DC නිෂ්පාදනය කරන Injustice ෆිල්ම් එකේ First Look ඇතුළු අළුත්ම විස්තර

 


ඉදිරියේ දී එන්නේ DC ෆෑන්ස්ල ට සෑහෙන ලයිව් ඇක්ෂන් ෆිල්ම්ස් ප්‍රමාණයක් බලාගන්න පුළුවන් කාලයක් කියන එක හැමෝම දන්න කාරණයක්. ලයිව් ඇක්ෂන් ෆිල්ම් වලට අමතරව DC ලා එයාලගේ ඇනිමේටඩ් ෆිල්ම් හදන එකත් නතර කරලා නෑ. ළඟදී රිලීස් කරපු Batman: The Long Halloween - Part 01 එක මේ ඇනිමේටඩ් ෆිල්ම් සීරීස් එකේ අළුත්ම එක වෙනවා. මේකේ Part 02 එක ලබන සතියේ රිලීස් වෙන්න නියමිතයි. මේ Batman: The Long Halloween ෆිල්ම් දෙකෙන් පස්සේ වැඩිම අවධානයක් ලැබෙන DC ඇනිමේටඩ් ෆිල්ම් එක වෙන්නේ මේ සැප්තැම්බර් සිට නොවැම්බර් කාලය අතරතුර රිලීස් වෙන්න නියමිතව තියෙන Injustice ෆිල්ම් එකයි. මේ Injustice ෆිල්ම් එක Injustice: Gods Among Us වීඩියෝ ගේම් එක බේස් කරගෙන නිෂ්පාදනය කරනවා කියලයි ආරංචි වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ෆිල්ම් එකේ ෆස්ට් ලුක් එකත් එළියට දීලා තියෙනවා. මේ ෆස්ට් ලුක් එක පහළින් බලාගන්න පුළුවන්.

First Look from the Injustice animated movie

ඒ වගේම මේ වෙනකොට ෆිල්ම් එකේ වොයිස් කාස්ට් එකත් නිවේදනය කරලා තියෙනවා. Smallville සීරීස් එකේ Green Arrow ව කාස්ට් කරපු Justin Hartley මේ Injustice ෆිල්ම් එකේ Superman ට වොයිස් කාස්ට් කරනවා. ඒ වගේම Star Trek: Discovery එකේ Christopher Pike වෙනුවෙන් සහ Inhumans එකේ Black Bolt ව කාස්ට් කරපු Anson Mount මේකේ Batman ට වොයිස් කාස්ට් කරනවා. නිවේදනය කරලා තියෙන සම්පූර්ණ වොයිස් කාස්ට් එක පහළින් තියෙනවා.

•Justin Hartley as Superman

•Anson Mount as Batman

•Laura Bailey as Lois Lane and Rama Kushna

•Zach Callison as Damian (presumably Damian •Wayne) and Jimmy Olsen

•Brian T. Delaney as Green Lantern

•Brandon Michael Hall as Cyborg

•Edwin Hodge as Mr. Terrific and Killer Croc

•Oliver Hudson as Plastic Man

•Gillian Jacobs as Harley Quinn

•Yuri Lowenthal as Mirror Master, Flash, and Shazam

•Derek Phillips as Nightwing and Aquaman

•Kevin Pollak as Joker and Jonathan Kent

•Anika Noni Rose as Catwoman

•Reid Scott as Green Arrow and Victor Zsasz

•Faran Tahir as Ra's al Ghul

•Fred Tatasciore as Captain Atom

•Janet Varney as Wonder Woman

•Andrew Morgado as Mirror Master Soldier

සෑහෙන කැරැක්ටර්ස් ගාණක් තියෙනවා ෆිල්ම් එකේ. Justice League Dark ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන Matt Peters විසින් මේ Injustice ෆිල්ම් එක ඩිරෙක්ට් කරනවා කියලයි සඳහන් වෙන්නේ. Batman: Hush ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියපු Ernie Altbacker මේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න එකතු වෙලා තියෙනවා. DC Animated Universe එකේ ආපු සුපිරිම ෆිල්ම් දෙකකට එකතු වුණ දෙන්නෙක් තමයි මේ දෙන්නා. 

Justice League Dark

 

Batman: Hush

Injustice ෆිල්ම් එකේ ස්ටෝරිලයින් එක Injsutice: Gods Among Us වීඩියෝ ගේම් එකේ ස්ටෝරිලයින් එකට සමානව හදනවා කියලයි ආරංචි වෙන්නේ. මේකේ වෙන්නේ Joker ගේ ට්‍රික් එකකින් Superman ලවා Lois Lane ඝාතනය කරලා Metropolis විනාශ කිරීමෙන් පස්සේ බිහිවෙන දුෂ්ට Superman ට සහ ඔහු යටතේ සිටින කණ්ඩායමට විරුද්ධව සටන් කරන Batman සහ Batman ගේ සහයට ඉන්න කණ්ඩායම අතර සිදුවෙන ක්‍රියාදාම මාලාවයි. 2013 නිකුත් වුණ Injustice: Gods Among Us වීඩියෝ ගේම් එකට සමගාවී ව නිකුත් වුණ Injustice: Gods Among Us කොමික් බුක් සීරීස් එකකුත් තියෙනවා. විශිෂ්ට සාර්ථකත්වයත් තියෙන පසුබිමක් යටතේ නිෂ්පාදනය වෙන මේ ඇනිමේටඩ් ෆිල්ම් එක ගැන DC ෆෑන්ස්ලා ඉන්නේ සෑහෙන බලාපොරොත්තුවකින්. ඉතින් අපිට ළඟදීම මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් බලාගන්න පුළුවන් වෙයි. ඒ නිසා ෆිල්ම් එක ගැන තවත් විස්තර ඉදිරියේදි අපි ගේන්න බලාපොරොත්තු වෙනවා.

Death of Lois Lane


( Source - Cinema Blend )

1 Comments

  1. ow ithim me yakkunta oi wage filumak animation karanawa arenna live action karanna nam ba me aathmeta

    ReplyDelete
Post a Comment
Previous Post Next Post