විද්‍යාවෙන් සිනමාවට - Story about Christopher Nolan


ක්‍රිස්ටෝපර් එඩ්වර්ඩ් නොලන්
ඉපදෙන්නේ 1970 ලන්ඩනයේ වෙස්මිනිස්ටර්වල. නොලන් ඉපදෙන්නේ වගේම හැදී වැඩෙන්නෙත් ලන්ඩන්වල. නොලන් කියන්නේ කර කියාගන්න දෙයක් නැතුව කීයක හරි හොයාගන්න ෆිල්ම් හදන්න පටන් ගත්ත කෙනෙක් එහෙම නෙමෙයි. නොලන් එයාගේ පළවෙනි ෆිල්ම් එක හදන්න පටන් ගන්නේ අවුරුදු 7දී. නොලන්ගෙ තාත්තා ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්. තාත්තගෙන් කැමරාවකුත් ඉල්ල ගෙන නොලන් එයාගේ පළවෙනි වැඩේට අත ගහනවා. නොලන්ට ඉන්නවා අයියා කෙනෙක් වගේම මල්ලි කෙනෙක්. අයියගෙ නම මැතිව්. එයාවනම් දන්නේ නෑ නේද? හැබැයි ජොනතන් නොලන් කිව්වාම නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ.

Christopher Nolan and Jonathan Nolan

සරලවම කිව්වොත් ක්‍රිස්ටෝපර් නොලන් කියන නම දන්න ඕනිම කෙනෙක් ජොන්තන් නොලන්වත් දන්නවා. ජොනතන් කියන්නේ නොලන්ගේ මල්ලි. නොලන් අවුරුදු 7දී එයාගේ පළවෙනි ෆිල්ම් එකේ වැඩවලට මල්ලිවත් එකතු කරගන්නවා. පොඩි කාලේ අපිට ඉන්ස්පයර් වෙන්න තිබ්බේ මල් ගස් වටේ කැරකෙන ඒවා උනාට එයාල එහෙම නෑ. 2001: A Space Odyssey (1968) වගේ අති විශිෂ්ඨ විද්‍යා ප්‍රබන්ධ වගේම Star Wars වගේ ලෝක සිනමාව වෙනස් කරපු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට එක්ක තමා නොලන්ගේ, ජොනතන්ගේ ළමා කාලය ගෙවෙන්නේ. ළමයෙක්ට පොඩි කාලේ ලැබෙන අත්දැකීම වලින් තමයි එයාගේ අනාගතේ ගොඩනැගෙන්නේ කියන කතාව හැමෝම දන්නවානේ. අන්න එහෙම අත්දැකීම් ගොන්නක් එක්ක උස් මහත් වෙච්ච කෙනෙක් නිසා තමා වර්ථමාන ලෝකේ විශිෂ්ඨතම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණකරුවෙක් විදියට නොලන් වගේම ජොනතන් එයාලගෙ ගමන් යන්නේ. 

Christopher Nolan and Jonathan Nolan in 1997


අවුරුදු 7දී තමගේ පළවෙනි ෆිල්ම් එකේ සෙට් (පසුබිම්) එක හදාගන්න නොලන් යොදාගන්නේ ක්ලේ, පිටි, බිත්තර දාලා තියෙන පෙට්ටි සහ ටොයිලට් පේපර් ඔතලා තියෙන රෝල්. පේනවානේ... ක්‍රියේටිවිටි එක හැදෙන විදිය. ඒ වගේම තමා මෙහෙම නිර්මාණය කරන ෆිල්ම් වලට නොලන් යොදාගන්නේ ස්ටාර් වෝර්ස් ඇක්ශන් ෆිගර්ස් (ඒ කියන්නෙ සෙල්ලම් බඩු වගේ තියෙන්නෙ ෆිල්ම් වල චරිත හදලා, ආන් ඒවා).

Star Wars Action Figures


ඒ වගේම මේ ශෝර්ට් ෆිල්ම් ගොඩක් Stop Motion ටෙක්නොලජි එක යූස් කරලා හදපුවා. මතකද සිරසේ හඩකවලා ගිය චිකන් රන් ෆිල්ම් එක. ආන් ඒකේ තියෙන්නේ ස්ටොප් මෝශන්.

