Universalලගෙ අලුත්ම හොරර් ෆ්‍රැන්චයිස් එක

 Exorcist ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක


Universal Pictures සහ එයාලගේ ස්ට්‍රීමින් සර්විස් එක වෙන Peacock ආයතනය අළුත් Exorcist ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් නිර්මාණය කරන්න රියිට්ස් මිලදී අරගෙන තියෙනවා. ඒ ඩොලර් මිලියන 400 ක මුදලකට. Universal ලා මේ ෆ්‍රැන්චයිස් එක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ Blumhouse සහ Morgan Creek Entertainment කියන ප්‍රොඩක්ෂන් ආයතන සම්බන්ධ කරගෙන. Novel එකක් බේස් කරන් William Friedkin නිෂ්පාදනය කරපු පළමු Exorcist ෆිල්ම් එක 1973 රිලීස් වුණා. අද වෙන විටත් ඇමෙරිකාව තුළ වැඩිම ආදායමක් ලබා ඇති හොරර් ෆිල්ම් එක තමයි මේ Exorcist කියන්නේ. Exorcist ෆිල්ම් එක ලබා ඇති මුළු ආදායම ඩොලර් මිලියන 440 ක් පමණ වෙනවා. 

Leslie Odom Jr


නිර්මාණය වෙන අළුත් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක රීබූට් එකකට වඩා 1973 ආපු පළවෙනි Exorcist ෆිල්ම් එකේ continuation නැත්නම් දිගුවක් විදිහට නිර්මාණය කරන්නයි Universal ලා බලාපොරොත්තු වෙන්නේ. මීට කලිනුත් Exorcist වල sequel සහ prequel කිහිපයක්ම ඇවිල්ලා තිබ්බත් ඒ කිසිම එකක් මේ අළුත් ෆ්‍රැන්චයිස් එකට කිසිම සම්බන්ධයක් නැහැ. නිෂ්පාදනය කරන පළවෙනි ෆිල්ම් එකේ ප්ලොට් එකේ වෙන්නේ අමනුෂ්‍යය ග්‍රහණයකට ලක්වුණු(පොසෙස්ඩ්) දරුවෙක් සිටින පියෙකු 1973 ආපු Exorcist ෆිල්ම් එකේ අමනුෂ්‍ය ග්‍රහණයට ලක්වුණ ගැහැණු ළමයාගේ මවගෙන් උදව් ලබාගැනීම යි. මේකේ පියාට කාස්ට් කරලා තියෙන්නේ Leslie Odom Jr වන අතර 1973 Exorcist ෆිල්ම් එකේ මවට රඟපාපු Ellen Burstyn මේ ෆිල්ම් එකේ ඇයගේ චරිතය නැවත කාස්ට් කරන්න සූදානමින් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ සුප්‍රකට Halloween හොරර් ෆිල්ම් ඩිරෙක්ට් කරපු David Gordon Green විසින්. Exorcist ෆිල්ම් එක අදටත් සලකන්නේ ඉතිහාසයේ නිර්මාණය වුණ හොඳම(බියජනකම) හොරර් ෆිල්ම් එකක් විදිහට. 2023 ඔක්තොම්බර් 13 රිලීස් කරන්න ඉන්න මේ අළුත් Exorcist ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ පළවෙනි ෆිල්ම් එකත් ඒ වගේම ෆිල්ම් එකක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙමු.

Ellen Burstyn



( Source - Deadline )
Post a Comment (0)
Previous Post Next Post