අනාගත සංග්‍රාමය - The Tomorrow War (2021) Movie Review

අනාගත සංග්‍රාමය - The Tomorrow War  (2021)


තාත්තාලා වැඩිපුරම ආදරේ දූලටලු.අම්මලා වැඩිපුරම ආදරේ පුතාලටලු. ඒක ලෝක ස්වාභාවයක්. ඒ වගේමයි පුතාලත් වැඩිපුරම ආදරෙ අම්මලට. දූලත් වැඩිපුරම ආදරෙ තාත්තලට. අද මෙ කතා කරන්න යන්නෙ මෙන්න මෙ සම්බන්ධෙ ගැන නම් නෙමෙ. හැබැයි මේක අපිට පෙන්නපු චිත්‍රපටියක් ගැන.ඒ තමයි The Tomorrow War.

Chris McKay විසින් අධ්‍යක්ෂනය කරපු The Tomorrow War චිත්‍රපටිය Amazon Prime හරහා නිකුත් වුනෙ පහුගිය ජූලි දෙවැනිදා. 2019 දී ශූටින් පටන් ගත්තු මේක හරිනම් රිලීස් වෙන්න තිබුනෙ හරියටම 2020 දෙසැම්බර් 25 නත්තල් දවසෙ. හැබැයි 2020 රිලීස් වෙන්න තිබුනු අනිත් හැම ෆිල්ම් එකක් වගේම මේකත් පැන්ඩෙමික් එක නිසා කල් ගියා. මේ වෙනකොටත් මේකෙ අයිතිය තිබ්බෙ Paramount Pictures සමාගමට. හැබැයි මේක Amazon studios එකෙන් ඩොලර් මිලියන 200ක් දීලා මිලදී ගන්නවා.ඒ අනුව තමයි මේක ජූලි දෙවැනිදා Amazon Prime හරහා Streaming වෙන්න පටන් ගන්නෙ.හැබැයි ඒක නම් එක පැත්තකින් අපරාදයක්. මොකද බිග් ස්ක්‍රීන් එක්ස්පීරියන්ස් එකක් ගන්න තිබ්බ ෆිල්ම් එකක් මේක...

2022 දෙසැම්බර් වල කටාර් වල තියෙන ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරඟෙ අතරතුර අනාගතෙන් එන කණ්ඩායමක් මුළු ලෝකෙටම කතා කරලා කියනවා තව අවුරුදු තිහකින් මුලු ලෝක ජනගහනයම අතුගාල දාන්න  පිටසක්වලයො ටිකක් ඇවිත් කියලා. තව මාස එකොළහකින් පෘථිවියෙ මිනිස්සු කියලා ජාතියක් නැති වෙන්නයි යන්නෙ කියලා ඒ අය කියන්නෙ. මේකට ඒ අය තමන්ගෙ සීයලා ආච්චිලගෙ උදව් ඉල්ලනවා අනාගතයට ඇවිත් සටන් කරන්න කියලා... කතාවෙ කතා නායකයා වන ඩෑන් අවුරුදු පහලවකට කලින් ඉරාකයෙ හමුදා සංචාර දෙකකට සහභාගි වුන දැන් විද්‍යා ගුරුවරයෙක් විදිහට වැඩ කරන එක්දරු පියෙක්. ඉතින් මේ අයගෙ උත්සහාය සාර්ථක වේවිද කියන එක තමයි මේ චිත්‍රපටියෙන් අපිට පෙන්වන්නෙ.මෙතනින් එහාට මේ ෆිල්ම් එකේ Spoilers අඩංගු වෙනවා. ඒක නිසා ඔයා තාම Tomorrow War බලලා නැත්නම් දැන්ම ගිහින් බලලා එන්න. ඊට පස්සෙ මෙතනින් එහාට කියවන්න ගන්න.

