Avatar The Last Airbender කියන්නෙ ලෝක ඉතිහාසයෙ හොඳම ඇනිමේටඩ් සීරීස් එක කියලා කිව්වොත් ඇත්තටම ඒකෙ වැරැද්දක් නෑ. IMDb ratings 9.3 ලබාගෙන Top rated TV shows වලින් 10වැනි ස්ථානය දිනාගන්න මේ සීරීස් එකට හැකිවුණා. ඉතින් ඒ වගේමයි නිකලෝඩියන් ආයතනයෙන් මේක රීලීස් කරපු දවසෙ ඉඳන් මේක අවසානය වෙනකොට ලොකූ ෆෑන්බේස් එකක් මේක වටා එකතු වෙලා තිබ්බා. මේ හේතුත් එක්ක Paramount Pictures ලා මේකෙ ලයිව් ඇක්ශන් චිත්රපටියක් නිශ්පාදනය කරන්න ගත්තා. මේක අධ්යක්ෂනය සඳහා බාරදුන්නෙ හොඳ වැඩ්ඩෙක්ට. ඒ Unbreakable, Split, Glass, The sixth sense වගේ සුපිරි චිත්රපටි කීපයක්ම අධ්යක්ෂනය කල M. Night Shyamalan මහත්තයට. හැබැයි Shyamalan මහත්තයා මේ වැඩෙන් ඇදගෙන නෑවා කියන එක රහසක් නෙමේනෙ. ෆිල්ම් එක ෆේල් හොඳටම. ඒක නිසාම Trilogy ගහන්න හිටියා වුනත් ඒකත් අතරමැදදිම නවත්තලා දාන්නත් Paramount ලා තීරණය කරනවා. මේකත් එක්ක Avatar ෆෑන්ස්ලට ආයෙ සතුටු වෙන්න පුලුවන් කාරණයක් එන්නෙ 2019 දි. ඒ Netflix ආයතනය Avatar the last airbender ලයිව් ඇක්ශන් සීරීස් එකක් කරන්න යනවා කියන ආරංචිය. මේකත් එක්ක මෙයාලා කියනවා කලින් සැරෙ වගෙ නෙමෙයි මේ සැරේ මෙයාල Avatar සීරීස් එකෙ නිර්මාතෘ වුනු Michael Dante DiMartino සහ Bryan Konietzko දෙදෙනාව මේකට යොදාගත්තා කියන එක. මේ දෙන්නත් කියනවා කලින් සැරේ උනා වගෙ වැරදි මේ සැරෙ සිද්ධ වෙන්න දෙන්නෙ නෑ කියලා.
![]() |
(Michael Dante DiMartino) |
![]() |
(Bryan Konietzko) |
හැබැයි 2020 දි අපිට තව අසුභ ආරංචියක් එනවා. ඒ Michael සහ Bryan දෙන්නා මේ ප්රොජෙක්ට් එකෙන් අයින් වුනා කියන එක.
https://www.michaeldantedimartino.com/an-open-letter-to-avatar-the-last-airbender-fans/
ඒකත් එක්කම මේ මෑත කාලෙ අපිට දැනගන්න ලැබුනා Avatar එකට මියුසික් කරපු Jeremy Zuckerman ත් මේ වෙද්දි Netflix project එකෙන් අයින් වෙලා කියලා.
To those who are wondering, I will not be working on the Netflix live action ATLA adaptation. However, I'm beyond excited to further explore the Avatar universe with Mike, Bryan, and everyone else at Avatar Studios.
