මේ දවස් වල ලන්ඩන් නගරයේ රූගතකිරීම් කරන ලයිව් ඇක්ශන් The Flash ෆිල්ම් එකේ සෙට් ෆොටෝස් ගොඩක් පහුගිය දවස් වල රිලීස් උනා. මේ අතර අලුත් සුපර්ගර්ල් වගේම මයිකල් කීටන්ගේ බෲස් වේන් චරිතයෙත් සෙට් ෆොටෝස් අපි දැක්කා. ෆිල්ම් එක එනවුස් කරපු Fandom ඉවෙන්ට් එකේදී අපිට කිව්වා මේ ෆිල්ම් එකෙ මයිකල් කීටන්ගෙ බැට්මෑන් වගේම බෙන් ඇෆ්ලෙක්ගේ (බැට්ෆ්ලෙක්) බැට්මෑනුත් අපිට ෆ්ලෑශ් ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන් කියලා.
ඔන්න අද බෙන් ඇෆ්ලෙක්ගේ බැට්මෑන් කියලා සෑහෙන්න විස්වාස කරන්න පුලුවන් සෙට් ෆොටෝස් කීපයක් සහ වීඩියෝ කීපයක් රිලීස් වෙලා වෙලා තියෙනවා. ටුවිටර් හරහා තමා මේ ෆොටෝස් රිලීස් වෙලා තියෙන්නේ.
![]() |
Set Photo 01 |
![]() |
Set Photo 02 |
![]() |
Set Photo 02 |
මේ සෙට් ෆොටෝ වල තියෙන බැට්සයිකල් එක බැට්මෑන්ගේ කොමික් වල තියෙන බැට්සයිකල් එකට කොච්චර සමානද කියලා පහල ෆොටෝ එක බැලුවාම ඔයාලට පැහැදිලි වෙයි.
![]() |
Batcycle (Batman Comics) |
මේවා ලීක් සෙට් ෆොටෝස් නිසා අපිට හරියටම කියන්න බෑ මේ ඉන්නේ ඇෆ්ලෙක්ගේ බැට්මෑන් කියලා. ඒත් පෙනුමෙන් වගේම මේ බැට්සයිකල් එක දිහා බලපු ගමන් කියන්න පුලුවන් මේ ඉන්නේ ඇෆ්ලෙක්ගේ බැට්මෑන් කියලා. බලමු.. තව අලුත් විස්තර වගේම සෙට් ෆොටෝස් ඉස්සරහට ඒවි. ඒ වගේම මේ ෆිල්ම් එකෙන් පස්සේ අපිට ආයෙත් බෙන් ඇෆ්ලෙක්ව බැට්මෑන් විදියට බලන්න වෙන එකක් නෑ. මොකද ඇෆ්ලෙක් දැනටම කියලා තියෙන්නේ මේක තමා එයා බැට්මෑන් විදියට අවසානෙට සම්බන්ධ වෙන ෆිල්ම් එක කියලා. එහෙම උනොත් ඇෆ්ලෙක්ගේ බැට්මෑන්ට හොද අවසානයක් මේකෙන් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.