The Tomorrow War (2021)

2048 දි තමයි මේ චිත්‍රපටියෙ මේ කතා කරන White Spikeලා (වයිට් ස්පයික්ලා) මුලින්ම පෙනී හිටියෙ... ඊට පස්සෙ අවුරුදු තුනක් වගේ කාලයක් ඇතුලත ලෝක ජනගහනය 500කට වගෙ අඩුකරන්න මේ අයට හැකි වෙනවා... 

The Tomorrow War (2021)

ඊට පස්සෙ තමා අනාගතෙ අය තමන්ගෙ අතීතයෙන් උදව් ඉල්ලන්න තීරණය කරන්නෙ. මේකට මේ අය Jumplink (ජම්ප්ලින්ක්) කියන කුළුණ හරහා අනාගත තාක්ෂණයක් තමයි පාවිච්චි කරන්නෙ. මෙතනදි මේ අය අතීතයෙ අයව අනාගතයට ගෙන්වද්දි ගොඩක් සැලකිලිමත් වෙනවා Paradox එකක් ඇති වෙන්නෙ නැති විදිහට කටයුතු කරන්න කියලා ෆිල්ම් එකේදී අපිට පෙන්වනවා. ඒ ඩෑන් ගෙයි චාර්ලිගෙයි කතාබහෙන්. හැබැයි ලුතිනන් හාර්ට් ගෙ ටීම් එකෙ කට්ටිය පැහැදිලි කරනවා කාලය හරියට ගඟක් වගෙ කියන එක. ගඟ ගලන්නෙ ඉස්සරහට. Jumplink කියන්නෙ පාරු දෙකක් විතරයි කියන එක. එහෙමනම් මේ වෙද්දී 2022 ඉඳලා තව අවුරුදු තිහක දේවල් වෙලා ඉවරයි. අතීතයේ දේවල් වෙනස් වුනා කියලා ඒ අවුරුදු තිහට බලපෑමක් වෙන්න විදිහක් නෑ. මොකද ඒක වෙලා ඉවර දෙයක් නිසා. එතකොට වෙන්න පුලුවන් දේ අතු ගංගාවක් හැදෙන එක. ඒ කියන්නෙ Alternative Timeline එකක් හැදෙන එක. ඇත්තටම මේක මම හිතුව දෙයක්. මේක කියෝන ඔයා හිතන්නෙ මේක නොවෙන්න පුලුවන්. ඒක පහලින් කමෙන්ට් කරන් යන්න කියලා කියන ගමන් අපි යමු ඩෑන් දිහාවට.


Jumplink -The Tomorrow War (2021)

