තුන්කල් සංග්‍රාමය - Tenet Movie Review & Explain



2020 Release වුණ Action-Thriller/Science Fiction කැටගරි එක යටතේ එන ෆිල්ම් එකක් තමයි Tenet කියන්නේ. මේක IMDb අගය 7.8 ක් හා Rotten Tomatoes අගය 71% ක් තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් නොලන් විසින්. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් බලපු ගොඩක් අයට මේක තේරිලා නෑ. ඒ හින්දා වෙන්නැති මේකට මෙච්චර Negative Reviews තියෙන්නේ. ඇත්තම කිව්වොත් ඒක සාධාරණයි. මොකද මේ ෆිල්ම් එකේ Plot එක සෑහෙන සංකීර්ණයි. සංකීර්ණ Plot එකකට Science එකතු වුණාම??? නෝලන් ගේ Interstellar ත් තේරුම් ගන්න අමාරුයි කිව්වට ඒකේ හැම දෙයක්ම සරලව පැහැදිලි කරල දෙනවා ෆිල්ම් එක ඇතුළෙම. ඒ වුණාට Tenet එකේ එහෙම නෙවේ. ඒකේ Science පැත්ත ගැන Cover කරනවා අඩුයි. ඒ නිසා Science නොදන්න කෙනෙක්ට Tenet එකේ සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. මන් මේ Review එකේ ෆිල්ම් එකේ ප්ලොට් එක Science පැත්තත් එක්ක Cover කරන්න බලාපොරොත්තු වෙනවා. සෑහෙන දිග ලිපියක් වෙයි. හැබැයි ෆිල්ම් එක සෑහෙන දුරට තේරුම් ගන්න මේ ලිපිය උදව් වෙනවා කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

තවත් වසරක ක්‍රිස්ටෝපර් නොලන්ගේ තවත් Epic චිත්‍රපටයක් තමයි මේක. ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ඉතාම සංකීර්ණ හා දුෂ්කර චිත්‍රපටයක් වුණත් මේක නොලන්ට සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. Plot එකේ ඉඳන් Action, Emotions දක්වා සෑම දෙයක්ම චිත්‍රපටයේ සංකීර්ණ වුනා වගේම ඒක බලන්න බලන්න පුදුම සහගතයි. Robert Pattinson යළිත් වරක් ඔප්පු කරලා තියෙන්නේ ඔහු මෙම පරම්පරාවේ වඩාත්ම අවතක්සේරු කළ නළුවෙකු කියලා. John David Washington (Protagonist) සහ Robert Pattinson (Neil) ගේ රඟපෑම විශිෂ්ටයි. Aaron Taylor Johnson (Ives), Kenneth Brannagh (Sator), Dimple Kapadia (Priya), Elizabeth Debicki (Kat), Himesh Patel වැනි අයගේත් රඟපෑමත් විශිෂ්ටයි. ගොඩ කාලයකට පස්සේ ඉන්දියානු නිළියක් ‘High-Budget’ හොලිවුඩ් චිත්‍රපටයක වැදගත් චරිතයක් රඟ දැක්වීම නියමයි. ඉඳන් ඉන්න තැනින් නැගිටින්න නැතුව අවසාන මොහොත වෙනකන් අවධානෙන් බලන්න අවශ්‍යය, ඕනෑම කෙනෙකුට රස විඳිය හැකි චිත්‍රපටයක් තමයි Tenet. පැහැදිලි කිරීමකින් තොරව තේරුම් ගැනීම එතරම් පහසු නැති වුණත් ඕන කෙනෙක්ට බලා රසවිඳින්න පුළුවන් ෆිල්ම් එකක් තමයි Tenet කියන්නේ.


Christopher Nolan and John David Washington

මේකේ කථාව ඉතාම සරලව මේකයි. ෆිල්ම් එකේ වීරයා ඔහුගේ සහායකයා හා දුෂ්ටයාගේ බිරිඳ එක්ක එකතු වෙලා කතාවේ දුෂ්ටයා පරද්දලා ලෝකේ බේරගන්නවා. මේකේ ඉන්නේ ප්‍රධාන චරිත 4 යි. Protagonist (කථානායක) විදියට හඳුන්වන ෆිල්ම් එකේ වීරයා. Neil විදියට හඳුන්වන Protaganist ගේ උදව්කාරයා. Sator කියලා හඳුන්වන කථාවේ දුෂ්ටයා. ඔහුගේ බිරිද (Protagonist  ට උදව් කරන කෙනා) Kat. මේ ෆිල්ම් එක තනිකරම Run වෙන්නේ අනාගතය විසින් වර්තමානයට විරුද්ධව යුද්ධයක් පටන් අරගෙන තියෙන වෙලාවක. අනාගතය කොහොමද වර්තමානය (ඒ කියන්නේ එයාලගේ අතීතය) එක්ක යුද්ධ කරන්නේ??? එහෙම කරන Concept එක තමයි Inversion කියන්නේ. Inversion කියන්නේ ප්‍රතිලෝමය කියන එක. ප්‍රතිලෝමය කියන්නේ යමක ප්‍රතිවිරුද්ධය. මේ ෆිල්ම් එකේ Use වෙන්නේ කාලය Invert කරන එක. ඒ කියන්නේ සාමන්‍යයෙන් වෙන කාලය ගතවීම ආපස්සට සිදුකිරීමයි. ඒක කරන්නේ මොකක් හරි වස්තුවක හරි මනුස්සයෙක්ගේ Entropy ය අනික් පැත්ත හැරවීමෙන්. මොකක්ද මේ එන්ට්‍රොපිය කියන්නේ? 


