සුයිසයිඩ් ස්කොඩ් බලන්ඩ කලින් අනිවාර්‍යයෙන් දැනගතයුතු කොමික් පසුබිම

The Suicide Squad Comic Background

(The Suicide Squad and James Gunn for EMPIRE Magazine Cover)

අපි මේකෙ සම්පූර්ණ චරිත වල කොමික් වටපිටාවකතා කරමු...


අගෝස්තු 06 එනවා මේ අවුරුද්දෙ එන ගින්දරම ෆිල්ම් 5 ඇතුලෙ තියෙන ජේම්ස් ගන්ගෙ සුයිසයිඩ් ස්කොඩ් එක... ලයිව් ඇක්ශන් ෆෑන්ස්ලා ජීවිතේට අහපු දැකපු නැති චරිත තොගයක්ම ඉන්නවා ෆිල්ම් එකේ...  හැබැයි ගොඩක් අය දන්නැ මෙයාල කවුද කියලවත් මෙයාලගෙ පවර්ස් මොනාද කියලවත්.ඒකනිසාමයි මේ Article එක ලියන්න හිතුනෙ.එතකොට ෆිල්ම් එක බලන්න කලින් ඒ චරිත ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන් වෙන නිසා 😁 

Roll Call කියල Characterයි එයාලට රගපාන්නෙ කවුද කියලයි ෆෑන්ස්ලව දැනුවත් කරන වීඩියො එකකුත් රිලීස් වුනා.ඒකෙන් තමා Suicide Squad එකෙ චරිත ගැන අවබෝධයක් ගන්න පුලුවන් වුනෙ.තව එකක් කියන්න ඕනෙ මේක 2016 ආපු Suicide Squad එකෙ දෙවෙනි ෆිල්ම් එක නෙමෙ.මේක Soft Reboot එකක් විදිහට තමා සලකන්නෙ. 1980 ගනන් වල Suicide Squad Comic  Base කරන් තමා අපෙ ගන් මාමා මෙ ෆිල්ම් එක ගහන්නෙ.මේක ඒ කොමික් එකෙ Sequel එකක් කියල තමා කියන්නෙ.ඒ කියන්නෙ කොමික් ගැන දැනුමත් ඕනෙ මේ ෆිල්ම් එක බලද්දි.


(1980s Suicide Squad)

ට්‍රේලර්ස් වලින් අපිට මෙහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් ෆිල්ම් එක ගැන...

කලින් ෆිල්ම් එකේ වගෙ Supernatural Threat එකකට Face කරන Suicide Squad එකකට වඩා මේ ෆිල්ම් එක Focus කරන්නෙ Black Ops Mission එකකට යන Suicide Squad එකක් ගැන.මේ Mission එක තියෙන්නෙ Corto Maltese කියල Latin American දූපතක.කියන විදිහට මේ දූපතෙ තියෙන Nazi-Era Prison එකකුයි Jotunheim කියල Laboratory එකකුයි විනාශ කරන එක තමා මෙයාලගෙ Mission එක වෙන්නෙ.ඒ වගේම මේ දූපතේ Political Prisoners ලව රදවල තියෙන්නත් නීතීවිරෝධී Experiments කරන්නත් පාවිච්චි කරල තියෙනව කියල තමා කියන්නෙ.මේකේ Main Villain තමයි Telepathic Ability / Mind Control Ability තියෙන Alien කෙනෙක් වෙන Starro (ස්ටාරෝ) කියල තමා කියන්නෙ.


(Starro The Conqueror)


හරි එහෙනම් දැන් අපි චරිත ගැන බලමු 


01) Amanda Waller



මෙයාවනම් 2016 Suicide Squad බලපු අය වගේම Arrowverse මුල් ටික බලපු අය දන්නව ඇති. A.R.G.U.S කියන Secret Organization එකෙ ලොක්ක තමා මෙ.මෙයත් හරියට මාවල්ලගෙ Nick Fury වගෙ තමා.මෙයා තමා Task Force X Project එක ( Task Force X කියන්නෙ Suicide Squad එකට ) බාරව ඉන්නෙ.Squad එකට Orders එහෙම දෙන්නෙ මෙයා තමා.මෙයා හැබැයි එච්චර හොද කෙනෙක් නෙමෙ.මෙයා පාවිච්චි කරන Methods ගොඩක් දරුණු ඒව විදිහට තමා සලකන්නෙ.ඒකියන්නෙ මිනිස්සු මිලියන ගානක් බේරගන්න මිනිස්සු දාහක් කැප කරන්න වොලර් පසුබට වෙන්නෙ නැ.ඒකනිසාම බැට්මෑන් එහෙම මෙයාට වැඩි කැමැත්තක් නැ.ගොඩක් වෙලාවට බැටා මෙයාගෙ වැඩ වලට ඇගිලි ගහනවා.Waller ගෙ Top Secret Project එක වෙච්ච Task Force X එක ගැනත් බැටා කොහොම හරි දැනගත්තා.භයානක විලන්ල වොලර්ගෙ ඉත්තො වෙනව දකින්න බැටාට ඕන වුනෙ නැ.ඒත් බැටාගෙ තර්ජනය ගානකටවත් ගන්නෙ නැතුව මෙයා එයාට ඕන දේ කොහොම හරි කරගත්තා.මෙයාට ඕනෙ මොන දෙයක් හරි කරල ජාතික ආරක්ශාව සපයන එක.ඒකට මිනිස්සු කීයක් මැරුනත් එයාට අදාල නැ.


