මැංචෙස්ටර් සිට ලන්ඩන් දක්වා - J.K Rowling and Harry Potter Franchise


අද (ජූලි 31) කියන්නෙ හැරී පොටර් ෆෑන්ස්ලට නම් විශේශ දවසක්. මොකද කියනව නම් හැරී පොටර් ඉපදෙන්නෙත් 1980 අද වගේ දවසක නිසා. හැරී පොටර් විතරක් නෙවෙයි හැරී පොටර් චරිතෙ නිර්මාණය කරපු ජේ.කේ.රෝලිං ඉපදෙන්නෙත් 1965 අද වගේ දවසක. මේ ලේඛිකාව තමන්ගෙ උපන්දිනේ දවසටම හැරීගෙ උපන්දිනෙත් දාලා තියෙන්වා. ඉතින් අද කියන්න යන්නෙ මේ හැරී පොටර් කතාව නිර්මාණය උන හැටි ගැන. ඊට කලින් තව පොඩි දෙයක් ගැන කියන්න තියෙනවා. 

Harry's Birthday Cake


හැරී පොටර් ඇන්ඩ් ද සෝසරර්ස් ස්ටෝන් කතාවෙ ඒ කියන්නෙ හැරී පොටර් පලවෙනිම කතාවෙ හැරීගෙ උපන්දිනේ පෙන්නුව එක මතකද? උදේ පාන්දර දොරක් එහෙම කඩාගෙන හැග්‍රිඩ් ඇවිල්ලා හැරීට කේක් එකක් දෙන්නෙ. මේ කේක් එකේ තියෙන්නෙ 'Happee Birthdae Harry' කියලා. ස්පෙලින්ග්ස් වැරදී නේද? මතකද හැග්‍රිඩ් කියනවා එයාට ලියන්න බෑ කියලා. ඔන්න ඕකයි ඒකෙන් කියලා තියෙන්නෙ. මේක ෆිල්ම් එකේ ඩීටේල් එකක්. දැන් යමු ලිපියට.

1965 ජූලි මාසෙ 31 වෙනිදා එංගලන්තෙදි තමයි මේ ජේ.කේ. රෝලිං ඉපදෙන්නෙ. මෙයාගෙ අම්මගෙයි තාත්තගෙයි අතර ගොඩක් ප්‍රශ්න තිබිලා තියෙනවා. ජේ.කේ රෝලිං පොඩි කාලෙදිම එයාගෙ තාත්තා එයාව දාලා යනවා. ජේ.කේ රෝලිං වයි එයාගෙ නංගිවයි දෙන්නවම පොඩි කාලෙ ඉදලා බලාගත්තෙ එයාලගෙ අම්මා. රෝලිං තරුණ කාලෙදි පොඩි පොඩි රස්සා කරලා තමයි සල්ලි හොයාගත්තේ. මෙයාට ඒ දවස් වල ඉදලම ෆ්‍රී ටයිම් එකේ කතා ලියන පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ කියන්නෙ මේ සාමාන්‍ය ලෝකෙ සිද්දවෙන කතා නෙවෙයි. ෆැන්ටසි කතා ලියන්න හොද හැකියාවක් මෙයාට තිබිලා තියෙනවා. ඒක ඉතින් හැරී පොටර් කතාව බලපු කියවපු අපි හොදට දන්නවානේ. ඉතින් මෙයා මේ ලියන කතන්දර තමන්ගෙ අම්මට තමයි ඉස්සෙල්ලම පෙන්නන්නෙ.

J.K Rowling, her mother and her sister


දවසක් මෙයාට මොකක් හරි හේතුවවකට මැන්චෙස්ටර් ඉදලා ලන්ඩන් වලට යන්න උවමනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා ස්ටේශන් එකට යද්දි කෝච්චිය ගිහින්. ඊළග කෝච්චිය එනකන් පැය කිහිපයක් මෙයාට ඉන්න වෙලා තියෙනවා ස්ටේශන් එකට වෙලා. ඉතින් මේ පැය කිහිපය ඇතුලත එයාට වෙන වැඩකුත් නැති නිසා කතාවක් ලියන්න පටන් අරගෙන තියෙනවා. ඒ කතාව තමයි හැරී පොටර් පලවෙනි කතාව.

