Legendary Entertainment කම්පැනියත් විකිණීමට!

 


Hollywood වලින් මේ දවස් ටිකේම අහන්න ලැබුණු කම්පැණි මිලදී ගැනීමේ තොරතුරු අතරින් අළුත්ම නිව්ස් එක තමයි ලෝක ප්‍රකට ෆිල්ම් රැසක් නිෂ්පාදනය කරපු Legendary Entertainment ආයතනයේ විකිණීමයි. Legendary ලා Godzilla vs Kong, Jurassic World, The Dark Knight සහ ඉස්සරහට එන්න තියෙන Dune ඇතුළු ෆිල්ම් රැසක නිෂ්පාදන කටයුතු කරලා තියෙනවා. මේ ෆිල්ම්ස් ටික ගැන දන්න අයට තේරෙනවා ඇති Legendary ලට කවදාවත් ආදායම් අතින් පාඩුවල් නැහැ කියලා. ඒත් දැන් Hollywood වල තියෙන තරඟකාරීත්වයට මුහුණු දෙන්නට Legendary ලා තමන්ට සහායකයෙක් හොයා ගන්න උත්සාහ කරනවා කියලා අපිට හිතන්න පුළුවන්. මීට පෙර ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් එකක් වෙන LionTree LLC යටතේ Special Purpose Acquisition Company (SPAC) එකක් යටතේ merge වෙන්න ඒ කියන්නේ වෙළඳපොළ ලාභ ලබාගැනීමට අවශ්‍යය නිසා වෙන කම්පැණි එකක් තවත් කම්පැණි එකක් සමඟ එකතු වීම සඳහාත් Legendary ලා උත්සාහ කරලා තියෙනවා. 

Legendary Entertainment 

කොහොමහරි දැන් දැනගන්නට ලැබෙන්නේ Legendary ලා Entertainment පැත්තෙන් තියෙන කම්පැනි එකක් එක්ක merge වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි. Legendary ලා එක්ක merge වෙන්න වඩාත් සුදුසු Warner Media ආයතනය සහ Amazon ලා ත් මේ වනවිට පිළිවෙළින් Discovery සහ MGM කියන ආයතන එක්ක merge වීමේ නීත්‍යානුකූල පියවර වලටත් ඇවිල්ලා තියෙනවා. කොහොමහරි මේ merge එකට Legendary ල ගේ වටිනාකම ඩොලර් බිලියන 3.5 ට වඩා අඩු වෙයි කියලයි විශ්වාස කරන්න. ගොඩක් අය කැමති Legendary ලා Warner Media එක්ක merge වෙන එකටයි. මේ කම්පැනි දෙක එකතු වෙලා නිෂ්පාදනය කරපු ෆිල්ම් වල සාර්ථකත්වය ඒකට හේතු වෙනවා. කොහොමවුණත් මේ විදියට මුළු හොලිවුඩයම කම්පැනි කීපයක් යටතේ තියෙන ඒකාධිකාරයකට වැටෙන එක ගැන නම් පොඩි අවිශ්වාසයක් තියෙනවා.


( Source - Variety )

Post a Comment (0)
Previous Post Next Post