(Viola Davis as Amanda Valler)

මෙයාට රගපාන්නෙත් 2016 Suicide Squad ෆිල්ම් එකෙ ඇමැන්ඩා වොලර්ට රගපාපු Viola Davis ම තමා.


02) Colonel Rick Flag 


මෙයත් අපිට කලින් ෆිල්ම් එකෙන් බලන්න හම්බුනා නෙ.හැබැයි මෙයාගෙ ඇදුම කලින් ෆිල්ම් එකෙ එකට වඩා ටිකක් වෙනස්.Comic Accurate විදිහට තමා ඇදුම හදල තියෙන්නෙ 😊 මෙයා ගැන සරලව කිව්වොත් Field එකේදි ඇමැන්ඩගෙ Orders වලට Suicide Squad එක Lead කරන්නෙ මෙයා තමා.මෙයාගෙ හැකියාවන් වලට Master military tactician and strategist සහ Master in armed and unarmed combat ඇතුලත් වෙනවා.


(Joel Kinnaman as Colonel Rick Flag)

මෙයාට රගපාන්නෙත් කලින් Suicide Squad ෆිල්ම් එකෙ රික්ගෙ චරිතයට රගපාපු Joel Kinnaman ම තමා.


03) Harley Quinn 


මෙයාවනම් ඉතින් දන්නෙ නැති කෙනෙක් නැතුව ඇති 😊❤ 2016 Suicide Squad එකෙන් වැඩිම ජනප්‍රියත්වයක් හම්බුනෙ මෙයාට තමා.මෙයා ගැන කියනවනම් මෙයා ජෝකර්ට Arkham Asylum එකෙ වැඩ කරපු මනෝවෛද්‍යවරියක්.මෙයා ජෝකර් ව හොද කරන්න ගිහින් අන්තිමට එයත් එක්ක එකතු වෙලා ජෝකර් ව ආකම් වලින් පන්නගෙන එයා කරන අපරාද වලට හවුල් වෙනව.ඒත් මේ දවස් වල කොමික් වල නම් හාලි Hero කෙනෙක්ගෙ Level එකට ඇවිල්ල ඉන්නෙ.එයාට Poison Ivy ව හම්බුනයින් පස්සෙ එයාගෙ හැසිරීම් ගොඩක් වෙනස් වෙනවා.Joker War එකෙදි හාලි බැටාට උදව් කරනවා ජෝකර් ව අල්ලගන්න.ඒ වගේම බැට්මෑන් ගෙ සමහර Case වලදි හාලිගෙන් උදව් අරන් තියෙනවා.මොකද හාලිටත් ගොඩක් හොද බුද්දියක් තියෙනව.හාලි ගැන වැඩිපුර දැනගන්න ඕනෙනම් DC එකෙන් කරන Harley Quinn Animated Series එක බලන්න 😊 Series එකනම් R Rated 😁 


(Margot Robbie as Harley Quinn)

මෙයාට රගපාන්නෙත් පරණ Suicide Squad එකෙ රගපාපු Margot Robbie මයි. 


04) Captain Boomerang 


මෙයාවත් අපිට පරණ Suicide Squad ෆිල්ම් එකෙන් දකින්න ලැබුනා.George 'Digger' Harkness තමා මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ.මෙයා Flash ( බැරීගෙ වගේම වොලීගෙත් )ගෙ Villain ල වෙන "Rogues" ලගෙ සාමාජිකයෙක් වෙනවා.මෙයා පාවිච්චි කරන ප්‍රධාන ආයුධෙ වෙන්නෙ Boomerang එක.මෙයා ලග එක එක විදිහට හදපු Special Boomerang ගොඩක් තියෙනවා.හරියට Green Arrow ලග තියෙන Special Arrows වගෙ.Identity Crisis Event එකෙදි මෙයා මැරෙනව.ඊට පස්සෙ එයාගෙ පුතා Captain Boomerang වෙනව.ඒත් Blackest Night Event එකේදි  George ට ආයෙ පණ ඇවිල්ල Captain Boomerang වෙනවා.මෙයා Original Suicide Squad එකේ සාමාජිකයෙක් වෙනවා

(Jai Courtney as Captain Boomerang)
මෙයාට පණ පොවන්නෙ Jai Courtney.

ඔය දැම්ම චරිත ගැන ගොඩක් අය දන්නවා මොකද මෙයාලා මීට කලින් ෆිල්ම් එකෙත් හිටියා.දැන් කියන්න යන්නෙ කලින් ෆිල්ම් එකෙ හිටිය නැති එච්චර ප්‍රසිද්ධ නැති Suicide Squad Members ලා ගැන.ගොඩ දෙනෙක්ට මේ ෆිල්ම් එක තමා එයාලගෙ Big Screen Debut එක වෙන්නෙ.ඒ කියන්නෙ මීට කලින් මේ සමහර අයව Film / TV Series වල තියා Animation වලවත් දකින්න ලැබිල නැ.ඒනම් දැන් එයාල ගැන දැන ගමු...