Entropy

සරලවම කිව්වොත් එන්ට්‍රොපිය කියන්නේ වස්තුවක අංශු වල තියෙන අහඹු බව. ඕනම වස්තුවක් හැදිලා තියෙන්නේ අංශු වලින්. Rubic Cube එකක් හදලා තියෙන විදිය තේරෙනවද? කොටු කොටු කෑලි ගොඩකින් ලොකු Cube එක හැදෙන්නේ. හැම වස්තුවක්ම එහෙමයි. එහෙම ඇහිරිලා තියෙන අංශු පිහිටිලා තියෙන්නේ එකම අනුපිළිවෙලකට නම් ඒ කියන්නේ නිකන් රුබික් කියුබ් එකක වගේ ක්‍රමවත් විදියට අංශු පිහිටලා තියෙනවනම් එතන එන්ට්‍රොපියක් නෑ. ඕක අපේ Chemistry ක්ලාස් එකේ ලස්සනට පැහැදිලි කරලා දුන්නා. Chemistry උගන්වන Sir පන්තියේ ඉන්නකොට ළමයි කිසිම සද්දයක් නොකර කලබල කරන්නේ නැතුව පාඩුවේ ඉගෙන ගන්නවා. එතන Entropy යක් නෑ නැත්නම් අවමයි. Sir පොඩ්ඩකට ක්ලාස් එකෙන් එලියට ගියොත් ඔක්කොම ළමයි කෑ ගහලා නැගිටලා, කොල්ලෝ කෙල්ලන්ගේ පැත්තට ගිහින් විකාරයක් නටනවා. එතන එන්ට්‍රොපිය වැඩියි. ළමයි වස්තුවක අංශු විදියට සලකන්න. වස්තුවකත් එහෙමයි. තාපය වැඩි වෙනකොට වස්තුවක එන්ට්‍රොපිය වැඩිවෙනවා (තාපය අඩුවෙනකොට එන්ට්‍රොපිය අඩු වෙන අවස්ථා ඉතාමත් විරලයි. AC වල සහ refregirator වල වගේ). මොකද තාපය වැඩිවෙනකොට අනුපිළිවෙලකට තියෙන අංශු වල අහඹුතාවය වැඩි වෙලා එන්ට්‍රොපිය වැඩිවෙනවා. ඒක තෙරුම් ගන්න අමාරුනම් සරලව මේකයි. සාමන්‍ය භාෂාවෙන් අපි කියන්නේ නළියනවා කියලා. වස්තුවක අංශු වල තියෙන නළියෑම තමයි එන්ට්‍රොපිය කියන්නේ. තාපය වැඩිවෙනකොට නළියන එක වැඩිවෙනවා. සාමාන්‍ය වස්තුවක් තියෙන්න පුළුවන් Entropy අගයේ අඩුම අගය 0 යි. ඒ කියන්නේ වස්තුවක් අංශු නළියන්නේ නැති අවස්තාව. මේක ධන (+) ඕනම අගයක් දක්වා වැඩි කරන්න පුළුවන්. නමුත් සෘණ (-) අගයකට ගේන්න බෑ. Inversion එකෙන් කරන්නේ මේ අගය Reverse කරන එක. ඒ කියන්නේ ආපස්සට හරවන එක. මේක කරන්නේ Nuclear Fission එකකින් එහෙම නැත්නම් න්‍යෂ්ටික විඛණ්ඩනයකින්, ඒ කියන්නේ න්‍යෂ්ටි පැළීමකින් කියලා ෆිල්ම් එකේ කියනවා. ඒකෙන් වෙන්නේ ඒ වස්තුවේ අංශු වල හැසිරීම සාමාන්‍යයෙන් වෙන විදියටම, හැබැයි ඊට ප්‍රතිවිරුද්ධව හැසිරෙන එක. උදාහරණයක් විදියට කකුලක තුවාලයක් තියෙන කෙනෙක් සාමාන්‍යය විදියට කාලය ගතකලොත් තුවාලය වේළීලා හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ එයාව Invert කලොත් ආයේ තුවාලේ ඇතිවෙලා තුවාලේ තිබුණ කාලයට සමාන කාලයක් ගතවෙලා නැතිවෙලා යනවා. මේ Concept එක තව විදියකට ෆිල්ම් එකේ Explain කරනවා. ඒත් ඒ Explain එක හරියට තේරුම් ගන්න අමාරු නිසා මං ඒක කියන්නම්.

Wheeler–Feynman absorber theory

එක තමයි Feyman and Wheeler ගේ කල්පිතය. ඒක මෙහෙමයි. පරමාණුව කියන එක දන්නවනේ. ඒක හැදිලා තියෙන්නේ න්‍යෂ්ටිය හා ඒ වටා යන ඉලෙක්ට්‍රෝන වලින්. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා පොසිට්‍රෝන කියලා උප පරමාණුක අංශු වගයක්. ඒ එක පොසිට්‍රෝනයක ස්කන්ධය න්‍යෂ්ටිය වටා යන ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයට සමානයි කියලා කියනවා. ඒ වගේම ඒකේ ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට ප්‍රතිවිරුද්ධයි. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය -1 (සෘණ 1යි)ක් වෙනකොට පොසිට්‍රෝනයේ ආරෝපණය +1 (ධන 1යි) ක් වෙනවා. මේ කල්පිතයෙන් කියවෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනයක් හා ඒකට සමාන ස්කන්ධයක් හා ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් දරන පොසිට්‍රොනයක් යන දෙකම එකක් කියලා. ඉන් එකක් කාලය හරහා ඉස්සරහට යන අංශුව, අනිත් එක කාලය හරහා ආපස්සට යන ඒ අංශුවමයි. Inversion එකක්. ෆිල්ම් එකේ යෙදෙන ප්‍රතිවිරුද්ධ Entropy දැරීම අර කලින් කියපු ප්‍රතිවිරුද්ධ ආරෝපණ දැරීමට යම් අතකින් සමානයි. මේක කල්පිතයක් විතරයි. හැබැයි ඒක තමයි සරලවම Inversion Concept එක. ඕක ෆිල්ම් එකේ විවිධ තැන් වලට Apply වෙන විදිය ප්ලොට් එක විස්තර කරද්දී ඒ සිදුවීම් එක්ක පැහැදිලි කරන්නම්. මේක Time Travelling Concept එක ගොඩක් සමාන වෙන්නේ Harry Potter: Prisoner of Azkaban එකේ Hermione ගේ Time - Turner එක (හැරී පෝටර් 3 වෙනි ෆිල්ම් එකේ හර්මයිනි බෙල්ලෙ දාගෙන ඉන්න මාලෙ වගේ එක). දැන් අපි ප්ලොට් එකට යමු.

ෆිල්ම් එක පටන් ගද්දී Protagonist කියන්නේ CIA Agent කෙනෙක්. මෙයා Ukrain වල අගනුවර වෙන Kiev වල ඔපෙරා එකකට කඩාවදිනවා. ඒ ඔපෙරා එක Terrorist Attack එකකට ලක් වෙලා තියෙන වෙලාවක තමා මෙයාලා එන්නේ. ඒ මොකක්හරි Nuclear Weapon එකක් හොයාගන්න. මේ සිද්ධිය අතරතුරේදි Protagonist ගේ ජීවිතය එයා අඳුනන්නේ නැති කෙනෙක් බේර ගන්නවා. ඒ Inverted Bullet එකකින් Terrorist කෙනෙක්ට වෙඩි තියලා. කොහොමවුණත් අන්තිමේ දී Protagonist සතුරන්ට අහුවෙනවා. එයාගෙන් එයාගේ Missions වල රහස් දැනගන්න කලින් Protagonist සයනයිඩ් පුරවපු පෙත්තක් හපලා සියදිවි නහගන්න උත්සහ කරනවා. ඒත් ඇත්තටම ඒක Test එකක්. සයනයිඩ් පෙත්ත Protagonist ගේ පක්ෂපාතීත්වය මනින්න කරපු බොරු එකක්. මේ සිදුවීමෙන් පස්සේ Protagonist ට සිහිය එන්නේ නැවක. Welcome to Afterlife කියලා කියන්නේ බොස්. Protagonist ගේ බොස් එයාට කියනවා ඔයාගේ අලුත් මිෂන් එක තමයි Tenet කියන organization එකට බැඳිලා වැඩ කරන එක කියලා. Protagonist ව ඊට පස්සේ මේ Tenet Organization එකේ  පරීක්ෂණාගාරයක් වගේ තැනකට යවනවා.


