මැදියම් රැයෙ ඝාතකයෙකු සොයා යන ත්‍රිලර් සුපිරිය

Midnight in the Switchgrass Overview

ඔන්න එහෙනම් තවත් ලිපියක් අරන් ආවා තවත් සුපිරිම චිත්‍රපටියක් ගැන...

Midnight in the Switchgrass කියන්නෙ Crime/Thriller කැටගරි වලට වැටෙන චිත්‍රපටියක්. ජූලි 23 රිලිස් වුන මේ චිත්‍රපටියට IMDb Ratings 4.4 ක්ම ලැබිලා තියනවා.

ආපෝ 4.4 ක්ද එහෙනම් වැඩක් නෑනෙ

එහෙම හිතුනද ඔයාට? එහෙනම් ඔයා සරලවම පව් 😂 මොකද මේකට රේට් කරලා තියෙන්නෙ 1000 ක් විතරයි.අනික රේටින්ග් වැඩි ඒවා හොඳම කියලා කිව්වට රේටින්ග් අඩු ඒවා හොඳ නෑ කියලා කියන්න බෑ. මෙන්න මේ හේතුව නිසා ගොඩක් අයට හුඟක් චිත්‍රපටි, සීරීස් මගඇරෙනවා. මම නම් කියන්නෙ රේටින්ග් කියන එක එක සාධකයක් කියලා විතරක් ගන්න. ඒක නිසා විතරක්ම බලන්නෙ නැතුව ඉන්න එපා. බලන්න හදන එකේ වටපිටාව හොඳට හොයලා බලන්න. IMDb එකට බම්බු ගහගන්න කියලා චිත්‍රපටිය විඳින්න 😂

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Randall Emmett විසින්. නම එච්චර හුරු නෑ නේද??මෙයා The Irishmen සහ Silence වගෙ චිත්‍රපටි වල නිශ්පාදකවරයෙක්.. ඒ වගේමයි Escape Plan වගෙ ජනප්‍රිය චිත්‍රපටි වලටත් මෙයා තමන්ගෙ දායකත්වය දීලා තියෙනවා.

(Randall Emmett)

දැන් බලමු මේකෙ ප්‍රධාන නලු නිලි පිරිස

Midnight in the Switchgrass චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය කරන්නෙ Megan Fox විසින්. කවුද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. Megan කියන්නෙ මගෙ ප'සනල් ෆේවරිට් ඇක්ට්‍රස් කෙනෙක්. ඒකට හේතුව Megan ගෙ තියෙනවා අමුතුම Charming එකක්. ඒ කියන්නෙ ප්‍රභාවක්. ඒක මට තේරුම් කරන්න තේරෙන්නැ. ඒත් ගොඩක් අයට නැති අමුතු දෙයක් ඒක. ඒකත් එක්ක එයාගෙ Sexy Figure එකත් එකතු වුනාම එතන මැවෙන්නෙ වෙනම බෝම්බයක්. ඒත් එයාට ලස්සනට ගොඩනගාගන්න තිබ්බ Carrier එකක් නිකන් විනාස වෙලා ගියා. Megan fox ට මාරම අසාධාරණයක් තමා වුනෙ. හරිම අපරාදයක් ඒක. Michael Bay මහත්තයට 'හිට්ලර්' කියලා අපහාස කිරීම නිසා Fox ට Transformers Franchise එකම අහිමි වෙනවා. එක පැත්තකින් ඒකෙ වැරැද්දකුත් නෑ අවුරුදු පහලවක ටීනේජ් ගෑනු ළමෙක්ට බිකිනියක් ඇඳන් දියඇල්ලක් ගාව නටන දර්ශනයක් කරන්න කියන (Bad Boys 2කේ Audition එකේදී) එක එච්චර හොඳ දේකුත් නෙමෙ. කොහොම හරි ඔක්කොගෙන්ම වුනෙ Megan Fox Carrier එක අතරමග නැවතුන එක. අවුරුදු කීපයක් නිහඬව ඉන්නත් Fox ට සිද්ධ වුනා 😥 මේ නිහඬ බව හරියටම බිඳින්න පුලුවන් උනෙ 'Rouge' එකට.ඊට පස්සෙ මෙ අවුරුද්දෙ මේ මාසෙම Fox ගෙ Till Death එකත් ආවා. (ඒක බලලා නැති කවුරුහරි ඉන්නවනම් ඒකත් බලන්න) අපි බලන් ඉමු Megan ට ඉස්සරහට මොනා වෙයිද කියලා 🌚

(Megan Fox)

ආයේ මෙකෙ ඉන්න ජනප්‍රිය චරිතෙ තමා Bruce Willis. මෙයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. Die Hard චිත්‍රපටි වල, Glass Trilogy යෙ, The Sixth Sense වගෙ හොඳ චිත්‍රපටි රඟදැක්වූ ප්‍රවීණ නලුවෙක් Bruce කියන්නෙ.