05) Bloodsport 


මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Robert Dubois.මෙයාව අපිට මුලින්ම හම්බෙන්නෙ සුපර්මෑන් කොමික් වල.මෙයා තරුණ කාලෙ මෙයාව Vietnam වල තිබ්බ යුද්දෙකට Draft කරල තියෙනව.ඒත් මෙයා යන්නෙ නැතුව හැන්ගිල ඉදල තියෙනව.ඒක නිසා මෙයාගෙ තැන මෙයාගෙ සහෝදරයා වෙන Mickey අරන් තියෙනව.මයිකි යුද්දෙ ඉවර වෙලා ආයෙ ඇවිල්ල තියෙන්නෙ අත් දෙකයි කකුල් දෙකයි නැතුව.ඉතින් මේක රොබර්ට් ට ගොඩක් බලපාල තියෙනව.ඒක කොච්චර බලපෑවද කිව්වොත් පොර රටවටේ තියෙන හැම Psychiatrist Hospital එකකටම වගෙ ගිහින් තියෙනවා.මෙතනදි තමා පොරට සුපීගෙ පරම සතුර වෙන ලෙක්ස් ලූතර් ව හම්බෙන්නෙ.ලෙක්ස් කොහොම හරි රොබර්ට්ට ඒත්තුගන්වනවා සුපර්මෑන් කියන්නෙ මිනිස් වර්ගයාගෙ හතුරෙක් කියන එක.ඒක නිසාම එයාව විනාශ කරන්න ඕනෙ කියන එක.ඉතින් රොබර්ට් ලූතර් එක්ක එකතු වෙනවා සුපර්මෑන් ව නවත්තන්න.ලෙක්ස් මෙයාට High Tech Device එකක් දෙනවා.ඒකෙන් එයාගෙ අතට ඕනම Weapon එකක් Teleport කරන්න පුලුවන් වෙනවා.මේ Weapon වලින් එකක් තමා Kryptonite Bullet විදින Gun එක.මෙයා ඒකෙන් සුපර්මෑන්ව නවත්තන්න හිතාගෙන එයාගෙ අවධානෙ ගන්න මිනිස්සු 25 ක් විතර මරනව.ඉතින් සුපර්මෑන් මෙයාව හොයන් ඇවිල්ල දෙන්නගෙ සටන යද්දි මෙයා අර ක්‍රිප්ටෝනයිට් තුවක්කුවෙන් සුපීට වෙඩි තියෙනව.සුපී කොහොමහරි ඒකෙන් Recover වෙලා දෙවෙනි පාරටත් Bloodsport එක්ක සටන් කරන්න එනව.මෙතනදි සුපී එයාගෙ Heat Vision එක පාවිච්චි කරල Bloodsport ගෙ අත වටෙ තියෙන වාතය Ionize කරනව.මේක නිසා Bloodsport ට එයාගෙ Weapon Summon කරන්න බැරි වෙනවා.ඊට පස්සෙ සුපීගෙ හොදම යාලුවෙක් වෙන Jimmy Olsen, Bloodsport ඒ කියන්නෙ රොබර්ට් ගෙ සහෝදරයව එයාලා සටන් කරන තැනට එක්කගෙන එනවා.එතනදි මෙයාගෙ සහෝදරයා එයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා එයාගෙ Violence වැඩ නවත්තන්න කියල. ඒකනිසාම රොබර්ට් සුපර්මෑන් ට යටත් වෙනවා. (හරියට 2016 සුයිසයිඩ් ස්කොඩ් එකේ ඩෙඩ්ශොට් බැටාට වෙඩි තියන්න යනකොට ඩෙඩ්ශොට්ගෙ දුව මැද්දට පැනලා ඒක නවත්තන්නෙ.. ආන් ඒ වගේ එකක්...)

(Idris Elba as Bloodsport)

මෙයාට රගපාන්නෙ MCU එකෙ හයිම්ඩෙල්ට රගපාපු Idris Elba.මුලින්ම මෙයාව Will Smith ගෙ Deadshot ගෙ Role එකට තමා අරන් තියෙන්නෙ.ඒත් පස්සෙ මෙයාව Bloodsport විදිහට ගන් මාමා වෙනස් කරල තියෙනවා.ඒ වගේම Storm Reid ව Bloodsport ගෙ දුවට Cast කරල තියෙනවා.