Doctor Laure

එතනදි තමයි Protagonist ට මේ Inversion Concept එක ගැන කියලා දෙන්නේ. ඔයා Invert කරපු දෙයක් අතට ගන්න ඕනේ නම්, ඒක වට්ටනවා කියලා ඔයා හිතින් මවාගන්න ඕනේ. එතකොට ඒ දේ නිකන්ම අතට ඇදිලා එනවා. මෙතනදී Protagonist අහනවා Free Will එක ගැන. ඒ කියන්නේ තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාකිරීමේ හැකියාව. ඒකෙන් කියන්නේ Protagonist ට තිබුණනේ අත බුලට් එක උඩට නොයවා ඉන්න. එත් Protagonist එයාගේ අත ගෙනිච්චනේ. අපි හැම තිස්සෙම තේරුම් ගෙන ඉන්නේ අපි කියන්නේ අපේ හිත කියලා. එහෙම නෙවේ. මම කියන එකයි, හිත කියන එකයි දෙකක්. හිතින් කියන දේවල් තමයි සාමාන්‍යය මනුස්සයෙක් සිදුකරන්නෙ. හිත අපව පාලනය කරනවා. හිත ඒ වගේම කැමතියි හිතව ප්‍රශ්න වලට යොමු කරන්න. ගැටළු විසඳන්න. ඒ නිසා තමා Protagonist බුලට් එක වට්ටන්න ඕනේ කියලා හිතන්නේ. ඒ ගැටළුව විසඳන්න. ඒක Protagonist කරපු දෙයක් නෙවෙයි. එයාගේ හිත කරපු දෙයක්. ඒ කියන්නේ සිතුවිලි වල බලපෑමෙන් කරපු දෙයක්. Free Will එකක් නෙවෙයි (Free Will Access කරන්න පුළුවන් සිත දමනය කරපු අයට විතරයි. කැමති නම් රහත් වහන්සේලාට කියලා හිතාගන්නකෝ). තේරුම් ගන්න අමාරුයිනේ. පොඩි Ad එකක්. Eckhart Tolle ගේ The Power of Now: A Guide to Spiritual Enlightenment පොත කියවලා බලන්න. ඔය පොතේ කවර් ෆොටෝ එක තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ. ඒ වගේම පොතේ ඕඩියෝ බුක් එක තියේ යූටියුබ් එකේ. කියවන්න අකමැති අයට පොත අහන්න පුලුවන්. යූටියුබ් ගිහින් ඔය නම සර්ච් කරන්න. අඩු ගානේ පොතේ මුල් පිටු පහවත් කියවන්න. හිත සහ Will Power ගැන ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. කොහොමහරි එතනදී Protagonist ට පැහැදිලි කරනවා Tenet Organization එකෙන් කරන්නේ තුන්වෙනි ලෝක යුද්ධය වෙන එක නවත්වන එක කියලා. ඒ කියන්නේ අනාගතය විසින් අතීතයට එරෙහිව කරන යුද්ධය නතර කරන්න. මේ පරීක්ෂණාගාරයේ තියෙන Bullets Track කරාම මේවා ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ Arms Dealer කෙනෙක්ගෙන් කියලා Protagonist හොයාගන්නවා. ඒ Arms Dealer ඉන්න ගෙදරට හොරෙන් ඇතුල්වෙලා Arms Dealer ගෙන් ප්‍රශ්න කරන්න Protagonist ට සහායකයෙක් ඕනේ වෙනවා. ඒ හොයාගන්න කෙනා තමයි Neil කියන්නේ. මෙතනදී (Neil සහ Protagonist පළමුවෙන් හමුවෙන තැන) සමහර අයට මඟහැරුණු දෙයක් ඇති. Neil වේටර් කෙනෙක්ට බීම Order කරද්දී Protagonist කැමති බීම එක නීල් Order කරනවා. Protagonist ඒකෙන් පුදුම වෙනවා දකින්න ඇති ඔයාලා. ඒකෙන් කියවෙන්නේ Neil Protoganist ව හොඳින් හඳුනන කෙනෙක් කියලා. ඒ කියන්නේ Neil ඇවිල්ලා තියෙන්නේ අනාගතයෙන්. කොහොමහරි මේ දෙන්නා ප්ලෑන් කරලා Arms Dealer ගේ ගෙදරට ඇතුළුවෙනවා. එතකොට එයාලා දැනගන්නවා Arms Dealer කාන්තාවක් කියලා. එයා කියනවා එයා Tenet ගැන දේවල් දන්නවා කියලා හා Sator (ෆිල්ම් එකේ දුෂ්ටයා)ට Inverted Bullets විකුණුවා කියලා. එතනදී දැනගන්නවා Sator තමයි අනාගතය විසින් අතීතයට එරෙහිව කරන යුද්ධයේ වර්තමාන නියෝජිතයා කියලා. ඒ වගේම එයාල දැනගන්නවා Sator ට අනාගතය සමඟ Communicate කරන්න පුළුවන් කියලා. ඊටපස්සේ Protagonist ක්‍රමයක් හොයනවා Sator ව මුණගැහෙන්න. 


Sator

Sator ව මුණගැහෙන්න හොඳම ක්‍රමය විදියට Protagonist ට දැනෙන්නේ Sator ගේ බිරිඳ හරහා Sator ට ළං වෙන එකයි. Sator බිරිඳ තමයි Kat කියන්නේ. Protagonist දැනගන්නවා Sator Kat ව Kat විකුණපු Fake Painting එකක් නිසා යටත් කරගෙන තියන් ඉන්නවා කියලා. Protagonist ට අවස්ථාවක් හම්බ වෙනවා Kat එක්ක කතා කරන්න. එතනදී Kat එයා Vietnam වල Sator එක්ක Sator ගේ Yacht එකේ (බෝට්ටුවේ) ඉද්දී එයාගේ ජීවිතයේ මුහුණදුන්න වුණ වේදනාත්මක සිදුවීමක් ගැන Protagonist ට කියනවා. Kat කියනවා Sator එයාට යන්න දෙන්නේ Kat ගේ පුතා Max ව Sator ළඟ තියලා යනවනම් විතරයි කියලා. මේක Kat ට දරා ගන්න බැරි තරම් වේදනාවක් වෙනවා. ඒ වේලාවේදී Kat දකිනවා නන්නාඳුන්න කාන්තාවක් Yacht එකෙන් මුහුදට පනිනවා. ඒ දර්ශනයෙන් Kat තමන්ගේ සැමියාගෙන් විඳින වේදනා වලට එරෙහිව නිදහස් ජීවිතයකට සිත පෙළෙඹවෙනවා. කොහොමවුණත් එතනදී Kat Protagonist ට Sator ව මුණගස්සන්න එකඟවෙන්නේ නෑ. Kat ව මේකට එකඟ කරවන්න Protagonist Sator ගේ Painting එකක් හොරකම් කරන්න යන සිදුවීම තමයි ඊළඟට වෙන්නේ. මේ Painting එක තියෙන්නේ Oslo වල Airport එකේ Freeport එකේ.


