Black Adam ෆිල්ම් එකෙන් DCEU එකට එන අළුත්ම Team එක

 


ටික දවසක ට කලින් DCEU එකේ  Black Adam ෆිල්ම් එකේ Black Adam ට ඇක්ට් කරන Dwayne Johnson (Rock) එයාගේ Instagram අකවුන්ට් එක හරහා කියලා තිබුණේ තව සතියක් ඇතුළත Black Adam ෆිල්ම් එකේ ශූටින් ඉවර කරනවා කියලා.ඒත් මේ වෙනකොටත් ෆිල්ම් එකේ කාස්ට් වල ෆස්ට් ලුක් එකක් වත් එළියට දීලා නෑ.ෆිල්ම් එක වෙනුවෙන් හදපු කන්සෙප්ට් ආර්ට් කිහිපයක් රිලීස් කරත් අපිට තාම කාස්ට් මෙම්බර්ස් ලා එයාලගේ කොස්ටියුම් සහිතව ඉන්න එකම ලුක් එකක් වත් බලාගන්න පුළුවන් වෙලා නෑ.ඒ නිසාම ෆිල්ම් එක මොන වගේද කියලා කිසිම දෙයක් හිතාගන්න බැරුව තමයි ගොඩක් DC ෆෑන්ස් ලා ඉන්නේ.ඒත් Black Adam ෆිල්ම් එකේ Adrianna Tomaz එහෙම නැත්නම් Isis ට  ට කාස්ට් කරන Sarah Shahi එයා The Hollywood Reporter එක්ක කරපු ඉන්ටවීව් එකක දී Black Adam ෆිල්ම් එක ගැන වැදගත් තොරතුරක් එළියට දීලා තියෙනවා

Sarah Shahi

Sarah කියලා තියෙන්නේ එයාගේ Adrianna කැරැක්ටර් එක "Intergang" කියන evil ඒ කියන්නේ දුෂ්ට සතුරු කණ්ඩායමක ට විරුද්ධව වැඩ කරන freedom fighter කෙනෙක් ඒ කියන්නේ නිදහස උදෙසා සටන් කරන සටන්කරුවෙක් විදිහට ෆිල්ම් එකේ පෙන්නවා කියලා.ඒ ගැන එයා කියලා තියෙන්නේ මෙහෙමයි.

"Yes, I play a character named Adrianna, and she’s a freedom fighter that’s leading this big resistance against an evil, malicious group called Intergang,"

Adrianna Tomaz aka Isis

Intergang කියන්නේ Superman's Pal Jimmy Olsen#133 කොමික් එකෙන් ඉස්සෙල්ලාම දකින්න පුළුවන් වෙන Jack Kirby විසින් නිර්මාණය කරපු DC යුනිවර්ස් එකේ සතුරු කණ්ඩායමක්(villains).මේ ටීම් එකේ නායකයා වෙන්නේ Bruno Mannheim කියන අපරාධ කරුවෙක්(criminal).කොමික් වලට අනුව Intergang ලා,New Gods ලා ඒ කියන්නේ Darkseid ඇතුළු පිරිස දුන්නු ආයුධ වලින් එයාලගේ ටීම් එක ශක්තිමත් කරගත්තු අයනු.Darkseid එයා Anti-Life Equation එක හොයනකොට ඇති වෙන යුද්ධ වල දී එයාට උදව් කරන හමුදාවක් විදිහට Intergang ලා පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් නු ඒ ආයුධ Intergang ලට දුන්නේ.කොමික් වල දී Intergang ලා Black Adam එක්ක ගනුදෙනුවක දී Adiranna ව "offering" එකක් නැත්නම් පුද දීමක් විදිහට Black Adam ට දීලා තියෙනවා.ඒත් පස්සේ Black Adam මේ Adrianna එක්ක සම්බන්ධතාවක් ගොඩනඟාගෙන Intergang ල ට විරුද්ධව සටන් කරලා තියෙනවා.

Intergang

කොහොමවුණත් Black Adam ෆිල්ම් එකෙත් කොමික් වල විදිහටම Intergang ල ගේ ඇපියරන්ස් එක වෙයි කියලා හරියටම කියන්න බෑ.ඒත් Intergang ලා ෆිල්ම් එකේ වැදගත් රෝල් එකක් කරාවි කියලා අපිට හිතන්න පුළුවන්.Black Adam ෆිල්ම් එකේ මේ වෙනකොටත් වෙනම Team එකක් නැත්නම් කණ්ඩායමක් ඉන්නවා.ඒ Justice Society of America කණ්ඩායම.DCEU එක තුළ තව Justice League ෆිල්ම් එකක් තාම අනවුන්ස් කරලා නැති වෙලාවක Justice League ෆිල්ම් එකක් නැති අඩුව පුරවන්න standalone වුණත්  Black Adam ෆිල්ම් එකට පුළුවන් නම් DC ෆෑන්ස් ලා ගොඩක් සතුටු වේවි.Dwayne Johnson සහ Sarah Shahi ට අමතරම මේ ෆිල්ම් එකට Aldis Hodge(Hawkman),Noah Centineo(Atom Smasher),Quintessa Swindell(Cyclone) සහ Pierce Brosnan(Doctor Fate) ප්‍රධාන වශයෙන් කාස්ටින් වලට ඉන්නවා.Black Adam ෆිල්ම් එක 2022 ජූලි 29 තියටර්ස් වලට රිලීස් වෙනවා.

Justice Society in Black Adam Movie


(Source -Comicbook)

Future of DC Extended Universe (සිංහලෙන්) | Review Who Cares 


කවුද මේ ඩාර්ක්සෙයිඩ්? | Who is Darkseid? | Review Who Cares


Post a Comment (0)
Previous Post Next Post