06) Peacemaker


මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Christopher.මෙයාගෙ තාත්තා Nazi Concentration Camp එකක Commander කෙනෙක් විදිහට වැඩ කරල තියෙනව.මෙයා මේක දැනගන්නෙ එයාගෙ තාත්තගෙ මරණෙන් පස්සෙ.ඒක නිසා එයයි එයාගෙ අම්මයි US වලට එනවා එයාලගෙ නම් එහෙම වෙනස් කරගෙන.මෙයාල මෙතන පාවිච්චි කරන්නෙ Smith කියන නම.ඒත් මෙයාට US වලට Settle වෙන්න ගොඩක් අමාරු වුනා.එයා ගොඩක් Aggressive කෙනෙක් වුනා.එයාගෙ තාත්තගෙ වැඩ එයාට කොච්චර බලපාල තිබ්බද කිව්වොත් එයාට එයාගෙ තාත්තගෙ Visions පේන්න ගත්ත.මෙයා කොහොමහරි අවුරුදු 18 දි හමුදාවට බැදෙනවා.මෙයාගෙ මුල්ම Mission එකෙදි හමුදාවෙන් ලැබුණු වැරදි තොරතුරු නිසාත් එයාගෙ තාත්තගෙ Vision එකක් නිසාත් අහිංසක මිනිස්සු හිටපු සම්පූර්ණ ගමක්ම මෙයා විනාශ කරනවා.මේ නිසා මෙයාව අවුරුදු 20කට හිරේ දානවා.ඔය කාලෙදි මෙයාව මෙයාව Special Program එකකට තෝරගන්නවා Project : Peacemaker කියලා.මේක Terrorists ලව නවත්තන්න හදපු Elite Police Force එකක් කියල තමා කියන්නෙ.ඉතින් මෙයා එකග වෙනව US Government එකත් එක්ක එකතු වෙලා මේ Project එක කරන්න.මොකද Christopher Smith කියන්නෙ ගොඩක් දක්ශ කෙනෙක්.ඒත් මේ Project එක පටන් ගන්නත් කලින්ම Shut Down වෙනව.ඒ වුනාට Christopher ට එයාගෙ නිදහස ලැබෙනවා.ඉතින් මෙයා එයාගෙ මව් රට වෙච්ච Austria වට ගිහින් එයාගෙ තාත්තගෙ Business  වල නමයි Production එකයි වෙනස් කරල දියුණු කරල ගන්නව.මේකෙන් මෙයා මිලියනපතියෙක් වෙනවා.මෙයා Geneva වල Pax Institute කියල Charity එකක් පටන් ගන්නව යුද්දෙන් අසරණ වෙච්ච අයට උදව් කරන.ඒත් එක්කම මෙයා Project : Peacemaker එක ආයෙ පටන් ගන්නවා.මෙයා සාමය දෙවිදියකට Achieve කරගන්නවා.ඒ Charity එහෙම කරන මිලියනපතියෙක් වගෙ අනික High Tech Weapons තියෙන One Man Army එකක් වෙන Peacemaker කියන චරිතෙ වගේ.Peacemaker කියන්නෙ ගොඩක් Ruthless , Violent පුද්ගලයෙක් කියල තමා කියන්නෙ.මෙයා හිතන විදිහට සාමය අත් කරගන්න පුලුවන් ලේසිම විදිහ තමා ප්‍රචණ්ඩත්වය.ඒ වගේම මෙයාගෙ Victims ලගෙ ආත්ම එයාගෙ Helmet එක අස්සෙ හිර වෙලා ඉන්නෙ කියලත් කියනවා.
(John Cena as Peacemaker)

මෙයාට පණ පොවන්නෙ අපි කවුරුත් දන්න John Cena.

07) Mongal



Mongal කියන්නෙ War Lord එකෙ පාලකයා වෙන Mongul ගෙ දුව.මෙයාගෙ නිවුන් සහෝදරව වෙන Mongul The Younger තමා මෙයා ඉපදුනු ග්‍රහලෝකෙ වෙන Debstam IV පාලනය කලෙ.ඒත් මෙයා Carrier වෙච්ච Virus එකක් නිසා මෙ මුලු ග්‍රහලෝකෙම Population එක නැති වෙලා යනවා.ඉතින් Mongal ටයි Mongul The Younger ටයි එකපාරක් සුපර්මෑන් ව හම්බෙලා ලොකු සටනක් යනවා.මේක ඉවර වුනෙ Krypto ( සුපීගෙ බල්ලා ) Mongul ගෙ උගුර කඩන්න ඔන්න මෙන්න කියල තියෙද්දී.ටික කාලෙකට පස්සෙ Mongal Almeric කියන ග්‍රහලෝකෙක Rightful Heirs ලව එලවල ඒ ලෝකෙ රැජිණ වෙනවා.ඒත් ඊට පස්සෙ වෙන කට්ටියක් ඇවිල්ල මේ ලෝකෙ ආක්‍රමණය කරනවා.කොහොමහරි අන්තිමට මෙයාගෙ නිවුන් සහෝදරයම මෙයාව මරල දානවා.


(Mayling NG as Mongal)

මෙයාට රගපාන්නෙ Mayling NG.