Freeport scene

Freeport කියන්නේ සල්ලිකාරයෝ එයාලගේ වටිනා දේවල් Tax වලින් නිදහස් කරගන්න ගබඩා කරලා තියෙන Store එකක් වගේ තැනක්. එතන store කරලා තිබ්බම Goverment Tax වදින්නේ නෑ. Airport එකේ තියෙන Duty Free එක ගැන අහලා තියේ නේද? ආන් ඒ හා සමන Concept එකක් තමා Freeport කියන්නේ. කොහොමහරි ලොකු උත්සාහයක් දරලා Protagonist සහ Neil Freeport  එක ඇතුලට ගිහිල්ලා Sator ගේ vault එක (Storage Room එක) ඇතුලට යනවා. Vault එක ඇතුලෙදී මේ දෙන්නා අමුතුම අත්දැකීමකට මුහුණ දෙනවා. Vault එක ඇතුලේ තිබ්බ Metal Portal දෙකකින් Gimp Suits ඇඳගත්තු එක වගේ දෙන්නෙක් එලියට එනවා. එක්කෙනෙක් inverted විදියට හැසිරෙනවා අනිත් කෙනා සාමන්‍ය විදියට  හැසිරෙනවා. Protagonist සහ Neil මේ දෙන්නා එක්ක සටන් කලත් Gimp Suits ඇඳගත්තු දෙන්නම පැනලා යනවා. කොහොමවුණත් Painting එකක් නම් vault එක ඇතුලේ තිබ්බේ නෑ. මේ සිදුවීම පැහැදිලි කරගන්න Protagonist ආයේ ඉන්දියාවට ගිහින් Arms Dealer වන Priya ගෙන් මේ ගැන අහනවා. එතනදී තමයි Turnstile Concept එක ගැන කියවෙන්නේ. 


Turnstile

මේ Turnstile කියන නිර්මාණය හදලා තියෙන්නේ අනාගතය විසින්. මේකෙන් මිනිස්සුන්ව කාලය හරහා ආපස්සට යන්න උදව් වෙනවා. Turnstile එකක Portal දෙකක් තියෙනවා. කෙනෙක් එක Portal එකකින් ඇතුළට ගියාම එලියට එන්නේ අනිත් Portal එකෙන්. එතකොට අනිත් Portal එකෙන් ඒ කෙනාම මතුවෙනවා. හැබැයි තත්වය වෙනස්. Turnstile එකට ඇතුළට ගිහිල්ලා අනිත් Portal එකෙන් මතුවුණ කෙනා විතරක් ඉතුරු වෙලා ලෝකෙම ආපස්සට යනවා වගේ තමයි එයාට දැනෙන්නේ. එයා ඇතුල් වුණ Portal එකෙන් එලියට ආව කෙනා තමයි එයාගේ අතීතය. එයාගෙත් හැසිරීම වෙන්නේ ආපස්සට. උදාහරණයක් විදිහට මෙහෙමයි.  ඔයා 1 ඉඳන් ගණන් කරමින් Turnstile එකට ඇතුල් වෙනවා 1,2,3,4,5 කියලා. Turnstile එකට ඇතුල්වෙලා අනිත් portal එකෙන් එලියට එනවා. එහෙම ඇවිල්ලා ඔයාට දිගටම ගණන් කරන්න පුළුවන් 6,7,8,9 කියලා. ඒ වුණාට අනිත් Portal එකෙන් එලියට ආව කෙනා ගණන් කරන්නේ 5,4,3,2,1 කියලා ආපස්සට. එහෙම ආපස්සට යන්නේ ඔයාගේ අතීතකාලය කියලා තේරනවා ඇති. Invert කරාම තේරෙන්නේ එහෙමයි.. තමන් ඉස්සරහට යන බවත් මුළු ලොකේම පස්සට යන බවත් කියලා. එහෙම Invert වෙලා කාලයක් ගිහිල්ලා ආයේ Turnstile එකකින් Uninvert වෙනවා. කලින් ගත්තු උදාහරණයම ගමුකෝ. 1,2,3,4,5 කියලා ඇතුළු වෙලා invert වෙලා 6,7,8 කියනවා එතකොට ඔයාගේ අතීතකාලේ එක්කෙනා කියන එක වෙන්නේ 5,4,3 .ඔයා 6,7,8 කියලා 8 දී Uninvert වුණොත් ඔයා වැටෙන්නේ ඔයාගේ අතීත කාලේ එක්කෙන 3 කියන වේලාවට. එතනින් පස්සේ ඔයාගේ අතීත කාලේ කෙනත් ගණන් කරන්නේ ආයේ 3 ඉඳන් උඩට 4,5 කියලා. ඔයත් ගණන් කරන්නේ 8 ඉඳන් උඩට 9,10 කියලා. හැබයි එහෙම කියලා මේ කෙනා 9,10 කියලා Turnstile එකට ඇතුල් වෙන්න ඕනේ නෑ. ඒකයි Closed Loop කියන්නේ. Loop එකක් විදියට දිගටම තියෙන්න ඕනේ නෑ. මොකද Uninvert වුණාට පස්සේ එතකොට ඇතිවෙන්නේ වෙනම Reality එකක්. 

