වෙනම් 2 ට්‍රේලර් බ්‍රේක්ඩවුන් - Venom: Let there be Carnage Official Trailer Breakdown

 Ciao කිව්ව ඔක්කොටම ✌️✌️



කාලෙකට පස්සෙ මේ ලිපි පොජ්ජක් මන්දො කොරන්නෙ. ( බ්ලොග් එක පටන්ගත්තට පස්සෙ එකක් ලියනවමද කොහෙත ). හැම එකාම ස්පයිඩර් මෑන් ට්‍රේලරේ එනකම් දතකට මැදගෙන බලන් එද්දි සෝනිල ඇහැටවත් පේන්නෙ නැති අත්කාචයක් අරන් බලන සයිස් එකේ සෙට් ෆොටෝ එකක් රිලීස් කරල.

Spider-Man No Way Home Set Photo

Venom Let there Be Carnage ෆිල්ම් එකේ දෙවෙනි ට්‍රේලර් එක රිලීස් කරා පහුවදාම. මාවල් ෆෑන්ලට බැදපු ගෑණිවත් නොදෙන කුරිරි ආතල් එකක් තමා දෙන්නෙ සෝනිල😂. ගොක් එක්කට අරන් තියෙන්නෙ උන්ව. (ඕකෙ ට්‍රිබල නැති උනොත් තමා සෙට් එකට කුපිරිම ආතල් එක සෙට් වෙන්නෙ😂.) කෝමහරි Venom 2 ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක තමා මේ අරන් ඇවිල්ල තියෙන්නෙ

මුලින්ම කියන්න ඕනෙ මේකෙ සහ මීට කලින් ආපු ට්‍රේලර් එකෙත් පාවිච්චි කරල තිබ්බෙ One කියන සිංදුව🔥. (ඒකෙ ඔරිජිනල් එක නෙවේ ෆිල්ම් එකට හදපු Cover එකක් තමා Play වෙන්නෙ) මේක Three Dog Night ලගෙ සිංදුවක්.

Three Dog Night


සිංදුව ලියල තියෙන්නෙ Harry Nilsson 😍.  Three Dog Night ල කියන්නෙ 2011 වෙනකොට Golden Albums 13 තිබ්බ බෑන්ඩ් එකක්. මේ “One” කියන සිංදුව වෙනොම් ෆිල්ම් එකටම කියල හදපු සිංදුවක් වගේ කියන්න පුලුවන්. සිංදුවෙ මුල් කොටස අහල බලන්නකො කොහොමට ගැලපෙනවද කියල.

                

One is the loneliest

Number that you’ll ever

Do 

Two can be as bad as one     

It’s the loneliest number 

Since the number one


සිම්බියෝට්ල සහ ධාරකයො අතර සම්බන්ධෙ ගැන තමා මේ කියන්නෙ. සහ තව Relationship එකක් ගැනත් මේකෙන් සංකේතවත් කරනව. ඒක කියන්නම් ඉස්සරහට.


හරි මුලින්ම අපිට පෙන්නන්නෙ එඩී එයාගෙ බයික් එකේ ඉන්න කොටසක්. මේ ඇනී බදින්න යන එක දැනගත්තට පස්සෙ සීන් එකක් වෙන්න ඕනෙ. මොකද ට්‍රේලර් එකේ අන්තිමට පෙන්නනව ඇනී Engage වෙලා ඉන්නෙ කියල.


ඊට පස්සෙ ඕනෙම Superhero ෆිල්ම් එක්ක දකින්න ලැබෙන දේ. වෙනොම් Thug ල සෙට් එක්කට අල්ලගෙන තඩි බානව.(අර බිල්ඩිමක් උඩ ඉන්න ශොට් එක ඒම පට්ට. Cowl එක ඒම තිබ්බනම් Dark Knight එකේ ශොට් එකක් වගේ😍 ).