08) King Shark 


මෙයාව ගොඩක් අය CW Flash Series එකෙන් දකින්න ඇති.ඒත් ඒකෙ මෙයාගෙ Origin එක ටිකක් වෙනස්.මෙයාට King Shark කියල කිව්වට මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Nanaue.මෙයා Hawai වල ඉන්න Shark Godගෙ පුතෙක් විදිහට තමා සලකන්නෙ.මෙයා නිසා මිනිස්සු වගයක් අතුරුදන් වෙනවා.මේක Superboy ගෙ අවධානය ගන්නවා.මෙයා ඒ මිනිස්සුන්ට උදව් කරන්න යද්දි මෙයත් එක්ක වැඩ කරන්න Inspector  කෙනෙක් එනවා Sam Makoa කියල.කොහොම හරි මේ දෙන්නට King Shark ව හම්බෙනව.එතන වෙන සටනෙදි Sam ට තුවාල වෙනව.King Shark ව නිදහස් කරන්නෙ Silicon Dragons කියල කට්ටියක්.මෙයාලට ඕන වෙනවා King Shark ව පාලනය කරන්න.ඒත් King Shark මෙයාලව මරල දානවා.කොහොමහරි Superboy ට පුලුවන් වෙනවා King Shark ව පරද්දන්න.ඔය සිද්දියෙන් පස්සෙ Superboy වයි Inspector Sam වයි Suicide Squad එකට බදවගන්නවා Silicon Dragons ලව අල්ල ගන්න.ඉතින් මෙයාලා King Shark ගෙ උදව් ගන්නවා.ඒත් එයාලත් දැනන් හිටියා King Shark කැමැත්තෙන්ම එයාලට උදව් කරන්නෙ නැ කියල.ඒක නිසා එයාගෙ ඉනට Explosives දාපු Belt එකක් හයි කරනවා.මේක Inspector Sam ට මොනා හරි වුනොත් පුපුරන විදිහට තමා හදල තියෙන්නෙ.ඒත් Mission එක අතරතුරේදි මේ බෙල්ට් එක පුපුරනවා.ඒත් King Shark ගෙ Durability එක නිසා එයාට එච්චර ලොකු හානියක් වෙන්නෙ නැ.Mission එකෙන් පස්සෙ Team එකෙන් ප්‍රතිචාරයක් ලැබුනෙ නැති නිසා King Shark Team එකට මොනා හරි කරල කියල සැක කරනවා.ඒත් ඇත්තටම Team එක අල්ලගෙන ඉදල තියෙන්නෙ Black Manta කියල අන්තිමට එලි කරනවා.කොහොම හරි ඔතනින් බේරිල එද්දි සුපර්බෝයි අතරෙයි King Shark අතරෙයි වලියක් ගිහින් King Shark පරාද වෙලා ආයෙ මුහුදට ගිහින් තියෙනවා.ඕකට පස්සෙත් Superboy අතරෙයි King Shark අතරෙයි වලි ගිහින් තියෙනවා.

(Sylvester Stallone Voicing as King Shark)

King Shark ට Motion Capture කරන්නෙ Steve Agee. (සචිනුයි සනිඳුයි කරපු යූටියුබ් වීඩියෝ එකේ දැක්කනෙ ඔයාලා) 

කින්ග් ශාක්ට හඬ කවන්නෙ සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්...


09) Solsoria 


මෙහෙම චරිතයක් නම් DC Universe එකෙ නැ.ගොඩක් අය කියන විදිහට මේ Juan Soria ගෙ Gender - Bent Version එක.මෙයා මුලින්ම Superhero කෙනෙක් වෙන්න හිතාගෙන Nanite Inject කරගන්නවා.ඒත් මෙයාව JL එකට ගන්නෙ නැ.ඒකනිසාම පොරට කළකිරිලා බැංකුවක් මංකොල්ලකනවා.එතනදි මෙයාව මාට්ටු වෙලා Belle Reve (2016 සුයිසයිඩ් ස්කොඩ් ෆිල්ම් එකේ මුලම පෙන්නන හිරගේ, හාලිලා එහෙම ඉන්නේ) වලට දානවා.එතනදි තමා පොරව Suicide Squad එකට ගන්නෙ.ඒත් ෆිල්ම් එකෙ Version එක මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.කියන විදිහට ෆිල්ම් එකෙ Solsoria ට Tech Based Device එක්ක Communicate කරන්න පුලුවන්.2016 Suicide Squad Film එකෙදි Katana රික් ෆ්ලෑග්ට උදව් කලා වගේ මෙයත් රික්ට Squad එක Manage කරන්න උදව් කරයි සමහරවිට.

(Alice Braga as Solsoria)

මෙයාට රගපාන්නෙ Alice Braga.


10) Javelin  

මෙයා ජර්මනියෙ Olympic Athlete කෙනෙක්.ඒත් නොදන්නා හේතුවක් නිසා මෙයා විලන් කෙනෙක් වෙනවා.මෙයා Green Lantern ගෙ විලන් කෙනෙක්.මෙයා Thugs ල එකතු කරන් වෙනම Mercenary Team එකක් හදාගෙන Ferris Aircraft ( Hal Jordan වැඩ කරන තැන ) එකෙන් Solar Powered Jet Pack එකක් හොරකම් කරනවා.ඒත් ලැන්ටර්න් ඇවිල්ල එයාව පරද්දනවා.ඊට පස්සෙ මෙයා එකග වෙනවා Task Force X Program එකට එකතු වෙන්න එයාගෙ Jail Time එක අඩු කරගන්න.කොහොමහරි War Of Gods Event එකේදි Suicide Squad එක Circe ට විරුද්ධව සටන් කරනවා.එතනදි Javelin එයාගෙම Javelin එකක ඇනලා Circe මරල දානව.හැබැයි ටික කාලෙකට පස්සෙ Javelin ආයෙ එනව ( ආයෙ ආවෙ කොහොමද කියලනම් දන්නැ 😁 ) එයා ආයෙ එන්නෙ Deadshot ට Attack කරන්න හදපු Villain ල සෙට් එකකට එකතු වෙලා.කොහොම හරි ඩෙඩ්ශොට් Javelin ගෙ පුපුරන Javelin එකකට වෙඩි තියෙනව.මෙතනදි Javelin ආයෙ මැරෙනව.ආයෙ අවුරුද්දකට පස්සෙ පොර ආයෙ එනවා.ඒ Suicide Squad එකට එකතු වෙලා.ඔය කාලෙම Tattooed Man Suicide Squad එකට ද්‍රෝහි වෙනවා.තව Javelin ව කාර් එකකත් හැප්පෙනව.Squad එක මෙයා මැරුනා කියල හිතල එයාව දාල යනවා.මෙයා ආයෙ එනවා Cry For Justice Event එකෙදි.Prometheus Technology එක එකතු කරන්න හදන කණ්ඩායමේ මෙයත් හිටියා.ඒත් කොහොම හරි JL එක ඇවිල්ලා මෙයාලව පරද්දනවා.Supergirl පොරට Knock Out වෙන්නම පාරක් ගහනවා.