ඩෑන් කියන්නෙ තාත්තා නැතුව හැදුන ළමයෙක්. මොකද තාත්තා ඩෑන් ව අතඇරලා යන නිසා.මේකට ඩෑන් ගෙ තාත්තා ළඟ සාධාරණ හේතුවක් තිබුනත් ඩෑන්ට ඒක වැඩක් නැ. ඇත්තටම මේ දේ තමන්ගෙ දුවට නොවෙන්න දෙන එක තමා ඩෑන් ගෙ හිතෙ තියෙන දේ. ඒක නිසාමයි ඩෑන් Drift එකට යන්නෙත්. මෙතනදි ඩෑන් ව වැටෙන්නෙ R-force එකට. ඒ කියන්නෙ Research Force එකට. මේ අයට තියෙන්නෙ 2051 ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා මේ ව්‍යසනය වලක්වන්න ක්‍රමයක් හොයාගන්න එක. "සබත්" දවසෙ R-Force එක යන්නෙ.මොකද White Spike ලා දවස් හයක් කැරකි කැරකි ඉඳලා ඊට පස්සෙ දවසෙ උන්ගෙ කූඩු වලට ගිහින් විවේක ගන්නවා දවසක්.ඒ දවසට තමයි සබත් දවස කියන්නෙ.මේ සබත් කියන්නෙ ජුදා සංස්කෘතියෙ එන වචනයක්. කතෝලික ආගමෙ අය නම් දන්නවා මේ ගැන. දෙවියන් වහන්සේ ලෝකය දවස් හයක් ඇතුලත මවලා ඊට පස්සෙ දවසෙ විවෙක ගත්තා. අන්න ඒක සිහි වෙන්න ජුදා සම්ප්‍රදායක් විදිහට ඉරිදා සබත් දිනය විදිහට නම් කරනවා. එදාට වැඩ මුකුත් නොකර දෙවියන් ට යාච්ඤා කිරීම තමා කරන්න ඕනෙ. ආයෙත් කතාවට බැස්සොත්... ඩෑන්ලට සබත් දවස වෙනකම් ඉන්න වෙන්නෙ නෑ. මොකද අන්තිම Research Facility එකටත් White Spike ලා ඇවිත් නිසා. අනාගතෙන් ඒ එන පණිවිඩෙත් එක්ක R-Force එක Time Jump එකට ලෑස්ති වෙනවා. මෙතනදි මෙයාලව යවන්නෙ මයාමි වෙරළ ළඟට. හැබැයි Jumplink එකෙ ඇති වෙන යාන්ත්‍රික දෝෂයක් නිසා R-Force එක පොලවට ආසන්නව වැටෙනවා වෙනුවට වැටෙන්නෙ හුඟාක් ඉහලින්. මේකෙන් R-Force එකෙ ගොඩාක් අය මැරෙනවා. පූල් එකට වැටෙන කීප දෙනෙක් විතරයි ඉතුරු වෙන්නෙ. ඉතුරු අය කර්නල් ෆොරස්ටර් ගෙ මඟ පෙන්වීමට යටතෙ රිසර්ච් ෆැසිලිටි එකට ගිහින් ටොක්සින් (විෂ) ටිකත් අරන් බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගන්නවා...

The Tomorrow War (2021)

ඊට පස්සෙ ඩෑන් ඇහැරෙන්නෙ ඩොමිනියන් රිපබ්ලික් එකෙදි. මෙතනදි ඩෑන් දැනගන්නවා කර්නල් ෆොරස්ටර් කියන්නෙ තමන්ගෙ දුව මියුරි කියන එක. ඒ වගේම R-Force එක එයාගෙ නිර්මාණයක් බව. මෙතනදි ඩෑන් ගොඩක් ඉමෝශනල් වෙනවා. මොකද තමන්ගෙ  අවුරුදු නමයක කෙල්ල අවුරුදු විසි අටකට පස්සෙ ඉන්න විදිහ දැකලා. මෙ වෙලාවෙ මියුරි කියනවා ඩෑන්ල ගෙනාපු ටොක්සින් එකෙන් Male White Spike ලා විතරයි මැරුනෙ. Female White Spike මැරෙන්නෑ කියන එක. ඒක නිසා මියුරි ඩෑන් එක්ක Female White Spike අල්ලගන්න යනවා. එතනදි මාර ගේමක් දීලා Female White Spikeව අල්ලගෙන ගෙනිච්චට පස්සෙ මියුරි තමන්ව ගෙනියන්න එනකම් ඩෑන් ට අවුරුදු විසිඅට ඇතුලදි වුන හැම දේම කියනවා. ඩෑන් මියුරිවයි මියුරිගෙ අම්මවයි දාලා ගියා කියන එක. හැබැයි මේක ඩෑන් විශ්වාස කරන්නෑ. මොකද එයා හොඳටම දන්නවා එයා එයාට වුන දේ තමන්ගෙ දුවට වෙන්න දෙන්නෙ නෑ කියලා. හැබැයි මියුරි ව දාලා ගිය ඩෑන් කවදාවත් තාත්තව හම්බවෙන්න ගියෙ නෑ. ඒ ඩෑන්ට ඒ අත්දැකීම නෑ. එ වගේමයි ෆිල්ම් එක පටන් ගද්දි ඩෑන් ජොබ් එකකට ඇප්ලයි කලත් එයාව ඒකට ගන්නෙ නැ. අත්දැකීම් මදි කියන එක නිසා.මේ වෙලාවෙ ඩෑන්ට හුඟක් තරහා යනවා. මේකම වෙන්න පුලුවන් ඩෑන් මියුරිලව දාල යන්න හේතුවත්. මොකද මියුරි කියනවා "ඔයා ඔයාගෙ ජීවිතෙ ගැන සතුටින් නෙමේ ඉන්නෙ වගෙ පෙනුනෙ"කියලා. Fifa Final එකේදි මුකුත් සිද්ධ නොවුන නම් දිගින් දිගටම ස්ට්‍රෙස් එක වැඩිවෙලා මියුරිට අවුරුදු දොලහෙදි ඩැන් දාලා යන්න ඉඩ තිබ්බා. මිනිස්සු තමන්ගෙ ස්ට්‍රෙස් පිට කරන්නෙ හරිම අමුතු විදිහට. තමන්ව සතුටු කරගන්න තමා මිනිස්සු හැමදේම කරන්නෙ. ඒත් කරන දේවල් වලින් තමන්ට සතුටක් එන්නෙ නැත්නම්... එතන හුඟාක් ලොකු ප්‍රස්නයක් වෙන්න තියෙනවා.