ඇත්තටම Avatar the last airbender සීරීස් එක මාස්ටර්පීස් එකක් වෙන්න ඒකෙ තිබුන මියුසික් හුඟාක් බලපෑවා. ඒ ඒ තැන් වලදි මාර ම විදිහට ෆීල් වෙන විදිහෙ පුදුමාකාර මියුසික් අපිට Avatar සීරීස් එකෙදි ඇහුනා. ඉතින් මේ මියුසික් කරපු මනුස්සයත් දැන් Netflix project එකෙ නෑ කියන්නෙ ෆිල්ම් එකට වෙච්චි දේම සීරීස් එකට වෙයිදෝ කියන සැකේ දැන් ෆෑන්ස්ලට දැනෙන්න අරන්. හැබැයි මට නම් එහෙම හිතෙන්නෑ. ඒ මොකද Netflix එක ලේසියෙන් වැඩක් අනාගන්නෑ. ඒ වගේමයි මේ netflix ලා 2020දි Avatar සීරීස් එක(Animated එක) Stream කලා. ඒ සතියෙ trending 1 වෙලා තිබ්බෙ මේ ශෝ එක. අවුරුදු 19ක් 20 ක් ගත වෙලත් මිනිස්සු අතරෙ තාමත් මේක ජනප්රියයි කියලා ඒකෙන් අපිට හිතාගන්න පුලුවන්. ඉතින් එහෙම ශෝ එකක් netflix ලා නිකන් විනාස කරගනීද? බලාගෙනම ඉමු මොනාද වෙන්නෙ කියලා.
මේ අතරෙ ඊයෙ Netflix එකෙන් නිල වශයෙන් දැනුම් දුන්නා එයාලගෙ ශො එකෙ ප්රධාන කාස්ට් එක.
මෙතන ඉන්න ඈන්ග්ට රඟපාන Gordon කියන්නෙ Lost in Space,The Stand වගෙ සීරීස් වල රංගනයෙ යෙදුන නලුවෙක්. කටාරට ඉන්න Kiawentiio Beans චිත්රපටියෙ ප්රධාන චරිතයත් Anne with an E සීරීස් එකෙත් රංගනයෙ යෙදුන කෙනෙක්. සොක්කට ඉන්න Ian 13 Reasons Why, Young Sheldon, Sorry for your Loss වගෙ සීරීස් වල හිටපු කෙනෙක්. අවසානෙ සුකොට ඉන්න Dallas Tekken, Underdogs kids වගෙ චිත්රපටි වල සහ Mortal Kombat Legacy ටිවි සීරීස් එකෙත් හිටපු නලුවෙක්. ඒ වගේමයි මේ සැප්තැම්බර් තුන එන්න තියෙන් Shang Chi ෆිල්ම් එකෙත් මෙයා ඉන්නවා. මේ ඔක්කොම සටන් ජවනිකා තියෙන ඒවා. ඒක හොඳ දෙයක්. මොකද සුකො කියන්නෙ සටන් වලට මොන වගෙ වැඩ්ඩෙක්ද කියල කියන්න ඕනෙ නෑනෙ. සිරීස් එකෙ අපිට බලාගන්න ලැබුන අග්නි කායි දෙකටම සුකො සහභාගි වුනා.
මට නම් මේ කාස්ට් එක හොඳටම සැටිස්.
Netfilx එක ප්රධාන කාස්ට් එකට අමතරව මේ සීරීස් එකෙ අධ්යෂකවරු තුන්දෙනෙක්වත් මේ වෙද්දි දැනුම් දුන්නා. ඒ,
මේ අතරින් මයිකල් කියන්නෙ හොඳ වැඩ්ඩෙක්. Swamp Thing, Megan is missing හී අධ්යක්ෂක ලෙසත් American Horror Story, Chilling Adventures of Sabrina, Riverdale, Kung fu වගෙ ටිවි සීරීස් වලට තමන්ගෙ දායකත්වයත් දීලා තියෙනවා.
![]() |
(Michael Goi) |
Roseanne Liang තමා ගිය අවුරුද්දෙ ආව Chloë මැණික ඉන්න Shadow In The Clouds චිත්රපටිය අධ්යක්ෂනය කලෙත්. (බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් බලන්න ඒක. සුපිරි ෆිල්ම් එක)
![]() |
(Roseanne Liang) |
Jabbar Haisani කියන්නෙ Emmy සම්මාන පවා දිනාගත්ත Visual Effect Supervisor කෙනෙක්. එහෙමයි කියලා මෙයා අධ්යක්ෂනය වෘත්තියට අලුත් කෙනෙක් ම නෙමෙ. Lost In Space සීරීස් එක වැඩිහරියක් අධ්යක්ෂනය කරන්නෙ මෙයා තමා.
