රොබින්ගේ ඉතිහාසය - History of DC's Robins


DC කිව්වම හැමෝටම මතක් වෙන character එකක් තමා Batman කියන්නෙ.Batman කිව්වම මතක් වෙන character එකක් තමා Robin කියන්නෙ.Robin , අපේ බැටාගෙ trustworthy Sidekick තමා ලෝකෙ මුල්ම Superhero Sidekick.DC ෆෑන්ස්ලා නම් දන්නවා Robin කියන Title එක එක්කෙනෙක්ට පොදු දෙයක් නෙමෙ කියලා.උදාහරණයක් කිව්වොත් මුල්ම Robin තමා Dick Grayson ( Nightwing ) ඒත් දැන් Robin කියන Title එක තියන් ඉන්නෙ Damian Wayne ( බැටාගෙ biological Son ).ඉතින් DC universe එකේ හිටපු/ඉන්න Robin ලා ගැන කතා කරන්න තමා මේ Article එක ලියන්නෙ ( Type කරන්නෙ 😂 ).මුලින්ම කියන්න ඕනෙ මේකෙන් කතා කරන්නෙ Main 4 Robins ලා ගැන විතරයි.Stephani Brown ( මේ දවස් වල Spoiler ) Helena Wayne ( Earth 2 එකේ බෲස්ගෙ දුව )වගෙ රොබින් ල ගැන මේ ලිපියෙන් කතා කරන්නෙ නැ.ඉතින් මුලින්ම බලල ඉමු World Famous Sidekick ගේ Origin එක මොකක්ද කියලා


Robin Origin

Bob Cane, Bill Finger, and Jerry Robinson


Robin ව නිර්මාණය කරන්නෙ Bob Cane , Bill Finger හා Jerry Robinson කියන තුන් දෙනා.තරුණ පාඨකයන්ව Comic වලට ආකර්ෂණය කර ගන්න එක තමා Robin ව නිර්මාණය කිරීමෙ මූලික පරමාර්ථය වුනේ.Robinව මුලින්ම බලා ගන්න පුලුවන් වුනේ Detective Comics #38 issue ඒකෙන්.

Detective Comics #38

Robin ලගෙ අතීතෙ දිහා බලද්දී Robin කියන Mantle එක (මූලිකව) 4 දෙනෙක් දරලා තියනවා.Richard Grayson කවුරුත් දන්න මුල්ම ජනප්‍රියම Robin, Jason Todd ගොඩක් Badass ම පොඩ්ඩක් දරුණු Robin ( Red Hood වුනයින් පස්සෙ තව ටිකක් පොර දරුණු වුනා ), Timothy Drake සුපිරිම මොලයක් තියෙන Robin, Damian Wayne බැටාගෙ biological පුතා වෙන දැන් ඉන්න Robin.


Dick Grayson aka Nightwing


Dick Grayson aka Nightwing

මුල්ම ඒ වගේම ගොඩක් ජනප්‍රියම Robin තමා Dick Grayson.පොර තමා බැටාගෙ මුල්ම sidekick වුනේ.මෙයාගෙ දෙමාපියන් ( John & Mary Grayson ) Circus එකක වෙච්ච අනතුරකින් නැති වෙනවා.Circus එක බලන්න ඇවිල්ල හිටපු බෲස් මේක දැකලා එයාට එයාගෙ පොඩි කාලෙ මතක් වෙනවා.ඉතින් Dick ගැන දුක හිතලා බෲස් එයාව අරන් හදාගන්නවා.මුලින්ම කියන්න ඕනෙ ඩික් ග්‍රේසන් ගොඩක් දක්ෂ Acrobat කෙනෙක්.බෲස් කොහොම හරි දැන ගන්නවා Dick ගේ දෙමාපියන් මැරුනේ Accident එකකින්  නෙමෙ ඒක මිනීමැරුමක් කියලා.බැට්මෑන් ඩික් එක්ක එකතු වෙලා ඒ මිනිමැරුම කරපු Gangsters ලව අල්ල ගන්නවා.මේකෙන් පස්සෙ බැටා තීරණය කරනවා batman ගේ sidekick විදිහට ඩික් ව train කරන්න.මේක තමා ලෝකෙ මුල්ම Superhero Sidekick ගේ ආරම්භය.කොහොම හරි ටික කාලෙකට පස්සෙ Dick පටන් ගන්නවා Sidekick ලගෙ Superhero Team එකක් "TEEN TITANS" කියලා.පස්සෙ ඩික් බැටාගෙන් අයින් වෙලා Robin කියන Mantle එකත් අතඇරලා Nightwing කියන නමත් අරගෙන වෙනමම Hero කෙනෙක් බවට පත් වෙලා Teen Titans ලට නායකත්වය දෙනවා.