Harry Potter and the Philosopher's Stone Book


මේ දුම්රිය පොලේදි තමයි මෙයා මේ හැරී පොටර් කතාවෙ මුල් කොටස ලියලා තියෙන්නෙ. ඒ කියන්නෙ කතාවෙ මුල හරියෙ පොඩි කොටසක්. එතන තමයි මේ හැමදේම පටන් ගත්ත තැන. මෙයාට මේ කතාව ගැන අම්මට කියන්න බැරි වෙනවා මොකද අම්මා ඊට කලින් මිය යන නිසා. පස්සෙ කාලෙක රෝලිං පෘතුගාලයට ගිහින් ඉංග්‍රීසි ගුරුවරියක් විදියට වැඩ කරනවා. මේ කාලෙදි මෙයාට හම්බෙනවා තරුණයෙක්. මෙයා එක්ක යාලුකමක් ඇති වෙනවා. පස්සෙ කාලෙක මේ දෙන්න කසාඳ බඳිනවා.

J.K Rowling and her husband Jorge Arantes


ඒත් කසාඳ ජීවිතේ අවුල්. ටික කාලෙකින් මෙයාලා දික් කසාද වෙනවා. රෝලිං තමන්ගෙ ළමයත් එක්ක ආයෙ එංගලන්තෙට එනවා. එයා නැවතිලා ඉන්නෙ නංගිලගෙ ගෙදර. ළමයෙක් ඉන්න අදායමකුත් නැති ගෑනු කෙනෙක් නිසා රජයෙන් මෙයාට පොඩි ගාණක් දෙනවා. එයා ඒ ගාණ කෙලින්ම දෙන්නෙ නංගි අතට. මොකද එයා ඉන්නෙ නංගිගෙ ගෙදර නිසා. මේ දවස් වල මෙයා හැරී පොටර් පොත ආයෙ ලියන්න ගන්නවා. පොත ලියන්න මෙයා තෝරගන්න තැන තමයි නංගිගෙ මහත්තයාගෙ කොෆි ශොප් එක. 

The Elephant House Coffee Shop


මෙයා පොතක් ලියලා ඉවර කරනවා. ඒත් මේ පොතම මෙයා ලියලා තියෙන්නෙ පෑනකින්. මෙයාගෙ හිතේ මේක පබ්ලිශ් කරගන්න අදහසක් තියෙනවා. ඒත් ඒකට පොත ප්‍රින්ට් කරන්න ඕනෙ. ඒ එකකටවත් මෙයා ළග සල්ලි තිබිලා නෑ. ඉතින් මෙයාට සේරම එපා වෙනවා. මෙයා සියදිවිනසාගන්න පවා හිතලා තියෙනවා මේ ප්‍රශ්න නිසා. ඒත් තමන්ගෙ ළමයා ගැන හිතලා ඒක ඔලුවෙන් අත් ඇරගෙන තියෙනවා. මෙයාට නංගිලගෙ ගෙදර තිබිලා පරණ ටයිප් රයිටර් එකක් හම්බෙනවා. මෙයා ඒ ටයිප් රයිටර් එක පිරිසුදු කිරලා අරගෙන හැරී පොටර් ඇන්ඩ් ද සෝසරර්ස් ස්ටෝන් පොත තමන්ගෙ අතින්ම ටයිප් කරන්න ගන්නවා. මෙයා මේ පොතේ පිටපත් 15 ක් අතින්ම ටයිප් කරලා ඒවා ප්‍රකාශන ආයතන 15 කට යනවා. හා හා පුරා කියලා ආයතන 15 න් ම මේක ප්‍රතික්ශේප වෙනවා. 

