Snyder ගේ ඊළඟ ෆිල්ම් එක "Rebel Moon"


Zack Snyder Zombie Apocalypse එකකින් පටන් අරන් අතීත ග්‍රීක සිදුවීම්,විවිධ මිතලොජි සහ කොමික් ලෝක කිහිපයක් ම සිනමාවට ගෙනාපු අති දක්ෂ ඩිරෙක්ටර් කෙනෙක්.අපිට හිතාගන්නවත් බැරි විෂුවල්ස් ස්ක්‍රීන් එකට ගේන්න Snyder ට පුදුම හැකියාවක් තියෙනවා.Netflix එකෙන් රිලීස් වුණ Army of the Dead Snyder ඩිරෙක්ට් කරපු අළුත් ම ෆිල්ම් එක වෙනවා.ඒ වගේම දැන් Snyder තවත් ඉස්සරහට ගිහින් පෘථිවියෙන් පිට මන්දාකිණිය මූලික කරගෙන ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න යනවා කියලා තොරතුරු වාර්තා වෙනවා.

Zack Snyder

Snyder ගේ ඊළඟ ෆිල්ම් එක වෙන්නේ Snyder විසින් Co Write කරන ඩිරෙක්ට් කරන සහ නිෂ්පාදනය කරන Sci-fi ෆැන්ටසි කතාවක් වන "Rebel Moon" කියන ෆිල්ම් එකයි.Snyder මේ ෆිල්ම් එක Netflix යටතේ නිර්මාණය කරනවා කියලයි ආරංචි වෙන්නේ.ස්ක්‍රිප්ට් එක ලියන්න Snyder ට අමතරව Army of the Dead එකේ ස්ක්‍රිප්ට් එක ලියපු  Shay Hatten සහ 300 එකේ ස්ක්‍රිප්ට් එක ලියපු Kurt Johnstad එකතු වෙනවා.

Army of the Dead now streaming on Netflix

මේ ෆිල්ම් එක Galaxy එකේ කෙළවරේ තියෙන සාමකාමී ජනපදයකට Balisarius කියන දරුණු පාලකයෙක් ගේ හමුදාවල තර්ජනයට ලක්වීම ආශ්‍රිත සිදුවීම් දාමයක් සම්බන්ධයෙන් ගොඩනැඟෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.ජනපදයේ අසරණ මිනිස්සු අභිරහස් අතීතයක් තියෙන තරුණියක් පත් කරගන්නවා අසල තියෙන ග්‍රහලෝක වල Warriors ලව නැත්නම් රණශූරයන් ව එකතු කරගෙන Balisarius ට මුහුණ දෙන්න.Snyder  කියලා තියෙනවා මේ ෆිල්ම් එකට එයා ඉතා ආශා කරන Star Wars ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකත් Akira Kurasowa ගේ නිර්මාණ ත් ඉන්ස්පයර් වෙනවා කියලා.ඒ එක්කම Snyder බලාපොරොත්තු වෙනවා මේ ෆිල්ම් එක ඇසුරින් ෆිල්ම් මාලාවක් ම ඒ කියන්නේ franchise එකක් ම ගොඩනඟන්න.ඒ Netflix ආයතනය වෙනුවෙන්.මේ වනවිටත් Snyder Netflix ආයතනය වෙනුවෙන් Army of the Dead ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් නිර්මාණය කරමින් ඉන්නවා."Moon Rebel" ෆිල්ම් එකේ ප්‍රඩක්ෂන් කටයුතු 2022 පටන් ගන්නවා කියලත් සඳහන් වෙනවා.ඩිස්නි ල ගේ Star Wars වලට තරඟයක් දෙන්න Netflix ලගේ Moon Rebel වලට පුළුවන් වෙයිද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන්.

Inspired by Star Wars and Akira Kurasowa

(Source - The Hollywood Reporter)

Post a Comment (0)
Previous Post Next Post