Stop Motion


මං ඔය ස්ටොප් මෝශන් ටෙක්නොලජි එක ගැන දැනගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙන්නේ. ඔයාලා ගැන ඔයාලම හිතලා බලන්න 🙏 කොහොමහරි අවුරුදු 11ක් වෙනකොට නොලන් තීරණය කරනවා එයා වෘත්තීයමය චිත්‍රපටය නිර්මාණකරුවෙක් වෙනවා කියලා... 

නොලන් කියන්නේ English Literature වලින් Bachelor's Degree එකක් තියෙන කෙනෙක්. උපාධියට ඉගෙන ගන්න කාලේ පවා නොලන් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුන එමා තෝමස් එක්ක ශෝර්ට් ෆිල්ම්ස් කරලා තියෙනවා. ආ.. කියන්නම ඕනි.. එදා නොලන්ට ඒ වැඩවලට උදව් වෙච්ච එමාවම තමයි නොලන් කසාද බදින්නේ. අර කතාවක් තියේ නේද හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සේම කාන්තාවක් ඉන්නවා කියලා. ඔන්න එකේ ලයිව් ඇක්ශන් එක්සාම්පල් 

Christopher Nolan and Emma Thomas


නොලන් ප්‍රොෆෙශනල් විදියට කරන පළවෙනි ෆිල්ම් එක වෙන්නේ Following (1998) ෆිල්ම් එකයි.

Following (1998)

මේකේ ස්ක්‍රිප්ට් එක නොලන්ගේ. ඒ වගේම කැමරාකරණය, සංස්කරණය වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් නොලන්මයි. නොලන්ගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකකින් තමා ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ. ස්ටර්ලිං පවුං 3000ක මුදලකින් තමා මේ ෆිල්ම් එක නිර්මාණය කරන්නේ. ඒ වගේම මේකේ කාස්ට් එකට වගේම කෲ එකටත් ඉන්නේ නොලන්ගෙ යාලුවෝ. සති අන්තයේ රූගතකිරීම් කරපු මේ ෆිල්ම් එකේ වැඩ කටයුතු ඉවර කරගන්න අවුරුද්දක වගේ කාලයක් ගිහින් තියෙනවා. සම්මාන කීපයක් දිනාගන්න පවා මේ ෆිල්ම් එක සමත් වෙනවා. එතනින් ලැබෙන සාර්ථකත්වය එක්ක තමා නොලන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වුන Memento (2000) ෆිල්ම් එක නිර්මාණය කරන්න පටන් ගන්නේ. මේ ෆිල්ම් එක කරන්නේ නොලන් සහ ජොනතන් එකතු වෙලා. මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක සැලකුවේ ඒ කාලේ නිර්මාණය උන අලුත්ම/වෙනස්ම විදියේ ස්ක්‍රිප්ට් එකක් කියලා (Most Innovative Script). ෆිල්ම් එක බලපු අය දන්නවානේ එහෙම කියන්නේ ඇයි කියලා. ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක වගේ පොඩි බජට් එකකින් නිර්මාණය කරපු මේ ෆිල්ම් එක සලකන්නේ 2000 දශකයේ නිර්මාණය වුන හොදම චිත්‍රපට වලින් එකක් විදියට. ඇකඩමි වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මානවලට පවා නිර්දේශ වෙන්න මේ ෆිල්ම් එකට හැකි වෙනවා. මේ වෙනකොට ඇමෙරිකාවේ National Film Registry හී සංරක්ශණය වෙන ලෝකෙ සුපිරිම ෆිල්ම් වලින් එකක් තමා Memento කියන්නේ. 

Memento (2000)


මේ ෆිල්ම් එකෙන් ලබපු සාර්ථකත්වය නිසා 1997 නිර්මාණය වුන Insomnia චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරන්න නොලන්ට අවස්තාව ලැබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 46ක් වියදම් කරලා හදන Insomnia (2002) ෆිල්ම් එක ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇ. ඩො. මිලියන 113ක ආදායමක් උපයන්න සමත් වෙනවා. Insomnia බලපු එයට පොඩි දෙයක් ලොකුවටම දැන්න ඇති.. 


මේක නොලන්ගෙ ෆිල්ම් එකක්මද??? 