(Bruce Willis)

ආයෙ මේකෙ කියන්න ඕනෙ චරිතෙ Machine Gun Kelly. ඔව් ඔව් රැපර් තමා. එයත් මේකෙ ඉන්නවා. ආ තව දෙයක් MGK Megan එක්ක Date කරනවා කියලා Officialම පිලිඅරන් තියෙන්නෙ දෙන්නම 🌚

(MGK)

අටුවා ටීකා ඔක්කොම ඉවරයි අපි යමු කතාවට...

රෙබේකා ලැම්බාර්ඩ් (Megan Fox) කියන්නෙ FBI Agent කෙනෙක්. මෙයා තමන්ගෙ පාර්ට්නර් කාල් (Bruce Willis) එක්ක එකතු වෙලා දාම මිනිමරුවෙක් (Serial Killer) අල්ලන්න දැන් ටික කාලෙක ඉඳලා සැලසුම් හදන්නෙ. මේ මිනිමරුවගෙ තියෙන විශේෂත්වය තමා මෙ මනුස්සයා මරන්නෙ තරුණ ගෑනු ළමයි. එයාලා හැමෝගෙම එක සමානකමක් තියෙනවා. ඒ තමයි මේ හැමෝම ගනිකාවො. මේ දාම මිනිමැරුම් ගැන උනන්දු වෙන තව එක්කෙනෙක් ඉන්නවා. ඒ ෆ්ලොරිඩා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ  නිලධාරි බ්‍රයන්. හැබැයි දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් මේ මිනිමැරුම් එකකට එකක් සමානයි කියලා දකින්නෑ. ඒක නිසා මේවා විමර්ශනය කරන්න බ්‍රයන්ට අවස්ථාව නැති වෙනවා. මේ අතරෙ රෙබේකලා මිනිමරුවාව අල්ලන්න හදපු එක උත්සහයක් ව්‍යර්ථ වෙනවා. හැබැයි ඒ වෙලාවෙ මිනිමරුවා වෙන ගෑනු ළමෙක් පැහැරගෙන යනවා......

රෙබේකා ගෙ උගුලට ආයෙ වතාවක් මිනිමරුවා අහුවේවිද??පැහරගෙන ගිය ගෑනු ළමයට බේරෙන්න පුලුවන් වෙයිද??රෙබේකටත් මිනිමරුවගෙ ගොදුරක් වෙන්න වෙයිද??බ්‍රයන්ට තමන්ගෙ පවුල් ප්‍රශ්න එක්ක මිනිමරුවව අල්ලන්න පුලුවන් වෙයිද????

මොනා වෙයිද කියල ඔයාලම බලන්න.

පැය එකහමාරක් Run Time එක්ක දිවෙන මේ චිත්‍රපටිය ඔයාලට එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටියක්. කිසිම කම්මැලිකමක් දැනෙන්නෙ නැති හොඳ ත්‍රිලර් චිත්‍රපටියක් විදිහට මට මේක හඳුන්වන්න පුලුවන්. Crime, Detective කැටගරි වලට ආස කෙනෙක්ට බලන්න ඕනෙ චිත්‍රපටියක් මේක.. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. 

සුබ දවසක්...! 

Midnight in the Switchgrass (2021) on IMDb

Midnight in the Switchgrass Official Trailer


2 Comments

  1. සිරාවටම මාත් ට්‍රාන්සපෝමර්ස් වල ආසම ෆිල්ම් දෙක මුල දෙක... ඒකට ලොකු හේතුවක් සෑම්ට ඉන්න කොල්ලගෙයි මෙගන්ගෙයි කෙමිස්ට්‍රිය... මෙගන් ලොකු අයිකන් එකක් ට්‍රාන්සපෝමර්ස් ෆ්‍රැන්චයිස් එකේ ❤🔥

    ReplyDelete
  2. Marlon DeashapriyaJuly 27, 2021 at 6:50 PM

    ������

    ReplyDelete
Post a Comment
Previous Post Next Post