(Flula Borg as Javelin)

මෙයාට රගපාන්නෙ Flula Borg.


11) Black Guard 

මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Richard Hertz.මෙයා 1,000 කියන Crime Syndicate එක වෙනුවෙන් වැඩ කරන කෙනෙක්.ඒත් මෙයාට එයාගෙ මුල්ම Mission එක හරියට කරන්න වෙන්නැ Booster Gold නිසා.මෙයාගෙ Failure එක නිසාම 1,000 මෙයාව මරන්න හදනවා.ඒත් කොහොමහරි මෙයා එයාලගෙන් බේරිලා Suicide Squad එකට සෙට් වෙනවා.මෙයාට Increased Strength එක වගේම Energy Manipulation කරන්න හැකියාවත් තියෙනවා.ඒ වගේම මෙයාට High Tech Armor එකකුත් තියෙනවා.

(Pete Davidson as Black Guard)

මෙයාට රගපාන්නෙ Pete Davidson.


12) Thinker 


මෙයාව CW Flash බලපු අයනම් දන්නව ඇති.අර පුටුවක ඉදගෙන අමුතු හෙල්මට් එකක් දාගෙන හිටියෙ පොර තමා.පොරගෙ නම Clifford DeVoe.මෙයා Failed Lawyer කෙනෙක්.මෙයා Technologically  Powered Telekinesis බලයකුයි Thinking Cap කියල Device එකකුයි පාවිච්චි කරලා Villain කෙනෙක් වෙනවා.නමින්ම තේරෙනවනෙ කොහොම කෙනෙක්ද කියල.මෙයාට ලොකු දැනුමක් තියෙනවා.ඒ වගේම මෙයා ප්ලෑන් ගහන්නෙ එයාගෙ Opponent ට වඩා පියවර කීපයක් ඉස්සරහින් ඉන්න පුලුවන් වෙන විදිහට.ෆ්ලැශ් ට වුනත් පොරව පරද්දන එක ලේසි වුනෙ නැ.මෙයා Suicide Squad එකේ වගේම Injustice Society එකෙත් ඉදල තියෙනවා.Suicide Squad Mission එකක් අතරතුරදි මෙයා Weasel අතින් මැරිල තියෙනවා.

(Peter Capaldi as Thinker)

මෙයාට රගපාන්නෙ Peter Capaldi.


13) T.D.K 


මෙයාව හදල තියෙන්නෙනම් ෆෑන්ස්ලා.ඒ Parody එකක් විදිහට ඒත් පස්සෙ Writers ලා මෙයාව Officially DC Continuity එකට සම්බන්ධ කරල තියෙනවා.මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Floyd Belkin.මේ T.D.K කියන එකේ තේරුම වෙන්නෙ The Detachable Kid.ඒ වගේම මෙයාව Arm-Fall-Off Boy කියලත් හදුන්වනව.එතකොට මෙයාගෙ පවර් එක මොකක්ද, වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම මෙයාගෙ අත් දෙක මෙයාට එයාගෙ ඇගෙන් වෙන් කරලා ආයුධ විදිහට පාවිච්චි කරන්න පුලුවන් ( මාර පවර් එකක් ඒකනම් 😂 ) මෙයා Legion Of Superhero ලත් එක්ක එහෙම වැඩ කරල තියෙනවා.මොනා නැතත් මේ ෆිල්ම් එකෙන් බර ආතල් ටිකක් නම් බලාගන්න පුලුවන් වෙයි අනිවා 😂

(Nathan Fillion as T.D.K)

මෙයාට රගපාන්නෙ ප්‍රසිද්ධ Comedian කෙනෙක් වෙන Nathan Fillion.