ඒකට හේතු ගොඩක් තියෙනවා. පළවෙනිම දේ තමා මේ ස්ක්‍රිප්ට් එක හෝ ස්ටෝරි එක නොලන්ගේ නෙමෙයි. නොලන් මේකේ ඩිරෙක්ටර් කෙනෙක් විතරයි. ඉතිං නොලන්ගේ ටෲ විශන් එක මේ ෆිල්ම් එකෙන් අපිට ෆීල් වෙන්නේ නෑ. අනික අපි හැමෝම වගේ Insomnia බලන්නේ නොලන්ගේ Inception, Interstellar, Dark Knight ට්‍රිලොජිය එහෙම බැලුවට පස්සේ. ඉතිං අපේ මයින්ඩ් සෙට් එක කැලිබ්‍රේට් වෙලා තියෙන්නේ සයන්ස් ෆික්ශන්, ෆැන්ටසි වලට. ඒකත් නොලන් ෆික්ශන් වලට 🙏 අන්න ඒ නිසා තමා Insomnia එක ටික අවුල් වගේ තේරෙන්නේ. හැබැයි Insomnia කියන්නේ මගේ ජීවිතේ බලපු හොදම ෆිල්ම් වලින් එකක්. ස්පෙශලි ඇල් පැචීනොගෙ රගපෑම්.. ඉතිං Insomnia බලපු අයගෙන් වගේම නොබලපු අයගෙනුත් ඉල්ලීමක් කරනවා ඒක ආයේ බලනවානම් ඒක නොලන්ගෙ ෆිල්ම් එකක් කියන එක අමතක කරලා බලන්න කියලා. සෑහෙන්න එන්ජෝයි කරන්න පුලුවන් වෙයි සහ බැලුවට පස්සේ හිතෙයි නොලන්ගේ අමුතුම වැඩක් මේක කියලා. 

Insomnia (2002)


දැන් කියන්න යන්නේ ගොඩක් අය නොදන්න කාරණාවක් ගැන. Insomnia ෆිල්ම් එකෙන් පස්සේ නොලන් ප්ලෑන් කරන්නේ බයොග්‍රපි එකක් කරන්න. ඒ Howard Hughes ගේ ජීවිත කතාව ඇසුරෙන්. ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට නොලන් තෝරාගන්නේ ජිම් කැරීව (Sonic The Hedgehog එකේ රොබෝටික්කා) ෆිල්ම් එකේ. සම්පූර්ණ ස්ක්‍රිප්ට් එක ලිව්වට පස්සේ නොලන් කියනවා ඒක තමා එයා එතෙක් මෙතෙක් ලියපු හොදම ස්ක්‍රිප්ට් එක කියලා. එතකොට මෙච්චර ප්ලෑන් කරපු ෆිල්ම් එකට මොකද වුනේ??? ඔය වැඩ සේරම ඉවර වෙනකොට තමා නොලන් දැනගන්නේ ඒ කාලේ හිටපු තවත් විශිෂ්ඨතම අධ්‍යක්ෂකවරයෙක් වෙන මාර්ටින් ස්කෝර්සෙසි ත්, Howard Hughes ගේ ජීවිත කතාව ඇසුරෙන් බයොග්‍රැපි එකක් නිර්මාණය කරනවා කියලා. අන්න ඒක තමා The Aviator නමින් 2004 දී තිරගත වෙන්නේ. මේ හේතුව නිසා නොලන් එයාගේ වැඩේ සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඔය සිද්දිය ගැන නිවී හැනහිල්ලේ ඉන්න වෙලාවක ටිකක් හිතලා බලන්න... 