Vigilante කෙනෙක් වෙනවට වඩා මේ සටන් වලට යන්නෙ වෙනොම්ව පාලනය කරගන්න ඕනෙ නිසා වෙන්න ඕනෙ. මතකද X-Men Last Stand ෆිල්ම් එකේ ලෝගන් ප්‍රොෆාට කියනව රාක්ශයව කූඩු කරල තිබ්බොත් ඌ කුලප්පු වෙනව කියල. එහෙම සීන් එකක් තමා මෙත්නත් තියෙන්නෙ. පූස් පැටව් එහෙම ඇති කරනවනම් දන්නව ඇති උන්ට දඩයම් කරන්න බැරිනම් උන් අහුවෙන මොකක්මහරි අල්ලගෙන වරුගණන් සෙල්ලම් කරනව. (සචින දන්නව ඇති ඕක හොදටම මොකද පොර පූස් පික්කෙක්). ඊලග සීන් එකේ ඕක හොදටම පැහැදිලි වෙනව එඩීගෙ අපාර්ට්මන්ට් එක පෙන්නද්දි. වෙනොම්ට ටයර් ඒම හපන්න එල්ලල තියෙන්නෙ.



ඔය සීන් එක නිසා තමා ඒ. වෙනොම්ම කියනව ඔතන “I am a predator. I want to be free” කියල. ඔය මැරයො සෙට් එකට නෙලද්දි එහෙම පොර එකෙක්ව කන්නත් යනව.



උට පාලනය කරගන්න අමාරු නිසා තමා ඒ. ඩීසී ෆෑන්ලට එහෙම මතක ඇතිනෙ ජේසන්, ඩේමියන් එහෙම වලියකට බැස්සහම ඉන්න උන්ගෙ හතර හන්දි කැඩෙන්නම නෙලන්නෙ කියල 😂💪 

ආ තව එකක්. එඩීගෙ අපාර්ට්මන්ට් එකේ හැමතැනම රසකැවිලි දාල තියෙනව දකින්න ඇති.



 වෙනොම්ට තියෙනව ඉවර වෙන්නෙ නැති ලේ පිපාසාවක් (කලින් කිව්ව වගේ Predator ලනෙ ඉතින්) චොකලට් එහෙම කෑවම ඒක යටපත් කරගන්න පුලුවන් උට. මතකනෙ කලින් ට්‍රේලර් එකේ චොකලට් එහෙම හොයන්න යන්නෙ පොර. ඊලග පෙන්නනව Ravencroft එක.



මේක ඇවිල්ල මාවල් කොමික් වල තියෙන Arkham Asylum එක වගේ. මේකෙ ඇතුලෙ පෙන්නන්නෙ අර වීදුරු කුටියක් ඇතුලෙ ඉන්න කෙනෙක්. මේ ඉන්නෙ Shriek.

Shriek in Comics

මෙයාට තියෙනව Sonic abilities සහ මෙයා තමයි ක්ලීටස්ගෙ GF. (GF කිව්වෙ අහවලා) ට්‍රේලර් එකේම පෙන්නනවනෙ මෙයා තමන්ගෙ powers යූස් කරනව. 



මේ ක්ලීටස්ව මරන්න යනව කියල දැනගත්තට පස්සෙ වෙන්න ඕනෙ ගෑණිට මළ පැනල Cell දෙවනත් කරන්නෙ (ලංකාවෙ ගෑණුන්ට Superpowers ඕනෙ නෑ ගේ දෙකක් කොරන්න 😂. One සිංදුවම තෝරගන්නත් එක හේතුවක් මේ දෙන්නගෙ සම්බන්ධෙ. (Maximum Carnage Event එකේදි මුන් දෙන්න killing spree එකක ගිහින් හෙන පිස්සුවක් කෙලිනව. අන්තිමට සාමාන්‍ය මිනිස්සු පවා මිනීමරන්න පටන්ගන්නව.)

Maximum Carnage in Comics


මේ ඒරියා-51 කියල එඩී කියන්නෙ Ravencroft එක ගැන වෙන්නත් පුළුවන්. නැත්තම් Journalist කෙනෙක් නිසා පොර ඒරියා-51 ගැන දන්නව වෙන්නත් පුළුවන්.

ඊට පස්සෙ පෙන්නනව එඩී ක්ලීටස් එක්ක Interview එක්කට යනව.