Jason Todd aka Red Hood


Jason Todd aka Red Hood

ජේසන් ටොඩ් තමා ඩික් ග්‍රේසන්ට පස්සෙ Robin Mantle එක දැරුවෙ.පොරව බැටාට හම්බෙන්නෙ Batmobile එකේ රෝද උස්සන්න යනකොට ( තේරෙනවනෙ පොර ලේසි පහසු පොරක් නෙමෙ කියලා 😂 ).ඉතින් බැටාට තේරුණා පොරව train කරලා ගත්තොත් පොරටත් Dick වගේම සුපිරි Sidekick කෙනෙක් වෙන්න පුලුවන් කියලා.කොහොම හරි මාස 6 ක training වලට පස්සෙ Jason දෙවෙනි Boy Wonder වෙනවා.ඒත් ටික කාලයක් යද්දි බැටාට තේරුණා ජේසන් කියන්නෙ ඩික් නෙමෙ කියලා.පොරට Acrobatic skills ඩික් තරම් නෑ කියලත් පොරට ගොඩක් ඉක්මනට තරහ යනව කියලත් බෲස්ට තේරුණා.එකපාරක් ජේසන්ට ගොඩක් තරහා ගිහිල්ලා gun එකක් පාවිච්චි කරන්න තරම් සීන් එක දුර දිග යනවා.ඒක නිසා බැටාට ජේසන්ව Robin කමින් අයින් කරන්න වුනා.ඉතින් ඔහොම රොබින්කමත් නැතුව ඉද්දි ජේසන් දැන ගන්නවා එයාගේ ඇත්ත අම්මා Catherine Todd නෙමේ කියලා.ඉතින් මෙයා එයාගෙ ඇත්ත අම්මව හොයන් යද්දි පොර දැන ගන්නවා එයාගෙ ඇත්ත අම්මගෙ නම Sheila Haywood කියලා ඒ වගෙම පොර දැන ගන්නවා Sheila ව Joker blackmail කරනවා කියලා.Sheila ජේසන්ට ද්‍රෝහි වෙලා ජෝකර්ට ජේසන්ව අල්ලලා දෙනවා ජෝකර්ගෙන් ගැලවෙන්න.පස්සෙ ජෝකර් ජේසන්ට ගොඩක් දරුණු විදිහට crowbar එකකින් පහරදීල එයාගෙ අම්මත් එක්ක එයාවත් ගැටගහලා එතන් පුපුරවලා දානවා.බැට්මෑන් ජේසන්ව බේර ගන්න එතනට එනවා.ඒත් බැටාට ජේසන්ව බේරගන්න හම්බෙන්නෙ නෑ.ජේසන් මැරිලා ටික කාලෙකට පස්සෙ එයා මරණෙන් නැගිටිනවා.ඒත් එයා ආයෙ ආවෙ Zombie කෙනෙක් විදිහට.මෙයාව මුලින්ම හොයා ගන්නෙ Talia Al Ghul.පස්සෙ එයාගෙ තාත්තා Ras Al Ghul ගේ කීමට පිටින් මෙයා ජේසන්ව Lazarus Pit එකට දානවා.ඒකට දාපු ජේසන්ගේ Zombie සීන් නැති වෙලා පොර ආයෙ ඉපදෙනවා.ඒත් Lazarus Pit එකෙන් ජේසන්ගේ නපුරු අදහස් සිතුවිලි වැඩි වෙනවා.පොර ඒකෙන් ගොඩක් දරුණු වෙනවා.පස්සෙ ජේසන් දැන ගන්නවා බැටා එයාව මරපු එකට ජෝකර්ගෙන් පලි අරන් නෑ කියල.ඒ නිසා ජේසන් තීරණය කරනවා බැටාගෙ හතුරෙක් විදිහට වැඩ කරන්න.මේක නිසා ජේසන් Red Hood කියන identity එක පාවිච්චි කරලා underworld එක පාලනය කරන්න ගන්නවා.ඒත් ජේසන්ගෙ හොද පැත්තත් වැඩෙමින් තමා තිබ්බෙ.ඒක නිසා ජේසන්ට ජෝකර්ව මරන්න chance එක ආවත් එයා ඒක කලේ නෑ.ජේසන් ටික කාලයක් යද්දි villain කෙනෙක් වෙන එක අතෑරල Hero කෙනෙක් වෙන්නත් තීරණය කරනවා.