14) RatCatcher 2 

මුලින්ම කියන්න ඕනෙ RatCatcher 2 කියල කෙනෙක් කොමික් වල නැ මම දන්න විදිහට.ඔරිජිනල් RatCatcher තමා ඉන්නෙ.ඒත් මේ ෆිල්ම් එකෙ ඉන්නෙ එයාගෙ Gender Bent Version එකකුත් නෙමෙ.සමහරවිට Original RatCatcher එයාගෙ Mantle එක වෙන කෙනෙක්ට පාස් කලා වෙන්නත් පුලුවන්.මොකද Behind The Scenes Video එකෙ RatCatcher පොඩි ගෑනු ලමයෙක් එක්ක ඉන්නව බලා ගන්න පුලුවන්.ඉතින් මට හිතෙන විදිහට ඒ ගෑනු ලමයා තමා ලොකු වෙලා Suicide Squad එකට බැදෙන්නෙ.එයා ගැන විස්තර කොමික් වල නැති නිසා ඔරිජිනල් RatCatcher ගැන කියන්නම්.මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Otis Flannegan.මෙයා Gotham City Sanitation Department එකෙ වැඩ කරපු කෙනෙක්.මෙයා හැමතිස්සෙම කිව්ව දෙයක් තමා එයාට මීයන්ව Train කරන්න පුලුවන් කිව්ව එක.ඒත් එයාව කවුරුත් ගනන් ගත්තෙ නැ.කොහොමහරි පොරට හිරේ යන්න වෙනව මිනිහෙක්ව පිහියකින් ඇනල මරපු නිසා.මෙයා නිදහස් වෙලා ආවම මෙයාව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියො 4 දෙනෙක්ව පැහැරගෙන ගෝතම් කාණු පද්දතියෙ තිබ්බ මෙයාගෙ Hideout එකට අරන් යනවා.මෙතන Otis මෙයාලව අවුරුදු 5 ක් තියා ගන්නවා.මේ කාලෙදි තමා මෙයා එයාගෙ Equipment , එයාගෙ මාස්ක් එක එහෙම හදාගෙන RatCatcher වෙන්නෙ.මේ කාලෙදි මෙයා මීයන්ව Train කරනවා එයාගෙ අණට කීකරු වෙන්න.කොහොම හරි මේ නිලධාරින්ගෙන් කෙනෙක් එතනින් බේරිලා පැනල යනවා.ඒත් මෙයාව මරන්න RatCatcher මීයෝ එවනවා.කොහොමහරි මෙයා RatCatcher ගෙ Hideout එකෙන් බේරිල කාණු වලින් එලියට එන්න යද්දිම මේ මීයො මෙයාව මරලා දානවා.මෙයාගෙ Body එක කොහොමහරි බැට්මෑන් ට හම්බෙනවා.බැට්මෑන් මෙයාව හොයා ගෙන කොහොමහරි මෙයාව පරද්දනව.මෙයාගෙන් පස්සෙ RatCatcher වෙන කෙනා තමා අපිට ෆිල්ම් එකෙන් බලා ගන්න ලැබෙන්නෙ.

(Daniela Melchior as Rat Catcher 2)

RatCatcher 2 ට රගපාන්නෙ Daniela Melchior.


15) Weasel 

මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ John Monroe.මෙයා Law Student කෙනෙක්.ස්කෝලෙද මෙයාට ඉගෙන ගන්න එක අමාරු වුනා.ඔය වගේම ටික කාලයක් ගිහින් පොරගෙ බය එයාව යටපත් කරගත්ත.එතනදි තමා එයාගෙ Alter Ego එක වෙච්ච Weasel හැදෙන්නෙ.මෙයා Weasel කෙනෙක් වගෙ ඇදගෙන මිනීමරන්න පටන් ගන්නව.ඒත් පස්සෙ කොහොමහරි පොරව අල්ලගෙන හිරේ දානවා.මෙයත් Suicide Squad Program එකට එකතු වෙනවා.Rescue Operation එකක් අතරතුරදි මෙයා Thinker ව මරනවා.ඒත් Thinker ගෙ Enhanced Thinking Cap එක Ric ගෙ Mind Control කරලා Weasel ව මරනවා.

(Sean Gunn as Weasel)

මෙයාට රගපාන්නෙ James Gunn ගෙ සහෝදරයා වෙච්ච Sean Gunn.මෙයා තමා Guardians of the Galaxy එකෙ Rocket ට Motion Capture කරන්නෙ.ජේම්ස්ගෙ සහෝදර පෙම පේනවනෙ 😊😂

(ශෝන් ගන් රොකට් ලෙස)

(ඩිරෙක්ටර් ජේම්ස් ගන් සහ ශෝන් ගන් රොකට් ලෙස ගාර්ඩියන්ස් ඔෆ් ද ග්ලැක්සි ශූටින් වල)


16) Polka Dot Man 

මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Abner Krill.මෙයාගෙ ඇදුමෙ ගොඩක් Polka Dot තියෙනව කියල දකින්න ඇති.මේවලින් මෙයා එක එක වැඩ ගන්නවා.Frisbee / Projectiles / Punching Hand / Portal වගෙ ගොඩක් ඒව මේ Polka Dot වලින් මවන්න පුලුවන්.මෙයා එකපාරක් රොබින්වත් අල්ලගත්තා.ඒත් කොහොමහරි බැට්මෑන් එයාගෙ Sidekick වත් බේරගෙන Polka Dot Man ව නැවැත්තුවා.ඔහොම ටික කාලෙකට පස්සෙ මෙයා Second Rate Villain ල සෙට් එකක් වෙන Immortus ලට සෙට් වෙනවා.Pro.Milo ගෙ උදව් ඇතුව මෙයාලා Villain ලගෙ Equipment Update කරනවා.ඒත් මෙයාලට සාර්ථක වෙන්න හම්බෙන්නෙ නැ මෙයාලගෙ කෙනෙක් වෙන Human Flame මෙයාලට ද්‍රෝහි වෙනව.එතන යන Battle එකෙන් Polka Dot Man මැරෙනවා.