ක්ලීටස් සමහරවිට එඩීට එයා මරපු මිනිස්සුන්ගෙ බොඩි තියන තැන් ගැන කියනව වෙන්න ඕනෙ. එතකොට ඇයි මේ එඩීවම මේ වැඩේට තෝරගන්නෙ. ඕකටමට තියරි කීපයක් තියෙනව. පළවෙනි එක තමා ක්ලීටස් එඩීව කාලයක් තිස්සෙ දන්නව කියන එක. (ක්ලීටස් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම මිනීමරන්න පටන්ගත්ත එකෙක්. මුලින්ම මූ බල්ලව එල්ලල මරනව. පස්සෙ ආච්චිව මරනව. ඊටත් පස්සෙ අම්මව Electrocute කරන්න යනව. ඒකනම් වරදිනව. ඒකට පස්සෙ මුගෙ අම්ම මූව මරන්න යනව. හැබැයි ඊට කලින් මූ හෝ මුගෙ තාත්ත මුගෙ අම්මව මරනව. ඔය සිද්දි නිසා මූව  ළමා නිවාසෙකට යවනව. එත්නත් මූ නිකන් ඉන්නෙ නෑ මූ ඒකටත් ගිණි තියල පැනල යනව. සමහරවිට මූ එඩීව ඔය අනාථ නිවාසෙ ඉද්දි දැනගත්ත වෙන්නත් පුළුවන්.)

දෙවෙනි තියරිය තමා වෙනොම්ගෙ ඇග ඇතුලෙ කානේජ් නිර්මාණය වෙලා කලින් ට්‍රේලර් එකේ පෙන්නුව වගේ එඩී ක්ලීටස් එක්ක ලියුම් හුවමාරු කරගද්දි කානේජ් ක්ලීටස් එක්ක එකතුවුනා වෙන්නත් පුළුවන්.



අනිත් තියරිය තමා කොමික් වල Cult එකක් තියෙනව Knull එහෙමත් නැත්තම් සිම්බියෝට්ලගෙ දෙවියව අදහන.

Knull in Comics


ක්ලීටස්ගෙ ෆැමිලි එකට මේ Cult එකත් එක්ක සම්බන්ධයක් තියෙනව. සමහරවිට ක්ලීටස් මුල ඉදන්ම සිම්බියොට්ල ගැන දැනගෙන ඉදල එඩී ගාව එකෙක් ඉන්නව කියල දැනගෙන එඩීව ගෙන්නගන්නව වෙන්නත් පුළුවන්.  මොකද ක්ලීටස් එඩීට කියනව “What’s mine it’s yours and What’s your’s it’s mine” කියල. ක්ලීටස් මේ කියන්නෙ තම්න්ගෙ Birth right එක ගැන වෙන්න ඕනෙ. කොමික් වලදි ක්ලීටස් මැරුනාම මේ Cult එක මිනිහට ආපහු පණදෙනව. එතනින් පස්සෙ තමා Absolute Carnage Story Arc එක පටන්ගන්නෙ.

Absolute carnage in Comics


සිම්බියෝට් කෙනෙක් ත්මන්ගෙ ධාරකයව මාරු කරද්දි කලින් ධාරයක්ගෙ ශරීරයෙ තමන්ගෙ කොටසක් ඉතුරුකරල යනව. Absolute Carnage එකේදි  කානේජ් දැනගන්නව මේ සිම්බියෝට්ලගෙ  ඔක්කොම අරගත්තොත් තම්න්ට God of Symbiote එහෙමත් නැත්තම් Knull ව ඇහැරවන්න පුළුවන් කියල.මේ රන් එකේදි පොර කලින් සිම්බියෝට් ලගෙ ධාරකයො වෙලා හිටපු අයව හොයාගෙන Knull ව ඇහැරවන්න යන සීන් තමා තියෙන්නෙ (මං මාවල් කොමික් වල කියවපු කුපිරිම රන් එකක් Absolute Carnage කියන්නෙ🔥). කොහොමහරි ක්ලීටස්ට කානේජ්ව හම්බවෙන්නෙ එඩීව හැපුවට පස්සෙ වෙන්න ඕනෙ. 

ඔන්න ඊට පස්සෙ අපිට දකින්න ලැබෙනව First Mother f****g Live-Action කානේජ්ව🔥



දඩාර Accurated, පට්ටම Badass  ලුක් එකක් තියෙන්නෙ පොරට. CGI ගැන එහෙම කතාකරල වැඩක් නෑ දෙන එක දීල තියෙනව ඇඩෙන්නම. මාවල් උන් බැනුම් අහගත්තෙම ඇකියුරේට් නෑ කියලනෙ. මේ පාර ඇකියුරේටඩ් මගුල හොදටම කරල උන් ✌️. ආයෙ කානේජ් මෙතන ජේලර් කෙනෙක්ගෙ කට ඇතුලට දිව දානව.