Martin Scorsese and Leonardo DiCaprio


ඔතනින් එහාට නොලන්ගේ ගමන ගැන හැමෝම දන්නවා. තව පොඩි දෙයක් කියන්නම්. 2013 ආව Man of Steel ෆිල්ම් එක බලලා තියේ නේද. සැක්ව දෑහට පෙන්න බැරි අය සැක්ට බනින්න පටන් ගන්නේ ඕකෙන්. හැබැයි ඒ මහත්ම මහත්මීන් නොදන්න දෙයක් තමා Man of Steel එක ඩිරෙක්ට් කරන්න සැක්ව රෙකමන්ඩ් කරන්නේ වගේම ෆිල්ම් එකේ කන්සෙපෙට් එක ඉදිරිපත් කරන්නේ වගේම ස්ක්‍රිප්ට් එක ලියන අයගෙන් එක්කෙනෙක් තමා නොලන් කියන්නේ. ඒ වගේම සැක් පටන් ගත්ත DC Universe එකේ විධායක නිෂ්පාදකවරයෙක් තමා නොලන්. Justice League එක වෙනකම් නොලන් ඉන්නවා (ජොයිස්ටික් ලීග් එකේ නෑ හැබැයි). ස්නයිඩර් කට් එකේ පවා එක්සෙකෙටිව් ප්‍රඩියුසර් කෙනෙක් විදියට නොලන් ඉන්නවා.

Christopher Nolan and  Zack Snyder 


නොලන්ගේ ඩාර්ක් නයිට් ට්‍රිලෝජිය කියන්නේ එදා මෙදා තුර ලෝකේ බිහි වුන හොදම සුපර්හීරෝ ෆිල්ම් ට්‍රිලෝජිය. ඒ වගේම Dark Knight (2008) කියන්නේ එදා මෙදා තුර ලෝකේ බිහි වුන හොදම සුපර් හීරෝ ෆිල්ම් එක. ඒක පිලිගන්න බෑ වගේ ලෙඩක් තියේනම් IMDb එකේ Top 10 ෆිල්ම් ලිස්ට් එකේ ස්ක්‍රීන් ශොට් එකක් අරන් ප්‍රින්ට් කරලා හොදට පේන තැනකින් රාමු කරලා එල්ලලා තියාගන්න 😏 නොලන්ගේ Inception ගැනනම් කියන්න අවශ්‍යම නෑ. ඒ තරම් අපි ඒක ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම තමා Interstellar ෆිල්ම් එක. ඕකේ ස්ක්‍රිප්ට් එකේ වැඩ පටන් ගන්නේ ජොනතන් නොලන්. ඒ වගේම ඕක ඩිරෙක්ට් කරන්න හිටියේ ස්ටීවන් ස්පිල්බර්ග්. ඒත් අන්තිමේදී නොලන්ගේ අතින්ම තමා ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ. මෙහේ උන්දැලා කියනවා නේද සයන්ස් ෆික්ශන් බලන්න සයන්ස් ඕනි නෑ කියලා. හැබැයි අවුල කියන්නේ ඉන්ටෙස්ටෙලා ෆිල්ම් එකට කරපු රිසර්ච් වලින් රිසර්ච් පේපර් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. තාරකා විද්‍යාව හා බ්ලැක් හෝල් සම්බන්ධව. ඒ වගේම ෆිල්ම් එකේ කන්සෙපෙට් එක නිර්මාණය කරන්නේ නොබෙල් ත්‍යාගලාබී විද්‍යාඥයෙක් වෙන කිප් තෝන් මහතා විසින්. මාර අවුලක් නේ. මට හිතෙන්නේ මේ අයට කරන්න වැඩක් නැතුව කම්මැලිකමේ ඉන්න ගමන් ඉන්ටෙස්ටෙලා එක කරන්න ඇති. ඇයි ඉතිං මේවා බලන්න සයන්ස් දැන්න ඉන්න ඕනි නෑ කියන්නේ කරන්නත් සයන්ස් ඕනි නෑනේ 😂 මගේ ජීවිත කාලේ මං අහපු ලොකුම ගොන් කතාව තමා "සයන්ස් ෆික්ශන් බලන්න සයන්ස් ඕනි නෑ" කියන එක. ඔව් ඉතිං.. බලන්න ඕනි නෑ... කතාව තේරුම් ගන්න තමා සයන්ස් ඕනි. ෆිල්ම් එකක්/සීරීස් එකක්/නවල් එකක් හරි මොනාහරි දෙයක් නිසා හරි මනුස්සයෙක්ට හිතෙනවානම් විද්‍යා පස්සේ පන්නන්න, විද්‍යාව ඉගෙන ගන්න.. අන්න ඒක තමා වෙන්න ඕනි. ඉන්ටෙස්ටෙලා නිසා අපි කී දෙනෙක් බ්ලැක් හෝල්ස්, වෝම් හෝල්ස්, ටයිම් ට්‍රැවල්, රෙලටිවිටි ගැන කොච්චර හොයන්න ඇතිද. ඒකෙන් කොච්චර දැනුමක් එන්න ඇතිද. ඉන්න ගමන් හිතලා බලන්න... 

