කොරියන් සොම්බි - Netflix's Kingdom Overview



Netflix එකෙන් කාලෙන් කාලෙට ලොකු ලොකු බෝම්බ අතාරිනවනෙ. High Budget එකක් දාලා සාමාන්‍ය Concept එකක් වෙනස්ම විදිහකට Audience එකට දෙන්න Netflix එක මාරම දක්ශයි. ඒකට Netflix තරම් වැඩ්ඩෙක් නෑ කියලනම් පිලිගන්න ඕනෙ. මේ වෙනකොට Disney+, HBO Max, Amazon Prime, Apple TV+ එහෙමත් ගේමට බැහැලා ඉන්නෙ. ඒ නිසා මේ Streaming War එකත් එක්ක හැප්පෙන්න බෑ හැම රටකම, හැම ජාතියකම ෆෑන් බේස් අල්ල ගත්තෙ නැත්නම්. Netflix එක Sacred Games වලිනුත්, Amazon Prime එක Pataal Lok වලිනුත් ඉන්දියාවෙ Fan Base එක අල්ලා ගත්තා මතක ඇතිනෙ.🔥 ඉතින් කොරියාවත් තමන්ගෙ අනසකට යටත් කර ගන්න Netflix එක එලියට දාපු පලවෙනි Series එක වෙන්නෙ Kingdom. ඔය කොරියන් කියන්නෙ මල් කතා කියලා කියන සෙට් එකක් ඉන්නෙ, කනට ගහලා මේක බලන්න කියහන් 😂🔥


මේ සීරීස් එකට බේස් කරගෙන තියෙන්නෙ The Kingdom Of The Gods කියන Webcomic series එක. Historical Period, Political Drama, Horror, Fantasy, Thriller කියන genresවලට තමයි මේ Series එක අයත් වෙන්නෙ. Series එකේ Creator සහ Writer වෙන්නෙ Kim Eun-Hee.

Kim Eun-hee

Directorsලා වෙන්නෙ Kim Seong-Hun සහ Park In-Je. මේ Series එක Stream වෙන්නෙ පටන් ගන්නෙ 2019 අවුරුද්දෙ ඉදන්. Season 2ක් සහ එක් Special Episode එකක් මේ වන විට නිකුත් වෙලා තියනවා. එක Season එකක Episode 6ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. Season 3 Release වීමට නියමිතයි. Series එකේ Cast එක විදිහට Ju Ji-Hoon ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. මේ නම වැඩිය ඔයාලට මීටර් වෙන්න නැතුව ඇති. ඒ උනාට Jun Ji-Hoon, Along With Gods චිත්‍රපටයෙන් ගොඩක් ප්‍රසිද්ධියට පත් උනා. බලලා නැත්නම් ඒ Films දෙකත් බලන්න. Box Office හිට් දෙකක්.

Along With Gods Duology


සෙසු චරිතවලින් Bee Dooona, Jun Ji-Hyun, Kim Hye-Joon, Kim Seong-Gyo, Kim Sang-Ho සහ Ryu Seung-Ryong දායක වෙනවා. මුලින්ම කියන්න ඕනෙ Cast එක නම් මරු. Jun Ji-Hyun කියද්දි K-Darama බලන සෙට් එකට නම් මතක් වෙන්න ඇති මේ කව්ද කියලා. My Love From Stars, Legend Of The Blue Sea, The Thieves වැනි නිර්මාණ හරහා ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්න මෙයා සමත් වුනා. ඇත්තම කිව්වොත් මෙයා මම Personally ආසම Actress කෙනෙක්.😍🙈 පේනවනෙ Cast එක Superb කියලා. 