Turnstile එකකින් Invert වුණාට පස්සේ සමහර දේවල් වෙනස් විදියට සිදුවෙනවා. කෙනෙක් Invert වුණොත් එයාට Normal Air ආශ්වාස කරන්න බෑ. ඒ සඳහා එයාට ශ්වසන ආධාරක(Oxygen Masks) අවශ්‍ය වෙනවා. ඒ වගේම එයාට උණුසුම දැනෙන්නේ සීතල විදියට. දුවනකොට සාමන්‍යයෙන් අපට දැනෙන්නේ සුළං අපේ ඉස්සරහින් එනවා වගේනේ. Invert කරාම දැනෙන්නේ සුළං අපේ පිටිපස්සෙන් එනවා වගේ. මෙහෙම Invert කරාට සමහර අයට ප්‍රශ්නයක් එනවා කොහොමද එයාලාගේ දෘෂ්ටිය වැඩ කරන්නේ කියලා. අපිට යම් වස්තුවක් පෙනෙන්නේ මොකක්හරි ආලෝක ප්‍රභවයකින් එන ආලෝක කිරණ වස්තුවක් මඟින් කොටසක් අවශෝෂණය කරලා වස්තුවෙන් පරාවර්තනය වන අලෝක කිරණ කොටස අපේ ඇසේ දෘෂ්ටි විතානයට පතිත වීමෙන් දෘෂ්ටි විතානය උත්තේජනය වීමෙන්. මගේ මතය අනුව Invert වෙලා ඉද්දී මේ දෘෂ්ටි විතානය වැඩකරන්නේ Inverted විදියට. ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපිට පේන්නේ වස්තුවකින් පරාවර්තනය වෙලා එන එකනේ. Inverted දෘෂ්ටි විතානයක් තියෙනකොට අලෝක කිරණ අපේ ඇසෙන් එළියට ගිහිල්ලා වස්තුවකට අවශෝෂණය වෙනවා. Normal වෙන එකේ ආපස්සට වෙන එක. ඒ කියන්නේ A වස්තුවේ සිට පරාවර්තනය වන ආලෝකකිරණ B කියන ඇහැට යනවා කියලා හිතාගන්න. Inverted වුණාම වෙන්නේ ආලෝක කිරණ B සිට A දක්වා යන එකනේ. ඒ වෙන එක තමා Inverted කෙනාගේ දෘෂ්ටි විතානය උත්තේජනය කරන්නේ. තව එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි Inverted වුණාම Gravity(ගුරුත්වාකර්ෂණය) බලපාන්නේ කොහොමද කියලා. සමහර අය හිතනවා Inverted වුණාම Gravity එකේ Reversed බලපෑමෙන් මිනිස්සු හෝ වස්තූන් පිටත වායුගෝලයට එහෙම නැත්නම් අභ්‍යවකාශයට ඇදිලා යන්න ඕනේ කියලා. එහෙම නෑ... Gravity කියන්නේ කාලයට සමමිතික දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා වම් අතින් බෝලයක් උඩ දාලා ඒක දකුණු අතින් අල්ලනවා. බෝලය Invert කරාම වෙන්නේ දකුණු අතින් බෝලය උඩට ගිහිල්ලා ආයේ වම් අතට වැටෙන එක. බෝලය අභ්‍යවකාශයට ඇදිලා යන්නේ නෑ. Turnstile ගැන දැනට කියන්න තියෙන්නේ එච්චරයි. සරලව මෙහෙමයි. මුලු ලෝකේම ඔයත් එක්ක 1,2,3,4,5 කියනකොටම ඔයා Invert වුණොත් ඔයා දිගටම 6,7,8,9 කියාගෙන යනවා.. හැබැයි මුළු ලෝකෙම 5,4,3,2,1 කියලා ආපස්සට යනවා.

අපි ආයේ ප්ලොට් එකට යමු. කොහොමහරි මේ සිදුවීමෙන් පස්සේ Protagonist දැනගන්නවා Opera සිදුවීම Sator ගේ වැඩක් කියලා. මෙයා කොහොමහරි Kat ගේ මාර්ගයෙන් Sator ව හම්බවෙන්න අවස්ථාවක් ලබාගන්නවා. ඒකෙදි Protagonist, Sator ට පොරොන්දු වෙනවා Nuclear Weapon එක හොරකම් කරන්න (Protagonist ගේ පළවෙනි මිෂන් එකේ එයා හොයාගන්න හදපු එක). මේ අතරතුරේදි Sator ගේ අතීතකතාවත් කියැවෙනවා. Nuclear facility එකක එයාට Gold ගොඩක් හම්බෙලා තියෙනවා අනාගතයෙන් පණිවිඩයක් එක්ක. ඒ වගේම Protagonist දකිනවා Sator කරන වැඩ වලට අනාගතය විසින් රත්තරන් වලින් Pay කරනවා. කොහොමහරි ඊළඟට තමයි Highway Scene එක තියෙන්නේ.


Highway Scene

ඒ කියන්නෙ Guarded Vehicles වලින් Nuclear Weapon එක හොරකම් කරන එක. ලොකු ගේමක් දීලා මෙයාලා මේක හොරකම් කරාට පස්සේ මෙයාලට තේරෙනවා මේක Nuclear දෙයක් නෙවේ Time Inversion සම්බන්ධ දෙයක් කියලා. මෙයාලා Car එකේ යද්දී තවත් වාහනයක් මේගොල්ලෝ පස්සේ එනවා. ඒකේ ඉන්නේ Invert වුණ Sator. එයා Kat ව අල්ලගෙන ඉන්නේ. ඒ වුණාට Kat invert වෙලා නෑ. Sator තර්ජනය කරනවා Nuclear Weapon එක(time weapon) එක දෙන්න කියලා නැත්නම් Kat ව මරනවා කියලා. Protagonist ඒ Weapon එක තියෙන Case එක Sator ට විසික් කරනවා. මේ වෙලාවේදීම Crash වෙච්ච Silver Car එකක් Invert වෙලා Car Chase එක පිටිපස්සේ එනවා. කොහොමහරි Protagonist හා Kat දෙන්නම Sator සහ එයාගේ සහායකයෝ අල්ලගන්නවා. Neil බේරෙනවා. ඊළඟට මේ දෙන්නව තව Turnstile එකක් ළඟට ගෙනියනවා. Sator කියනවා Weapon එක Case එක ඇතුළේ තිබ්බේ නෑ කියලා.Sator මේවා කියන්නේ inverted වෙලා ඉද්දී. එතකොට Uninverted අයට ඒක ඇහෙන්නේ වෙන විදියකට. Five කියන එක Spell වෙන්නේ Evif කියලා. මේක නැතිවෙන්න Sator විශේෂ Walkie-Talkie එකක් පාවිච්චි කරනවා. ඒකෙන් invert වෙච්ච වචන Uninvert කරලා දෙනවා. Protagonist කියන්න කැමති වෙන්නේ නෑ Weapon එක තියෙන තැන. ඉතින් Sator Kat ට Inversed Bullet එකකින් වෙඩි තියෙනවා. එතකොට Protagonist කියනවා Kat ව මරන්න එපා Weapon එක තියෙන්නේ Car එකේ කියලා. ඒක කිව්වට පස්සේ Sator uninvert වෙලා Protagonist ඉන්න පැත්තට එනවා. ඒ වෙලාවෙම army Squardon(කාණ්ඩයක්) එකක් Turnstile එකට එනවා. Sator ආයේ Invert වෙලා අනිත් පැත්තට ගිහින් එතනින් පැනගන්නවා. මේ Army Squardon එක Neil දන්න එකක් කියලා Protagonist දැනගන්නවා. Neil වැඩකරන්නේ මේ Organization එකත් එක්ක. එයා අනාගතය විසින් අතීතයේ Protagonist ට උදව් කරන්න එවපු කෙනෙක්. මේ Squaradon එක අනාගත පරම්පරාවේ Tenet Organization එකේ Soldiers ලා. මෙතනදී ප්‍රශ්නයක් නැගෙනවා Kat ගේ තත්වය ගැන. Kat, Inverted Bullet එකකින් වෙඩි වදිද්දී හිටියේ Uninverted වෙලා ඉඳිද්දී. ඒ නිසා එයාට තුවාලෙන් වෙන බලපෑම වැඩී. ඒ කියන්නේ එතන Radiation Pisoning(විෂ වීමක්) වීමක් වෙනවා. Inverted Bullet එකකින් Uninverted කෙනෙක්ට වෙඩි තිබ්බම වෙන Damage එක Reversed එකක් Uninverted Kat ගේ බොඩි එක ඒක Heal කරන්න Use කරන්නේ Forward Time එක. එතන තියෙන නොගැළපීම තේරෙනවනේ. ඒ සිදුවීම නිසා තමයි Poisoning වීමක් සිදුවෙන්නේ. Kat මැරෙන එක නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි එයාව Invert කරන එක.