Interstellar shooting 


නොලන් කියන්නේ ෆිල්ම් ඇතුලේ පුලුවන් උපරිමෙන් ප්‍රැක්ටිකලි දේවල් කරන්න කැමති කෙනෙක්. සරලව කිව්වොත් CGI/VFX උපරිම අඩුවෙන් භාවිතා කරන කෙනෙක්. එහෙම හොදටම CGI/VFX පාවිච්චි කරපු ඉන්ටෙස්ටෙලා එකෙ CGI වලට වෙනම රෙන්ඩර් එන්ජින් එකක් පවා හදන්න උනා බ්ලැක් හෝල් එකේ ඇනිමේශන් එකට.

Gargantua (Interstellar Black Hole)


ඕකට හේතුවත් මේ ලිපියෙම කියන්නම්. සාමන්‍යයෙන් ෆිල්ම් එකක CGI පාවිච්චි කරනවානම් ඒ ශොට් එක ග්‍රීන් හෝ බ්ලූ ස්ක්‍රීන් එකක ශූට් කරලා පසුබිම සම්පූර්ණයෙන්ම CGI කරන එක තමා සාර්ථකම දේ. මොක්ද පසුබිමේ බාගයක් සෙට් එකේම හදලා ඉතුරු බාගේ CGI කරනවා කියන්නෙ මාර අමාරු වැඩක්. ඔය ගොඩක් ෆිල්ම් වල CGI කෑලි පට්ට අවුල් විදියට පේන්නේ ඒකයි. ඔය හේතුව නිසාම තමා මාවර්ල් ෆිල්ම් වල ඇක්ශන් සීන් සම්පූර්ණ ග්‍රීන්/බ්ලූ ස්ක්‍රීන් එකක ශූට් කරන්නේ. මොකද එයාලට ඉන්නවා අති දක්ශ CGI/VFX ටීම් එකක්. ඒක නිසා CGI වලින් පසුබිම පවා හදන එක තමා එයාලට සාර්ථකම.

Avengers Endgame (2019) BTS


හැබැයි නොලන් Batman ට්‍රිලොජිය කරන කාලේ එහෙමටම ලොකු ටෙක්නොලජි එකක් තිබ්බේ නෑ සහ ඒ තිබ්බ එකෙන් කරනවට වඩා ප්‍රැක්ටිකලි හැමදේම කරන එක සාර්ථකම දේ. මේ අවස්තා දෙකේම වියදම් වෙන මුදලේ වෙනසක් නෑ හොදේ. සමහරු හිතන් ඉන්නේ CGI වලින් කරන එක හෙන ලාබයි කියලා 😂 අනිත් කාරණේ තමා සෙට් එක ප්‍රැක්ටිකලි හැදුවාම රගපාන අයට ඒ ගැන හොද අදහසක් අරන් හරියටම ෆීලින් එක ඇගට දාගෙන රගපාන්න පුලුවන්. ඔය Dark Knight Rises එකේ බෲස්ව ගිහින් දාන්නේ ළිදක් වගේ එකක් ඇතුලට. ඒකේ ඇතුල ඇත්තටම හදලා තියෙනවා.