Female White Spike - The Tomorrow War (2021)

කොහොම හරි තාත්තයි දුවයි එකතු වෙලා Female White Spike ව මරන්න පුලුවන් ටොක්සින් එකක් හැදුවට පස්සෙ මියුරි කියනවා එයාගෙ නියම සැලැස්ම. මේ මේන් ටයිම්ලයින් එකේ සේරම විනාස වෙලා නිසා ටොක්සින් එක අරන් අතීතයට ගිහින් White Spikeලා ආපු ගමන් සේරමලා මරලා දාන්න ඕනෙ කියන එක. එතනින් හැදෙන අලුත් ටයිම්ලයින් එකේදී ලෝක විනාසයක් සිද්ධ වෙන්නෙ නෑ එතකොට. ඒත් ඩැන් තේරුම් ගන්නවා මියුරි හදන්නෙ සියදිවි නසාගන්න වගෙ වැඩක් කියලා. ඒකයි ඩෑන් කියන්නෙ එයා අතීතයට ගිහින් ටොක්සින් එකෙන් ඒ ටයිම්ලයින් එක බේරගෙන ආයෙ අනාගතයට ඇවිත් මේකත් බේරගන්නම් කියලා. මොකද තාත්තා කෙනෙක් විදිහට මියුරි ට මැරෙන්න දෙන්න ඩෑන් ට බැරි නිසා ඒත් මේ වෙලාවෙ Female White Spikeව බේරගන්න Male White Spikeලා දාස් ගානක් Deppswell-9 එක (අර මුහුද මැද තියෙන එක) වටලන නිසා ඩෑන් ටයි මියුරිටයි මෙතනින් ඉක්මනට යන්න සිද්ධ වෙනවා. ඒත් Female White Spikeගෙ ඇටෑක් එකක් නිසා මියුරි ඉන්ජර්ඩ් වෙනවා. මේ වෙලාවේ මියුරි ටොක්සින් එක ඩෑන්ට දීලා මේවා වෙන්නෙ නැති වෙන්න ඔයා වගබලාගන්න ඕනෙ කියලා කියනවා. මේ වෙලාවෙ Female White Spike ඇටෑක් කරලා මියුරි මුහුදට වැටෙද්දි ඩෑන් පනිනවා මියුරිව බේරගන්න.මොකද තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරුවෙක් තමන්ගෙ ඇස් ඉස්සරහා මැරෙනවා බලන් ඉන්න බැරි නිසා.(Interstellar එකෙත් මේක කියනවා මතක ඇති)