Inverted Airport Scen

මෙතන්දී Army Squardon එකෙ Leader කියනවා ඒකට දවස් කීපයක් Invert වෙලා ඉන්න වෙයි කියලා. මෙතනදී ප්‍රශ්නයක් එනවා Invert කරාට පස්සේ ආයේ Univert කරන්නේ කොහොමද කියලා. මොකද දවස් කීපයකට කලින් තිබ්බ තත්වය නෙවෙයි දැන් මේ Turnstile එකේ තියෙන්නේ. දැන් මේකට එයාලට ඇතුල් වෙන්න පුළුවන් වුණාට දවස් කීපයකට කලින් මේක දැඩි ආරක්ෂාව යටතේ තිබුණ තැනක්. එතකොට ඒ ගොල්ලන්ට මතක් වෙනවා සතියකට කලින් එයාලම Oslo Airport එකේ Turnstile එකට ඇතුළුවුණ ආකරය. එයාලා තීරණය කරනවා ඒ අවස්තාව දක්වා Invert වෙලා Oslo Airport එකෙන් Uninvert වෙන්න. මේ අතරතුරේදී Protagonist තීරණය කරනවා Highway Car Chase එක සිදුවීම වෙත යන්න (Protagonist Invert වෙලා හින්දා එයා කාලයේ ආපස්සට යන්නේ). මෙයා තමයි කලින් Time Line එකේදී Silver Car එකේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේදීම කලින් Time Line එකේ අපට දකින්න බැරිවිච්ච දෙයක් තියෙනවා. අතීතකාලයේ Protagonist Silver Car එකේ Protagonist ට Weapon එක Pass කරනවා. කොහොමවුණත් ඊටපස්සේ Silver Car එක Crash වෙනවා. ඊටපස්සේ Sator Weapon එක අරගෙන කාර් එක ගිනිතියනවා. Invert වෙලා හිටපු හින්දා Protagonist ගිනි ගන්නවා වෙනුවට Hypothermia වට ලක් වුණා එක. ඒ කියන්නේ සිරුරේ උෂ්ණත්වය අධික ලෙස පහත වැටුනා. ඒක ලස්සනට පෙන්නලා තියෙනවා Car එකේ Window එකක් මිදෙනවා. මෙතන ගොඩක් අයට තව ප්‍රශ්නයක් එනවා. ඒක තමයි Car එකේ Window එක Freeze වෙන්නේ Car එකත් Invert කරලා නිසාද කියලා. ඒක ඇත්තටම හරියටම කියන්න බෑ. මම හිතන දේ කියන්නම්. මන් කියන්නේ Car එක Invert කරලා කියලා. Car එක Invert කරලා කියන්නේ Fuel Invert කරලා කියන එක. ඒ නිසා තමයි Sator ට Car එක ගිනිතියන්න පුළුවන් වුණේ. Sator Inverted නිසා එයාගේ Lighter එකත් Inverted කියලා තේරුම්ගන්න. ඒකේ Entropy එක වැඩ කරන්නේ ඒකට ගැළපෙන Entropy එකක් තියෙන Inverted Fuel එක්ක. එහෙනම් කොහොමද Protagonist Hypothermia වකට ලක් වෙන්නේ? 


Protagonist's car get fire

මෙහෙමයි යමක් දහනය වෙන්න කොටස් 3ක් අවශ්‍යයි. තාපය, ඉන්ධන හා ඔක්සිජන්. මේ වෙලාවේදී තාපය හා ඉන්ධන අතර Entropy Invert වෙලා හරියට ප්‍රතික්‍රියාව වෙලා තියෙනවා. ඒත් Oxygen Invert වෙන්න ඕනෙද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක අවශ්‍ය නෑ. මොකද එතන වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. Invert වුණ අය Oxygen Masks පාවිච්චි කරන්නේ Inverted Lungs වලට Oxygen ගන්න පහසු කරන්න විතරයි. Lighter එක පත්තු කරන්නත් Inverted Oxygen ඕනේ වුණේ නෑනේ. මෙතනදී Explosion එකෙන් ඇතිවෙන්නේ අධික තාපයක්, නමුත් ඒක Protagonist ට දැනෙන්නේ නෑ. මොකද ඒ වෙලාවේම ඊට සමාන තාපයක් එයා ඉන්න වාතය අවට හට ගන්නවා. පිපිරීමෙන් සෙල්ෂියස් 800 ක උෂ්ණත්වයක් හටගත්තොත් -800 ක උෂ්ණත්වයක් වාතයේ හටගන්නවා. ඒ නිසා Protagonist ට එකපාර ලොකු බලපෑමක් එන්නේ නෑ. ඒ වුණාට මේ -800 නිසා කාර් එක ක්‍රම ක්‍රමයෙන්(protagonist ඇතුළුව) සීතල වෙනවා. මොකද explosion එකෙන් පිට වුණ උෂ්ණත්වය(+800) ඉක්මනට නැතිවෙනවා. නමුත් අර වාතය -800 ඉඳන් අඩුවුණත් සැලකිය යුතු සීතලක් තියෙනවා. ඒ සීතල අඩු වෙනකොට ඒක Protagonist ටයි Car එකටයි දැනෙන්නේ සීතල වැඩි වෙනවා කියලා. Reverse Concept එක. ඒ නිසා තමා Car එක Freeze වෙන්නෙත් Protagonist ට Hypothermia හැදෙන්නෙත්. මේ සිදුවීමෙන් පස්සේ Protagonist Neil හා Kat එක්ක එකතු වෙලා Oslo වෙත යනවා එහේ තියෙන Turnstile එකෙන් Uninvert වෙන්න. දැන් සතියක් invert වෙලා මෙයාලා. එතනදී වෙන සිදුවීම ගැන ඔයාලට කියන්න ඕන නැහැනේ.