(David Dastmalchian as Polka Dot Man)

මෙයාට රගපාන්නෙ David Dastmalchian.


17) Savant 

මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Brian Durlin.මෙයා මිලියනපතියෙක්.මෙයා ගෝතම් වලට එනවා Vigilante කෙනෙක් වෙන්න.Vigilante කෙනෙක් වුනයින් පස්සෙ මන් මෙයා අපරාධකාරයො පස්සෙ යනකොට සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් කරදර වෙන්න ගත්තා.ඒකනිසාම බැට්මෑන් මෙයාට Vigilante කම අතැරල දාන්න කියල තර්ජනය කරනවා.ඉතින් පොර ඒව අතෑරලා එයාගෙ Computer Skills පාවිච්චි කරල Blackmail කරන්න යනවා.මෙයා එකපාරක් Black Canary ව Kidnapp කරලා Oracle ගෙන් බැට්මෑන් ගෙ ඇත්ත නම අහගන්න උත්සහ කරල තියෙනවා.ඒත් කොහොමහරි Birds Of Prey එක ඇවිල්ල Savant ව පරද්දනවා.Oracle ට ඕන වෙනවා මෙයාව එයාලගෙ පැත්තට ගන්න මොකද එයාට තියෙන Skill එක නිසා එයා Villain කෙනෙක් වුනොත් Birds Of Prey එකට එයාව පරද්දන්න අමාරු වෙනවා.ඒ වගේම මෙයාගෙ මොලේ තියෙන Chemical Imbalance එකක් නිසා පොරට හැමතිස්සෙම වගෙ අමතක වෙනවා.කොහොමහරි Oracle ට පුලුවන් වෙනවා Savant ව එයාගෙ යටතට ගන්න.එයා Savant ව ගෝතම් වල අපරාධකාරයො අල්ලන්න යවනවා.Savant Huntress එක්ක එකතු වෙලා Gotham Mafia එක අල්ලගන්නව.ඔය සීන් අස්සෙ තමා මෙයාලට Calculator හම්බෙන්නෙ.එයා Savant ව අල්ලගෙන එයාට වද දීලා Oracle ගෙ විස්තර හොයා ගන්න හදනව.ඒත් Savant ගෙ මතකෙ අමතක වෙන ලෙඩේ නිසා Calculator ට මුකුත් විස්තර හොයා ගන්න ලැබෙන්නෙ නැ.මෙයාව Birds Of Prey ලා බේරගන්නවා.ඒත් මෙයා ඊට පස්සෙ එයාලගෙන් අයින් වෙනවා.

(Michael Rooker as Savant)

මෙයාට රගපාන්නෙ Guardians of the Galaxy එකෙ Yondu ට රගපාපු Michael Rooker...

(ජේම්ස් ගන් සහ Michael Rooker)


ඉතින් මේ චරිත ගැන පොඩි හරි අදහසක් එන්න ඇති කියලා හිතෙනවා.ෆිල්ම් එක ගැන තියෙන පොඩි Facts ටිකක් දාන්න හිතුනා.ඒවත් බලාගෙනම යන්න 😊👇

👉 Harley Quinn ගෙ ඇදුම Injustice එකෙ හාලිගෙ ඇදුමට ගොඩක් සමානයි.

👉 ජේම්ස් ගන් කියල තියෙනවා එයා Guardians of the Galaxy 1/2 දෙකටම පාවිච්චි කරපු CGI වලට වඩා වැඩියෙන් මේ ෆිල්ම් එකට පාවිච්චි කරල තියෙනව කියල.

👉 ෆිල්ම් එකෙ King Shark Harley Quinn Animated Series එකෙ King Shark ගෙ Design එකට සමාන වුනත් ගන් කියල තියෙනවා Animated Series එකෙන් බේස් වෙන Design එකක් නෙමෙ කියලා.

👉 ගොඩක් ෆෑන්ස්ලා හිතන් ඉදල තියෙන්නෙ Idris Elba Bronze Tiger ගෙ චරිතෙ නිරූපණය කරයි කියල.

👉 FanDome එකට කලින් James Gunn ගෙ Birthday එක දවසෙ Cast එක එයාට Wish කරල දැම්ම වීඩියො එකෙන් එයාලා රගපාන චරිත ගැන පොඩි Hint දුන්නා.

👉 James Gunn කියල තියෙනව මේ ෆිල්ම් එක එයා කරපු ලොකුම ෆිල්ම් එක සහ පොර කරපු ආසම ෆිල්ම් එක කියලා...

👉 Thor Ragnarok Director Taika Waititi ත් මේ ෆිල්ම් එකෙ රගපානව කියල කියලා තියෙනවා.ඒත් මෙයාගෙ Role එක ගැන කවුරුත් දන්නැ.Rumors වලට අනුව මෙයා Original RatCatcher ගෙ Role එක කරයි කියල කියන්නෙ.

👉 Suicide Squad Film එක 2021 අගෝස්තු 06 (අනිද්දට) එනවා..

ඔන්න ඔච්චර තමා ඉතින් මේ ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙ.😊❤ එහෙනම් මේ වගෙ ලිපියකින් ආයෙ හම්බෙමු  ✌

Post a Comment (0)
Previous Post Next Post