Timothy Drake aka Red Robin


Timothy Drake aka Red Robin

මේ රොබින් එන්නෙ ජේසන් මැරුනයින් පස්සේ.ජේසන්ගෙ මරණේ බැටාට ගොඩක් බලපානවා.ඒකෙන් එයා ගොඩක් violent වගේම reckless වෙනවා.ඒකනිසා බැටා fight වලින් පැරදෙන්න ගන්නවා.මේක බලන් ඉන්නවා එක පොඩි කොල්ලෙක්.පොර තමා ටිම් ඩ්‍රේක්.මූ දවසක් බැටායි රොබිනුයි (ඩික්) Penguin එක්ක fight කරනවා TV එකෙ බලන් ඉදල තියනවා.ඒකෙ ඩික් කරන එක Move එකකින් ටිම්ට මීටර් වෙනවා ඩික් Flying  Grayson ලගෙ හිටපු පොඩි එකා කියලා.ඔහොම Dynamic Duo ලගෙ Footsteps follow කරන් ගිහින් පොර හොයා ගන්නවා බැට්මෑන් කියන්න කෝටිපති බෲස් වෙයින් කියලා.ඉතින් කොහොම හරි පොර ජේසන් මැරුනයින් පස්සෙ බැටා fight වලින් පැරදෙනවා බලන් හිටියා.මූ ඩික් (Nightwing) ලගට ගිහින් කිව්වා ආයෙ Robin Mantle එක භාරගෙන බැටාට උදව් කරන්න කියලා.ඩික් කියනවා එයා බැටාට Nightwing වගෙ උදව් කරනවා කියලා.ඒත් ටිම් දැනගත්තා බැටා ආයෙ හිටපු තත්වෙට එන්න නම් Robin කෙනෙක් ඕනෙමයි කියලා.එතනදි තමා පොර තීරණය කරන්නෙ 3 වෙනි රොබින් වෙන්න.ඒත් බැටා ටිම් 3rd Robin කියලා accept කරන්න කැමති වුනේ නෑ.කොහොම හරි බැටා ටික කාලයක් ගියාම ටිම්ව රොබින් විදිහට පිලිගත්තා එක කොන්දේසියක් පිට ඒ ටිම් Physically වගේම Mentally බෲස්ගෙන් train වෙන්න ඕනෙ කියලා ටිම් කැමති වුනයින් පස්සෙ.ටිම් රොබින් වෙලා ටික කාලෙකින් ටිම්ගෙ තාත්තා දැන ගන්නවා ටිම් තමා රොබින් කියලා.ඉතින් එයාගෙ තාත්තා කියනවා Robin mantle එක අතඅරින්න කියලා.ටිම් රොබින් නම අතඇරියයින් පස්සෙ තමා ටිම්ගෙ Girlfriend වෙච්ච Stephani Brown ඊලග රොබින් වෙන්නෙ.ඒත් එයාව ගොඩක් පොඩි කාලෙකින් බැටා රොබින් නමින් අයින් කරනවා මොකද steph බැටාගේ වචනෙට පිටින් ගිහින් ගොඩක් පණ්ඩිත වැඩ කරන්න ගියා.ඒත් පස්සෙ ටිම් එයාගෙ තාත්තගේ කීමට පිටින් ආයෙත් Robin වුනා.බෲස්ගෙ මරණෙන් පස්සෙ ටිම් Red Robin කියන Mantle එක අරගෙන ලෝකෙ වටේම ගියා බෲස්ව හොයාගෙන.මොකද පොර දැනන් හිටියා බෲස් මැරිලා නෑ කියලා.ටිම් ලෝකෙ වටේම බෲස් ව හොයන් යන ගමන් උදව් ඕන අයට උදව් කරා ඒක නිසා Red Robin ට හොද නමක් ලෝකෙ වටෙන්ම හැදුනා.