කොහොමවුණත් අතීතකාලයේ Protagonist එක්ක ගහගද්දී වර්තමාන Protagonist Gimp Suit එකක් ඇඳන් හිටපු නිසා අව්ලක් වුණේ නෑ. මොකද නිකන් හරි දෙන්නා ස්පර්ශ වුණොත් දෙන්නම විනාශ වෙනවා. ඔකේ Theory එක පැහැදිලි කරන්නේ Grandfather Paradox එකෙන්. Grandfather Paradaox එකෙන් කියන්නේ මේකයි. ඔයා කාලය හරහා ආපස්සට ගිහින් ඔයාගේ සීයාව මැරුවොත් ඔයා ජීවත් වෙයිද? ඒකට පිළිතුරක් නෑ. ඒ නිසා තමයි ඒකට Paradox එකක් කියලා කියන්නේ. ඒකම තමයි ටිකක් වෙනස් වෙලා මේකට Apply වෙන්නේ. Reality දෙකක ඉන්න දෙන්නෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ද? Tenet Organization එක මේ හමුවීමෙන් දෙන්නම විනාශ වෙනවා කියලා විශ්වාස කරනව ඇති. නමුත් ඒක Tenet වත් Protagonist වත් අපිට වත් හරියටම කියන්න බැරි Paradox එකක්. කොහොමහරි මේ තුන් දෙනාම Uninvert වෙනවා. ඊටපස්සේ Protagonist ආයේ Priya වෙත යනවා Sator හොරකම් කරපු Weapon එක ගැන විස්තර හොයාගන්න. එතනදී කියවෙනවා මේක Machine එකක කොටස් 9 කින් එකක් කියලා. මේ Machine එකේ නම Algorithm කියලා තමයි කියන්නේ. මේකෙන් මුළු ලෝකයම Invert කරන්න පුළුවන්. මේක නිර්මාණය කරාට පස්සේ අනාගතයේ Scientists ලා මේක බයානකයි කියලා තීරණය කරලා, කාලය හරහා ආපස්සට යවලා ඒ කොටස් හංගලා තියෙනවා. මේක භයානකකම කියන්නේ මේකයි. අනාගතයේ අය මේක හදලා තියෙන්නේ අතීතය දේවල් විනාශ කරලා දාන්න වුණාට එයාලට පස්සේ තේරිලා තියෙනවා එකෙන් අනාගතයේ එයාලත් විනාශ වෙන්න පුළුවන් කියලා. Grandfather Paradox එක අනුව. Sator මේ කොටස් සියල්ලම එකතු කරලා පුපුරවන්න සූදානමින් තියෙන්නේ. ඒකෙන් වෙන්නේ මුළු ලෝකයම Invert වෙලා අතීතය සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක. ඒකෙන් අනාගතයත් විනාශ වෙනවා Grandfather Paradox එකට අනුව. එයා ඒක පුපුරවන්නේ අමුතුම ක්‍රමයකට.

එයා Bomb එක Set කරාට පස්සේ ඒක පුපුරන්නේ Sator ගේ Heart එක නැවතුණොත් විතරයි. එයාගේ අතේ තියෙන Smart Watch එකකින් Signal එකක් යනවා එයාගේ Heart එක Stop වුණොත්. මේ ගොල්ලෝ මේක නවත්තන්න ඉන්න Timeline එක තෝරගන්නේ Kat, Sator එක්ක Vietnam වල Trip එකකට යන අවස්ථාවයි. ඒ අවස්ථාවේදීමයි Opera Attack එක වුණෙත්. ඒ වගේම Sator ගේ Birthplace වල Explosion එකක් වෙලා තියෙන්නෙත් ඒ අවස්තාවේමයි. මෙයාල තීරණය කරනවා Sator ගේ Birthplace එක තමයි Algorithm එක Place කරලා තියෙන තැන කියලා. මේ සිදුවීම තැන් දෙකකට බෙදලා විස්තර කරන්න පුළුවන්. එකක් Protagonist Neil ඇතුළු Tenet Soldiers ලා Sator ගේ Birthplace එකේ කරන Attack එක හා Kat, Yacht එකේදී තමන් අතීතයේ Kat කියලා Sator ට පෙන්නලා Algorithm එක අල්ලගත්තට පස්සේ එයාලගෙන් Signal එකක් ආවට පස්සේ Sator ව මරන් එක. Tenet Soldiers ලා එයාලගේ Attack එක කරන්නේ 'Temporal Pincer Movement' කියන System එකෙන්.


Final Attack

ඒක වෙන්නේ මෙහෙමයි. Attack එකට යන Tenet Soldiers ලා Team දෙකකට බෙදනවා. එක ටීම් එකක් (Red Eeam Protagonist හා Team Leader ඉන්න) කාලයට අනුරූපව ඉස්සරහට යනවා. අනිත් ටීම් එක (Blue Team Neil ඉන්න) කාලය හරහා ආපස්සට යනවා. කාලය හරහා ආපස්සට ගියපු ටීම් එකට පුළුවන් භූමියේ තත්වය ගැන කාලය හරහා ඉස්සරහට යන ටීම් එකව කලින් දැනුවත් කරන්න. මේකේන් වෙන වාසිය මේකයි. Red Team Attack කරනකොට ඒකෙන් කාටහරි තුවාලයක් වුණොත් ඒක දැනගන්නවා Blue Team එකේ කෙනෙක්. ඊට පස්සේ එයා කාලය හරහා ආපස්සට යන නිසා ඒක වෙන්න කලින් Red Team එකෙ කෙනෙක්ට Walkie-Talkie එකක් මඟින් අනතුරු අඟවන්න පුළුවන්. ඒ වගේ ඒවා තමයි ඒකේ තියෙන වාසි. කොහොමහරි Protagonist Algorithm එක තියෙන තැනට යනවා. ඒ වුණාට එයාට Algorithm එකට ළං වෙන්න බෑ යකඩ ගේට්ටුවක් එයාව අවහිර කරනවා. එයා දකිනවා එයා ඉස්සරහ බොඩි එකක් වැටිලා තියෙනවා ගේට්ටුව ඇතුළතින්. බොඩි එකේ තිබ්බ Keytag එක එයාට මතක් වෙනවා. Opera එකේ තිබ්බ මිෂන් එකේ එයාව බේරගත්තු කෙනා ළඟත් මේ Keytag එක තිබුනා. කොහොමහරි මේ බොඩි එක Invert වෙලා දොර ඇරලා පිටිපස්සට යනවා. කොහොමහරි ඒ තැන පුපුරන්න ඔන්න මෙන්න තියලා Protagonist ට පුළුවන් වෙනවා Algorithm එකත් එක්ක එතනින් පැනගන්න. ඒකට උදව් වෙන්නේ Neil. එයා මේ Base එකේ තිබ්බ Turnstile එකකින් Uninvert වෙලා තිබුණා. ඒ වෙලාවේදීම Kat, Sator ට වෙඩිතියලා මරනවා. ඊටපස්සේ Kat ට Protagonist ව හමුවෙන්නේ නෑ... හැබැයි Protagonist එක්ක Connect වෙන්න පුළුවන් Phone එකක් දෙනවා. මොනාහරි කරදරයක් වුණොත් Protagonist කාලය හරහා ආපස්සට ඇවිත් උදව් කරන්න පුළුවන්. Protagonist Priya ව මරන්නේ එහෙම. කොහොමහරි Algorithm එක බේර ගත්තට පස්සේ Protagonist, Neil සහ Tenet Soldiers ලාගේ Leader එකඟ වෙනවා ඒක කොටස් 3 කට කඩලා එයාල එක හංගලා මැරෙන තුරු රහසක් විදියට තියාගන්න. ඒත් Neil එයාගෙ කොටස Protagonist ට දීලා Tenet soldiers ලාගේ leader එක්ක යනවා. එතනදී Neil කියනවා අනාගතයේ Protagonist විසින් තමන් ව Hire කරා කියලා අතීත Protagonist ට උදව් කරන්න. ඒ කියන්නේ අනාගතයේ දවසක Protagonist ට Neil ව හම්බවෙලා එයාව කාලය හරහා ආපස්සට යවනවා Protagonist ට උදව් කරන්න. ඒ වෙලාවේදීම එයා දකිනවා Neil ළඟ කලින් දැකපු Keytag එක තියෙනවා. Neil තමා Invert වෙලා යකඩ Gate එක ඇරලා තියෙන්නේ. මේකේ එක දෙයක් සමහර අයට හරියට තේරිලා නෑ කියලා කියනවා. ඒක තමයි Vietnam වලදී Sator ව මැරුවා නම් කොහොමද අනාගතයේ Sator ඉන්නේ කියලා. Vietnam වලදී මරන්නේ Sator ගේ Future Version එක. එතනදී Yacht එකේ වැඩ කරන කෙනෙක් කියනවා Sator Yacht එකේ නෑ එළියට ගිහින් කියලා. ඒ වුණාට ඒ වෙලාවේදීම Helicopter එකක Sator එනවා. ඒ එන්නේ කලින් අපිට හම්බවුණ අනාගතයේ හිටපු පරණ Sator (kat ට වෙඩි තියපු sator)Invert වෙලා ඒයාගේ සතුටුම මොහොත සමරන්න. ඒ වෙලාවේ ඉන්න ඕනේ හරි Sator ඒ වේලාවේ Yacht එකේ නෑ. Kat එයාගේ තුවාලේ පෙන්නද්දී Sator Shock වෙන්නේ ඒකයි. අන්තිමේ තව පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ තමයි Kat ලා දෙන්නෙක් ඉන්න එක. මන් හිතන්නේ ඒකට උත්තරේ අපි හිතාගන්න ඕනේ. මගේ theory එක මේකයි. මේක වැරදි වෙන්න පුළුවන්. Max එක්ක Yacht එකට ආපු Kat අනාගතයේ දවසක පරණ විදිහටම Invert වෙලා Loop එකක් හදනවා. ඒක තමා අනිවාර්යෙන් වෙන්න ඕනේ. Sator මරපු Kat ඒ අවස්තාවේ ඉඳන් Max ව බලා ගන්නවා. Neil ගේ Timeline එකත් සමහර අයට ප්‍රශ්නයක්. මන් Neil ගේ විය හැකි Timeline එක මෙහෙම පැහැදිලි කරන්නම්.


