Leon, Claire ඇතුළු ප්‍රධාන කාස්ට් එක පෙන්නන Resident Evil: Welcome to Raccoon City ෆිල්ම් එකේ ෆස්ට් ලුක්ස්



හැමෝම දන්න Resident Evil වීඩීයෝ ගේම් ෆ්‍රැන්චයිස් එක ඇසුරින් නිර්මාණය කරපු Milla Jovovich ඉන්න ලයිව් ඇක්ෂන් ෆිල්ම් සීරීස් එක ආයේ රීබූට් කරලා නිර්මාණය කරන අළුත්ම ලයිව් ඇක්ෂන් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ පළවෙනි ෆිල්ම් එක වෙන Sony Pictures ලගේ Resident Evil: Welcome to Raccoon City එකේ ෆස්ට් ලුක් කීපයක් මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. ෆිල්ම් එකේ ඉන්න මේන් කැරැක්ටර්ස් තමයි මේ ෆස්ට් ලුක්ස් වලින් පෙන්නලා තියෙන්නේ. ඒ අනුව ෆිල්ම් එකේ කාස්ට් එකේ ඉන්න Avan Jogia විසින් Leon Kennedy චරිතයත්, Kaya Scodelario විසින් Claire Redfield චරිතයත්, Hannah John-Kamen විසින් Jill Valentine චරිතයත්, Robbie Amell විසින් Chris Redfield චරිතයත්, Tom Hopper විසින් Albert Wesker චරිතයත්, Chad Rook විසින් Richard Aiken චරිතයත් ඒ වගේම Marina Mazepa විසින් Lisa Trevo චරිතයත් නිරූපණය කරන ආකාරය අපිට බලාගන්න පුළුවන් වෙනවා. 

Avan Jogia as Leon S. Kennedy and Kaya Scodelario as Claire Redfield in Resident Evil: Welcome to Raccoon City

L-R (වමේ සිට දකුණට): Albert Wesker (Tom Hopper), Richard Aiken (Chad Rook), Jill Valentine (Hannah John-Kamen), and Chris Redfield (Robbie Amell)

Resident Evil: Welcome to Raccoon City's Lisa Trevor (Marina Mazepa)

47 Meters Down ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු Johannes Roberts තමා මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ. Johannes Roberts කියන විදිහට එයාලා මේ ෆිල්ම් එක නිර්මාණය කරන්න ෆිල්ම් එක බේස්ඩ් කරන් තියෙන Resident Evil වීඩියෝ ගේම් ෆ්‍රැන්චයිස් එක නිෂ්පාදනය කරපු Capcom ආ‍යතනයත් සමඟ සමීපව කටයුතු කරලා තියෙනවා. මේ ෆිල්ම් එක Resident Evil වීඩීයෝ ගේම් ෆ්‍රැන්චයිස් එකේ පළවෙනි ගේම්ස් දෙක පාදක කරගෙන ගොඩනැඟෙන ෆිල්ම් එකක් වේවි කියලා ඒ අනුව අපිට දැනගන්න ලැබෙනවා. ඒ අනුව අපිට Resident Evil වීඩීයෝ ගේම් ෆ්‍රැන්චයිස් එකේ තියෙන Spencer Mansion සහ Raccoon City Police Station එක සම්බන්ධ දර්ශන බොහෝමයක් බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙන මේ Spencer Mansion සහ Raccoon City Police Station එකේ දර්ශන ඒ කියන්නේ බැක්ග්‍රවුන්ඩ් එක වඩා තාත්විකව නිර්මාණය කරන්න Capcom ආයතනයෙන් මේ තැන් වල blue prints එහෙම නැත්නම් ගොඩනැඟිලි සැලසුම් පවා අරන් තියෙනවා. මේ Spencer Mansion එකේ බිත්ති වල artwork ඒ කියන්නේ චිත්‍ර සහ සටහන් වගේ ඒවා පවා ගේම් එකේ විදිහටම නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ සෑහෙන ඩීටේල්ස් ගොඩක් අපිට බලාගන්න පුළුවන් වේවි. ඒ ගැන Capcom ආයතනයත් සෑහෙන සතුටින් ඉන්නවා කියලයි සඳහන් කරලා තියෙන්නේ. 

Spencer Mansion from Resident Evil 

Raccoon City Police Station

ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් අළුතින්ම රීබූට් කිරීම ගැනත් Johannes Roberts එයාගේ මතය කියලා තියෙනවා. එයා කියන්නේ එයා Milla Jovovich ගේ ෆ්‍රැන්චයිස් එකේ පළවෙනි ෆිල්ම් එකට කැමති වුණත් ඊට පස්සේ ෆිල්ම් ටික වෙනත් ඩිරෙක්ෂන් එකකට ගියපු බව එයාට හැඟුණා කියලා. එයාට ඕනේ ගේම් එකේ තියෙන horror එහෙම නැත්නම් බිය උපදවන සුළු පරිසරය එයාගේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක වටේට නිර්මාණය කරන්න කියලා තමයි සඳහන් වෙන්නේ. බොහෝවිට gamers ල ව සැටිස්ෆයි කරන්න උපරිම උත්සාහයක් ෆිල්ම් එකේ කෲ එක කරලා ඇති කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඉතින් හැමෝම මතක තියාගන්න ඕන කාරණයක් තමයි කොමික් බුක් එකක, පොතක, ඇනිමේෂන් එකක සහ වීඩියෝ ගේම් එකක කරන්න පුළුවන් දේවල් වලින් 1% ක් වත් ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් මධ්‍යස්ථව හිතලා මේ ෆිල්ම් එක රසවිඳින්න බලන්න. තාම ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් ආවේ නෑ. ෆිල්ම් එක මේ නොවැම්බර් 24 තියටර්ස් වලට රිලීස් වෙන්න නියමිතව තියෙනවා.





( Source - IGN )


Post a Comment (0)
Previous Post Next Post