![]() |
(Jabbar Haisani) |
මේ අතරේ Avatar ගෙ හරිම අයිතිකාරය නිකලෝඩියන් ලත් නිකන් හිටියෙ නෑ. මේ වෙද්දි Michael ලා Bryan ලා එක්ක Avatar studio එකක් පටන් අරන් තියෙන්නෙ. මේ studio එකත් එක්ක Avatar-verse එක තවදුරටත් expand කරන්න මයිකල්ලා බලාපොරොත්තු වෙනවලු. ඒක නම් හොඳ ආරංචියක්. ඉදිරි අවුරුදු කීපය ඇවටා පෑන්ස්ලට හොඳ අවුරුදු කීපයක් වේවී.
අපෝ නෑ. ඔයාලට පුලුවන් Atla සීරීස් එකට Sequel සීරීස් එක Legend of korra සීරීස් එක බලන්න. මම නම් හිතන්නෙ ගොඩක් අය මේක බලලා ඇති. නොබලපු කෙනෙක් ඉන්නවනම් ඉක්මනට බලන්න ගන්න. මේක ඈන්ග් ට පස්සෙ Water Tribe එකෙන් බිහිවෙන avatar ගෙ කතාව.
Aang firelord Ozai ව පරද්දලා ලෝකෙට සාමය ගෙනවා. එතනින් එහාට මොනා වුනාද කියලා අපි දන්නෑ. ඊට පස්සෙ අපිට ආයෙ Aang ගැන දැනගන්න ලැබෙන්නෙ Korra ගෙ කතාවෙන්. මෙ අතරතුර වෙච්ච දේවල් තියෙනවා comic වල. මේවා publish කරන්නෙ Dark Horse ආයතනය. මේවා 100%ක්ම cannon දේවල්(ප්රධාන කතාවටම අදාල දේවල්). මේවා ගැන කිව්වොත් එහෙම,
The Promise
සුකෝ ඈන්ගෙන් ගන්න පොරොන්දුවක් සහ fire nation එකයි earth kingdom එකයි අතර ඇති වන ගැටලුවක්.
The Search
සුකෝ එයාගේ අම්මා උර්සා හොයන් යන ගමන.
The Rift
ඇවටාර් යැන්ග්චින්ග් ගේ කාලේ තිබ්බ ප්රශ්නයක් සහ කර්මාන්ත ශාලා වල ආරම්භය.
Smoke & Shadow
සුකෝගෙන් බේරිලා ගිය අසූලා ගෙන් එල්ල වන ප්රහාරයක් සහ fire nation එක ඇතුලත ඇතිවන කැරැල්ලක්.
North & south
අවුරුදු ගානකට පස්සේ ගෙදර ගිය කටාරට සහ සොක්කට වෙන ප්රශ්නයක් සහ water tribe දෙකම කාර්මීකරණය වීම.
Imbalance
මුල් කාලීනව cranefish town එක ලෙසත් පසුව Republic city ලෙසත් හැඳින්වූ නගරයේ ඇති වන ගැටලුවක්.
Katara and the Pirate's Silver
මේක නම් සීරීස් එක යනකාලෙ ඇතිවෙච්ච එකක්. කටාරා ඈන්ග්ලා එක්ක ඉද්දි මගඇරිලා පයිරේට් ලා වගයක් එක්ක සෙට් වෙලා යන කතාවක් මේක. එහෙමට ලොකු කතාවක් නෑ මේකෙ නම් හැබැයි enjoy කරන්න පුලුවන්.
