දැන් තේරෙනවා නේද මේකට සුපිරියක් කියලා කිව්වේ නිකන් නෙමෙයි කියලා. ඉතින් මේ සීරීස් එක 2021 අගෝස්තු 6 වෙනිදා රිලීස් වෙනවා Netflix Straming Service එකට. පුලුවන් හැමෝම ස්ට්‍රීම් කරලා බලන්න මේ සීරීස් එක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනි සුපිරියක්. මිස් කරගන්න එපා ❤️🔥

එහෙනම් මේ සීරීස් එකේම එපිසෝඩ් බ්‍රේක්ඩවුන් එකකින් හම්බෙනකන් අදට සමුගන්නවා. ඉවරවෙනකන් කියවපු හැමෝටම බොහෝම ස්තූතියි. හැමෝටම ජය ❤️ 

1 Comments

Post a Comment
Previous Post Next Post