The Tomorrow War sequel එකක් ගැන Chris McKay ගේ අදහස.

   


SPOILERS ඇතුළත්ව ඇත!


Hollywood වල Big Screen වල මේ වෙනකොට Fast 9,Luca සහ Boss Baby 2 අදායම් වාර්තා තියනකොට  ස්ට්‍රීමින් සර්විසස් අතරින් ෆිල්ම් එකක් වෙනුවෙන් හොඳම සාර්ථකත්වය ලබා ගැනීමට Amazon  Prime වල The Tomorrow War සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක Chris Mckay විසින් ඩිරෙක්ට් කරලා තියෙනවා සහ ෆිල්ම් එකේ අයිතිය කලින්  Paramount Pictures ල ට තිබුණත් පසුව Amazon Prime ආයතනය මඟින් ඒ අයිතිය මිල දී අරන් තියෙනවා.Critics ලා විසින් ෆිල්ම් එක ගැන එතරම් හොඳ ප්‍රතිචාර නොදුන්නත්,සාමාන්‍යය මිනිස්සු ෆිල්ම් එකට ගොඩක් කැමති වෙලා තියෙනවා.විශේෂයෙන් ෆිල්ම් එකේ විෂුවල්ස් සහ ඇක්ෂන් ගැන හොඳ පැහැදීමක් ගොඩක් අයට තියෙනවා.එයාලා ගේ අදහස මේක Zack Snyder සහ Michael Bay ගේ එකතුවෙන් හදපු ෆිල්ම් එකක් වගේ කියලයි.

A Visual Still From the Movie

මේ ෆිල්ම් එක තියෙන්නේ Dan Forester (Chris Pratt) ඇතුළු පිරිසක් කාලය හරහා අනාගතයට ගිහින් ආක්‍රමණික පිටසක්වළ හමුදාවක් නැත්නම් Whitespikes ලා එක්ක කරන සටනක් ගැන.ඒකත් එක්ක ෆිල්ම් එකේ Sequel එකක් ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා.ෆිල්ම් එකේ සාර්ථකත්වය ගැන Chris Mckay ඉතා විශ්වාසයකින් ඉන්නවා වගේම The Tomorrow War එකේ sequel එකක් ගැනත් එයා කතා කරලා තියෙනවා.

Chris Mckay

මේ ගැන එයා කියලා තියෙන්නේ ෆිල්ම් එකේ ඩිසයිනින් වැඩ ඉතා කැමැත්තෙන් කළ බවත් සහ Whitespikes ලගේ මව් ග්‍රහලෝකය නැත්නම් Home Planet එක ආශ්‍රිත දේවල් නිෂ්පාදනය කරන්නත් ආසාවෙන් ඉන්නවා කියලා.ඒ කියන්නේ Whitespikes ලා හදපු විදිහ,එයාලගේ  ග්‍රහලෝකය,සමහරවිට එයාලා කවුරුහරි විසින් පාලනය කරනව ද කියලා වගේ දේවල්.Chris Mckay කැමතියි නු World Building Experiments වලට.ඒ කියන්නේ මන:කල්පිත ලෝක හදන්න කැමතියිනු.ඉතින් බොහෝවිට අපිට The Tomorrow War sequel එක තුළින් Whitespikes ලා මූලික කරගත් කතාවක් බලන්න පුළුවන් වෙයි.

A Whitespikes Ship

The Tomorrow War ෆිල්ම් එකට අපි කරපු රිවිව් එක බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න 👇

අනාගත සංග්‍රාමය - The Tomorrow War  (2021) Movie Review


(Source -Screen Rant)

Post a Comment (0)
Previous Post Next Post