Dark Knight Rises BTS


ඒ වගේම ගෝතම් සිටි එකේ ගොඩක් ලොකේශන් ස්ටූඩියෝ එකක් ඇතුලේ සම්පූර්ණ හදලා තියෙනවා. මේක ඇවිල්ලා ඩිරෙක්ටර්ගේ චොයිස් එකක්. රූසො බ්‍රදර්ස්ලා කියලා තිබ්බා එයාලට ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් බැටල් එක උනත් ගොඩක් අඩු CGI භාවිතයකින් කරන්න තිබ්බ කියලා. ඒක බහුතරයක් අය හිනාවෙලත් තිබ්බා. හැබැයි එයාලා කියලා තිබ්බුනේ කලින් ෆිල්ම් වල CGI/VFX වල තිබුන සාර්ථකත්වය නිසා තමයි ඒකත් ඒ විදියටම කලේ කියලා. මං කලින් කිව්වේ ඒකයි මාර්වල් එකට ඒ සම්බන්ධ හොද ටීම් එකක් ඉන්නවා කියලා. නොලන් ඊට හාත්පසින්ම වෙනස්. මතකනේ TENET ෆිල්ම් එකේ තියේ ප්ලේන් එකක් බ්ලාස්ට් වෙන එකක්. ඒකත් ඇත්තම ප්ලේන් එකක් අරන් ඇත්තටම කරලා තියේ. කොහොම බැලුවත් අවසානයේ එක දෙයක් කියන්න ඕනි. ඇත්තටම තියෙන දේ අදුරගන්න අපේ ඇස් වලට පුලුවන්. CGI කොච්චර හොදට තිබ්බත් අපේ මොළේට තේරෙනවා මේක ඇත්තට තියෙන දෙයක් නෙමෙයි කියලා. ඒක ඇවිල්ලා පරිණාමය එක්ක අපිට ලැබුන තෑග්ගක්. අන්න ඒකයි පුලුවන් තරම් දේවල් ප්‍රැක්ටිකලි කරලා තියෙන ඩාර්ක් නයිට් වගේ ෆිල්ම් අපිට මාර විදියට ෆීල් වෙන්නේ. මොකද ඒක බොරුවක් කියලා අපිට තේරෙන්නෙම නෑ 🙏 

ඒ වගේම තමා මේ ලගදී එලියට ආව දෙයක් තමා නොලන් එයාගේ ෆිල්ම් ශූට් කරන සෙට් එකේදී පුටු පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියන එක. ඒ වගේම ෆෝන් එකක් සෙට් එක ඇතුලට අරන් යන්නවත් දෙන්නෙ නෑ. ඔය දෙකම ඇහුවාම හිතෙනවා නේද "මේ යකා හෙන රැඩිකල් ඩයල් එකක්" කියලා. ටිකක් හිතලා බැලුවොත් ඕක තේරුම් ගන්න පුලුවන්. ෆිල්ම් එකක වැඩ කරනකොට විවිධාකරයේ ශිල්පීන් එකතු වෙනවා. එයාලා හැමෝම තමන්ගේ උපරිමේ ෆිල්ම් එකට දෙනවා කියන්න බෑ. රොබෝලා නෙමෙයිනේ.. ඉතිං එයාලගෙ උපරිම කැප කිරීම ෆිල්ම් එකට ගන්න තමා ඔය දේවල් කරන්නේ. මොකද එක්කෙනෙක් දෙනෙක් පස්ස ගැහුවාම ඇති සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම විනාස වෙන්න. ෆෝන් සීන් එක ගැනනම් කියන්න ඕනිම නෑනේ 😂 

ඒ වගේම ගොඩක් අය නොදන්න දෙයක් තමා ක්‍රිස්ටෝපර් නොලන් කියන්නේ උපතින්ම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන කෙනෙක්. රතු පාට සහ කොළ පාට තමයි නොලන්ට පේන්නේ නැති පාට. ඒක ඇහුනාම නිකන් කන්ෆියුස් වෙනවා නේද? ප්‍රධාන පාට දෙකක්ම පේන්නේ නැති මනුස්සයෙක් කොහොමද මෙච්චර සාර්ථක ඩිරෙක්ටර් කෙනෙක් උනේ කියලා.. ඇත්තටම ඒක අපිට තේරුම් ගන්න බෑ. සරලව මට තේරෙන විදියට මෙහෙම කියන්නම්. පාට දකින්නවා කියන්නේ එකක්.. පාට විදිනවා කියන්නේ තව එකක්.. හරියට ලෝකෙ දකින්න ඇස් පේන්න ඕනි උනාට මේ ලෝකෙ විදින්න ඇස් පේන්නේ නැති කෙනෙක්ට උනත් පුලුවන් වගේ..

