The Lord Of The Ring : The Return Of The King සිරසේ Version එකෙයි Original එකෙයි අතර Missing Parts


සිරසේ The Lord of the Rings: The Return of the King බැලුවා, ඒකත් නිකන් Harry Potter 1 2 3 බලලා කියවනවා වගේ තමා. ගොඩාක් ඕනෙම කොටස් නැ. මට අහුවුන ටිකක් තමයි 


⭐️Gandalf LOTR 2 එකේ මුලින්ම අරගොන් ලා එක්ක rIsengard වලට ගියාම එතන සරුමාන් ව මරනවා පෙන්නන්නේ නෑ.


⭐️Aragon, Legolas, Gimlie, Dimholt වලට ගියාට පස්සෙත් පොඩි කොටස් නෑ අර උන් ඇටකටු පාගාගෙන යන තැන් එහෙම




⭐️පස්සේ එහෙදි Oathbreakers හමුදාව Aragon ගේ ඉල්ලීම එක පාරින්ම පිලිගන්නවා වගේ සින් එකක් දැනෙන්නේ, ඒත් ඇත්තටම එයාලා මුලින්ම කැමති වෙන්නේ නෑ පස්සේ Aragon ලා පැනලා යනවා මොකද එතන පරණ ගොඩනැගිල්ල පුපුරලා මනුස්සයන්ගේ ඇටකටු දහස් ගණන් වැටෙන්න ගන්නවා.



⭐️ඊට පස්සේ එතනින් එලියට ආවම අර Lord Elrond කිව්වා විදියටම දකුණින් එන මුහුදු මංකොල්ලකාරයෝ ටික දකිනවා එවෙලේ Aragon බිම දන ගහනවා එවෙලේ තමයි Oathbreakers ඇවිල්ල සටන් කරනවා කියන්නේ. ඒ කොටස අයින් කරපු එක නම් සිරාවටම අපරාදේ මොකද ඒ කොටසේ කික් එක හැමෝටම තේරෙන්නේ නෑ.



⭐️දැන් කියන එක නම් හරියටම සුවර් නෑ ඒත් මට Mentioned උනේ නැ Minas Tirith සටනේදී Grond(Wolf Head) ව ගෙන කොටස



⭐️එකෙනුත් පස්සේ අරගොන් අර මුහුදු මන්කොල්ලකරයන්ට අභියෝග කරලා උන්ව Oathbreakers හමුදාව ලව්වා නැති කරනවා පෙන්නන්නෙත් නෑ



⭐️ඊට පස්සේ Rohan වලින් එන්න කලින් Gandalf, Fifin එක්ක යනවා Faramir ව පන පිටින් පුච්චන එක නවත්තන්න ඒ යද්දී එතනට The Witch King of Angmar එනවා. එවලේ Gandolf ගේ Staff එක කැඩෙනවා 




⭐️Faramir නුයි Éowyn නුයි සැට් වෙන කොටසත් නෑ 



⭐️Aragon අන්තිම සටනට කලින් Sauron ට අභියෝග කරනවා Palantír හරහා. අර Lord Elrond එන්න කලින් අරගොන් හීනයක් දකිනවා Evenstar පදක්කම වැටිලා කැඩෙනවා ඉතින් ඒ සීන් එක ඇත්තටම ඒ වෙලාවේ වෙනවා




⭐️ඊට පස්සේ තව පොඩි කැල්ලක් අහුවුනා Frodo යි Sam යි Orcs වගේ ඇඳගෙන යද්දී මගදී උන්ටත් පෝලිමේ යන්න වෙනවා ඔය වෙලාවේදී Frodoට අමාරු වෙනවා ඒත් උපක්‍රමශිලි විදියට පැනලා යනවා 



⭐️අන්තිමට Aragon අඳුරු දොරටුව ලගට ගිහින් Sauronට අභියෝග කලාම පස්සේ එවෙලෙ Sauron ගේ පැත්තෙන් Mouth of sauron එනවා ඌ ෆොඩෝ දාගෙන හිටිය මකර හමෙන් හදපු ඇඳුම පෙන්නනලා Aragon ව මානසිකව වට්ටනවා ඊට පස්සේ Aragon ට අපහාස කරනවා, එකට කේන්ති අරගොන් උගේ බෙල්ල කපනවා 




ඉතින් මේවා තමා දැක්ක අඩුපාඩු ඉතින් සිරාවට Film එකේ හොදම Experience ගන්න ඕනේ නම් Download කරලා බලන්න..

Post a Comment (0)
Previous Post Next Post