Damian Wayne aka Robin


Damian Wayne aka Robin

මේ රොබින් අනිත් රොබින්ලට වඩා පොඩ්ඩක් විශේෂයි.මොකද ඩේමියන් වේයින් කියනෙ බෲස් වේයින්ගෙ Biological Son.මෙයාගෙ අම්ම තමා Ra's Al Ghul ගෙ දුව Talia Al Ghul.Talia ගෙයි Bruce ගෙයි DNA එකතු කරලා Artificial Womb එකක තමා ඩේමියන් හැදෙන්නේ.මොකද ටාලියාට ඕන කරනවා ඩේමියන්ව Genetically Perfect කරන්න.ඉතින් කොහොම හරි බැටා දැනගන්නවා ඌට පුතෙක් ඉන්නවා කියලා.පස්සෙ ටාලියා ඩේමියන්ව බැට්මෑන් ලග දාලා යනවා ඩේමියන්ගෙ වගකීම බැටාට පවරලා.බැටාට වගෙම Batfamily එකටත් ඩේමියන්ව පාලනය කරන එක පොඩ්ඩක් අමාරු වෙනවා.මොකද පොර Wanye කෙනෙක් වගේම Al Ghul කෙනෙකුත් වෙනවා.එයාට බැටාගෙ ගතිගුණ වගේම ටාලියාගෙ ගතිගුණත් තිබ්බා.මොනා වුනත් පොර ගොඩක් talented.මෙයත් බෲස්වගෙ Human peak level එකෙ ඉන්න කෙනෙක්.ඒවගේම මෙයාට Green Arrow ට වඩා හොද Archery Skills තියනවා.ඒ වගේම Business Management , Driving (අවුරුදු 5 දී) , Investigation , Martial Arts , Computer Hacking , Disguise , Medical Science වගේ skills ගොඩක් තියනවා.ඒවගේම පොර Jon Kent (සුපීගෙ පුතා) ගේ ස්කෝලෙ එක දවසක් ස්කෝලෙ ලමයින්ට Geology උගන්නලා තියනවා.බැටා මැරුනයින් පස්සෙ ඩික් Batman ගේ mantle එක ගන්නවා.මොකද Batman කියන්නෙ Gotham වලට අවශ්‍යම චරිතයක් නිසා.ඩික් බැට්මෑන් වුනයින් පස්සෙ ඩේමියන්ව එයාගෙ Robin  විදිහට තෝරගන්නවා.මොකද බෲස් ඩේමියන් ගැන විශ්වාස කරන්න කලින් ඉදන් ඩික් ඩේමියන් ගැන විශ්වාස කලා.කොහොම හරි බෲස් ආයේ ආවම ඩික් Batman ගෙ mantle එක අතඇරලා ඒක බෲස්ට දෙනවා.බෲස් ඩේමියන් ව රොබින් mantle එක දරන්න සුදුසුයි කියලා පිලිගත්තා.මොකද බෲස් එයා ආයෙ Gotham වලට එන්න කලින් Batman ගෙයි Robin ගෙයි වැඩ ගැන අහලා තිබුනා.ඒවගේම ඩේමියන්ගෙ අමානුෂික ගති වගේම League එකෙන් එයාට උගන්නපු නරක දේවල් ගොඩක් ඩික්ට වෙනස් කරන්න පුලුවන් වුනා.මෙහෙම ටික කාලයක් යද්දි ඩේමියන් මැරෙනවා Heretic කියලා ටාලියා හදපු ඩේමියන්ගෙ twin කෙනෙක් අතින්.ඉතින් බැටාට ඒ සීන් එක ගොඩක් බලපානවා.බැටාට එයාගෙ humanity එක නැතිවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඩේමියන්ගෙ මළසිරුර Darksied උස්සලා Apokolips වලට අරන් එනවා.ඕක දැනගත්තු batman ට ගොඩක් තරහ ගිහින් Hellbat Armor එකත් දාගෙන Apokolips වලට යනවා ඩේමියන්ව අරන් එන්න.කොහොම හරි Bat Family එකෙත් උදව්වෙන් බැටා ඩේමියන්ව ආයෙ අරන් එනවා.ඒවගේම බැටාට ඩේමියන්ට පණ දෙන්නත් පුලුවන් වෙනවා.ඩේමියන් ආයෙ එන්නෙ Super Powers එක්ක.කොහොම හරි ඒ powers ටික කාලෙකින් නැති වෙනවා.

ඕක තමා Robin ලගෙ කතාව.Article එකෙ වැරදි මොනා හරි තිබ්බොත් ගනන් ගන්න එපා 😂. ආයෙ තවත් මේ වගේම Article එකකින් හම්බෙමු එහෙනම්.... 


LONG LIVE THE BAT


4 Comments

  1. මරු bro

    Crisis on Infinite Earths
    Infinite Crisis
    Final Crisis
    Doomsday Clock
    Death Metal

    වගේ ඒවත් පුළුවන් නම් දාන්න

    ReplyDelete
  2. son of batman,batman bad blood animated movieswala damiange origin eka supiriyata pennala thiyenawa

    ReplyDelete
Post a Comment
Previous Post Next Post