මේ කානේජ්ගෙ කොටසක් ප්ලාන්ට් කරනව වෙන්න පුළුවන්.  Ultimate Spiderman බලපු උන්ට මතක ඇතිනෙ Carnage virus එක ✌️ (දිව දානව කිව්වම කාවද මතක් උනේ 😅. අන්න මහත්තයො නලුවො රයිගම් යවන්න ඕනෙ පර්ෆෝමන්ස් එකක්. සෝනිලත් අපේ එකාගෙන් උස්සල හුම්ම්) 

ඊට පස්සෙ පොඩි පොඩි ඇක්ශන් සීන් ටිකක් යනව. මෙතන අපිට හොදටම බලාගන්න පුලුවන් Shriek සහ ක්ලීටස් දෙන්න වාහනේකින් පැනල යනව.



පේන හැටියට Shriek ව Ravencroft එකෙන් පන්නනව වගේ ක්ලීටස් කාරය. කානේජ් අර බිත්තියක් කඩාගෙන ඇවිල්ල ජේලර්ලට ගහන සීන් එකක් එහෙම තියෙන්නෙ ඔය Jail Break එකේදි වෙන්න ඕනෙ. ඒ වගේම දෙන්න පැනල යද්දි Shriek එයාගෙ පවර්ස් පාවිච්චි කරනව බලාගන්නත් පුළුවන්.



ඒ වගේම අපිට බලාගන්න පුලුවන් ක්ලීටස් ඇනීගෙ පින්තූරයක් දිහා බලාගෙන ඉන්නව.



පේන හැටියට ක්ලීටස් එඩීගෙන් පලිගන්න ඇනීගෙ පස්සෙන් යනව වගේ. එතකොට එඩීගෙන් පලිගන්න හේතුව මොකද්ද ? එක්කො මේ ක්ලීටස්ගෙ මැන්ටලේ නිසා නැත්තම් මට පොඩි තියරියක් තියෙනව ඕකට. දැන් Shriek කියන්නෙ ක්ලීටස්ගෙ ලව් එක කියල ට්‍රේලර් එකෙන්ම ඔප්පු වෙනවනෙ. ඉතින් මට හිතෙනව වෙනොම් හෝ එඩී අතින් සිද්ධ වෙන වරදක් නිසා Shriek ට අනතුරක් වෙලා ඒකට ක්ලීටස් එඩීගෙන් පලිගන්නව වෙන්න පුළුවන් 💔

ඔන්න ඊට පස්සෙ ට්‍රේලර් එකේ ලොකුම Attention එකක් ආපු තැන!!! පල්ලියෙ යන වලිය. මෙතන කානේජ්ගෙ සම්පූර්ණ ලුක් එකක් බලාගන්න පුළුවන්.



මේක ටිකක් ලියනාඩෝ ඩාවින්සිගෙ The Vitruvian Man සිතුවමට දීපු රෙෆරන්ස් එකක් වගේ.

Da Vinci's Vitruvian Man


පල්ලියක තියෙන එකක් නිසා පොඩ්ඩක් Devil ට දීපු රෙෆරන්ස් එකක් වගේ හැබැයි (Oh shit Mephisto is Back Again 😂). ට්‍රේලර් එකේ මීට කලින් කොටසක එඩී ක්ලීටස් එවපු චිත්‍ර වගයක් බලනව අපිට පෙන්නනව. එතනත් තියෙනව පල්ලියක පින්තූරයක්.


සමහරවිට මේ ක්ලීටස් පොඩි කාලෙ හිටපු St. Esther’s Orphanage එක වෙන්නත් පුළුවන්. Daily bugle එකේ ආටිකල් එක්ක west coast කියල ලියල තිබ්බ. West Coast Avengers කියල කේටි බිශොප් ඒ කියන්නෙ වෙන්න හෝකඅයි ලීඩ් කරම ටීම් එකක් තියෙනව. ඕකෙ ඉන්නව Hawkeye (Katie), Hawkeye (Clint Barton), Gwenpool, Fuse වගේ සෙට් එකක්.


ආයේ ඊලග ශොට් එකේ තියෙනව ගහක පින්තූරයක් කලින් ආපු ට්‍රේලර් එකේ අපි දැක්ක ක්ලීටස් මේකම තමන්ගෙ Cell එකේ බිත්තියෙ ඇදල තියෙනව.



