2022 එන අළුත්ම Predator ෆිල්ම් එක

 


Jungle Cruise ෆිල්ම් එකේ producers ලා වන John Davis සහ John Fox Collider හි වාර්තාකරුවෙක් සමඟ පැවති ඉන්ටර්වීව් එකක දී ඉදිරියේ දී රිලීස් කරන්න නියමිත අළුත්ම Predator ෆිල්ම් එක ගැන විස්තර කිහිපයක් සඳහන් කරලා තියෙනවා. මේ Predator ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන්නේ Dan Trachtenberg. ෆිල්ම් එකේ නම Skull කියලත් එයාලා සඳහන් කරලා තියෙනවා. මේක Predator ඔරිජින් ස්ටෝරි එකක් විදිහටයි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ Predator කෙනෙක් පළමු වතාවට පෘතුවියට පැමිණීමේ කතාව. 

Arnold Schwarzenegger from Predator movie

ෆිල්ම් එක Predator ෆිල්ම් අතරින් පළමුව ආපු Arnold Schwarzenegger ගේ Predator එකට සමාන විදිහට නිර්මාණය වෙනවා කියලයි ආරංචි වෙන්නේ. ඒ කියන්නේ මිනිස් වර්ගයා තමන්ට වඩා ශක්තිමත් සහ ආයුධ සම්පන්න ජීවියෙකුට සාර්ථකව මුහුණ දෙන විදිහ ඉස්මතු කරලා පෙන්නනවා. මීට අමතරම මේ අළුත් Skull ෆිල්ම් එක ප්ලොට් එක අතින් The Revenant ෆිල්ම් එකට සමාන බවත් කියලා තියෙනවා. ඒ වගේම ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කාන්තාවක් විසින් නිරූපණය කරනවා. ෆිල්ම් එක් තාම PG-13 ද   R-rated ද කියල තාම සඳහන් කරලා නැහැ. ෆිල්ම් එකේ වැඩකටයුතු වලින් තුනෙන් දෙකක් ඉවර කරලා තියෙනවා සහ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2022 අපිට මේ Skull ෆිල්ම් එක බලාගන්න පුළුවන් වෙයි.


( The Source - Collider )

Post a Comment (0)
Previous Post Next Post