සෑහෙන්න දේවල් කිව්වා. මෙහෙමයි.. මේ ලිපිය ලියන එකේ මගේ ලොකුම අරමුණ උනේ නොලන් ගැන කියන එක වගේම මනුස්සයෙක්ගේ පසුබිම හැදෙන විදිය කියන්න. සරලව කිව්වොත් අහසින් පාත් වෙලා වගේ වැඩ කරන්න කාටවත් බෑ. ලංකාවේ කවදාවත් සයන්ස් ෆික්ශන් බිහි වෙන්නේ නෑ නේද? ලිපිය අවසාන වෙනකම් කියපු කෙනෙක්ට ඒ ඇයි කියලා තේරිලා ඇති. අපිට සිරාවටම එහෙම පසුබිමක් නෑ. සයන්ස් ඉගෙන ගන්නත් සයන්ස් ගැන ආසාවක් ඇති වෙන්න ඕනි. අපිට සයන්ස් උගන්නන්නේ පාඩම් කරලා ගිහින් පේපරේට ලියලා එන්න. තියෙන ආසාවත් නැති වෙනවා. සයන්ස් ෆික්ශන් එකක් බලන්නත් සයන්ස් ඕනි නෑ කියලා ලොකු මාත්තුරු අපේ ඔලුවට දානවා. ඊටත් වඩා අපි පොඩි කාලේ ඉදන් දකින නිර්මාණ. මිනිස්සුන්ට ඉන්සපය(ර්) වෙන්න දෙයක් තියෙන්න ඕනි. අපි ඉන්ස්පය(ර්) උනේ මල් ගස් වටේ කැරකීම, මල් සිංදු සහ කුනුහරප ජෝක්ස් මගින් විතරමයි. ඉතිං අපි කොහොමද දෙයක් කරන්නේ? දෙයක් කරන්න ඔලුව හැදෙන්නේ? අපේ අධ්‍යාපන ක්‍රමේවත් නෑ මනුස්සයෙක්ගේ හැකියාවට තැනක් දෙන වටපිටාවක්. නොලන් අවුරුදු 11 ගත්ත තීරණය අපි ගත්තානම් ගේවල් වලින් මොනවා කියාවි ද කියලා එහෙම හිතලා බලන්න... 

අද තමයි නොලන් මහත්තයගේ උපන්දිනේ තිබුනේ. දැන් අවුරුදු 52ක්. තව සෑහෙන්න වැඩ ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. අවුරුදු 50ට මෙච්චර දේවල් කලා කියන්නේ, එතනින් එහාට කතා කරන්න දෙයක් නෑනේ.. බලන් ඉමු..

ආයෙත් නොලන්ගේ Interstellar වගේ ෆිල්ම් එකක් ලංකාවේ අපිට IMAX තියටර් එකක ඉදගෙන හරියටම ෆීල් කරන්න පුලුවන් වෙන දවස එනකම්...


එහෙනම් විස්තරේ ඉවරයි.. ඔන්න නොලන් මහත්තයගෙ උපන්දිනේ වෙනුවෙන් තමා මේ විස්තරේ ගෙනාවේ. ඒ වගේම අපි තව වැඩක් ප්ලෑන් කරලා තියෙනවා. ඒ තමයි නොලන්ගේ හැම ෆිල්ම් එකකම සම්පූර්ණ රිවිව් එකක් Blog එක හරහා ගේන්න. මේ වෙනකොටත් Tenet සහ Dunkirk එකට රිවිව් දාලා ඉවරයි. ඉතුරු ටිකක් බෝම ඉක්මනට ගේනවා. මේ පහල තියෙන ලින්ක් වලින් ඔයාලට පුලුවන් ඒ රිවිව්ස් කියවන්න. පැහැදිලි කරන්න පුලුවන් උපරිමේටම ඒවා පැහැදිලි කරලා තියෙනවා. ගිහින් එන්නම් එහෙනම්..


Tenet (2020) ෆිල්ම් එකේ සම්පූර්ණ රිවිව් එක

Dunkirk (2017) ෆිල්ම් එකේ සම්පූර්ණ රිවිව් එක

ජය..!

6 Comments

  1. අනිත් directors ලා ගැනත් දාන්නකෝ ඔය වගේම

    ReplyDelete
  2. Charithayak thama

    ReplyDelete
  3. ගොඩක් මහන්සි වෙලා තියෙනවා ලිපියට. Good luck

    ReplyDelete
  4. Thanks for the informations 🔥

    ReplyDelete
  5. හැමදාම වගේ හොදම ලිපිය සනිදුගෙන්

    නියමයි!

    ReplyDelete
  6. Great, complete content..

    Waiting for more..!

    ReplyDelete
Post a Comment
Previous Post Next Post