Neil

Algorithm එක Protagonist ලා හොයාගන්න තැන තියෙන්නේ. අර අන්තිම ටික Neil, Lves සහ Protagonist කථාකරලා වෙන්වෙන්නේ. එතනින් අවුරුදු ගාණකට පස්සේ Protagonist ට හරි Timeline එකේ යන Neil ව හම්බෙනවා. එතනදී තමයි Protagonist, Neil එක්ක Friendship එකක් පටන් ගන්නේ. ඊට ටික කාලෙකට පස්සේ Protagonist, Neil ව Invert කරලා අර Opera එක තිබුණ කාලයට යවනවා. එතනින් තමා Neil ගේ අපිට ෆිල්ම් එකේ දකින්න ලැබෙන Timeline එක පටන් ගන්නේ. ඔපෙරා එකේදී Neil, Protagonist ව බේරලා(අතීතකාලයේ කෙනා) Mumbai වලදී Protagonist ව හම්බෙනවා. අන්තිමේදි ඔය සිදුවීම් ඔක්කොම වුණාට පස්සේ Last Attack එක වුණාට පස්සේ Neil ආයේ Invert වෙලා අර Tunnel එකට ගිහින් Gate එක වහගෙන බුලට් එකට Face කරලා මැරෙනවා. ඒක දන්න නිසා තමයි Protagonist අන්තිමේදී එච්චර Emotional වෙන්නේ. Protagonist ට ඒක නතර කරන්න ඕනෙ වුනත් Neil කියන දේ අනුව ඒක වෙන්න ඉඩ හරින්න වෙනවා. "What has happened, happened"... සිදුවෙලා තියෙන දේ සිදුවෙලා තියෙන්නේ. අපිට ඒක වළක්වන්න බෑ. ඒක තමයි Reality එක කියලා කියන්නේ. ඔය Neil සහ Max අතර මොකක්‍හරි සම්බන්ධයක් තියෙනවා කියලත් සමහර අයට තේරෙනවා. ඒක නිකන් Theory එකක් විතරයි. දෙන්නම British සහ දෙන්නම හොඳ උගත් අය. තේරෙනවනේ කියන එක.නිකන් තියරි එකක් විතරයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

ඕක තමා Tenet එකේ සරලව වෙන්නේ.මේකේ කියන්න ඕනේ දෙයක් තියෙනවා. ලිපියේ මම explain කරලා තියෙන දේවල් 100% හරි කියලා මම විශ්වාසෙන් කියන්නේ නැහැ. මේක 100% විශ්වාසෙන් තේරුම් ගන්න නම් නෝලන් ගෙන් ඒ ගැන අහන්න වෙනවා. මම කරලා තියෙන්නේ තියෙන දත්ත අනුව කථාව පිළිබඳ යම් උපකල්පනයක් ගොඩනඟලා තියෙන එක. මම කතාව තේරුම් ගෙන තියෙන විදිහ තමයි මේ. මම තේරුම් ගත්තා කියන එකෙන් කියවෙන්නේ නෑ මගේ මතය හරි කියලා. ඒ නිසා මන් කියන්නේ වෙන Reviews ත් බලලා තමන්ට හරි යැයි හිතෙන විදියට මේක තේරුම් ගන්න කියන එක. මගේ එකම හරි කියලා හිතන්න එපා. මෙහෙමයි මේක තේරෙන්නේ නැත්නම් වැඩිපුර හිතන්න යන්න එපා. ෆිලිම් එකේ කියනවනේ "Don't try to understand it....feel it" කියලා. හැබැයි මේක කියෙව්වට පස්සේ තව පාරක් බලලා තේරුම් ගන්න බලන්න තේරුම් ගන්න ඕනේ නම්. ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ෆිල්ම් එකේ බැක්ස්ටෝරීස්, Special effects භාවිතය හා නළු නිළියන් ගැන වගේ දේවල් කතා කලේ නෑ. මෙතනට වෙනකන් කියවපු කෙනෙක් ඉන්නවනම් ලොකුදෙයක්. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. පහළ තියෙන SATOR Square එක ගැනත් අවධානය යොමු කරලා බලන්න.Tenet Concept එක තියෙන්නේ.

SATOR Square


Tenet
(2020) on IMDb
Post a Comment (0)
Previous Post Next Post