මේකෙ මොනාහරි ලියල තියෙනව දකින්න ඇතිනෙ. මේ තියෙන්නෙ Lord Byron ගෙ Prometheus කියන කවි පන්තියෙ කොටසක්

To thee, the strife was given

Between the suffering  


ග්‍රීක මිත්‍යා කතා වලදි Prometheus කියන්නෙ දෙවියන්ගෙ අණට පිටින් ගිහිල්ල මිනිස්සුන්ට ගින්දර ලබා දීපු දෙවියෙක්. මේ නිසා මිනිහව පර්වතයක බැදල දානව. හරියට වෙනොම් ක්ලින්ටාර්ලට (ක්ලින්ටාර් කිව්වෙ සිම්බියෝට්ලට කියන හරිනම) ද්‍රෝහි උනා වගේ. හැබැයි මේ කවිපන්තියෙන් කියන්නෙ මිනිස් වර්ගයාට බලය පවරන්න දිව්‍යලෝකෙ ඉදල එන මහා හමුදාව ගැන. මේ කියන්නෙ රයට් සිම්බියෝට් හමුදාවක් අරන් එන්න හදපු එක ගැන වෙන්නත් පුළුවන්. නැත්තම් Knull ට දීපු රෙෆරන්ස් එකක් වෙන්නත් පුළුවන්. මොකද Knul King in Black event එකේදි ක්ලින්ටාර් හමුදාව අරන් එනව Invasion එක්කට. 

King in black


ඔන්න අපිට ඊට පස්සෙ බලාගන්න පුලුවන් Shriek සහ ක්ලීටස් දෙන්න Ravencroft එකට ගිණි තියල යනව (මිනිහටම ගැලපෙන ගෑණි). සමහරවිට මේ අර පල්ලිය වෙන්නත් පුළුවන්.



ඒ වගේම ක්ලීටස් Shopkeeper කෙනෙක්ට පහර දෙනව බලාගන්නත් පුළුවන්. මේ මිස්.චෙන් ගෙ කඩේ වෙන්නත් පුළුවන්. මොකද ක්ලීටස් යනවනෙ එඩීගෙ පස්සෙන්. 



ඔතනින් පස්සෙ Title Card එක වැටෙනව. ටිකක් ඩාක් වගේ ඒකනම්.



R-rated උනොත් හොදයි ෆිල්ම් එක. මොකද කානේජ්ව R-rated නොකර මේකෙ පෙන්නන්න මගුලක් නෑ. ක්ලීටස් ගෙ බැක්ස්ටෝරියෙ එහෙම අනිව ලේ තියෙන්න ඕනෙ.

Title Card එකට පස්සෙ ඇනී තමන් එන්ගේජ් වෙලා ඉන්නෙ කියල එඩීට කියන සීන් එක පෙන්නනව.



ඊට පස්සෙ තමා වසරේ ගොක් එක. අර අසරණයට වෙනොම එඩී ලව්ව කනේ පාරක් ගහනව. ට්‍රේලරේ ආපු දවසෙ පෙජකින් දැම්ම මීම් තිබ්බ වගේ “පෙරේතය වැහුනම මං දන්නෙ නෑ මොනාද කරන්නෙ කියල😂🙏”. 



බ්‍රේක්ඩවුන් එක ඉවරයි ඔන්න. ටිකක් දිග උනා. මේකෙ මම කානේජ්ගෙ පවර්ස්, උගෙ කොමික්වල ඔරිජින් එක ගැන එහෙම කතා කරේ නෑ. ඒව ගැන වෙනම ලිපියක් ගේනව ඔය Maximum Carnage, Absolute Carnage වගේ දේවල් වලත් විස්තර දාල. ඒකෙදි අපි ක්ලීටස්ට අර Cult එකත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද, කොමික් වලදි කානේජ් කොහොමද ක්ලීටස් එක්ක සම්බන්ධ වෙන්නෙ, Shriek කියන්නෙ කවුද, එයාට ක්ලීටස්ව හම්බවෙන්නෙ කොහොමද කියන විස්තර ගැන A-Z කතාකරමු. ඒක Promise එකක් 🙈

Stay safe and wear the freaking mask 

එහෙනම් කොල්ලනේ, කෙල්ලනේ Au revoir!


ලිපි නිර්මාණය හා අදහස - මලින්ද බණ්ඩාර


VENOM: LET THERE BE CARNAGE - Official Trailer 2



2 Comments

Post a Comment
Previous Post Next Post