Suki Alone
මේකත් සීරීස් එක යන කාලෙ වුන සිද්ධියක්. මේක නම් යන්නෙ Book 3 කාලෙ. අසූලා සුකීව අල්ලගෙන Boiling Rock කියන දූපතට හිරකාරයෙක් වගෙ යවනවා. මේකෙ ඉන්න සුකි මානසිකව වැටෙන්නෙ නැතුව never give up එක තියාගෙන ඉන්න විදිහ අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම සුකි kiyoshi Island එකෙ ජීවත් වුන විදිහ,එයා දූපත දාලා ආව විදිහත් අපිට පෙන්වනවා.
Toph Beifong's Metalbending Academy
උඩ තියෙන කොමික් ටික පිලිවෙලට කියවන් ආවම දකින්න ඇති toph එයාගෙම කියලා ඉස්කෝලයක් පටන් අරන් කියලා. මේකෙ ඒ ගැන තවදුරටත් හොඳට බලාගන්න පුලුවන්. ඒ වගෙම Korra සීරීස් එකෙ අපිට බලාගන්න තියෙන Pro-Bending ක්රීඩාව වගෙ දේකුත් මේකෙම අපිට බලාගන්න පුලුවන්.
මේ ටිකට අමතරව තව කොමික් දෙකක් තියෙනවා Lost adventure සහ Team avatar tales කියලා. Lost adventure එකේ තියෙන්නේ Book 3 කාලෙදී උන අමතර සිදුවීම්. ඒ ගොඩක් ඒව නම් හරිම විනෝදයි. Team avatar tales කියන්නේ tpb එකක්. Dark horse ලා පස්සේ තමා tpb එක එලියට දැම්මේ ඊට කලින් මේකේ කතා වෙන වෙනම free comic days වල තමා ආවේ. (TPB කියන එක ගැන දන්නවා ඇති කියලා හිතනවා.)ඒකේ තියෙන සමහර කතා උඩ කිව්වේ කොමික් අතරේ යන්නේ. එක එක ඒවා එක එක තැන් වලට අයිති වෙන්නේ. මේවා බොහොම පොඩි කතා. මේවා කියෙව්වේ නෑ කියලා උඩ කොමික් කියවන්න බාධාවක් නෑ. හැබැයි ඔයා die hard ෆෑන් කෙනෙක් නම් මේකත් අනිවාර්යෙන් ම කියවන්න.
මේ කිව්වෙ ඔක්කොම Aang එක්ක සම්බන්ධ කොමික් නෙ. ඊළඟට කියන්න තියෙන්නෙ කෝරා එක්ක සම්බන්ධ කොමික්. මේවා වැඩිය නෑ දෙකයි.
Turf Wars
Ruins of the Empire
දැන් සේරම ඉවරද?
නෑ නෑ ඉවරයි කිව්වට ඉවරම නෑ තව තියෙනවා.
Avatar Order එක දන්න කෙනෙක්ට ඇවට රෝකුට කලින් කලින් හිටියෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ තමයි Badass ම Avatar වෙන Avatar Kyoshi. ඇවට කියෝශි ගැන නම් කොමික් වත් සීරීස් වත් නෙමෙ තියෙන්නෙ නවකතා දෙකක්.ඔයාලට ඇවට කියෝශි ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් ඒ දෙකෙන්. ඒ දෙක තමා,
The Rise of Kyoshi
The Shadow of Kyoshi
මෙන්න මේ විදිහට තමා දැනට Avatar-verse එකෙ සීරීස්,කොමික් සහ පොත් තියෙන්නෙ. ඉස්සරහට කොහොමත් හොඳ කාලයක් එන්නෙ ඇවට ෆෑන්ස්ලට. එතකන් කොහොමහරි ජීවත් වෙන්න තමා ඉන්නෙ. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝම.
සුපිරිම
ReplyDeleteබොහොම ස්තුතියි නියම වැඩක් .
ReplyDeletecupiriyac tama
ReplyDelete