කොහොම හරි මියුරිගෙ ටොක්සින් එක (විෂ) වැඩිපුර හදලා ඩෑන් ඇතුළු කට්ටිය 2022 දිම අනාගතෙ වෙන්න තිබ්බ ලෝක විනාසයක් නවත්තනවා. මෙතනදි ගොඩක් දෙනෙක් තමන්ගෙ ජීවිතෙ පූජා කරනවා. මෙතන හයිලයිට් වෙලා පේන දෙයක් තමා ඩෑන් ගෙයි එයාගෙ තාත්තගෙයි Relationship එක වැඩි වෙන එක. ඩෑනුත් අනාගතෙ වැඩ කරන්නෙ හරියට එයාගෙ තාත්තා වගේමයි. හැබැයි මියුරි එයාගෙ තාත්තව විශ්වාස කලා. එයාට දෙවැනි අවස්තාවක් දුන්නා. ඩෑනුත් ඒකම කරනවා අන්තිමට අපිට බලාගන්න පුලුවන්.ඒ මියුරිට එයාගෙ සීයව මුණගස්වලා. 

The Tomorrow War (2021)

The Tomorrow War ගැන කතා කරද්දි කතා නොකරම බැරි දෙයක් තමයි ඒකෙ මියුසික්. මට නම් මාරම විදිහට ෆීල් උනා ඒ ඒ තැන්වල තිබුනු මියුසික්. Lorne Balfe තමා මෙකෙ මියුසික් කලේ. Lorne හුඟක් ජනප්‍රිය ඇක්ශන් ෆිල්ම් වලට මියුසික් කරපු කෙනෙක්. ඒ වගේමයි හෙට (09) එන්න තියෙන Black Widow එකට මියුසික් කරන්නෙත් මෙයා මයි.

(Lorne Balfe)

ආයෙ කියන්නම ඕන දෙයක් තමා මාර ලස්සන ශොට් කීපයක්ම මේකෙ අපිට දකින්න ලැබුනා. මතක ඇති මියුරි Female White Spike එක්කම මුහුදට වැටෙන ශොට් එක.ඒක නම් මාරම ලස්සනයි...

The Tomorrow War (2021)

The Tomorrow War (2021)

කතා නොකාරම බැරි දෙයක් තමයි Chris Pratt සහ J.K Simmons දෙන්නා ගැන. දෙන්නගෙ ඉතාම හොඳ රංගනයක් දැක්කා මම මේ චිත්‍රපටිය ඇතුලෙදි. විශෙෂයෙන්ම අපේ සිමන්ස් මහත්තයගෙ. අවුරුදු හැටහයක මනුස්සයෙක් නේද මේ කියන එක අමතක කරලා වගෙ තමා පොර හිටියෙ.

J.K Simmons - The Tomorrow War (2021)

ඉතින් The Tomorrow War කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ගනයට වැටෙන චිත්‍රපටියක් වුනත් මේකෙ ඇතුලෙ සියුම්ව අපේ සබඳතා කොහොමද හරියට පවත්වා ගන්නෙ, මානසික අපහසුතා වලදි ඒවට පවුලක් එක්ක මූණ දෙන්නෙ කොහොමද වගේම කෙනෙක්ට දෙවැනි අවස්තාවක් දීම ගැන කතා කරනවා ඒ වගේමයි සහකම්පනය නැත්නම් Empathy කියන්නෙ. මතක ඇති චිත්‍රපටියෙ තැන් දෙක තුනකම පෙන්නුවා මේ අනාගතේට මිනිස්සු යවන එකට මිනිස්සු විරුද්ධ වෙනවා. මිනිස්සු කියන්නෙ හරි ආත්මාර්ථකාමි ජාතියක්. උන්ට අනිකට හෙන ගැහිල ගියත් කමක් නැ තමන් හොඳින් නම්. ආන් ඒක හින්දා තමා ඒ අය උද්ඝෝෂණ කරන්නෙ... මේ තියෙන්නෙ මම දැක්ක විදිහ. එහෙනම් ආයෙ තවත් ලිපියකින් හමුවෙමු. සුබ දවසක්...

The Tomorrow War (2021) on IMDb

The Tomorrow War (2021) Official Trailer



13 Comments

Post a Comment
Previous Post Next Post