Crown Prince (Ju Ji-hoon)

Ashin (Jun Ji-hyun)

Seo-bi

queen

Yeong-shin

මේ Series එකට ලැබිලා තියන Ratings පැත්තට හැරුනොත් 8.4IMDB අගයකුත් 96%Rotten Tomatoes අගයකුත් 94%Google පරිශීලකයන්ගෙ මනාපයකුත් ලැබිලා තියනවා.😎🔥

Zombies🧟,ඔයාලා බලලා ඇතිනෙ ඕනෙ තරම් Zombie Movies, TV Shows. World War Z, Alive, Train To Busan, Peninsula, Army Of The Dead, Walking Dead, Z Nation තව ඕනෙ තරම් තියනවා. ඒ උනාට ඔයාලටම තේරිලා නැද්ද ටිකෙන් ටික මේ නිර්මාණවල ගුණාත්මකභාවය අඩු වෙනවා කියලා. මේකට ලොකුම හේතුව තමයි එකම Concept එක හැම කෙනාම යූස් කරන එක. ලොකු Zombie Attack එකක් එනවා, එක්කො පව්ලක් ජීවිතේ බේරගන්න හදනවා නැත්නම් Virus එකට Cure එකක් හොයනවා. ගොඩක් වෙලාවට අපි බලන Zombie Movie එකක හෝ Series එකක අපි දකින්නෙ ඔන්න ඔය Story එකනෙ. නිකමට හිතලා බලන්න රජ කාලයේ ඒ කියන්නෙ Technology එක ලොකුවට දියුණු වෙලා නැති කාලයක Zombie Attack එකක් ආවොත්??? අබ සරනයි නෙහ්??? 😨 Kingdom හැදිලා තියෙන්නෙ ඔන්න ඔය Concept එක පාදක කරගෙන. මේ Plot එකට සමාන Plot එකක් තියෙන Movie එකකුත් ආවා Rampant කියලා. ඒකත් බලන්න. පාඩුවක් වෙන්නෑ🔥

Rampant (2018)

Plot එක පැත්තට හැරෙමු. අපේ කතා නායකා තමයි Lee Chang. මෙයා තමයි ඊලග Crown Prince. කතාව පටන් ගද්දිම රජතුමා යම් අසනීපයකින් පෙලෙනවා කියලා තමයි පෙන්නන්නෙ. මේ රෝගය මොකක්ද කියලා ආරම්භයේදී හරියටම කිසිම තැනක සදහන් කරන්නෑ. ඒ වගේම රාජ්‍යයේ පාලනයත් රජතුමා අතින් ගිලිහිලා තමයි තියෙන්නෙ. මේ සිදුවීම් අතරෙ රටේ පාලනය ගෙන යන්නෙ ප්‍රධාන අමාත්‍යවරයා; රැජිනගේ පියා. රැජිනත් මේ වෙද්දි Pregnant. ඉතින් එයාටත් ඕනෙ කරන්නෙ Crown Princeට රජකම නොලැබී තමගෙ දරුවට රජකම ලබාදෙන්න. මේ වෙද්දි රජතුමාගෙ පුත්‍රයා(Crown Prince) ටවත් ඒ තරම්ම බලතල නැති ආකාරක් තමයි පේන්නෙ. මේකට හේතුව ගොඩක් රාජ්‍ය නිලධාරීන් ප්‍රධාන අමාත්‍යවරයාගෙ පාක්ශිකයින් වීම. මේ අතරතුරේදි රජතුමාගෙ රෝගය පරීක්ෂා කරන්න Dong කියන ප්‍රදේශයෙන් Lee කියලා වෛද්‍යවරයෙක් සහ Medical Studentsලා කිහිප දෙනෙක් පැමිනෙනවා. කොහොම හරි මේ එක Student කෙනෙක් රජතුමාගෙ ප්‍රහාරයකට ලක් වෙනවා. මේ අතරෙ Doctor Leeගෙ සායනයේ ඉන්න රෝගීනුත් කුසගින්නෙන් ඉන්නෙ. ආහාර හිග බව නිසා මේ සායනෙ ඉන්න Yeong Shin කියන පුද්ගලයා මිනිස් සිරුරකින් සුප් එකක් හදලා මිනිස්සුන්ට බොන්න දෙනවා. මේ සුප් එක බොන මිනිස්සු Zombiesලා වෙලා තමයි නවතින්නෙ. මේකෙන් Yeong Shin සහ හෙදියක් වන Seo-Bi පන බේරගන්න සමත් වෙනවා. තමන්ගෙ පියාගෙ Medical Reports චෙක් කරන Crown Princeට දැන ගන්න ලැබෙනවා Lee කියන වෛද්‍යවරයා ගැන. කුමාරයා Decide කරනවා එයාව මුනගැහෙන්න. මේ අතරෙදි අමාත්‍යවරයා රටේ ප්‍රසිද්ධියට පත් කරනවා Crown Prince රටට ද්‍රෝහි වුනා කියලා.💔 ඉතින් මේ Series එක පුරාවටම පෙන්නන්නෙ Crown Prince කොහොමද Zombiesලගෙනුත් බේරිලා තමන්ගෙ Crown එක ලබා ගන්නෙ කියලා. මේ Series එකේදි Zombiesලා හැදෙන විදිහත් ගොඩක් වෙනස්. අපි මීට කලින් බලලා තියන හැම Zombie TV Series/Movie එකකම වගේ මිනිස්සු Zombiesලා වෙන්න හේතු වෙන්නෙ Virus එකක්නෙ.🤧 එහෙනම් කොහොමද මේ Series එකේ ඉන්න Zombiesලා හැදෙන්නෙ??? බලලම දැන ගන්න.😏