ටික කාලයක් ගියාට පස්සෙ අර ආයතන 15න් එක ආයතනයකින් රෝලිංට කෝල් එකක් එනවා. එයා කියනවා මම මේකෙ මුද්‍රණ 1000ක් ගහන්නම්. ඔයාට ඒකෙන් පොඩි කොමිශන් එකක් දෙන්නම් කියලා. ඉතින් ඒ වෙද්දි තිබ්බ ප්‍රශ්න එක්ක රෝලිං මේකට කැමති වෙනවා. ඒත් රෝලිං ඊළගට අහන්නෙ ඇයි මුලින් මේක ප්‍රතික්ශේප කරලා පස්සෙ කැමති උනේ කියලා. ඉතින් ඒකට ආයතන හිමිකරු කියනවා එයා මේ රෝලිං එවපු මුද්‍රණය ගෙදර ගෙනිහි  තිබ්බට පස්සෙ එයාගෙ දුව මේක කියවලා මේ කතාව ලස්සන කතාවක් කියලා එයාට කියලා තියෙනවා. ඒ දුවට අවුරුදු අටයි. ඉතින් ඒ නිසා තමයි මෙයා මේකට පස්සෙ කැමති වෙලා තියෙන්නෙ. ඉතින් කෝමහරි මුද්‍රණ 1000න් 500ක් පුස්තකාල වලට දීල ඉතුරු 500 විකුණන්න දානවා. ඉතින් විකුණන්න දාලා වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා අර පිටපත් 500 කෑලිත් හොයන්න නෑ. කොටින්ම කියනවානම් හැරී පොටර් නම කියලම සාප්පු වලින් පොත ඉල්ලන්න ගන්නවා. ඉතින් එන්න එන්නම මුද්‍රණ පිටපත් 2000, 5000, 10000 වගේ වැඩි වෙන්න ගත්තා. ඒකෙන් රෝලිංට ලැබෙන කමිශන් එකත් වැඩි වෙන්න ගත්තා. රෝලිං මේ හම්බෙන සල්ලි වලින් එයාට ඕන ගාණ තියාගෙන අනිත් ටික නැති බැරි අයට දෙනවා.

A rare first edition copy of Harry Potter and the Philosopher's Stone


ටික කාලෙකින් රෝලිංට ලොකූ ආයතනයකින් කෝල් එකක් එනවා. ඒ අපි හැමෝම දන්න වෝනර් බ්‍රදරස් ආයතනය (දැන් පොඩ්ඩක් බැන්නට අපේ ළමා කාලෙ ලස්සන කරපු තවත් එක ආයතනයක් තමයි ඒක). එයාලා කියනවා එයාලාට මේ පොත් සම්බන්දයෙන් ෆිල්ම් ගහන්න ඉඩ දෙන්න කියලා. ඒත් රෝලිං මුලින් කැමති වෙන්නෑ මේකට. මොකද WB අය පොත් වල තියෙන දේවල් විකෘති කරයි කියලා. ඒත් WB ලා මේකට රෝලිං එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහන්න කතා කරනවා. ඒ පොතේ තියෙන දේවල් විකෘති නොවෙන්න. පොතේ කොටස් ගොඩක් ෆිල්ම් එකේ අඩු උනාට කතාව විකෘති කරලා නම් තිබුනෙ නෑනෙ කෝමත්. රෝලිංට මේ ඇග්‍රිමන්ට් එකට අනුව එක පොතකට ඩොලර් මිලියන 20ක් ගානෙ දෙන්න WB ආයතනය එකඟ වෙනවා. ඒ වගේම කොපිරයිට් වලින් මාසෙට ඩොලර් මිලියන 95-140 ත් අතර ගානක් මේ රෝලිංට ලැබෙනවා. 

මෙ විදියට රෝලිංට පුලුවන් වෙනවා ලෝකෙ ධනවත්ම ලේඛිකාවන් අතරට එන්න. ඩොලර් බිලියන 1.5කට වඩා වත්කම් රෝලිංට මේ වෙනකොට තියෙනවා. ඒත් මේ වත්කම අඩු වැඩි වෙනවා. මේ අඩු වෙන්නෙ මෙයා මේ වගෙන් කොටසක් දුප්පත් අයට බෙදලා දෙන නිසා. මුල අමතක කරලා නෑ. ඒ වගේම මේ වෙද්දි ලෝකෙ වැඩියෙන්ම විකිණිලා තියෙන පොත් 10 ගත්තොත් ඒ දහය අතරේ හැරී පොටර් පොත් හතම තියෙන එක විශේශත්වයක්. ඒකෙන් මේ කතුවරියගෙ සාර්තකත්වය ඔප්පු වෙනවා. ඒකට වෙන මුකුත් ඕනෙ නෑ. අවසාන වශයෙන්, 


Happy Birthday and Thank you J.K.Rowling

Post a Comment (0)
Previous Post Next Post