Ashin Of The North

23 වෙනිදා මේ සීරීස් කේ Special Episode එකකුත් Release වුනා Kingdom: Ashin Of The North නමින්. Episode එකක් වුනාට Run Time එක පැය එක හමාරක්. ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. Series එකේ Spin-Off එකක් විදිහට නිර්මාණය වුනු මේ Episode එකේදි Kingdom S2 අවසානයේ හදුන්වා දීපු Ashinව තමයි Focus කරලා තියෙන්නෙ. Ashin විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Jun Ji-Hyun කෙම්ල.🙈 මට තාම හිතා ගන්න බෑ මේ Ashin කියන Charactor එක එයා කොහොම Act කරාද කියලා. අපිට Jun ji-Hyunව මේ වගේ චරිතයකින් බලාගන්න ලැබෙන්න පලවෙනි වතාවට. මේ ඉන්නෙ අපි My Love From Stars (අනන්තෙන් ආ තරු කුමරා) එකේදි දැකපු අහිංසක කෙල්ලමද කියලා හිතා ගන්න බැරි වුනා. ඒ තරමට Acting perfect.👌 මේ Episode එකේදි විශේශ දෙයක් පෙන්නනවා. ඒ තමයි Zombie Tiger කෙනෙක්.🐯 මීට කලින් සත්තු Zombiesලා වෙලා ඉන්නවා මේ Series එකේදි පෙන්නුවෙ නෑ.


ඔයාලා බලලා තියන අනිත් Zombie Seriesවලට වඩා නම් මේක ගොඩක් වෙනස් වෙයි. But Netflix එකෙන් මේ කරලා තියන වෙනස පට්ට.❤️‍🔥 සරලව කිව්වොත් මේ Series එක Zombie+Politics. සමහර දේවල් අපේ රටටත් සමානයි නේදෝ කියලා බලද්දි ඔයාලටම හිතෙයි.😂 රටට හෙන ගහලා කෙලවිලා ගියත් තමන්ගෙ ආතල් එක ගන්න Politiciansලා සෙට් එකකුත් මේකෙ ඉන්නවා😂🔥 Anyway මේ Series එකේ Action Scenes ටික නම් පහරම.🔥 අපි Normally දකින Shooting සීන් නැතුව Katana, Bow වගේ Weapons යූස් කරන Action Science වැඩියි මේ Series එකේ.⚔️ Guns නැතුවම නෙවේ. තියන ඒවත් ගොඩක් ප්‍රාථමික මට්ටමේ ඒවා 😐


ඒ වගේම දැන් Rumours වගයකුත් යනවා Crown Princeවම Main Charactor එක විදිහට බලා ගන්න පුලුවන් Sequel එකක් නිකුත් වෙන්න පුලුවන් කියලා. මේකෙ ඇත්ත නැත්ත දැන්මම අපිට කියන්න බෑ. ඒ වුනාට මේ තරම් Success වුනු Series එකක Sequel එකක් කරන එකේ කිසිම වැරැද්දක් නම් පෙන්න නෑ.

තවත් ලිපියකින් හමුවෙමු. ජය....!

Kingdom (2019) on IMDb

2 Comments

Post a Comment
Previous Post Next Post